Sunday, February 15, 2015

ත‍්‍රිමාණ සජීවිකරණය(3 D Animation)


ත‍්‍රිමාණ සජීවිකරණය(3 D Animation) අප හදුනාගන්නේ 90 දශකය අවසානයේදීය. 2000 දශකය පමණ වනවිට ටෙලිවිෂන් මාධ්‍යය මේ නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් හුරුවක් ලබමින් තිබුණි. කෙසේ වෙතත් ඊට පෙර සිටම එනම් ත‍්‍රිමාණ සජීවීකරණය භාවිතාවක් ලෙස පැමිණෙන්නට පෙරත් සජීවිකරණය විෂයයික වූ භාවිතාවක් ටෙලිවිෂන් මාධ්‍යය තුළ තිබිණි. එය හැදින්වූයේ ‘ඔප්ටිකල් ෆෙක්ට්ස්’’යනුවෙනි. එය සිදු කළේ කැමරා කාච ම`ගින් වන අතර විශේෂයෙන්ම මාධ්‍ය රූප නිර්මාණය කිරීමද එම`ගින් සිදුවිය.ප‍්‍රථමයෙන් විවිධ වැඩසටහන් වෙනුවෙන්ද යොදාගත් එය පසුව ටෙලිනාට්‍ය සදහා නිර්මාණාත්මක උපක‍්‍රමයක් ලෙසින් යොදා ගැනීමද සිදුවිය. එසේ වුවත් ලොව තාක්ෂණික ප‍්‍රබෝධයේ වේගවත් ගමන ඉදිරියේ මෙම තාක්ෂණික සිනමා සහ ටෙලි මාධ්‍යට ත‍්‍රිමාණ සජීවිකරණ හැසිරීමක් අවශ්‍ය විය.

මේ සම්බන්ධයෙන් මූලික තලයේ අත්හදා බැලීම් කළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වේ නම් ඒ පෝර්ජ් ලූකස්ය. ඔහු විසින් නිර්මාණය කරන ලද Star wars චිත‍්‍රපට මාලාව ඒ සදහා දිය හැකි හොදම උදාහරණයයි. නමුත් ඔහු ඒ කාර්යභාරය පහසුවෙන් අත්කරගත්තක් නොවේ. ඊට අදාළ පරිගණක මෘදුකාංග නිෂ්පාදනය නොවූ පමණක් නොව ඒ පිලිබද අදහසක්වත් නොතිබූ යුගයක ලූකස්ගේ මේ ප‍්‍රයත්නය පුදුම සහගත කටයුත්තක්ම විය. ඇතැම් අවස්ථාවලදී සිය කටයුත්තට ඔහු සහය ලබාගත්තේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ භාවිතා වූ ඇතැම්  අත්දැකීම් සහ උපකරණ මගින් බවත් තම අවශ්‍යතාව වෙනුවෙන් පරිඝණක මෘදුකාංග නිෂ්පාදනය කරගැනීමට පවා ඔහුට සිදුවූ බවත් හදුනාගත හැකිය. නමුත් ඒ වත්මන් ත‍්‍රිමාණ සජීවිකරණය නොවීය.විෂුවල් ඉෆෙක්ටිස් නම් භාවිතාවට වඩා තාක්ෂණික අවබෝධයක් සත්‍ය වශයෙන්ම ඒ යුගයේදී ඔහුට නොතිබුණි.
විෂුවල් ඉෆෙක්ටිස් තාක්ෂණය හැරුණු කල වෝල්ට් ඩිස්නිද්විමාන සජීවිකරණය එකල තිබුණු අතර ඉන් ඔබ්බට ගිය ත‍්‍රිමාණ සජීවිකරණය පිළිබද හාන්කවිසියක්වත් ලෝකය එදා දැන සිටියේම නැත.
කෙසේ වෙතත් ඩිස්නිලන්තයෙන් ඉවතට එන එඞ් කැටිමුල් විශේෂයෙන්ම ජෝන් ලැස්ටර් නම් පුරෝගාමී චරිත ජෝර්ජ් ලූකස් යැයි කියමින් එය පැහැදිලි කළ විට ලූකස් එය ප‍්‍රකික්ෂේප නොකළේය. නමුත් ඒ වෙනුවෙන් යොදවන්නට තරම් ප‍්‍රාණවත් ධනයක් ඔහු සතුව තිබුණේ නැත. කෙසේ වෙතත් ලූකස් මේ පුරෝගාමී මිනිසුන්ට ඒ වනවිට බිලියනපතියකුව සිටි තවත් පුරෝගාමී චරිතයක් වන ස්ටීවි ජොබ්ස්ට් හදුන්වා දෙන්නට කටයුතු කළේය.


ස්ටීවී ජොබ්ස්ට මේ නව්‍ය අත්හදාබැලීම අවබෝධ නොවුණු බව ඔහුම පවසා ඇත. එහෙත් එහි යම් වටිනාකමක් ඔහුට දැනුණා විය යුතුය. ඒ නිසාම ඔහු ඒ වෙනුවෙන් මුදල් ආයෝජන කළද ඊට සරිලන ආකාරයෙන් ලාභයක් කෙසේ වෙතත් යෙද වූ මුදලවත් ලබා දෙන්නට කටයුත්තේ නිරත වූ පුරෝගාමී ශිල්පීන්ට හැකි වූයේ නැත. චිත‍්‍රපටකරණයට අදාළව නව්‍ය  සජීවිකරණයක් වෙනුවෙන් එසේ  අත්හදා බැලීම් කරමින් සිටි ඔවුන් අවසානයේදී සිය පැවැත්ම උදෙසා පෙරකී මූලික අදහස මොහොතකට අත්හැර වෙළද දැන්වීම් නිර්මාණයට එම තාක්ෂණය ලබා දී තිබේ.

කෙසේ වෙතත් ස්ටීවි ජොබ්ස්ටද දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට නො හැකි වුණු අතර ජෝන් ලැස්ටර් එහිදී කරන්නේ තමන් මුලින් සිටි ආයතනයටම එනම් ඩිස්නි සමාගමට මේ තාක්ෂණ භාවිතාවෙන් යුත් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට යෝජනා කිරීමයි. 1992 වසරේදී Toy story නම් මුල්ම ත‍්‍රිමාණ සජීවිකරණ චිත‍්‍රපටය නිර්මාණය වන්නේ ඒ උත්සහයේ ප‍්‍රතිඵලයක් හැටියටය. ඒත් සමාගම ලෝක සිනමාව මෙතෙක් නොසිතූ විරූ තාක්ෂණික අත්දැකීමක් සමග පෙරළිකාර යුගයකට අවතීර්ණ වෙන අයුරු දකින්නට ලැබුණි. කෙසේ වෙතත් එහි කීර්තිය අත්කරගන්නේ ඒසා වෙහෙසකින් එය සාක්ෂාත් කරගත් ශිල්පීන් නොවේ. ඊට මුදල් ආයෝජනය කළ වෝල්ට් ඩිස්නි සමාගමයි.

