Wednesday, January 30, 2013


ගවේෂණාත්මක වර්තාකරණය
            ගවේෂණාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක් අවස්ථාවක් පුද්ගලයෙක් පිළිබද ගැඹුරින් සොයා බලා වාර්තා කිරීමයි.
පුවතක් යනු කිසියම් සිදු වීමකි. එය මතු පිටින් බැලු විට ඇසින් දකින දෙයහෝ අසන දෙයක් විය හැකිය. සාමාන්‍යයෙන් ප්රවෘත්ත ඉදිරිපත් කිරීමේදී.
What
When
Where
Who
Why
යන කරැණු කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. නමුත් "How" යන්නට ප්රමුඛත්වයක් දී සිදු කරනු ලබන වාර්තා ගවේෂණාත්මක වාර්තා ලෙස හදුන්වයි.
            ප්රවෘත්ති යනු අංකුරය නම් ගවේෂණාත්මක වාර්තාකරණයේ දී එම අංකුරය අයත් බීජය සහ එහි වර්ධනය පිළිබද සොයා බලනු ලබයි. එනම් ගවේෂණාත්මක වාර්තාකරණයේදී සැඟවුණු තොරතුරු සොයා බැලීමට සිදු කරයි.
            මුල් යුගයේ ලෝකයේ බොහෝ රටවල ප්රවෘත්ති කලාව කිසියම් සිද්ධියක මතුපිට තත්වය පමණක් වාර්තා කළ අතර කල් යත්ම මෙම තත්ත්වය වෙනස් විය. ඒ අනුව සිද්ධියක මතුපිට පෙනෙන තත්ත්වයට වඩා ඉන් ඔබ්බට ගිය යථාර්ථය ඉස්මතු කර දැක්වීමේ අවශ්‍යතාව ඇතිවිය. මේ අනුව ගවේෂණාත්මක පුවත් කලාවට පදනම වැටිණි.
            මෙහිදී විවිධ සමාජ අක්රමිකතා සහ හොරමැරකම් හෙලිදරව්කොට ඊට එරෙහිව ජන මතයක් ගොඩනැංවීම ගවේෂණාත්මක වාර්තාකරණයේ අභිමතාර්ථය විය. ෙමය එක්තරා අන්දමක සමාජ සේවයක් වශයෙන් ද සැළකිල්ලට ගැනිණ.
            එමෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැලෙන්නනට වගකීමකින් මෙන්ම මනා කැපවීමකින් යුතුව එම කාර්යයන්හි නියැලීමට සිදුවිය.(ජගත්චන්ද්ර‚ 2003)
            ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයේ ඉතිහාසය විමසා බැලීමේදී එය විසිවන සියවස තෙක් ඇත. ඉතිහාසයකට දිව යන්නක් බව සදහන්  කළ යුතුය. විසිවන සියවස ආරම්භයේදී පමණ ගවේෂණාත්මක පුවත් වාර්තාකරණය පිළිබද සාකච්ජා ආරම්භ වේ. එම්.ටාර්බෙල්, ලින්කන් ස්ටෙන්ස්, සහ රෙ.ස් ටැන්කර්ඩ් යන ඇමරිකන් ජාතික මාධ්‍ය වේදීන් තිදෙනා මෙයට මුල්වී කටයුතු කරන ලදී. ටාර්බෙල් විසින් රචිත "History of the Standard oil company" සහ shame of the cities යන ලිපි ‍පෙළ මගින් මෙම වාර්තාකරණ සම්පාදනය ආරම්භ වේ.
            ගවේෂණාත්මක වාර්තාකරණය "හෙලිදරව් සාහිත්‍ය ලෙස හදුන්වයි. ඇමරිකාවේ වොටර්ගේට් සංකීර්ණයේ ඩිමොක්රට්ක් පකෂ ජාතික කමිටු කාර්යාලයේ ඉලෙක්ට්ෙරානික් මයික‍‍්රෆෝන සවිකොට එහි සාකච්ජා පටිගතකොට සවන්දීම සිදු විය. මෙයට CIA සංවිධානය සහ ඇමරිකන් හිටපු ජනපති රිචඩ් නික්සන් පිළිබද හෙළිවිය. මෙම සිදුවීම අලලා වොෂින්ටන් ජෝස්ට් පුවත්පතේ ''කාල් බන්ස්ටයින් සහ රොබර්ට් වුඩිවර්ඩ් යන වාර්තාකරුවන් දෙදෙනා ලිපි පෙළක් සම්පාදනය කරන ලදි. මෙහි ප්රතිඵලයක් ලෙස රිචඩ් නික්සන් ජනපතිවරයා ඉල්ලා අස්වීමට සිදුවිය. මෙම සිදුවීමක් සමඟම ගවේෂණාත්මක වාර්තාකරණය ලොව පුරා ජනප්රිය විය.
ගවේෂණාත්මක ප්රවෘත්ති කලාවට අනුව ප්රවෘ‍ත්ති කලාවේදියා විසින් සිදුකරනු ලබන්නේ ද රහස් පරීක්ෂකවරයෙකුගේ වැඩ කොටසට සමාන කාර්යය භාරයකි.
