Wednesday, January 23, 2013


ආදිවාසි මිනිසා හා මාධ්‍ය

ප‍්‍රාග්  ඓතිහාසික යුගයේ පටන් විශ්ව ගම්මානයක් දක්වා මිනිසා සංක‍්‍රමණය වී හමාරය. මානවයාගේ ක‍්‍රමික වර්ධනයත්සමාජයේ ක‍්‍රමික විකාශනයත් නවින විද්‍යාත්මක උපක‍්‍රම හා තාක්ෂණික මෙවලම් බිහිවීමත් සමඟ සන්නිවේදන විප්ලවයේ පහල වීම සටහන් විය. ආරියරත්න ඇතුගලයන් ඉපදීමට වෙර දරමින් සිටි සන්නිවේදනය මිනිසා පොළොව මත පරිණාමය වීමත් සමඟ බිහි වූ බව සටහන් කරනුයේ එනිසා විය හැකිය. (එදිරිසිංහ, සරත් කුමාරපිටු:21 ). පසුකාලීනව බිහි වු මාධ්‍ය නැමති ප‍්‍රපංචය  ඇසුරින් මිනිසා සිය කටයුතු වේගවත්ව සහ අර්ථවත්ව සිදු කර ගන්නා ලදි. එනිසාවෙන් විශ්වීය ගමක (globle village) විශ්වීය පවුලක (globle family) විශ්වීය මිනිසෙක් (globleman) නිර්මාණය කිරිමේ වාහකයා සේ මාධ්‍ය කි‍්‍රයා කරයි. එහෙත් තත්පරයෙන් තත්පරය එකම සමාජ ස්ථරයකට අවශෝෂණය වන සමාජ කණ්ඩායම් අතර හුදකලාව විසීමට වෙර දරන කණ්ඩායම් ද හදුනාගත හැකිය. නූතනයට අනුවර්තනය නොවෙමින් සිය මුල් පදිංචිකරුවන්ගේ අනන්‍යතාවය රැක ගැනීමට වෙර දරන මෙම මනුෂ්‍ය කොට්ඨාසය සරලව වැද්දන් සේ හඳුන්වයි. අතීත වැදි සමාජයේ පැවති දුම් ගැසීම, කොළ අතු එල්ලා තැබීමහූ තැබීම යනාදියෙන් ඔබ්බට ගොස් ගුවන්විදුලියරූපවාහිනියඅන්තර්ජාලය වටා බැදුණු මාධ්‍ය ලෝකය කරා ඔවුන් රැගෙන යා යුතුය.
වැදි ජනතාවගේ බිහිවීම සම්බන්ධව මහාවංශයරාජාවලිය,දඔදෙනි අස්න,කුවේණි අස්න,පුරාණ ශි‍්‍ර ලංකාව ... යනාදි විවිධ කෘතිවල විවිධ කථා පුවත් සටහන් වනු දක්නට ලැබේ.ලංකා ඉතිහාසයේ ලේඛනමය සාක්‍ෂි අතර මහාවංශයට හිමිවනුයේ මුල් තැනකි. ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රිකයන් විසූ බවත් ඔවුන්ගෙන් වැදි පරපුර විකාශනය වු බවත් විග‍්‍රහ කරයි.(මහාවංශය,බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,53ගාථාව,පිටු:44)ජනප‍්‍රවාදයෙහි ද අසන්නට ලැබෙන මෙය විශ්ව කෝෂයන් විසින් ද පිළිගෙන ඇත)ඒ අනුව ඉපැරණි ගෝත‍්‍ර වන යක්ෂ,නේසාද,මිලක,ශබර... යනාදි ජන  කොට්ඨාසවල මිශ‍්‍රණයකින් වැදි පරපුර විකාශනය වු බවත්,ඔවුන්ගේ කපාල සංසන්දනය කිරීමේදි ප්‍රෝටෝඩස්ලොයිඞ් ජන වර්ගයට සමාන බවත් එහි විග‍්‍රහ කොට ඇත.