පසුව ET හි පිටසක්වළ ජීවියාත්, ටයිටැනික් ඛේදවාචකයත්. ජුරාසික් පාක්හි ඩයිනෝසරයනුත් කිසිදු වෙනසකින් තොරව සජීවි ලෙසින් රූපගත කරගෙන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය එසේ ලොවට පැමිණීම නිසාය.
කර්මාන්තයක් වශයෙන් ගත් කල අපේ සිනමාව මුල් යුගයේදී අඩුම තරමින් ආසියානු සිනමාවත් සමග කරට කර සිටින තත්වයක් පවත්වාගෙන ආ බවට වූ පිළිගැනීම ඊට හිමි ගෞරවය ලබාදීමක් වේ. එහෙත් පසුව ඒ තත්වය ක‍්‍රමානුකූලව අපෙන් ගිලිහෙන්නේ ලෝක සිනමාවේ තාක්ෂණය, එම ආම්පන්න සහ ක‍්‍රමවේද අපටද ලැබෙන පසුබිමකය. සිනමාව පසුපසට ගමන් කිරීමකි. මේ ආකාරයෙන් ශ‍්‍රී ලාංකීය සිනමාව පසු බසින්න බාහිර සමාජ දේශපාලන හේතුද තිබුණි. අනෙක් පසින් ප‍්‍රවීණ සිනමාකරුවෝ සිනමා කර්තව්‍යය අත්හැර නිහඩවීමද ඊට හේතු වු බරපතළ සාධකයක් විය. ඒ අනුව එය නරක කාලයක් බව පිළිනොගෙන සිටීමට අපට හැකියාවක් නැත.


අපට උදා වුණු එම නරක කාලය තුළ ලෝක සිනමාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කරමින් පිමි ගණනාවකින් ඉදිරියට ගමන් කර අතර ත‍්‍රිමාණ සජීවිකරණය පිටුවහල් කරගනිමින් දැවැන්ත පසුතල සහිත අවතාර්, ගොඞ් ඔෆ්  ද රින්ග්, වැනි කල්පිත දේශයන් මනඃකල්පිත චරිත ජීවමානව සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඞ් සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඩි සිනමාව තුළ පවා අතිමහත් පසුතල නිර්මාණය වුණේ ද ඒ අනුහසිනි. එහෙත් අපේ සිනමාව ඒ ලෝක ජයග‍්‍රහණ නුදුටු ඇසින්, නොපැතූ ලෙසින් අවිචාරවත් පැවැත්මකට සිරගතව තිබුණි. සියලූ කටයුතු වෙනුවෙන් ඉන්දියානු චිත‍්‍රාගාරවලට සහය පතන පසුගාමී තැනක එය පැවතුණි. එය වෙනස් කළ නොහැකි තත්ත්වයක් සේද දකින්නට ලැබුණි.

2000 දශකය ආරම්භයේදී ත‍්‍රිමාණ සජීවිකරණය අපේ චිත‍්‍රපට අතරටද පැමිණෙන්න පටන්ගත් අතර ”අග්නි දාහය” සුළු වශයෙන් එකී තාක්ෂණය යොදාගත් පළමු චිත‍්‍රපටය බවට පත් වුණි. ඒ අනුව එය සුළු අත්හදා බැලීමක් වශයෙන් හදුන්වාදීමට හැකියාව ඇත. කෙසේ වුවත් අවසන් මුද්‍රණ කටයුතු සදහා ඉන්දියාවට යැවීම තවදුරටත් අත්නොහැරී තිබුණි.

‘අබා’ දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් වන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය කෙරෙහි විශ්වාසය තබාය. ‘අබා’ චිත‍්‍රපටයේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධයෙන් ශිල්පී චමත් පරණවිතාන මැදිහත් වන අතර තවදුරටත් ඉන්දියාවේ සහයක් නොමැතිව සමස්තයක් වශයෙන් එහි කටයුතු මෙරට තුළදී අවසන් කිරීමේ අභියෝගය ඔහු බාර ගන්නේද සෙසු පිරිස ඒ කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබන පසුබිමකය. ඒ අනුව දල සේයාපට ඉන්දියාවට යවා ස්කෑන් කොට හාඞ් ඩිස්ක් මගින් මෙරටට ගෙන්වා සජීවීකරණ කටයුතු මෙරටදී සිදු කොට අවසන් කිරීම කාලයට සාපේක්ෂව අභියෝගයක් වුවත් අවසානයේදී එය නිසියාකාරවම සිදු වුණි. ඒ නිසාම ‘අබා’ යම් වෙනස් තත්ත්වයක් තාක්ෂණය අතින් මෙරට සිනමාවට ලබාදුනි.

කෙසේ වුවත් ඒ සමාගම දැවැන්ත පසුතල සහිත ඓතිහාසික කතා පුවත් සහිත චිත‍්‍රපට රැල්ලක්ම බිහිවුණත් බලාපොරොත්තු වූ ආකාරයේ ප‍්‍රගතියක් හෝ ජයග‍්‍රහණයක් ඉන් අත්වීද යන ප‍්‍රශ්නය මේ වනවිට පැනනැගී ඇත.

සජීවිකරණ ශිල්පියකුට සිය කටයුත්තේදී ආලෝකකරණය, වේෂ නිරූපණය, වර්ණ සංයෝජනය යන විෂය අවබෝධය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නකි. විදේශ රටවල් තුළ එම එක් කටයුතු වෙනුවෙන් විශේෂඥ දැනුමකින් පොහොසත් සජීවිකරණ ශිල්පීන් සිටිති. නමුදු  අප රට තුළ මේ සියල්ල Desktp  වැඩක් ලෙස එකම ශිල්පියකුගෙන් බලාපොරොත්තු වෙයි.

ඒහේතුව නිසා අප රටේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධව ඒ ඒ විෂයන්ට අදාළව විශේෂඥයන් බිහිවන්නට හැකියාව නැත. මේ විෂය විශ්වවිද්‍යාල විෂයක් වශයෙන් ලෝකය  අද පිළිගෙන ඇත.අවශ්‍ය ශිල්ප ප‍්‍රාගුණ්‍යය කෙසේ වෙතත් ඒ සම්බන්ධ පූර්ණ අවබෝධයක්වත් තවම අප රටේ නොමැත. කෙටියෙන් පැවසුවහොත් යම් චිත‍්‍රපටයක් සදහා සජීවිකරණ ශිල්පීය ක‍්‍රමෝපායන් ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එහි අධ්‍යක්‍ෂවරයා වේෂ නිරූපණයේ සිට අලෝකකරණය, කලා අධ්‍යක්‍ෂණය මුල් කොටගත් චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය සහ ඊට අදාළ සෑම කටයුත්තක් වෙනුවෙන්ම ත‍්‍රිමාණ සජීවිකරණ සහ විශේෂ ප‍්‍රයෝග ශිල්පියාව කැදවා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව හිතුමතයේ රූපගත කළ රූප සමූහයක් ගෙනැවිත් ඊට අවශ්‍ය පසුතල සකස් කර දෙන්න යැයි පවසා පිටව යන චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් ප‍්‍රකාශ කරන්නේ උක්ත තාක්ෂණවේදය ගැන තමන්ගේ නොදැනුවත්කමට වඩා වැඩි දෙයකි. ඒ අනුව මෙම තාක්ෂණය පිළිබද පූර්ණ අවබෝධය ලැබිම තුළින් විශිෂ්ට සිනමාවකට අපටද උරුමකම් කිව හැකිය.

