Thursday, January 24, 2013



පුවත්පත
ජනමාධ්‍ය මූලික වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා දැක්විය හැකිය. එනම් මුද්‍රිත මාධ්‍ය (Print Media) සහ විද්‍යුත් මාධ්‍ය (Electronic Media) වශයෙනි. පුවත්පත්, වාර ප්‍රකාශන (සගරා ), ග්‍රන්ථ ප්‍රකාශන මුද්‍රිත මාධ්‍යට අයත් වන අතර විද්‍යුත් මාධ්‍යයට ගුවන් විදුලිය, රූපවාහිනිය, චිත්‍රපට,චන්ද්‍රිකා,කේබල් ශ්‍රව්‍ය දෘශ්‍ය පටි අයත් වෙයි.
පුවත්පත දැනුම,අවබෝධය සහ විනෝදය අඩංගු තොරතරු රැසක් මුද්‍රත සංග්‍රහයක් ලෙස හැදින්විය හැකි වුවද පුවත්පත යනු කුමක්දැයි නිසිආකාරව හදුනාගැනීමට එය ප්‍රමාණවත් නොවේ.
ඉංග්‍රීසි භාෂාවට අනුව ප්‍රවෘත්ති පත්‍රය හැදින්වෙන්නේ Newspaper ලෙසයි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය  Newspaper  යන්න නිර්වචනය කර ඇත්තේ මේ අයුරිනි.       
            '' A printed now usually daily or weekly,publication containing the news,advertisements,literary matter and other items and other or public interest.''
                                                                                    Oxford Dictionary