(htt://si.wikipieedia.or,2012.11.2.00pm ලාංකේය සමාජය හා සංස්කෘතිය කථනය කිරීම කෘතියෙහි මෙවැනි සටහනක් දක්නට ලැබේ
"මෙම ලංකා දුපතේ මුල්වාසි වූ යක්ෂයන්ට වැද්දෝ කියා ද කියති "(පෙරේරා සසංක,ලේකම් ආරච්චි,චන්ද්‍ර,දසනායක හරින්ද්‍ර, 1960-1970,වෙළුම 01)
කුවේණි පිළිබඳ සටහන්ව ඇති සාහිත්‍ය කථා මෙන්ම ජනප‍්‍රවාදයෙහි ඇති කථා වලින් ද ආදිවාසින්ගේ බිහිවීම සම්බන්ධව යම් යම් තොරතුරු අනාවරණය වේ.කි‍්‍ර: පු: 543 දි විජය කුමරු ලංකාවට ගොඩ බසින විට කුවේණි කපු කටිමින් සිටි බවත් විජය කුමරුගේ හත්සියයක් සේනාව සැඟවූ බවත් ජනප‍්‍රවාදයෙහි සඳහන්ව ඇත.අවසානයේ දෙදෙනා අතර පැවති තරඟයෙන් විජය කුමරු ජයගනී.හෙතම එදින රාත‍්‍රියේ කුවේණි සොළොස් හැවිරිදි කුමරියකගේ වේශයෙන් විජය කුමරු සමඟ අඹු-සැමියන් ලෙස හැසිරේ.මෙහි ප‍්‍රතිඵලය ලෙස ජිවහත්ත හා දිසාලා නමින් දරු දෙදෙනෙකු ලැබේ.නමුත් අවසානයේ රාජ්‍ය ලබා විජය කුමරු කුවේණිය මරා දමන අතර දරු දෙදෙනා පළවා හරී.මෙම දරු දෙදෙනා සමන්තකූටයට ගොස් අඹු-සැමියන් ලෙස ජිවත් වේ.ඔවුන්ගෙන් වැදි පරපුර විකාශනය වූ බව  විග‍්‍රහ කරයි. (විජේසේකර,නන්දදේව, 2003,පිටු:33)තව ද කුවේණිගේ පිරිමි දරුවා වන ජිවහත්ත පෙල්ලා නමින් හැඳින්වෙන අතර ඔවුන්ගේ පරපුර පුලින්ද නම් විය.(මහේන්ද්‍ර,සුනන්ද,2004,පිටු:272)ඇතැම් කෘතියක ඔවුන්ගේ ජිවනෝපාය නිසා වැදි යන නාමය ඔවුන් කෙරෙහි ව්‍යවහාරය වූ බව නන්දසේන රත්නපාලයන්ගේ අදහසයි.(රත්නපාල,ඊ.එම්,2003,පිටු:03 )වැද්දන්ගේ බිහිවීම සම්බන්ධව විවිධ අර්ථකථන දක්නට ලැබුණ ද ඒකීය මතයක් නොමැත.
මෙලෙස බිහි වූ වැදි ජනතාව ලංකාවේ විවිධ ප‍්‍රදේශ සිය ජනාවාස බවට පත්කර ගන්නා ලදි.
1          වැදි ජනතාව
2          ගම් වැදි ජනතාව
3වෙරළබඩ වැදි ජනතාව(රණසිංහ,චන්ද්‍ර ශි‍්‍ර(පරි),2009,පිටු:45 )