W.M.Hashala Niroshani
AR/65226
AF/09/6924
ත‍්‍රිමාණ සජීවිකරණය(3 D Animation)

ත‍්‍රිමාණ සජීවිකරණය (3 D Animation) අප හදුනාගන්නේ 90 දශකය අවසානයේදීය. 2000 දශකය පමණ වනවිට ටෙලිවිෂන් මාධ්‍යය මේ නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් හුරුවක් ලබමින් තිබුණි. කෙසේ වෙතත් ඊට පෙර සිටම එනම් ත‍්‍රිමාණ සජීවීකරණය භාවිතාවක් ලෙස පැමිණෙන්නට පෙරත් සජීවිකරණය විෂයයික වූ භාවිතාවක් ටෙලිවිෂන් මාධ්‍යය තුළ තිබිණි. එය හැදින්වූයේ ‘ඔප්ටිකල් ෆෙක්ට්ස්’’යනුවෙනි. එය සිදු කළේ කැමරා කාච ම`ගින් වන අතර විශේෂයෙන්ම මාධ්‍ය රූප නිර්මාණය කිරීමද එම`ගින් සිදුවිය.ප‍්‍රථමයෙන් විවිධ වැඩසටහන් වෙනුවෙන්ද යොදාගත් එය පසුව ටෙලිනාට්‍ය සදහා නිර්මාණාත්මක උපක‍්‍රමයක් ලෙසින් යොදා ගැනීමද සිදුවිය. එසේ වුවත් ලොව තාක්ෂණික ප‍්‍රබෝධයේ වේගවත් ගමන ඉදිරියේ මෙම තාක්ෂණික සිනමා සහ ටෙලි මාධ්‍යට ත‍්‍රිමාණ සජීවිකරණ හැසිරීමක් අවශ්‍ය විය.

මේ සම්බන්ධයෙන් මූලික තලයේ අත්හදා බැලීම් කළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වේ නම් ඒ පෝර්ජ් ලූකස්ය. ඔහු විසින් නිර්මාණය කරන ලද Star wars චිත‍්‍රපට මාලාව ඒ සදහා දිය හැකි හොදම උදාහරණයයි. නමුත් ඔහු ඒ කාර්යභාරය පහසුවෙන් අත්කරගත්තක් නොවේ. ඊට අදාළ පරිගණක මෘදුකාංග නිෂ්පාදනය නොවූ පමණක් නොව ඒ පිලිබද අදහසක්වත් නොතිබූ යුගයක ලූකස්ගේ මේ ප‍්‍රයත්නය පුදුම සහගත කටයුත්තක්ම විය. ඇතැම් අවස්ථාවලදී සිය කටයුත්තට ඔහු සහය ලබාගත්තේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ භාවිතා වූ ඇතැම්  අත්දැකීම් සහ උපකරණ මගින් බවත් තම අවශ්‍යතාව වෙනුවෙන් පරිඝණක මෘදුකාංග නිෂ්පාදනය කරගැනීමට පවා ඔහුට සිදුවූ බවත් හදුනාගත හැකිය. නමුත් ඒ වත්මන් ත‍්‍රිමාණ සජීවිකරණය නොවීය.විෂුවල් ඉෆෙක්ටිස් නම් භාවිතාවට වඩා තාක්ෂණික අවබෝධයක් සත්‍ය වශයෙන්ම ඒ යුගයේදී ඔහුට නොතිබුණි.


විෂුවල් ඉෆෙක්ටිස් තාක්ෂණය හැරුණු කල වෝල්ට් ඩිස්නිද්විමාන සජීවිකරණය එකල තිබුණු අතර ඉන් ඔබ්බට ගිය ත‍්‍රිමාණ සජීවිකරණය පිළිබද හාන්කවිසියක්වත් ලෝකය එදා දැන සිටියේම නැත.
කෙසේ වෙතත් ඩිස්නිලන්තයෙන් ඉවතට එන එඞ් කැටිමුල් විශේෂයෙන්ම ජෝන් ලැස්ටර් නම් පුරෝගාමී චරිත ජෝර්ජ් ලූකස් යැයි කියමින් එය පැහැදිලි කළ විට ලූකස් එය ප‍්‍රකික්ෂේප නොකළේය. නමුත් ඒ වෙනුවෙන් යොදවන්නට තරම් ප‍්‍රාණවත් ධනයක් ඔහු සතුව තිබුණේ නැත. කෙසේ වෙතත් ලූකස් මේ පුරෝගාමී මිනිසුන්ට ඒ වනවිට බිලියනපතියකුව සිටි තවත් පුරෝගාමී චරිතයක් වන ස්ටීවි ජොබ්ස්ට් හදුන්වා දෙන්නට කටයුතු කළේය.


ස්ටීවී ජොබ්ස්ට මේ නව්‍ය අත්හදාබැලීම අවබෝධ නොවුණු බව ඔහුම පවසා ඇත. එහෙත් එහි යම් වටිනාකමක් ඔහුට දැනුණා විය යුතුය. ඒ නිසාම ඔහු ඒ වෙනුවෙන් මුදල් ආයෝජන කළද ඊට සරිලන ආකාරයෙන් ලාභයක් කෙසේ වෙතත් යෙද වූ මුදලවත් ලබා දෙන්නට කටයුත්තේ නිරත වූ පුරෝගාමී ශිල්පීන්ට හැකි වූයේ නැත. චිත‍්‍රපටකරණයට අදාළව නව්‍ය  සජීවිකරණයක් වෙනුවෙන් එසේ  අත්හදා බැලීම් කරමින් සිටි ඔවුන් අවසානයේදී සිය පැවැත්ම උදෙසා පෙරකී මූලික අදහස මොහොතකට අත්හැර වෙළද දැන්වීම් නිර්මාණයට එම තාක්ෂණය ලබා දී තිබේ.

කෙසේ වෙතත් ස්ටීවි ජොබ්ස්ටද දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට නො හැකි වුණු අතර ජෝන් ලැස්ටර් එහිදී කරන්නේ තමන් මුලින් සිටි ආයතනයටම එනම් ඩිස්නි සමාගමට මේ තාක්ෂණ භාවිතාවෙන් යුත් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට යෝජනා කිරීමයි. 1992 වසරේදී Toy story නම් මුල්ම ත‍්‍රිමාණ සජීවිකරණ චිත‍්‍රපටය නිර්මාණය වන්නේ ඒ උත්සහයේ ප‍්‍රතිඵලයක් හැටියටය. ඒත් සමාගම ලෝක සිනමාව මෙතෙක් නොසිතූ විරූ තාක්ෂණික අත්දැකීමක් සමග පෙරළිකාර යුගයකට අවතීර්ණ වෙන අයුරු දකින්නට ලැබුණි. කෙසේ වෙතත් එහි කීර්තිය අත්කරගන්නේ ඒසා වෙහෙසකින් එය සාක්ෂාත් කරගත් ශිල්පීන් නොවේ. ඊට මුදල් ආයෝජනය කළ වෝල්ට් ඩිස්නි සමාගමයි.