‘‘ මහජන උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති, වෙළද දැන්වීම්,සාහිත්‍ය හා සම්බන්ධ කරුණු හා අනෙකුත් අංශ ඇතුලත්ව දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත පත්‍රය පුවත්පතකි.''
හරිස්චන්ද්‍ර විජේතුංගයන් පුවත්පත යන්න අර්ථ විවරනය කර ඇත්තේ පහත පරිදිය.
‘‘අලුතු ආරංචි, තොරතුරු ආදී ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට සැලැස්වීම සදහා දිනපතා , සතිපතා, ආදී වශයෙන් නායමිත කාල වකවානු තුළදී පළකෙරෙන පත්‍රය පුවත්පත වේ.''
පුවත්පත යන්න නිරුක්ති සහිත සිංහල ශබ්ධකෝෂය තුළ අර්ථගන්වා ඇත්තේ මේ අයුරිනි.
''කාලීන සිදුවීම් පිළිබද ප්‍රකාශන, තොරතුරු, ලිපි දැන්වීම් ආදිය ඇතුළත් දිනපතා හෝ සතිපතා පළකරන ප්‍රකාශනයයි.''
                                                            නිරුක්ති සහිත සිංහල ශබ්ධ කෝෂය
ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කරන පත්‍රය ලෙසින් පුවත්පත යන්න විවරණය කර ඇත.
            A Publication printed and distributed regular stated interals contacting news opinion,advertisement,entertainment and other matter''
                                                            Webster's Dictionary
''පුවත්පත් යනු ප්‍රවෘත්ති, අදහස්, දැන්වීම්,විනෝදාංශ හා වෙනත් දෑ අඩංගු කාලානුරූපව මුද්‍රණය කොට බෙදාහරිනු ලබන ප්‍රකාශනයයි. ''
ලංකාවේ පුවත්පත් සම්බන්ධ කටයුතු භාර ප්‍රධානම ආයතනය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයයි.
1973 සිට අවුරුදු 23 ක පමණ කාලයක් ලංකාවේ පුවත්පත් සම්බන්ධයෙන් බලපාන්නේ පුවත්පත් මණ්ඩල පනතය. 1973 පෙබරවාරි මස ජාතික රාජ්‍ය සභාවේදී (වර්තමාන පාර්ලිමේන්තුව) සම්මත වී අද දක්වා ක්‍රීයාත්මක වන 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 15 වන පිටුවේ පුවත්පත යන්න අර්ථ නිරූපනය කර ඇත්තේ මෙසේය.
''පුවත්පත යන්න පොදු පුවත්, ආරංචි හෝ සිදුවීම් ඇතුළත් කොට ශ්‍රී ලංකාවේහි මුද්‍රණය කරනු ලබන හෝ පළ කරනු ලබන යම් පත්‍රයක් අදහස් වේ. එහෙත් ආණුඩුවේ බලය යටතේ මුද්‍රනය කර පළ කරනු ලබන යමු ප්‍රකාශනයක දැන්වීමක් හෝ වෙනත් රාජ්‍ය ලේඛණයක් හෝ පවත්නා මිල ගණන් ලැයිස්තු හෝ වෙළදපල වල තත්ත්වය හෝ වෙළද නැව් වල හෝ යාත්‍රා වල පැමිණීම , පිටත්වීම හෝ යාත්‍රාවලට අදාල වෙනත් කරැණු පිළිබද විස්තර හෝ වානිජ හෝ ඊට සමාන ස්වභාවයේ වෙළද දැන්වීම් හෝ ගැසට් පත්‍රෙයහි කලින් කල පල කරනු ලැබූ දැන්වීම් යන මේවා පමණක් අඩංගු යම් ලේඛණයක් එයට ඇතුළත් නොවේ.'' (ලියනගේ, 1996, 12)
පුවත්පත් කලාව පිළිබද විශිෂ්ඨ විද්වතෙකු වන එඩිවින් එමරි විසින් පුවත්පත යන්න මෙලෙස අර්ථ දක්වා ඇත.
1.      පුවත්පත යන්න අවම වශයෙන් සතිපතාවත් නිෂ්පාදනය වන්නකි.
2.      යාන්ත්‍රික මුද්‍රණ ක්‍රියාදාමයකින් නිෂ්පාදනයවේ.
3.      ඕනෑම තරැතිරමේ අයෙකු (මුදලට ) ලබාගත හැකිය.
4.      ආගමික හෝ ව්‍යාපාරික වැනි විශේෂිත අංශ වලට වඩා පොදු වැදගත්කමකින් යුතු දේ පුවත්පත පළ කරයි.
5.      සාමාන්‍ය සාක්ෂරතාවයකින් යුතු මිනිසුන්ට කියවියහැකි විය යුතුය.
6.      කාලීන විය යුතුය.
7.      විවේක කාල වලදී ප්‍රයෝජනවත් ලෙස භාවිත කල හැකිවිය යුතුය.
පුවත්පතක ප්‍රවෘත්ති ඉදිරිපත් කරන පිළිවෙළට හෝ එහි අන්තර්ගතයට පාඨකයා ග්‍රහණය කරගත හැකිනම් එම පුවත්පත කියවීමට රුචිකරන පාඨක පිරිසක් ගොඩනගා ගත හැකිවනු ඇත. මේ නිසා බොහොමයක් පුවත්පත් තම අන්තර්ගතය පිලිබද ස්ථාවරත්වයක් පිහිටුවා පාඨකයා කියවීමට රුචි ප්‍රවෘත්ති තෝරාගෙන ඉදිරිපත් කිරීම සිදුකරයි.
''පුවත්පත යනු ස්වයං අධ්‍යයන මාධ්‍යයකි. එය කියවීමෙන් තොරතුරු දැන ගනී. එමෙන්ම අවබෝධාත්මක චර්යාවන් හැඩලස්සවා ලනු ලබන අවස්ථා ද එමටය. මේ පිලිබද පුවත්පත කෙරෙහි පාඨකයා තුළ  විශ්වසනීයත්වයක් ඇති කිරීමටපුවත්පත විසින් කරනු ලබන කාර්යයන් ප්‍රධාන වශයෙන් ලබපායි.'' (කරුණානායක, 2001,13 )
පුවත්පතක වැදගත්ම දේ ප්‍රවෘත්තිය. එක් අංශයක් කෙරෙහි පක්ෂග්‍රාහී නොවී අධ්‍යාපනය,විනොදය හා දැනුම යන සියලු කාරණා කෙරෙහි පාඨකයා තුළ යම් වෙනසක් ඇති කිරීමට පුවල්පත කටයුතු කරයි. මේ අනුව ජනතාවගේ ආකල්පමය හා චර්යාත්මක වෙනස් ඇති කිරීමට බලපෑම් කල හැකි සුවිශේෂී හැකියාවක් පුවත්පත් මාධ්‍ය සතු වේ.
ජන සන්නිවේදය පිළිබද ලොව පිලිගත් විද්වතෙකු වන මාර්ෂල් මැක්ලූහන් සන්නිවේදනය මිනිසා කෙරෙහි කරන බලපෑම මෙසේ දක්වයි.



