Wednesday, January 23, 2013


පුවත්පත් මාධ්‍ය සහ ජ්‍යොතිෂය

තාක්‍ෂණික හරඹය මත ගොඩනැගුණු අද්‍යතන සමාජය තුළ ජනමාධ්‍ය යන්න මුළු විශ්වයම මොහොතකට එක්තැන් කළ හැකි ප‍්‍රබල මාධ්‍යයක් බවට පත්ව තිබේx නුතන සමාජය තොරතුරු සමාජයක්කිරීමෙහිලා ප‍්‍රබල කි‍්‍රයාකරුවා ලෙස ජනමාධ්‍ය හඳුනාගත හැකියx එය නූතන සමාජයේ පුද්ගල ජීවිතයට බද්ධ වූ අංගයක් බවට පත්ව තිබේx
මාධ්‍ය ජන ජීවිතයේ මූලික අංගයක් බවට පත්ව තිබේx වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් විනෝදාස්වාද ක‍්‍රමයක් ලෙස මාධ්‍ය යොදා ගනිතිx ජීවිතයට වැදගත් නව්‍ය තොරතුරු දැනගැනීම වැනි කාර්යයන්හි දී ජීවිතයේ අනිවාර්ය අංගයක් වීම නිසා මාධ්‍ය පුරෝචන මූලාශ‍්‍රයක් ලෙස සැලකේx ” (අශෝක කුමාර,දර්ශන, (1999*, පි.16*
නිරන්තර කුතුහලයෙන් යුතුව ලෝකය දෙස බැලීම මානව වර්ගයාට සහජයෙන් උරුම වූවකි. ලෝකය පිළිබඳ සත්‍ය පුවත් දැනගැනීමේ නොතිත් ආශාව ඇසීමට, කියවීමට හා බැලීමට මිනිසා පොළඹවාලීය. ජනමාධ්‍යයන්ගේ බිහිවීමට පාදක වනුයේ මෙකී තොරතුරු පිපාසයයි. ” (සෙනෙවිරත්න,එස්,(2001*,පි.51*
ජනමාධ්‍ය සහ පුද්ගල ජීවිතය අතර වූ අන්‍යොන්‍ය සම්බන්ධතාවේ වර්ධනීයත්වය මේ හරහා ප‍්‍රකට වේ. වත්මන් මාධ්‍ය කි‍්‍රයාකාරී පසුබිම තුළ පුද්ගලයන් වැඩි වැඩියෙන් ඒ කෙරෙහි නැඹුරු වීමේ ප‍්‍රවණතාවක් පවත.ි පුවත්පත්, සඟරා, ගුවන්විදුලි, රූපවාහිනී ආදිය මෙන්ම අන්තර්ජාල භාවිතය තුළින්ද නව්‍ය තොරතුරු ග‍්‍රහණය කර ගැනීමෙහිලා ජනතාව දක්වන්නේ දැඩි උනන්දුවක.ි මේ හේතුවෙන් වත්මන් මාධ්‍ය බොහෝ විට ජනතා අවධානය ග‍්‍රහණය කරගත හැකි කාලීන මාතෘකා ඔස්සේ ස්වකීය විෂය ක්‍ෂේත‍්‍රය හසුරුවනු පෙනේx මේ අතර පුවත්පත් මාධ්‍යයට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකිx නූතන පුවත්පත්හි අන්තර්ගතය පිළිබඳ විමසීමේ දී මෙය වඩාත් තහවුරු වේx
පුවත්පත් සම්බන්ධව බි‍්‍රටැනිකා විශ්වකෝෂයෙහි දක්වන නිර්වචනය වඩා වැදගත්යx
ප‍්‍රවෘත්ති ,අදහස් , විශේෂාංග සහ ජනතාව කැමති වෙනත් තොරතුරු දිනපතා, සතිපතා හෝ නිශ්චිත කාලයක දී හෝ ප‍්‍රකාශයට පත් කිරීම සඳහාත් පුවත්පත යොදා ගැනේx”
ශී‍්‍ර සුමංගල ශබ්දකෝෂයෙහි පුවත්පත යන්න අර්ථ දක්වන්නේ
මහජනතාව උනන්දුවක් දක්වන ප‍්‍රවෘත්ති, වෙළඳ දැන්වීම් ,සාහිත්‍ය සම්බන්ධ කරුණු හා අනෙකුත් අංග ඇතුළත්ව දිනපතා හෝ සතිපතා පළවන මුද්‍රිත පත‍්‍රය පුවත්පතක් වශයෙන් හඳුන්වන බවයිx” (සෝරත,වැලිවිටියේ,(1998*,පි.61*