පසුව ET හි පිටසක්වළ ජීවියාත්, ටයිටැනික් ඛේදවාචකයත්. ජුරාසික් පාක්හි ඩයිනෝසරයනුත් කිසිදු වෙනසකින් තොරව සජීවි ලෙසින් රූපගත කරගෙන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය එසේ ලොවට පැමිණීම නිසාය.
කර්මාන්තයක් වශයෙන් ගත් කල අපේ සිනමාව මුල් යුගයේදී අඩුම තරමින් ආසියානු සිනමාවත් සමග කරට කර සිටින තත්වයක් පවත්වාගෙන ආ බවට වූ පිළිගැනීම ඊට හිමි ගෞරවය ලබාදීමක් වේ. එහෙත් පසුව ඒ තත්වය ක‍්‍රමානුකූලව අපෙන් ගිලිහෙන්නේ ලෝක සිනමාවේ තාක්ෂණය, එම ආම්පන්න සහ ක‍්‍රමවේද අපටද ලැබෙන පසුබිමකය. සිනමාව පසුපසට ගමන් කිරීමකි. මේ ආකාරයෙන් ශ‍්‍රී ලාංකීය සිනමාව පසු බසින්න බාහිර සමාජ දේශපාලන හේතුද තිබුණි. අනෙක් පසින් ප‍්‍රවීණ සිනමාකරුවෝ සිනමා කර්තව්‍යය අත්හැර නිහඩවීමද ඊට හේතු වු බරපතළ සාධකයක් විය. ඒ අනුව එය නරක කාලයක් බව පිළිනොගෙන සිටීමට අපට හැකියාවක් නැත.


අපට උදා වුණු එම නරක කාලය තුළ ලෝක සිනමාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කරමින් පිමි ගණනාවකින් ඉදිරියට ගමන් කර අතර ත‍්‍රිමාණ සජීවිකරණය පිටුවහල් කරගනිමින් දැවැන්ත පසුතල සහිත අවතාර්, ගොඞ් ඔෆ්  ද රින්ග්, වැනි කල්පිත දේශයන් මනඃකල්පිත චරිත ජීවමානව සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඞ් සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඩි සිනමාව තුළ පවා අතිමහත් පසුතල නිර්මාණය වුණේ ද ඒ අනුහසිනි. එහෙත් අපේ සිනමාව ඒ ලෝක ජයග‍්‍රහණ නුදුටු ඇසින්, නොපැතූ ලෙසින් අවිචාරවත් පැවැත්මකට සිරගතව තිබුණි. සියලූ කටයුතු වෙනුවෙන් ඉන්දියානු චිත‍්‍රාගාරවලට සහය පතන පසුගාමී තැනක එය පැවතුණි. එය වෙනස් කළ නොහැකි තත්ත්වයක් සේද දකින්නට ලැබුණි.

2000 දශකය ආරම්භයේදී ත‍්‍රිමාණ සජීවිකරණය අපේ චිත‍්‍රපට අතරටද පැමිණෙන්න පටන්ගත් අතර ”අග්නි දාහය” සුළු වශයෙන් එකී තාක්ෂණය යොදාගත් පළමු චිත‍්‍රපටය බවට පත් වුණි. ඒ අනුව එය සුළු අත්හදා බැලීමක් වශයෙන් හදුන්වාදීමට හැකියාව ඇත. කෙසේ වුවත් අවසන් මුද්‍රණ කටයුතු සදහා ඉන්දියාවට යැවීම තවදුරටත් අත්නොහැරී තිබුණි.

‘අබා’ දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් වන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය කෙරෙහි විශ්වාසය තබාය. ‘අබා’ චිත‍්‍රපටයේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධයෙන් ශිල්පී චමත් පරණවිතාන මැදිහත් වන අතර තවදුරටත් ඉන්දියාවේ සහයක් නොමැතිව සමස්තයක් වශයෙන් එහි කටයුතු මෙරට තුළදී අවසන් කිරීමේ අභියෝගය ඔහු බාර ගන්නේද සෙසු පිරිස ඒ කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබන පසුබිමකය. ඒ අනුව දල සේයාපට ඉන්දියාවට යවා ස්කෑන් කොට හාඞ් ඩිස්ක් මගින් මෙරටට ගෙන්වා සජීවීකරණ කටයුතු මෙරටදී සිදු කොට අවසන් කිරීම කාලයට සාපේක්ෂව අභියෝගයක් වුවත් අවසානයේදී එය නිසියාකාරවම සිදු වුණි. ඒ නිසාම ‘අබා’ යම් වෙනස් තත්ත්වයක් තාක්ෂණය අතින් මෙරට සිනමාවට ලබාදුනි.

කෙසේ වුවත් ඒ සමාගම දැවැන්ත පසුතල සහිත ඓතිහාසික කතා පුවත් සහිත චිත‍්‍රපට රැල්ලක්ම බිහිවුණත් බලාපොරොත්තු වූ ආකාරයේ ප‍්‍රගතියක් හෝ ජයග‍්‍රහණයක් ඉන් අත්වීද යන ප‍්‍රශ්නය මේ වනවිට පැනනැගී ඇත.

සජීවිකරණ ශිල්පියකුට සිය කටයුත්තේදී ආලෝකකරණය, වේෂ නිරූපණය, වර්ණ සංයෝජනය යන විෂය අවබෝධය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නකි. විදේශ රටවල් තුළ එම එක් කටයුතු වෙනුවෙන් විශේෂඥ දැනුමකින් පොහොසත් සජීවිකරණ ශිල්පීන් සිටිති. නමුදු  අප රට තුළ මේ සියල්ල Desktp  වැඩක් ලෙස එකම ශිල්පියකුගෙන් බලාපොරොත්තු වෙයි.


ඒහේතුව නිසා අප රටේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධව ඒ ඒ විෂයන්ට අදාළව විශේෂඥයන් බිහිවන්නට හැකියාව නැත. මේ විෂය විශ්වවිද්‍යාල විෂයක් වශයෙන් ලෝකය  අද පිළිගෙන ඇත.අවශ්‍ය ශිල්ප ප‍්‍රාගුණ්‍යය කෙසේ වෙතත් ඒ සම්බන්ධ පූර්ණ අවබෝධයක්වත් තවම අප රටේ නොමැත. කෙටියෙන් පැවසුවහොත් යම් චිත‍්‍රපටයක් සදහා සජීවිකරණ ශිල්පීය ක‍්‍රමෝපායන් ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එහි අධ්‍යක්‍ෂවරයා වේෂ නිරූපණයේ සිට අලෝකකරණය, කලා අධ්‍යක්‍ෂණය මුල් කොටගත් චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය සහ ඊට අදාළ සෑම කටයුත්තක් වෙනුවෙන්ම ත‍්‍රිමාණ සජීවිකරණ සහ විශේෂ ප‍්‍රයෝග ශිල්පියාව කැදවා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව හිතුමතයේ රූපගත කළ රූප සමූහයක් ගෙනැවිත් ඊට අවශ්‍ය පසුතල සකස් කර දෙන්න යැයි පවසා පිටව යන චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් ප‍්‍රකාශ කරන්නේ උක්ත තාක්ෂණවේදය ගැන තමන්ගේ නොදැනුවත්කමට වඩා වැඩි දෙයකි. ඒ අනුව මෙම තාක්ෂණය පිළිබද පූර්ණ අවබෝධය ලැබිම තුළින් විශිෂ්ට සිනමාවකට අපටද උරුමකම් කිව හැකිය.