ලෙස වර්ග කොට ඇත.අද වන විට වියලි කලාපයේ බහුලව ආදිවාසි සමාජ දක්නට ලැබුණ ද අතීතයේ තෙත් කලාපීය ප‍්‍රදේශවල මොවුන්ගේ ව්‍යාප්තිය බහුලව දක්නට ලැබේ.අද වන විට විවිධ සංවර්ධන ව්‍යාප්ති නිසා දඹාන,පොල්ලේ බැද්ද,නිල්ගල,දළුකාන...යන ගම් කිහිපයකට ආදිවාසි ව්‍යාප්තිය සීමා වී ඇත.
යොහාන් ගුටෙන් බර්ග් මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනීමටත් සැමුවෙල් එෆ් බී මොරිස්  සංඥා පද්ධතිය සොයා ගැනීමට පෙර ද ආදිවාසී මිනිසා සන්නිවේදන කාර්යෙහි නිරත විය. තමන් යන මඟ අනෙකාට දැනුම් දීමට අතු කොළ එල්ලා තැබීය.විටෙක ගිනිගොඩක් අවුලූවා තැබීය.හූවක් තබා සියල්ල රැස් කරවීය. දඩයමේ යන මිනිසා තමන් මුහුණ  දෙන බිය ජනක හෝ ආස්වාද ජනක අත්දැකීම් ප‍්‍රකාශ කිරීමෙහි ලා ශක්ති ප‍්‍රමාණයෙන් ඇඳ දැක්වීය.රඟ දැක්වීය.ප‍්‍රාථමික ගෝත‍්‍ර රැකවල්ලූ පිරිස් පරිසරය  පීරා අනතුරක් ඇත්දැයි වාර්තා කරයි.වැඩිහිටියන් එක්ව රැස්වීම් තබා අනෙකාට කරුණු දැනුම් දෙන ලදි (කාරියවසම්,තිස්ස,2002,පිටු:43).නමුත් අද වන විට මෙකී ඉපැරණි සන්නිවේදන ක‍්‍රමයන්ට ඇති ඉඩකඩ අහුරා දමමින් ජනමාධ්‍ය ආදිවාසී ජනසමාජයන්හද ව්‍යාප්ත වනු දක්නට ලැබේ.ජනමාධ්‍ය විසින් මිනිසාට අනාගතය පෙන්වයි. මාධ්‍ය අනාගතය විදහාපාන දර්පනයක් වැනිය. මොරිස් ජැනොවිට්ස්ට අනුව,
විශේෂ ජන කොට්ඨාස තාක්ෂණික උපක‍්‍රම මගින් විශාල වූත් විවිධ වූත් ජන කොට්ඨාසයකට සංකේතාත්මක අර්ථ ප‍්‍රචාරය කිරීම පිණිස උපයෝගී කර ගනු ලබන ආයතන හා ක‍්‍රම ශිල්පයි’. (අත්තනායක,බන්දුල,1992,පිටු:11).
ජනමාධ්‍ය එලෙස නිර්වචනය කොට ඇත. මාධ්‍යයේ පහළ වීමත් ඒ සදහා ගත වූ කාලයත් මිනිසා හා මාධ්‍ය අතර බැඳීම වර්ධනය වූ ආකාරයත් සම්බන්ධව ඉතියෙල් ද සෝලා පූල්මෙවැනි විග‍්‍රහයක් ඉදිරිපත් කර ඇත.
මාධ්‍ය
ආසන්න කාලය
(වර්ෂ*
2007 වන විට ආසන්න කාලය(වර්ෂ*