පුවත්පත සම්බන්ධයෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් දක්වා ඇත්තේ පුවත්පත ප‍්‍රථමයෙන් දිනපතා, සතිපතා හෝ වාරානුකූලව පුවත් සැපයීම සඳහා පුවත් සැකසීමේ අරමුණින් පටන්ගත් පති‍්‍රකා විශේෂයක් බවත් කාලානුරූපීව එය හුදු පුවත් සැපයීම සඳහාම වෙන් නොවී වෙනත් අංගෝපාංග සහිත ප‍්‍රකාශනයක් බවට පත් වූ බවත්යx
නූතන පුවත්පත් කලාව ගොඩනැගී ඇත්තේ බොහොමයක් පාඨක අවධානය, ආකර්ෂණය ග‍්‍රහණය කරගත හැකි පුවත්, විශේෂාංග, තොරතුරු කේන්ද්‍ර කර ගනිමිනිමිx එබඳු කාලීන වූත් ජනතාව ඇල්මක් දක්වන්නාවූත් එක් ක්‍ෂේත‍්‍රයක් ලෙස ජ්‍යොතිෂයපෙන්වා දිය හැකx ජ්‍යෙතිෂය පිළිබඳ නූතන කතිකාවත පුවත්පත් මාධ්‍යය හරහා ප‍්‍රබලව ගොඩනැගෙනු පෙනේx ජ්‍යොතිෂය වෙනුවෙන්ම පළවන පුවත්පත් මෙන්ම සතිපතා, දිනපතා, සති අන්ත පුවත්පත් අන්තර්ගතයන්හිද ජ්‍යොතිෂය මුල් කරගත් තොරතුරු පළවනු දැකිය හැකx
ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය ලාංකීය ජන ජීවිතය හා බද්ධ වී වැඩුණකිx අනාදිමත් කාලයක පටන් ලාංකීය ජනතාවගේ ජීවිතය හා බැඳුණු සංස්කෘතික අංගයක් ලෙස ජ්‍යොතිෂය හඳුන්වා දිය හැකx
ජ්‍යොතිෂය ශ‍්‍රි ලංකාවේ ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇතx යම් කෙනෙකු උපත ලැබූ මොහොතේ පටන් මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථාවල දී ජ්‍යෙතිෂයේ පිහිට පැතීමට පුරුදුව සිටිතිx ජ්‍යෙතිෂය පිළිබඳ විශ්වාසය අවුරුදු දහස් ගණනක් තිස්සේ සාමාන්‍ය ජනී ජනයා තුළ පැවත එන්නකිx” (මංචනායක,අතුල,1999 * 
ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ ඉතිහාසය පිළිබඳව විමසීමේ දී එහි ආරම්භය කවදා කෙසේ සිදුවුණිද සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නොමැතx එය කාලාන්තරයක් තිස්සේ ජන ජීවිතය සමග බද්ධ වී ඉදිරියට පැමිණ සමාජගත වූ සංස්කෘතික අංගයක් ලෙසින් හඳුනා ගැනේx
හෝරා ශාස්ත‍්‍රය හෙවත් ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රය කවදා කෙසේ ආරම්භ වූයේ දැයි නිශ්චිතව කීමට හැකියාවක් නොමැතx ලොව බැබළෙන නිසා හෝ බැබළීමට ඉවහල් වන නිසා අහස් තලයේ බ‍්‍රමණය වන තාරකාවන්ට ජ්‍යෙතිෂය යනු ව්‍යවහරිතයx එබැවින් ජ්‍යොතිෂය” (වජිර,තිස්ස,1977*