W.M.Hashala Niroshani
AR/65226
AF/09/6924

Tuesday, February 10, 2015



නව සංස්කෘතිකාංග සමාජගතවීම කෙරෙහි රූපවාහිනී මාධ්‍යයේ බලපෑම.




වර්තමානයවන විට සමස්ථ ජනමාධ්‍ය පද්ධතිය තුළ සමාජීය ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතය කෙරෙහිද ප‍්‍රබල බලපෑමක් කරමින් තීරණාත්මක ආධිපත්‍යයක් පවත්වාගෙන යන්නේ රූපවාහිනී මාධ්‍යයයි.

මානව සංජානන ක‍්‍රියාවලියෙහි පවත්නා යම් යම් විශේෂතාත්, දෘශ්‍ය මාධ්‍යයෙහි පවත්නා තාක්‍ෂණික ගති ස්වභාවයනුත් පදනම් කරගෙන රූපවාහිනී මාධ්‍ය සෙසු මාධ්‍ය අභිබවා සිටී. එම තත්වය තුළ මිනිසාගේ පෞද්ගලික මෙන්ම සමාජ ජීවිතය කෙරෙහි සෘජු බලපෑමක් කිරීමට රූපවාහිනී මාධ්‍යයට හැකියාව ලැබී ඇත . රූපවාහිනිය ගෝලීය ප‍්‍රපංචයකි. ලොව පුරා පේ‍්‍රක්‍ෂකයන් රූපවාහිනිය නරඔති. ඒ අනුව වර්තමාන ලෝකයේ ගෝලීයකරණයේ තීරණාත්මක ජනමාධ්‍ය බවට රූපවාහිනී මාධ්‍ය පත්ව ඇත. එම තත්වය තුළ සංස්කෘතිකාංග සමාජගතවීම සඳහා රූපවාහිනී මාධ්‍යය සෘජුලෙස බලපෑම් කරයි.

මානව සමාජය වෙනත් සත්ව සමූහයාගෙන් වෙන්කර පැහැදිලිවම දැක්විය හැකි මුලික සාධකයක් වශයෙන්
සංස්කෘතිය  හඳුනාගැනීමට ලැබේ. සංස්කෘතිය යන සංකල්පය එදිනෙදා ව්‍යවහාරයේ යෙදෙන ආකාරයට වඩා වෙනස් ස්වරූපයෙන් සමාජ ශාස්ත‍්‍ර වලදී අධ්‍යනය කෙරේ. සංස්කෘතිය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනය කරනු ලබන්නේ මානව විද්‍යාඥයින්ය. ඊට අමතරව සමාජ විද්‍යාඥයන්ද මේ සම්බන්ධයෙන් විවිධ අධ්‍යයන සිදුකොට ඇත. නමුත් සංස්කෘතිය යන සංකල්පය සම්බන්ධයෙන් එක් පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුවී ඇත. සංස්කෘතිය චර්යාත්මක විෂයන්ට සම්බන්ධවූවකි. මිනිසාගේ චර්යාව කලින් අනාවරණය කිරීමට හැකියාවක් නොමැත. එය සැනෙකින් වෙනස්වන  සුළුය. සමාජය පිළිබඳව විමසා බලන විට එය තවදුරටත් සංකීර්ණවේ. එබඳු තත්වයක් තුල පුද්ගල චර්යාවන් පිළිබඳව විවරණ සපයන සංස්කෘතිය නැමැති සංකල්පය පිළිබඳව පොදු නිර්වචනයක් සැපයීම අපහසුවී ඇත. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පිළිගත් නිර්වචන ගනණාවක්ම ඉදිරිපත්වී ඇත.




”1951 දී සංස්කෘතිය පිළිබඳව ගවේෂණාත්මකව අධ්‍යනයකළ ඒ.එල්. ක්‍රෝබර් හා ක්ලයිඞ් ක්ලක්හෝන් යන මානව විද්‍යාඥයන් පෙන්වාදුන්නේ මෙම සංකල්පයට එවකට නිර්වචන 164ක් තිබූ බවයි ”
                                                                                                            
                                                                                                                       ( පෙරේරා, 2013,  පි. 75)


සමාජ මානව විද්‍යාවේ පියා වශයෙන් සැළකෙන ඊ.බී. ටයිලර් (EB Tylor 1)771 දී ”ප‍්‍රාථමික සංස්කෘතිය” (Primative Calture ) යන මැයෙන් රචනා කරන ලද ග‍්‍රන්ථයේ ඇතුළත් නිර්වචනය සම්භාව්‍ය නිර්වචනයක් ලෙසින් සැලකේ. ” දැනුම ,විශ්වාස ,කලා, සදාචාර දහම්, නීති, සිරිත්/විරිත් හා මිනිසා විසින් සමාජයේ සාමාජිකයෙකු වශයෙන් ලබාගන්නා අනෙක්  ඕනෑම හැකියාවන් හා පුරුදුවල සමස්ත සංකීර්ණ”
                                                                                                                 
                                                                                                                        ( සරච්චන්ද්‍ර ,2013, පි. 56 )


”සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධාන හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප‍්‍රාන්ස් බෝආස් නම් මානව විද්‍යාඥයින් පැහැදිලිකර ඇත. මලිනොවුස්කි ප‍්‍රකාශකල පරිදි සංස්කෘතිය ශිල්පීය ක‍්‍රම, භාණ්ඩ, තාක්‍ෂණික ක‍්‍රියාවලින්, අදහස් පුරුදු සහ ඇගයීම් වලින් සංයුක්තවී ඇතිබව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මේ සියලූ අංග ලක්‍ෂණ අන්තර් සම්බන්ධවී ඇති අතර සමස්ත ජිවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩනංවන බවයි.”
                                                                                                      
                                                                                                                       ( විකිපීඩියා නිදහස් විශ්වකෝෂය,)


”මාග‍්‍රට් මීඞ්, ඒ.එල්.ක්‍රෝබර්,රූත් බෙනඩික්ත් සංස්කෘතිය  සමාජීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වාදී ඇත. 1940 දි රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදාහදාගනු ලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.”
                                                                                              
                                                                                                                       ( විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය)