රූපවාහිනිය
චිත්‍රපට
ගුවන්විදුලිය
ග්‍රන්ථ
පුවත්පත්
සගරා
 

පුවත්පත ඇතුලු අනෙකුත් මාධ්‍යයන් මිනිසා කෙරෙහි ඉෂ්ට,අනිෂ්ට හෝ අන්වාර්යය බලපෑම් කිරීමේ බලය හිමිකරගෙන තිබේ. එමෙන්ම අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව වැඩි විශ්වාසයක් හා ලැදියාවක් පුවත්පත කෙරෙහි පාඨකයා තුළ පවතී.
විද්‍යුත් මාධ්‍යය ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් වුවද එය පසු අධ්‍යයනයට, නැවත රස විදීමට, විවේකීව නැවත නැවත හා අවශ්‍යතැන්හිදී පරිහීලනය කිරීමට බහුතරයකට ඇති අපහසුව නිසාත් විද්‍යුත් මාධ්‍ය පුවත් වදහා සීමිත කාල ප්‍රමාණයක් වෙන්වීමත් නිසා මුද්‍රත මාධ්‍ය තවමත් වඩාත් ප්‍රබල ජන සන්නිවේදන මාධ්‍ය බව ජනමාධ්‍ය විශේෂඥයින්ගේ පිළිගැනීමයි. දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, ක්‍රීඩා,විලාසිතා,කාලගුණ,කම්කරු ව්‍යාපාර,විනෝදය,අභ්‍යවකාශ කටයුතු, අපරාධ ආදී වශයෙන් ක්ෂේත්‍ර විශාල සංඛයාවකි. මෙම විෂයන් පුවත්පතේ  හරය හා ස්වභාවය තීන්දු කිරීමේ මුලික කාර්යයභාරයක් ඉටු කරයි.
ලෝකයේ මුද්‍රණය වන පුවත්පත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් යටතේ හදුනාගත හැකිය. පළමුවැන්න රජයේ පාලනයෙන් තොරව ස්වාධීනව නිදහස්ව ප්‍රවෘත්ති පල කරන පුවත්පත්ය ඒවාට නිදහස් පුවත්පත් යැයි කියති. දෙවැන්න රජයේ පාලනය පිට පවතින රජය කියන,රජය සතුටුවන දේවල් පමණක් පල කරන පුවත්පත්ය.
පුවත්පත් මිලෙන් අඩු බාල කඩදාසියේ මුද්‍රණය කරන ලද තොරතුරු හා විනෝදජනක දේ වල එකතුවක් වන අතර එය දිනපතා,සතිපතා හෝ ඇතැම්විට මාස්පතා හෝ පළවෙයි.
ඕනෑම පුවත්පතක් සතු ප්‍රධාන වගකීම් කිහිපයක් ලෙස හදුනාගත හැකිය. එනම්
1.      ව්‍යාපාරයක් වශයෙන් එය පවත්වාගෙන යාම
2.      තොරතුරු සැපයීම
3.      පාඨකයාට මග පෙන්වීම හෙවත් ප්‍රවෘත්ති වල තේරුම පාඨකයාට පැහැදිළි කර දීම.
4.      විනෝදය ලබා දීම.
5.      ජනතාවට සේවය කිරීම.

ශ්‍රී ලංකාවේ පලවන සෑම පුවත්පතක්ම රජයේ ලියාපදිංචි කල යුතුය. මෙම ලියාපදිංචි කිරීම් අණ පණත් 03 ක් යටතේ කාර්යාල තුනකදී සිදුවේ.
·         ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව
1976 අංක 05 දරන ප්‍රවෘත්ති පත්‍ර පිළිබද ආඥා පනත
·         පේටන්ට් බලපත්‍ර සහ වෙළද ලකුණු ලියාපදිංචි කිරීමේ කාර්යාලය
1979 අංක 52 දරන බුද්ධිමය දේපළ නීති සංග්‍රහ පනත
·         ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය
1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත




















ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

1.       කරුණානායක,නන්දන,(2000),ජන සන්නිවේදන ලිපි සමුච්චය, සරස්වතී ප්‍රකාශන.
2.      කරුණානායක,නන්දන,(2001), පුවත්පත් කලාව සංකල්ප සහ මතවාද,සරස්වතී ප්‍රකාශන.
3.      කරුප්පු,සී.පී,(1991) , නව ප්‍රවෘත්ති කලාව, රේඛණ මුද්‍රණාලය.
4.      වැලිවිට,ඇල්බට්,(1991),පුවත්පත් කලාව,ඇස් .ගොඩගේ සහ සහෝදරයෝ.
5.      සෙනෙවිරත්න,නිව්ටන්,(2001),ජනසන්නිවේදනයේ ප්‍රවෘත්ති කලාව,ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.



No comments:

Post a Comment