කථිත බස
500,000
500,000

ලේඛනය
4,000
4,000

ලේඛනාරක්‍ෂණය
2,000
2,000

මුද්‍රණය
500
530

ටෙලිග‍්‍රාෆ්
140
170

යතුරු ලියනය
110        
140

(මධුභාෂනි,ජි.ටි,2006, පිටු:14
එහෙත් මහා සමාජය හා සසඳන විට ආදිවාසි ජනතාව තුළ මාධ්‍ය සම්බන්ධව ඇත්තේ අල්ප අවබෝධයකි.ඔවුන් තුළ මාධ්‍ය සම්බන්ධව යම් උදාසීනත්වයක් දක්නට ලැබේ. මහා සමාජයේ  මාධ්‍ය සම්බන්ධව මෙවැනි තත්වයක් දක්නට ලැබේ.
සන්නිවේදන උපකරණ
වර්ගය
පුද්ගලයින්  සංඛ්‍යාව
වර්ෂය
ඒකක ප‍්‍රමාණය
මිල්/අන්තර්ජාලය
1000
2002
04
දුරකථන
1000
2002
95

ගුවන් විදුලිය
1000
2000
296

රූපවාහිනිය
1000
2001
117

                                                                                                                                                                            (http://www.socialwelfare,2013,1.35pm)
මහා සමාජය හා සසඳන විට ගුවන් විදුලිය හා ජංගම දුරකථන භාවිතය සාමාන්‍ය ලෙස සිදුවේ.විශේෂයෙන් ගුවන් විදුලිය ඔවුන්ගේ හිත්ලාන හුරකුලෙස සැලකේ. දඹාන ගුවන් විදුලිය ඊට බලපෑම් කරන්නට ඇත. පුවත්පත් මාධ්‍ය භාවිතය පහළ වැටීමට සාක්ෂරතාවය බලපා ඇත. රූපවාහිනිය භාවිතා කළ ද තෝරා බේරා ගත් වැඩසටහන් ඔවුන් සතුව නොමැත.අන්තර්ජාලය වනාහි අන්තර් වශයෙන් එකිනෙකට සම්බන්ධ වු පරිගණක ජාලයක එකතුවකි’ (htt://en.wikipieedia.org,2012.11.19,3.30pm)නමුත් අන්තර්ජාලය භාවිතා කරන ප‍්‍රමාණය ඉතා අවමය.පරිගණක භාවිතා කරන ප‍්‍රමාණය 5% ක අගයක් ගනී.නමුත් මහා සමාජයේ ගෘහ එකක 10 කින් එකකට පරිගණකයක් ඇත.(වාර්ෂික වර්තාව,2009,ජන හා සංඛ්‍යාලේඛන දෙපර්තමේන්තුව)

                මෙවැනි සමාජ වටපිටාවක් තුළ ආදිවාසි ජනතාව තොරතුරු සමාජයට රැගෙන යන්නේ කෙසේද? යන ගැටළුව සමාජය ඉදිරියේ ඇත.ඔවුන්ගේ සංස්කෘතියෙන් ඔබ්බට යමක් ලෝකය තුළ තිබෙන බවත් ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය.මාධ්‍ය සම්බන්ධව පුළුල් අවබෝධයක් ඔවුන් සතුව පවතී නම් ජන කොටසක් සේ ගත් කල ඔවුන්ගේ ද රටක් සේ ගත් කල ශී‍්‍ර ලංකාවේ ද තොරතුරු විසරණ කි‍්‍රයාවලිය මෙන්ම මාධ්‍ය පිළිබඳ දැක්ම ද වඩා යහපත් වනු ඇත.                 
අත්තනායක,බන්දුල (1992), ජනසන්නිවේදන අත්පොත,සන්නිවේදන අධ්‍යයන කේන්ද්‍රය,මිනුවන්ගොඩ.
 එදිරිසිංහ,සරත් කුමාර (2007),සන්නිවේදන ප‍්‍රවේශය,තරංග ප‍්‍රකාශකයෝ,මුදුන්ගොඩ.
කාරියවසම් තිස්ස (2002),සන්නිවේදන හා ජනසන්න්වේදන මූලධර්ම,ගොඩගේ සහ සහෝදරයෝ,කුලරත්න මාවත,කොළඹ 10.
පෙරේරා,සසංක,ලේකම් ආරච්චි චන්ද්‍ර,දිසානායක ,හරේන්ද්‍ර,(1960-1983),ශී‍්‍ර ලාංකේය සමාජය හා සංස්කෘතිය පාඨනය කිරීම, සමාජ හා සංස්කෘතික අධ්‍යයනය තිව‍්‍ර කිරීම සඳහා වන කොළඹ ආයතනය.
මධුභාෂිණි)ජී. ටී.(2006)අන්තර්ජාලය හා සංවර්ධනය,තරංග ප‍්‍රකාශකයෝ,මුදුන්ගොඩ
මහාවංශය,(2003)බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ප‍්‍රකාශ
මහේන්ද්‍ර,සුනන්ද,(2004 දෙවන) විශ්ව ඥන කෝෂය,ගොඩගේ සහ සහෝදරයෝ,මරදාන
රත්නපාල,ඊ.එම්,2003)ලංකාවේ වැද්දෝ,අර්ය ප‍්‍රකාශකයෝ,වරකාපො
වාර්ෂික වර්තාව,2009),ජන හා සංඛ්‍යාලේඛන දෙපර්තමේන්තුව
විජේසේකර ,නන්දදේව(2003)වැද්දන්ගේ විකාශන ක‍්‍රමය,සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
සොලිග්මාන්,සි. ජි (2006)(පරි)රණසිංහ,චන්ද්‍ර ශි‍්‍ර)වැද්දෝ ෆාස්ට් ප‍්‍රන්ටස් කොළඹ 10.
htt://si.wikipieedia.or,2012.11.2.00pm
http://www.socialwelfare,2013,1.35pm
htt://en.wikipieedia.org,2012.11.19,3.30pm

\

AR/59029
07/5487
K.D.C.K.Rathnayaka




No comments:

Post a Comment