සංස්කෘතිය යනු සමාජ උරුමයකි. එය තනි පුද්ගලයෙකු එක මොහොතක ගොඩනගාගත් දෙයක් නොවේ. කාලයක සිට විවිධ සමාජ සමූහ ක‍්‍රම ක‍්‍රමයෙන් සකස්කරගන්නා ලද ක‍්‍රියාවලියකි. දැනුම, විශ්වාස, හෝ  ඕනෑම මානවීය ක‍්‍රියාවලියක් කාලයක් තිස්සේ පරිණාමයවෙමින් ඉදිරියට ගමන්කරයි. මෙවැනි තත්වයක් මත සංස්කෘතිය සමාජයක් මගින් උරුම කරගත් දෙයක් වශයෙන් දැක්වීමට හැකියාවක් ඇත. එසේම පරම්පරාවෙන් පරම්පරාවට මිනිසා විසින් ගෙනයන ලද දෙයක් වශයෙන්ද  සංස්කෘතිය අගයකළ හැකිය. සංස්කෘතියක් තුළ එකතු කිරීම්, අඩු කිරීම්, දක්නට ඇත. එසේ වන්නේ එක් එක් කාලයට සමගාමීව පුද්ගල අවශ්‍යතාවල වෙනසක් ඇතිවන බැවිනි. නව තාක්‍ෂණය, නව අදහස් සංස්කෘතියට අලූතින් එකතුවෙයි. එසේම පැරණි සංස්කෘතියට අදාල වූ එහෙත් නව සංස්කෘතියට එතරම් අදාල නොවන සංස්කෘතිකාංග ක‍්‍රමයෙන් බැහැරවේ.


 සංස්කෘතිය යන සංකල්පය හඳුනා ගැනීමේදී එහි අන්තර්ගතය විමසා බැලීම ඉතා වැදගත්වේ.  ඕනෑම සංස්කෘතියක් තුළ ප‍්‍රධාන වශයෙන් අංග ලක්‍ෂණ ත‍්‍රිත්වයක් හඳුනා ගැනීමට ලැබේ. අදහස්, ධර්මතා සහ භෞතික සංස්කෘතිය එම අංග ලක්‍ෂණයි. අදහස් යනු සිතන දේවල්ය. එහෙත් සියලූදෙනා සිතන සියල්ලක් අදහස් වශයෙන් සංස්කෘතියට ඇතුළත් නොවේ. සමාජයට හිතකර, සමාජයේ කටයුතු වලට දායකවන, කලක් තිස්සේ සමාජය තුළ පැවතුණු අදහස් මේ අනුව සංස්කෘතියට අන්තර්ගතවේ. සාම්ප‍්‍රදායික ජන ශ‍්‍රැති, ජන කතා, උපමා, ප‍්‍රස්ථා පිරුළු ආදිය අදහස් වශයෙන් ක‍්‍රියාත්මකවේ. නවීන සමාජවල සාම්ප‍්‍රදායක සමාජවලට වඩා සංකීර්ණ අදහස් හඳුනා ගැනීමට ලැබේ. තාක්‍ෂණික අදහස්, ආගමික අදහස්, විද්‍යාත්මක අදහස්, දේශපාලනික අදහස් ඒ අතර ප‍්‍රධානවේ. අදහස් පිළිබඳ ලැයිස්තුවක් රොබට් බියෙස්ටෙඞ් නම් සමාජ විද්‍යාඥයා සිය සමාජ පර්යාය නැමැති කෘතියේ ඉදිරිපත්කර ඇත. එනම් 

”ආගමික සත්‍යයන්, ආගමික විශ්වාස, මිත්‍යාවන්, පුරාවෘත්ත, සාහිත්‍ය, අද්භූත කතා, උපමා, ප‍්‍රස්ථාව පිරුළු හා ජන ශ‍්‍රැතිවේ.”
                                                                                                                    
                                                                                                                        ( පෙරේරා,2013,පි . 83 )

ධර්මතා යනු සංස්කෘතියේ තවත් වැදගත් අංගයකි. ධර්මතා යන්නෙන් අදහස් කරනුයේ මිනිසා විසින් කරනු ලබන දෑය. අදහස් මෙන්ම ධර්මතාවයන් ද ප‍්‍රත්‍යක්‍ෂයට හසුනොවේ. සමාජයක යහපැවැත්ම උදෙසා ධර්මතා අනිවාර්යයෙන්ම අවශ්‍යවේ. සමාජය වෙනුවෙන් මිනිසුන් විසින් ඉටුකරන යුතුකම් හා වගකීම්ද ධර්මතා වලට අයත්වේ. ආචාරශීලීබව , ස්තුතිපූර්වකබව, සදාචාරසම්පන්නබව යනාදිය ධර්මතාවල වැදගත් අංගයන්ය. අදහස් හා ධර්මතා ප‍්‍රත්‍යක්‍ෂට හසුනොවේ. ප‍්‍රත්‍යක්‍ෂයට ලක්වන සංස්කෘතික අංගයක් ද සංස්කෘතිය තුළ අන්තර්ගතව ඇත. භෞතික සංස්කෘතිය වශයෙන් එය හඳුනාගැනිමට ලැබේ. මිනිසා විසින් නිර්මාණයකර ඇති දෘෂ්ඨියට හසුවන සියලූමදෑ භෞතික සංස්කෘතියට අයත්වේ. භෞතික සංස්කෘතියට අංග ඇතුළත්වීමේදී පිළිගැනීම, අගය කිරීම, ප‍්‍රයෝජනයට ගැනීම ආදී සාධක වලට අනුව ප‍්‍රමුඛතාවයක් දක්වන දෑ කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ. ඉතා විශාල දෙයක් වුවද එය ප‍්‍රයෝජනයට නොගනීනම් එය භෞතික සංස්කෘතියට ඇතුළත් නොවේ. නමුත් ඉතා කුඩා දෙයක්වුව ප‍්‍රයෝජනයටගනීනම් එය භෞතික සංස්කෘතියට ඇතුළත් වේ.
                             
1945 දී විශ්වීය  සංස්කෘතිය තුළ පවතින ලක්‍ෂණ පිළිබඳව ජෝර්ජ් මර්ඩොක් නැමැති සමාජ විද්‍යාඥයා  අදහස් ඉදිරිපත්කර ඇත. ඔහු දැක්වූ ආකාරයට විශ්වීය සංස්කෘතියක අංග ලක්‍ෂණ මෙසේය. 
  1.  ආගම
  2. ඉවුම්/පිහුම් 
  3. මෝස්තර 
  4. ජනශ‍්‍රැති
  5.  පවුලඅවමංගල්‍ය චාරිත‍්‍ර
  6.  විවාහය
  7. මිත්‍යා විශ්වාස
  8. නීති  ක‍්‍රීඩා
  9. දින දසුන්භාෂාව
  10. අධිකරණ ක‍්‍රමවේදයන්
  11.  දේශගුණික තත්වයන්ට ගැළපෙනසේ අනුගතවීම
  12.  නෘත්‍ය රංගන
  13.  සිහින අරත්නිරූපන
  14.  ආහාර පුරුදු
  15.  ආහාර තහංචි
  16. ත්‍යාග හුවමාරු
  17. කොණ්ඩා මෝස්තර
  18.  වෛද්‍ය ක‍්‍රම 
  19. සංගීතය අක්ෂර
  20.  පුද්ගල නාම
  21.  දේපළ
  22.  ලිංගික තහංචිවානිජ කටයුතු  අවි නිපැයුම