ජ්‍යොතිෂය පෙරදිග මෙන්ම අපරදිග රටවලද පැතිර තිබූ ඉතා සුවිශේෂී ශාස්ත‍්‍රයක් බැව් ඒ සම්බන්ධ මූලාශ‍්‍ර අධ්‍යයනයේ දී පෙනේx එය අතීතයේ රාජ්‍ය මහාමාත්‍යාදීන්ගේ අනුග‍්‍රහය යටතේ වර්ධනය වූ විෂය ක්‍ෂේත‍්‍රයක් ලෙස පෙන්විය හැකx
ජ්‍යෙතිෂය නම් අති පුරාණයේ සිට පෙරදිග රටවල තිබෙන්නාවූද දැනටත් තිබෙන්නාවූද ක‍්‍රමය වෙයිx එහි වයස් සීමාවක් නොමැතx කවුරු කවදා සොයා ගත්තාද කියා කිසිවෙක් නොදනීx යම් රාජ්‍යයක් යම් කලෙක දියුණුව තිබුණා නම් ඒ රාජ්‍යයේ ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රය බල පැවැත්වූ බව පෙනෙන්නට තිබේx චීනයේ රජවරු ආණ්ඩුවේ නිලධාරින් වශයෙන් ජ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයින් පත් කර තිබූ බවත් වැරදි අනාවැකි කීම් දඬුවම් ලැබිය හැකි බරපතල අපරාධ ගණයට ඇතුළත් කර තිබූ බවත් චීන ඉතිහාසයෙන් පෙනේx සියම් බුරුම ආදී රටවලද එසේමයx” (හෙට්ටිගොඩ, හෙන්ද්‍රික් සිල්වා,(1980*,පි.09 *
මෙබඳු දීර්ඝකාලීන ඉතිහාසයක් සහිත ජ්‍යෙතිෂය ශාස්ත‍්‍රය මෙන්ම ඒ හා සම්බන්ධ විශ්වාසයන් කාලානුක‍්‍රමිකව විකාශනය වෙමින් නූතන සමාජය දක්වාම වර්ධනය වීම සහ සමාජගත වීම සුවිශේෂී සංසිද්ධියකිx විද්‍යාවේ සහ තාක්‍ෂණයේ හිණි පෙත්තටම නැගි විසිඑක්වෙනි සියවසේදී පවා ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය පිළිබඳව මෙන්ම ඒ සම්බන්ධ විශ්වාස කෙරෙහි පුද්ගල අවධානය රැුඳී තිබීම විශේෂිතය. ලාංකීය සමාජය තුළ මෙය සනාථ කළ හැකි එක් අවස්ථාවක් ලෙස සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍රවාරිත‍්‍රාදිය ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රානුකූලව සිදු කිරීම පෙන්වා දිය හැකියx ලාංකීය ජනයාගෙන් බහුතරයක් ශුභ කර්තව්‍යයන් ඇරඹීමේ දී ශුභමුහුර්තාදියට අනුගතව ඒ සිදු කරනු ලැබේx පුද්ගල ජීවිතයේ සුවිශේෂී අවස්ථා (ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, කොටහළු චාරිත‍්‍ර, විවාහ මංගලෝත්සව* සියල්ලක දීම පාහේ ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රයේ පිහිට සහ මාර්ගෝපදේශකත්වය ලබා ගැනීමට ජනතාව පෙළඹී සිටිතිx 
විද්‍යාත්මක ඥානයේ කේන්ද්‍රීයස්ථාන වූ බටහිර රටවලද ජ්‍යෙතිෂ කෙරෙහි තත්කාලීන අවධානය ඉහළ මට්ටමක පවතින බැව් සඳහන් කළ හැකියx ජ්‍යෙතිෂයේ විවිධ පැතිකඩ කෙරෙහි අවධානය යොමු කරමින් ඒ හා සම්බන්ධ විවිධ මත දැක්වීම්, අනාවැකි ප‍්‍රකාශයන්, තොරතුරු අධ්‍යයනයන් ආදිය පිළිබඳ බටහිර සමාජයෙන් කරුණු හෙළි වේx
ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රය කෙරෙහි වූ මෙකී නව ප‍්‍රවණතාව හේතුවෙන් වත්මන් මාධ්‍ය සංස්කෘතිය තුළ එය නැතිවම බැරි අංගයක් බැව් පෙනේx  විiුත් මුද්‍රිත මාධ්‍ය භේදයකින් තොරව මේ පිළිබඳ කාලීන සංවාද දිනෙන් දිනම නව මුහුණුවරකින් එළිදක්වන අයුරු මාධ්‍ය වෙත අවධානය යොමු කිරීමේ දී පෙනී යයිx

පසුගිය කාලය පුරාවට ජ්‍යෙතිෂය පදනම් කරගත් නානාප‍්‍රකාර ප‍්‍රවෘත්තීන්, තොරතුරු, විශේෂාංග, ප‍්‍රවීණ ජ්‍යෙතීර්වේදී මත දැක්වීම් පුවත්පත් මාධ්‍ය හරහා පළ වූ වාර අප‍්‍රමාණයx ජ්‍යෙතිෂය වෙනුවෙන්ම පළවන පුවත්පත් (ඉරහඳ, සම්පත සුභසෙත රිවිරිසි නැකත* මෙන්ම සතිපතා පළවන ජාතික පුවත්පත් මඟින්ද ජ්‍යෙතිෂය සම්බන්ධ නව්‍ය සිදුවීම්, තොරතුරු (2011 සෙනසුරු මාරුව, ගුරු මාරුව, 2012 ලෝක විනශය හා සම්බන්ධ තත්ත්වයන්, ග‍්‍රහයෝග, සූර්යග‍්‍රහණ, චන්ද්‍රග‍්‍රහණ, තත්කාල කේන්දර විමසුම්, ජ්‍යෙතිෂ ගැටලූ, 2013 නව වසර පිළිබඳ ජ්‍යෙතිෂ අනාවරණයන්* වාර්තාකරණයෙහිලා දක්වන ලද්දේ දැඩි උද්‍යෝගයකිx එමෙන්ම සෑම පුවත්පතක්ම පාහේ ලග්න පලාඵල සම්බන්ධව ඉඩක් වෙන් කිරීම අනිවාර්ය ලක්‍ෂණයකිx
ජනතාවට වඩා සමීප වූ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් සමාජීය අවශ්‍යතා සමග බද්ධ වෙමින් පුද්ගල සිතිවිලි ආකල්ප සහ චර්යාත්මක වෙනස්කම් වලට අනුගතව ජ්‍යෙතිෂ තොරතුරු ඉදිරිපත් කිරීමෙහිලා පුවත්පත් මාධ්‍යයේ දායකත්වය අගය කළ යුතුයx එනමුදු වර්තමානයේ ජ්‍යෙතිෂය යන්න වාණිජකරණයට හසු වීම තුළ ඒ කෙරෙහි පවත්නා ශාස්ත‍්‍රීය වැදගත්කමට වඩා එය හුදු රැුවටීමේ ශාස්ත‍්‍රයක් ලෙස සිතීමට බොහෝදෙනා පෙළඹෙතිx ජ්‍යෙතිෂය පිළිබඳ අල්ප දැනුමක් පවා නොමැතිව එය ව්‍යාජ ලෙස භාවිත කරමින් මුදල් උපයන පිරිස් වත්මන් සමාජයේ බහුල වීම තුළ මෙවැනි ගැටලූකාරි තත්වයක් පැනනැගීම සහේතුකයx
මෙම ශාස්ත‍්‍රය නූගතුන් අතට පත් වීමත් මුදල් ගරා ගැනීමේ පරමාර්ථයෙන් සමහරු ජීවන වෘත්තියක් බවට පත් කර ගැනීමත් එම ජ්‍යොතිර් විද්‍යාවේ විද්‍යාත්මක හරය සමාජයෙන් තුරන්ව ගොස් ඇති බව පෙනේx මෙහි වරද ජ්‍යොතිර් විද්‍යාවේ නොව එය ව්‍යාපාරයක් කරගත් පුද්ගලයන් අතයx” (සේදරමන් ජේxx, 1983*