එහිදී වාර්තාකරුවාගේ වෑයම වන්නේ සිද්ධියට අදාල පුද්ගලයන් නීති‍යේ රැහැනට හසුකරදීම නොව ඔවුන් විසින් සිදුකරන ලද සියළුම අපරාධ ජනතාව හමුවේ අනාවරණය කිරීමයි.
            1900 ගණන්වල ඇමරිකාවේ ඇති වූ සමාජ ව්‍යාපාරයන්ගේ ප්රතිඵලයක් වශයෙන් බිහි වූ ගවේෂණාත්මක ජනමාධ්‍ය කලාව වඩා ආක්රමණශීලි හා ක්රියාශීලි වූවකි. බලවතුන්ගේ වැරදි හෙළිදරව් කිරීම මගින් රාජ්‍ය නිලධාරින් පාලනයට නතු කරමින් ද රජයේ හා වෙනත් ආයතනවල පමණ ඉක්මවා යෑම මර්ධන කරමින් ද ගවේෂණාත්මක වාර්තාකරණය ප්රජාතන්ත්රවාදී සමාජයක ප්රබල මූලාශ්රයක් ලෙස කටයුතු කරයි. මාධ්‍යකරුවන්ගේ ගවේෂණාත්මක ලේඛන ඇතැම් අවස්ථාවල පාලක පැලැන්තියේ නොමද දෝෂ දර්ශනයට ලක් වූ බවද නොරහසකි. එම තත්වය කොපමණ වර්ධනය වීදයත් ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ තියඩෝර් රෑස්වෙල්ට් මෙය කුණු කන්දල් ඇවිස්සීම ලෙස හදුන්වනු ලදි.
            පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනි වාර්තා වලින් අති බහුතරය නියෝජනය කරන්නේ සම්ප්රදායික ජනමාධ්‍ය කලාවයි. නමුත් ගවේෂණාත්මක කලාව යනු වඩාත් ගැඹුරෙන් සොයා බලා වාර්තා කිරීමයි.
            ගවේෂණාත්මක වාර්තාකරණයේ වි‍ශේෂිත වූ ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ. (TransparencyInternational Sri lanka ‚2011)
1.      සක්රීය බව
සාම්පදායික වාර්තාකරණය සිදුවීම් වලට පුවත්පත් න්යාය පත්රවලට ප්රතිචාර දක්වයි. ගවේෂණාත්මක වාර්තාකරණය ප්රවෘත්ති කතා පසුපස හඹා යයි. එහෙයින් එය දුෂ්කර වාර්තාකරණය නමින් හැදින්වේ.
2.      වැරදි හෙළිදරව් කිරීම
ගවේෂණාත්මක වාර්තාකරණයේ මූලික අවධානය යොමුවන්නේ දූෂණය, අපහරණය, මහජන සම්පත් නාස්තිය මහජන සුභ සිද්ධිය අනතුරට පත් කිරීම යනාදිය මුලිනුපුටා දැමීම  කෙරෙහිය.එය බලවත් ආයතන වලට ද විනිවිද පෙනෙන අයුරින් කටයුතු කරන ලෙසට බල කරමින් රාජ්‍ය හා ව්‍යාපාරික ආවරණ විනිවිද යයි.
3.      වගකීම් සහගත බව
ගවේෂණාත්මක වාර්තාකරණය වැරදි වලට වගකිවයුත්තන් හෙළිදරව් කරමින් ද සමාජය විශෝධනය කිරීමේ හැකියාව ඇත්තන්හඳුනාගනිමින් ද බලධාරීන් ඔවුන්ගේ ක්රියාකරකම් වලට වගකියන්න සළස්වයි.
4.      ප්රතිඵල ඉලක්ක කර ගැනීම.
ගවේෂණාත්මක ජනමාධ්‍ය කලාව මහජන අවධානයට ප්ර්ශ්න යොමු කිරීම මගින් මහජන මතය හසුරවමින් ප්රතිසංස්කරණ වලට ජනයා පොළඹවයි.
5.      වැඩි කාලයක් අවශ්‍යවීම
ගවේෂණාත්මක වාර්තාකරණයේ කෙටි මාර්ග නැත. එහි වැඩි වැඩ කොටසක් දුෂ්කර හා වැඩි ශ්රමයක් අවශ්‍ය කරන්නකි. දිනකට කතා කිහිපයක් ලිවීමට සිදු වී තිබෙන දකණු ආසියාවේ හෝ ශ්රී ලංකාවේ ප්රවෘත්ති කාමරවල ගවේෂණාත්මක ජන මාධ්‍ය කලාව බහුලව භාවිත නොවේ.
6.      ගැඹුරු බව හා පුළුල් බව.
සාම්ප්රදායික වාර්තාකරණයෙදී මෙන් නොව ගවේෂණාත්මක ව්‍යාපෘතීන් හිදී අපගේ අවධාරණයන් තහවුරු කිරීම සදහා බහුවිධ මූලාශ්ර සහ ලිපි ලේඛන බොහෝ ගණනක් අවශ්‍ය වේ.