                             
                                                                                                               ( සරච්චන්ද්‍ර,2013, පි . 69-70 ) 
  

සරච්චන්ද්‍ර තම කෘතිය තුළ මර්ඩොක් විසින් හඳුන්වා දෙනලද සංස්කෘතිකාංග 28ක් ඉදිරිපත්කොට ඇත.එම සියලූ අංග අඩු වැඩි වශයෙන් සමාජගතවන අතරම විකාශනයවීමක්ද සිදුවේ. එහිදී ඇතැම්විට නව්‍යතාවයෙන් යුතුව එම අංග නැවත සමාජගතවේ. එම ක‍්‍රියාවලියේදී රූපවාහිනී මාධ්‍යයෙන්  සෘජු බලපෑමක් සිදුවේ.

සංස්කෘතිකාංග සමාජගතවීම විවිධ ස්වරූපයන්ගෙන් හඳුනා ගැනීමට ලැබේ. සංස්කාතික විසරණය යනු එවැන්නකි. එහිදී සිදුවන්නේ කිසියම් සංස්කෘතියකට අයත් අයත් සංස්කෘතිකාංග තවත් සංස්කෘතියක අංග අතරට ඇතුළත් කරගැනීමයි. උදාහරණ වශයෙන් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දකුණු ආසියාතික රටවලට ඉංග‍්‍රීසි සංස්කෘතික ලක්‍ෂණ ඇතුළත්වීම දැක්විය හැකිය. සංස්කෘතිකාංග විසරණයට අමතරව විකාශනයවීමක්ද සිදුවේ. එමගින් නව සංස්කෘතිකාංග සමාජගතවීම සිදුවේ. ඒ ඔස්සේ ජනප‍්‍රිය සංස්කෘතියකට මගපෑදීමක්ද සිදුවේ.

” ප‍්‍රචාරණ ආකෘතිය භාවිතාකර අවධානය අල්ලාගැනීමේ කාර්යය මේවනවිට වැඩිවශයෙන් ක‍්‍රියාත්මක කෙරෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යනුවෙන් හැඳින්වෙන ක්ෂේත‍්‍රයේය. හුදෙක් ග‍්‍රාහක අවධානය අල්ලාගැනීමේ අරමුණෙන් නොයෙක් වැඩසටහන් වලින් මෙකළ මතුවන කලාව , කලා රුචිය, විලාසිතා, හැසිරීම් රටා, පරිභෝජන රටා, විනෝදාස්වාද මාර්ග ආදිය සාමාන්‍යයෙන් ඇතුලත්කෙරෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යටතටය. මේ නිසා ජනප‍්‍රිය සංස්කෘතිය යන අංගයද රූපවාහිනිය යන මාධ්‍යයද තෙවැනි ලොව සංස්කෘතික ආරක්‍ෂණවාදීන්ගේ කෝපයට හේතුවී ඇත.”                                                                                                                                                                              
(විකිපීඩියා නිදහස් විශ්වකෝෂය,)



නව සංස්කෘතිකාංග සමාජගතවීම කෙරෙහි රූපවාහිනී මාධ්‍යයේ බලපෑම පිළිබඳ හැඳින්වීමේදී අවධානය යොමුකළයුතු අනෙක් වැදගත් අංශය වන්නේ රූපවාහිනි මාධ්‍යයයි. එසේම නව සංස්කෘතිකාංග සමාජගතවීමට රූපවාහිනී මාධ්‍යයෙන් සිදුවන බලපෑම පිළිබඳවද අවධානය යොමුකිරීම වැදගත්වේ.
රූපවාහිනී මාධ්‍ය හුදෙකලාව වර්ධනයවූවක් නොවේ. එය ඊට පෙර  පැවති ගුවන් විදුලිය, නිශ්චල  රූපය, සිනමාව වැනි මධ්‍යයන්ගේ තාක්‍ෂණික ශක්‍යතාවය ආශ‍්‍රය කරගෙන නිර්මාණයවූවකි ”ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය වශයෙන් සම්පේ‍්‍රෂණය කළහැකි මෙම මාධ්‍ය සඳහා Television  යන යෙදුම මුලින්ම භාවිතාකර ඇත්තේ ප‍්‍රංශ ජාතිකPerski   නැමැති අයෙකි. Tele   යන්නෙන් දුරත්,  "  Vision     යන්නෙන් දැකීමත් අර්ථවත්වේ. .                                     
                                                                                                             

තාක්‍ෂණික වශයෙන් රූපවාහිනී මාධ්‍යය දියුණුවීමෙන් පසු එය ව්‍යාප්තවූයේ මහජනසේවා මාධ්‍යයක් වශයෙනි. II වන ලෝක යුද්ධයෙන් පසු මුලින්ම තොරතුරු දැනගැනීමේ අවශයතාවය පදනම් කරගෙන රූපවාහිනිය ජනතාවට සමීපවිය.රූපවාහිනිය ආරම්භවී දශකයක් පමණ ගතවනවිට රූපවාහිනිය සඳහා
නාට්‍යය නිෂ්පාදනය කිරීම වැනිදෑ ආරම්භවිය. ඒ අනුව රූපවාහිනිය විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් වශයෙන්ද ජනතාවට වඩාත් සමීප විය.

—1940 දශකයේදී මුල්ම රූපවාහිනී නාට්‍යය ඇමෙරිකා එක්සත් ජනපදයේ රූපවාහිනී මගින් හඳුන්වාදෙන ලදී. සබන් නිෂ්පාදන සමාගම් මගින් මෙම නාට්‍ය විකාශනය සඳහා රූපවාහිනී ආයතන වලට අනුග‍්‍රහය දක්වන ලදී. එම හේතුව නිසා එම නාට්‍ය සෝප් ඔපෙරා නමින් හඳුන්වති ”  


 නව සංස්කාතිකාංග සමාජගත කිරීම සඳහා සෘජු ලෙස දායකවන රූපවාහිනී වැඩසටහන් ගණනාවක් හඳුනා ගැනීමට ලැබේ. ටෙලි නාට්‍ය, චිත‍්‍රපට, සංගීත වැඩසටහන්, වාර්තා වැඩටහන්, ක‍්‍රීඩා වැඩසටහන් ඒ අතර ප‍්‍රධානවේ.

                    කිසියම් රටක් තුළ වැඩි වශයෙන්ම නව සංස්කෘතිකාංග සමාජගතවීම සඳහා දායකත්ව සපයනු ලබන්නේ එම සමාජයට සහ සංස්කෘතියට පරිබාහිරවූ සංස්කෘතිකාංග ඇතුළත්වන ලෙස සකස්කරන ලද  ටෙලි නාට්‍යයන්ය. ටෙලි නාට්‍ය යනු විනෝදාස්වාදය සපයන වැඩසටහන් විශේෂයක් පමණක් නොව ඉන් ඔබ්බට ගිය කාර්යයන් ගණනාවක්ම සිදුකරන වැඩසටහන් විශේෂයකි. නව සංස්කෘතිකාංග සමාජගතකිරීම එවැන්නකි. ඇතැම් විට සෘජු ලෙසද ඇතැම් විට වක‍්‍රාකාරයෙන්ද මෙම කටයුත්ත සිදුකෙරේ. මෑත කාලයේදී ශ‍්‍රී ලංකාවේ විකාශනය වූ සහ වර්තමානයේ දී විකාශනයවන ටෙලි නාට්‍ය කිහිපයක් උදාහරණ ලෙස ගෙන විමසා බැලීම තුළින් එය සිදුවන්නේ කෙසේද? යන්න මනාව පැහැදිලි කරගත හැකිය.

මෑත කාලයේ දී විකාශනය වූ සුජාත දියණිය ටෙලි නාට්‍ය මෙරට සමාජයේ ඉහළ ප‍්‍රතිචාර ලබාගැනීමට සමත්වූ ටෙලි නාට්‍යයකි. කොරියන් සමාජය සහ එයට අයත් සංස්කෘතිකාංග ඇසුරින් නිර්මාණය කරනලද එය හඬකැවූ ටෙලි නාට්‍යයක් ලෙස විකාශනය විය. එම ටෙලි නාට්‍යය ශ‍්‍රී ලංකාව තුළ සාර්ථක අන්දමින් ග‍්‍රාහකගත විය. එහි ප‍්‍රතිපලයක් වශයෙන් එම ටෙලිනාට්‍යය තුළ අන්තර්ගතව තිබූ ඇතැම් සංස්කෘතිකාංග අනුකරණය කිරීමට ඇතැමුන් පෙළඹී තිබේ.  ඇඳුම්, පැළඳුම් එහිදී ප‍්‍රමුඛතාවයක් ගෙන ඇත.
  • උදා- චංගුමී කටුව නැමැති හිස් පළඳනාව

                    ශ‍්‍රී ලංකාව තුළ කොරියන් ටෙලි නාට්‍යවලට අමතරව තවත් විවිධ භාෂාවන්ට අයත් ටෙලි නාට්‍ය හඬකවා විකාශනය කෙරේ. එහිදී ඉංදියානු ටෙලි නාට්‍යවලට වැදගත් ස්ථානයක් හිමිවේ. එමගින්ද එම සංස්කෘතියට අයත් ඇතැම් සංස්කෘතිකාංග මෙරටෙහි සංස්කෘතිය සමඟ බද්ධවී ඇත. එම කටයුත්තේදී ඇතැම් විට සංස්කෘතිකාංගයන්හි මුල් ස්වරූපවල යම් යම් වෙනස්වීම් සිදුවේ.

                    නව සංස්කෘතිකාංග සමාජගතවීමේදී සිනමා කෘති මගින් ද ඉහත ක‍්‍රියාවලියට සමාන ක‍්‍රියාවලියක් සිදුවේ. බොහෝවිට විවිධ රටවලට අයත්, විවිධ සංස්කෘතිවලට අයත් සිනමා කෘති අදාල සංස්කෘතීන් හෝ රටවලට පරිබාහිරව විකාශනය කිරීම තුළින් මෙම ක‍්‍රියාවලිය සක‍්‍රිය ලෙස සිදුවේ.



උදාහරණ- ඉංග‍්‍රීසි, කොරියන්, හින්දි වැනි භාෂාවලට අයත් සිනමාකෘති ශ‍්‍රී ලංකාව තුළ විකාශනය කිරීම තුළින් එම සංස්කෘතීන්ට අයත් ඇඳුම්,පැළඳුම්, ආහාර පාන සහ ආහාර රටා, සිරිත්, විරිත් වැනි අංගලක්ෂණ මෙරට සංස්කෘතියට ඇතුළත්වීම.

                    අතට අත දීම, සිප වැළඳගැනීම වැනි සංස්කෘතිකාංග මෙරට සංස්කෘතිය යටතට අතුළත්වී ඇත්තේ වෙනත් සංස්කෘතීන් තුළිනි. එවැනි සංස්කෘතිකාංග සමාජගතවීමට රූපවාහිනිය මගින් විකාශනයවන ඉහත ආකාරයේ වැඩසටයන් සෘජු ලෙස දායකවී ඇත. ඊට අමතරව රූපවාහිනිය මගින් විකාශනයවන වාර්තා වැඩසටහන්, සංගීත වැඩසටහන් , වැනි විවිධ වැඩසටන් මගින් ද නව සංස්කෘතිකාංග සමාජගතකිරීම සඳහා යම් දායකත්වයක් ලබාදේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය


දිසානායක විජේසිංහ ,2007,රූපවාහිනී මාධ්‍ය ආධිපත්‍යය ,සරසවි ප‍්‍රකාශකයෝ.


පෙරේරා ටෙනිසන්
,2013 ,සමාජ විද්‍යාව ,නුවණි ප‍්‍රින්පර්ස් ඇන්ඞ් පබ්ලිසර්ස්.


විජේතුංග ගාමිණී
,1994, සිනමාව සංස්කෘතිය හා මතවාදය,


සරච්චන්ද්‍ර ඩබ්ලිව්.ඒ2
003 ,සමාජ විද්‍යාව ,ඇම්.ඞී. ගුණසේන සමාගම.


සෙනෙවිරත්න සේනක
,1999 ,නපි‍්‍රය සංස්කෘතිය හා ජනමාධ්‍ය  ,රත්න ප‍්‍රකාශකයෝ.

අන්තර්ජාල මූලාශ‍්‍ර

විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය (2011 08 24)


ග‍්‍රන්ථ නාමාවලිය

දනන්සූරිය ජිනදාස ,2002 ,ජනශ‍්‍රැති අධ්‍යයනය, පියසිරි ප‍්‍රින්ටින් සිස්ටම්,ගංගොඩවිල නුගේගොඩ. ගුණසේකර 

බන්ධුසේන2,001ජ,න ශ‍්‍රැතිය හා ජනකතාඑ,ස් ගොඩගේ සහ සහෝදරයෝ කොළඔ 10

කුලරත්න සාලිය ,2006, සන්නිවේදනය සහ ජනශ‍්‍රැතිය ,ආරිය ප‍්‍රකාශකයෝ වරකාපොල. 
මහේන්ද්‍ර සුනන්ද ,2007 ,ජන මාධ්‍යයේ නැගීම ,ගොඩගේ සහ සහෝදරයෝ ,කොළඔ 10
 
ඵීජයානන්ද රූපසිංහ, සංස්: 2005 ,මාධ්‍ය විමර්ශී ,සන්නිවේදන ලිපි සංග‍්‍රහය, 4 කලාපය අ,යි. සී.ඞී. කි‍්‍රයේෂන් මාකොළ.,


       
AR/64677.

AF/6374.
P.L.M. Amarasinghe.
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.