 මේ නිසාම පුවත්වත් මාධ්‍ය භාවිතය තුළින් ජ්‍යොතිෂය කෙරෙහි නැඹූරුවන පිරිසක් මෙන්ම ඒ කෙරෙහි විශ්වාසයක් ගොඩනගා ගැනීමට මැලිවන පිරිසක්ද වේx ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය සම්බන්ධව මෙකී සාධනීය මෙන්ම නිශේධනීය පුද්ගල ආකල්ප ගොඩනැගෙන අවධියක ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයෙහි වටිනාකම ඉස්මතු කිරීම වැදගත්යx අනාදිමත් කාලයක සිට ජන ජීවිතය හා එකට බැඳී සමාජගත වූ සංස්කෘතික අංගයක් වන ජ්‍යොතිෂය සතු පුළුල් විෂය ක්‍ෂේත‍්‍රය පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව නූතන සමාජ අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නිවැරදිව තෝරා බේරා ඉදිරිපත් කිරීම වත්මන් මාධ්‍ය සතු වගකීමක් මෙන්ම කාර්යභාරයක්ද වන්නේය.

අශෝක කුමාර,දර්ශන, (1999*, වත්මන් මාධ්‍ය අධ්‍යයන ප‍්‍රවණතා, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
දීපමාලි, රුචිරා ප‍්‍රමෝදි, (2007*, සිංහල පුවත්පත් හා එහි නව ප‍්‍රවණතා, දීපානි ප‍්‍රකාශන, නුගේගොඩ
මහේන්ද්‍ර, සුනන්ද, (1997*, සන්නිවේදන ශබ්දාකරය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
රත්නපාල, මුතුකුඩ, (20101*, ජ්‍යොතිෂය හා බැඳුණු ජීවිතය, කර්තෘ ප‍්‍රකාශන, කිරුළපන, කොළඹ 06
වජිර, තිස්ස, (1977*, ඔබේ ඉරණම, ඉන්දික ප‍්‍රකාශකයෝ, කොළඹ 10
විජේකෝන්, චන්දන, (1997*, පුවත්පතේ කතන්දරේ, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
විද්‍යාරත්න, ඇම්xජීx, (1969*, ජ්‍යොතිෂ සංග‍්‍රහය, ඇම්xඞීx ගුණසේන සහ සමාගම, කොළඹ
විලියම්, ආර්xඑච්x, (2004*, සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර සහ ේ‍යාතිෂය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
සෙනෙවිරත්න, සේනක, (2001*, ජනසන්නිවේදනයේ ප‍්‍රවෘත්ති කලාව, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
සේදරමන්, ජේxx, (1983*, ග‍්‍රහබල හා ග‍්‍රහයෝග පිළිබඳ ජ්‍යොතිෂ විද්‍යාත්මක සිද්ධාන්ත, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
සෝරත, වැලිවිටියේ, (1999*, ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය ද්විතීය භාගය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10

හෙට්ටිගොඩ, හෙන්ද්‍රික් සිල්වා, (1980*, ජීවිතය සහ ග‍්‍රහයෝ, ගුණරත්න ප‍්‍රකාශකයෝ, කොළඹ
යඑඑචථරැුරැුඅඅඅගඉරසඒබබසජ්ගජදප

No comments:

Post a Comment