7.      වෙනස් කාලන්ත
ගවේෂණාත්මක කතා ලියැවෙන්නේ හිතුමතයට සකස්කෙ‍රෙන හෝ කාලය බෙදා සකස් කෙරෙන කාලන්තයකට අනුව නොව ඒවා ලියැවෙන කාලයකට ය.
8.      ප්රතිරාමුගත කිරීම
සමහර විට ගවේෂණාත්මක වාර්තාකරණය යනු තමන් දැන සිටි කරුණක් වාර්තාකරණයට සම්බන්ධ කර ගැනීමයි. එමගින් වැදගත් තොරතරු මතු කර ගැනීමයි.
දෛනික වාර්තාකරණ‍ය නිකම් සතකු හෙලා ගැනීමක් වැනිය ''ගවේෂණාත්මක වර්තාකරණය දහඩිය මහල් කරන ගොවිතැනක් වැනිය"
            ඩිගිං ඩීපර්: ඒ ගයිඩ් ‍‍‍ඉන්වෙස්ට්ගෙට්ච් ජර්නලිස්ටික්ස් ඉන් ද බෝල්කන්ස් (2009) නම් කෘතියේ දැක්වෙන ආකාරයට සමහර විට ගවේෂණාත්මක වාර්තාකරණය නොවෙන්නේ කුමක් දැයි විස්තර කිරීමට වඩා පහසුය.
            ගවේෂණාත්මක වාර්තාකරණය සදහා මූලාශ්ර ගණනාවක් අවශය වේ. ඒවා මානව ලිපි ලේඛන හා පරිඝණක දත්ත  ආදියයි. ඒවා අවශ්‍ය වන්නේ යටපත් වී ඇති සිදුවීම් රටා සහ සත්‍යන් ඉස්මතු කර ගැනීමටය.
            ගවේෂණාත්මක ජනමාධ්‍යකරණය ජනප්රිය පුද්ගලයන් පිළිබද ප්රවෘත්ති හෝ රසවත් හා ප්රකට දෑ පිළිබද උත්ප්රාසය දනවන 'ටැබ්ලොයිඩ්'' කතා හෝ නොවේ එය මහජන සුභ සිද්ධිය පිළිබද ව සැළකිල්ලක් දක්වන අතර පෙද්ගලික තොරතරු ඇතුලත් කර ගන්නේ ඒවා එම අරමුණුවලට අදාල නම් පමණි.
ගවේෂණශීලි ප්රවෘත්ති කලාවේ නියැලෙන වාර්තකරුවන් දීර්ඝ කාලයක් එකම පර්යේෂණ වල නිරත වෙමින් යයි. ඊට අදාල ඔහු පර්යෙෂණවල නිරත වෙමින් තොරතුරැ රැස්කරගනී. මෙම කාලසීමාව සති ගණනක් විය හැකිය. එසෙත් නැතිනම් මාස ගණනක් විය හැක. සම්මුඛ සාකච්ජා පැවැත්වීම මෙන්ම විවිධ ස්ථානවලට යාමට මොවුන්ට සිදුවේ. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට තියුණු බුද්ධියක්ද විශ්ලේෂණාත්මක මනසක් ද පැවතිය යුතුය. තමන් රැස්කරගන්නා තොරතුරු මනාලෙස විශ්ලේෂණය කිරීමට ඔහු සමත්විය යුතුය.
ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණයට අද දවසේ විශාල සමාජ පිළිගැනීමක් ලැබී තිබේ. දිගින් හා පළලින් යුත් සාමාන්‍ය ප්රවෘත්තියකටගැඹුරක් ලබාදෙන්නේ ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරුවාය. ජනතාවගේ හදවතට සමීප වුණු බෙහෝ මාධ්‍යවේදීන් මේ ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණයෙහි නියුතු වූවන්ය. එහි අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද සමාජයට හොදින් දැනී තිබේ. එලෙසම ජනතාව නිරතුරුවම මාධ්‍ය වේදීන්ගෙන් ග‍වේෂණාත්මක පුවත් ඉල්ලා සිටිති.ජනතාවගේ මෙම ගවේෂණාත්මක පුවත් කුහුල සංසිදුවාලීම අද දවසේ ගවේෂණාත්මක මාධ්‍ය වේදියාගේ වගකීමකි.(වීරකෝන්‚2006)

ආශ්රිත ග්රන්ථ
ග්රන්ථ
1.ජගත්චන්ද්රනිහාල්. (2003)‚ප්රවෘත්ති සහ වාර්තාකරණයචතුර මුද්රණාලය.
2.  වීරකෝන් ඉන්දික.(2006)‚රූපවාහිනී ප්රවෘත්තිකරණයඑස්.ගොඩගේ සහ සහෝදරයෝ.
සඟරා
1.       TransparencyInternational Srilanka ‚(2011)‚යතිරබිදහැර(ගවේෂණාත්මකමාධ්යකරණය‚Friedrich­Ebert­stiftung.


2 comments: