Wednesday, January 23, 2013


ළමුන් ප‍්‍රචණ්ඩත්වයට හා අසභ්‍යත්වයට යොමුවීම කෙරෙහි
රූපවාහිනී චිත‍්‍රපටවල බලපෑම

             උසස් මනසක් හෙබි මිනිසාගේ අග‍්‍රගන්‍ය නිර්මාණයක් සේම සන්නිවේදන මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වූ රූපවාහිනිය සමාජයක, රටක, ලෝකයක තොරතුරු ක්‍ෂණයකින් ග‍්‍රාහකයා වෙත සම්පේ‍්‍රෂණය කිරීමේ බලයකින් සමන්විත වූවකි. විවිධ පැතිකඩ ආවරණය කරනු ලබන රූපවාහිනියෙහි තවත් ඵක් සුවිශේෂී පැතිකඩක් විවර කිරීම මෙම ලිපියෙහි අභිමතාර්ථය යි. ඵනම් තාක්‍ෂණයේ මුසුවීම කරණ කොටගෙන ප‍්‍රබලවූත් සංකීර්ණවූත් කලාවක් වන චිත‍්‍රපටය රූපවාහිනියට ප‍්‍රවිෂ්ට වීම හරහා සමාජයට සිදුව ඇති අගතිගාමී ස්වරූපය පිළිබද අවධානය යොමු කිරීම යි. 
                         යෙ!වනත්වයට පා තබන ළමුන් වැඩිහිටි ලෝකයට ප‍්‍රවිශ්ටවීමට බලවත් ආශාවක් දක්වන අතර ඵ් සදහා අවශ්‍ය කරන පසුබිම රූපවාහිනී තිරයෙන් විවර වන චිත‍්‍රපටයෙන් ලැබෙනු නියතය. මුල් කාල වකවානුව තුළදී සිනමාව වෙනම ම අංශයක් ලෙස පැවතුණි. නමුත් රූපවාහිනියෙහි ආගමනයත් සමග එම ගමන්මග වෙනසකට බදුන් වන්නට විය. මෙම විපර්යාසය පදනම් කොට ගෙන සිනමාව සහ රූපවාහිනිය අතර වරින් වර ඝට්ඨනකාරී තත්වයන් ඇති වු නමුත් ඵහි අවසාන ප‍්‍රතිඵලය වූයේ මේ ද්විත්වය අතර සහසම්බන්ධතාවක් නිර්මාණය වීමයි. එකී සම්බන්ධයෙහි ඵල දැරීමක් වශයෙන් රූපවාහිනියට මෙම චිත‍්‍රපටය පැමිණ ඇත. 
                         සිනමාව තුළ භාවිතා වු Adults only, Erotic, soft Pronography, Hardcare Pronography යන වදන් හරහා ළමා ප්‍රේක්‍ෂකයාට චිත‍්‍රපට නැරඹීමේ අවකාශයෙහි සීමාවීමක්  සිදුවිය. විශේෂයෙන්ම අසභ්‍යත්වය හා ලිංගිකත්වය කැටි වූ සිනමා කෘති ළමා ප්‍රේක්‍ෂකයාට තහනම් විය. මෙවන් වපසරියක් හමුවේ රූපවාහිනිය ඔස්සේ චිත‍්‍රපට විකාශය වීම ළමා ප්‍රේක්‍ෂකයා වඩාත් තෘප්ත කරන ලද්දක් වූහ. රූපවාහිනී චිත‍්‍රපටයන්හි අඩ නිරුවත් දර්ශන ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවය අති රමණයෙන් බැදී ඇති ආකාරය නිරූපිත දර්ශන කිසිදු වාරණයකින් තොරව ඍජුව පේ‍්‍රක්‍ෂකයා වෙත මුදා හැරීම ළමා ප්‍රේක්‍ෂකයාට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නට සමත් වූවකි. මෙය නුහුරු නුපුරුදු අත්දැකීමක් නිසාම ළමුන්ගේ වැඩි අවධානයක් මේ සදහා යොමු විය. එසේ ආරම්භ වන ගමන අද විනාශයක් දක්වා වර්ධනය වී ඇති.
                          ගුණගරුක සදාචාර සම්පන්න දරුවකු සමාජයට දායාද කිරිම දෙමාපිය පරමාර්ථය යි. නමුදු අද එය වියැකී යන යථාර්ථයක් බවට පත්වීමට රූපවාහිනිය තුලින් විකාශය වන චිත‍්‍රපටය ප‍්‍රබල දායකත්වයක් සපයා ඇත. අද වාණිජත්වය ඉලක්ක කර ගනිමින් නිර්මාණය වන ප‍්‍රචණ්ඩ හා අසැබි දර්ශන සහිත චිත‍්‍රපට රූපවාහිනිය හරහා තිරගත වීම ළමා මනස විකෘති තත්වයන්ට පත් වීමට හේතු වන ප‍්‍රබල සාධකයක් වී  අවසාන ය. එකී සාධකය හමුවේ වත්මන් තරගකාරී ලෝකයෙහි අධ්‍යාපනයට ඇති අවධානය ක‍්‍රමයෙන් ඝෘණාත්මක අගයක් ගෙන ඇත.
යෙ!වනත්වයට පා තබන ප්‍රේක්‍ෂක මනසට රාගය, ප්‍රේමය, විරහව, වෛරය ආදී සිතුවිලි ඉතා සියුම් ලෙස ආරෝපණය කිරීමට චිත‍්‍රපට ප‍්‍රබල අත්වැලක් සපයා ඇත. රූපවාහිනිය ශ‍්‍රව්‍ය දශ්‍ය මාධ්‍යයක් වන හෙයින්ම බහුතරයක් ඒ වෙතට යොමු වීමේ වැඩි ප‍්‍රවණතාවක් දිස් වේ.
නගරයේ බොහෝ යෙ!වනයන් රූපවාහිනී යන්ත‍්‍රය යොදා ගන්නේ අවරගණයේ හොලිවුඩ් හෝ බොලිවුඩ් චිත‍්‍රපට නැරඹීමට යි
                                                                                            (ඩයස් ,2010, පි 286)

                       වත්මන් මාධ්‍ය ආයතන මෙන් ම සිනමාකරුවාගේ ද අභිලාශය වන්නේ හරවත් යමක් ප්‍රේක්‍ෂකයාට දායාද කිරීම නොව ස්ව යහ පැවැත්ම ගොඩනගා ගැනීම යි. එකී සැ`.වුණු පරමාර්ථ සහිතව වාණිජ්‍යත්වයට ප‍්‍රමුඛස්ථානය ලබා දෙමින් බිහිසුණු ශෘංගාරය දනවන චිත‍්‍රපට වැඩි වශයෙන් නිපදවීමට සිනමාකරු නැඹුරු වී ඇත. මෙහි අවසාන ප‍්‍රතිඵලය වනුයේ චරිතවත් බව සදාචාරවත් බව පිරිහුණු ළමා පරපුරක් අනාගත ලෝකයට උරුම වීම යි.                          
                           සමාජයක් පිළිකෙව් කරන බොහෝ දෑ යළි යළිත් කරලියට ගෙන එනු ලබන ප‍්‍රධාන මාධ්‍ය බවට රූපවාහිනිය සහ චිත‍්‍රපටය අද පත්ව ඇත. ප‍්‍රචණ්ඩත්වය පිරි චිත‍්‍රපට නිතර නැරඹීමට යොමුවන ළමා ප්‍රේක්‍ෂකයාගේ චරිත ස්වභාවයන් ද ඊට අනුරූප වන අයුරින් ක‍්‍රමයෙන් වෙනස්වීම්වලට බ`ÿන් වේ. ඔවුන්ටත් නොදැනුවත්වම සිදුවන මේ විපර්යාසය හේතුවෙන් ඔවුන් මැරකම් පවා සිදු කීරිමට යොමුවන අවස්ථා බහුලය.(FIRE) චිත‍්‍රපටයෙහි රූප රාමු 24 කට වරක් රස කැවිලි ව්රගයක වෙ<`o දැන්වීමක් ඇති තනි රූප රාමුවක් එක් කොට ඇති අතර ක‍්‍රමයෙන් මේවා පේ‍්‍රක්‍ෂකයන් අතර සිත්ගත් රස කැවිලි විශේෂයක් බවට පත් විය. නමුත් මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ කුමක් ද?
“ඇමෙරිකාවේ  වයස අවුරුදු 7ක පමණ දැරියක් රස කැවිලි සදහා මුදල් ඉල්ලූ විට ඇගේ මිත්තණිය මුදල් දීම ප‍්‍රතික්ෂේප කිරිම නිසා ඇය පියාගේ පිස්තෝලය ගෙනවිත් මහලූ කාන්තාවට ඵතැනම වෙඩි තබා මරා දැමුවා ය. මේ පෙළඹවීම ටෙලිවිෂනයෙන් දකින චිත‍්‍රපට ආදර්ශයට ගැනීමක් ලෙස සලකනු ලැබේ.
                                                                                    (සිල්වා, 2003, පි 111)

                          නොමේරූ මනසට උචිත නොවන දෑ රූපවාහිනිය හරහා ඉදිරිපත්වීමේ අගතිය දෛනිකව ම ඉහළ යමින් පවතී එනිසාම ප‍්‍රචණ්ඩ හා අසැබි ක‍්‍රියාවන්ට යොමුවන ළමා පිරිසෙහි ද සීඝ‍්‍ර වර්ධනීයත්වයක් දෛනිකව ම සිදු වේ. මෙය සමාජයක් රටක් වශයෙන් අප මුහුණ පා ඇති සෝචනීය තත්වයකි. ළමා පරපුර විශාල ලෙස රුචිකත්වයක් දක්වන කාටූන් චිත‍්‍රපටයද අද තේමා පාඨය කොට ගෙන ඇත්තේ ප‍්‍රචණ්ඩත්වය හා අසභ්‍යත්වය යි. චිත‍්‍රපට ලෝකය තුළ ළමුන්ගේ සුපිරි වීරයන් බවට පත්ව ඇති චරිත රූපවාහිනී තිරය හමුවේ සිදු කරනු ලබන වීර ක‍්‍රියා ප‍්‍රායෝගික තලය තුළදී ළමුන් විසින් අත්හදා බැලීමට යොමුවන අවස්ථා බහුල ය. එවැනි තත්වයන් හමුවේ ජීවිත විනාශමුඛය කරා යොමු කරගෙන සිටින බොහෝ පිරිසක් වත්මන් සමාජයට දායාද වී තිබීම අවාසනාවකි.

                            රූපවාහිනිය හරහා විකාශය වන චිත‍්‍රපටවල ළමා ප්‍රේක්‍ෂකයාට අහිතකර දෑ අන්තර්ගත වන බවට අවබෝධයක් මාධ්‍ය සතුව පවතී. එනිසා ම මත්පැන් දුම්වැටි පානය කරන දර්ශන තිරයේ දිස් වන විට ඊට යටි පෙළින් රූපයට අදාළව මෙවන් වදන්වලින් යුත් පෙළ භාවිතයක් විදහා දක්වයි.   
     මොනවා පෙන්නුවත් මද්‍යසාර ඔබගේ සියල්ල අඩපණ කරයි.                                                               
     මද්‍යසාර දර්ශන දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමු විය හැක.
     මද්‍යසාර `.පෑම්වලට රැවටෙන්න ඵපා.
                            මාධ්‍ය සිදු කරන මෙවැනි කි‍්‍රයාවන් හරහා සිදු වනුයේ යෝග්‍ය නොවන දෑ පෙන්වීම පමණක් නොව එය වඩාත් ඉස්මතු කර දැක්වීමකි. මෙවැනි වදන් ඉදිරිපත් කළ පමණින් ඵම දර්ශන පථයන් වෙත යොමු වී ඇති බැම ඉවත් කිරීම අපහසු ය. ඒ හරහා නිරූපිත දෑ ප්‍රේක්‍ෂක සිත් දැඩිව ග‍්‍රහනය කර ගැනීමට සමත් වනු ඇත.
             වැඩිහිටියන්ගේ අවධානය ළමුන් වෙත ප‍්‍රබලව යොමු විය යුතු කාලවකවානුවක් උදා වී ඇත. සත්‍යවශයෙන් ම ප‍්‍රචණ්ඩ හා අසැබි දර්ශන යම් හෙයකින් ළමා මනස තුළ තැන්පත් වන්නේද ඵය දෙමාපිය සහෝදර හිත මිතුරුකම් නොහ`දුනන කුරිරු පාපතර විකෘති ගති ස්වභාවයන්ගෙන් යුත් පාර්ශවයක් නිර්මාණය වීමට හේතු වෙයි. බොහෝවිට මානසික වශයෙන් ඇති වන පීඩනය කායික උත්තේජනයක් හරහා සංසි`දුවා ගැනීමට චිත‍්‍රපටය ප‍්‍රබල අත්වැලක් සපයනු ඇත. මානසික රෝගීන් බිහිවීමේ අවකාශය ඉහළ යාමට ද මෙම සාධකය බලපෑම් කොට ඇත. 1969ග(ර්)බ්න(ර්)  විසින් රචිත z Violence In Television Drama Z හි ඔහු මෙසේ ප‍්‍රකාශ කර ඇත.
       රූපවාහිනී ප‍්‍රචණ්ඩ දර්ශන මගින් බැලූ බැල්මට හිරිහැර කිරීමක් නොමැති වුවත් සත්තකින්ම එමගින් ප්‍රේක්‍ෂකයා තෝන්තු කරවීම විකලාංග කිරීම දෘශ්‍යමාන පීඩාවන් නොමැතිව මරා දැමීම සිදුකරයි.                                              
                                                                                    (කරුණානායක, 1995, පි, 63)
                        ළමා දෘෂ්ඨි පථයට ස`.වා තැබිය යුතු යැයි හැ‍ගෙ කිසිවක් අද ඇතැයි සිතීම අපහසු ය. මන්ද ඵ් සියල්ලක් ම රූපවාහිනී තිරයෙන් ප්‍රේක්‍ෂකයා වෙත විවර කොට ඇති බැවිනි. චිත‍්‍රපට නැරඹීමෙන් පසු ඇතිවන කුහුලින් මිදීමට දරන උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙස වත්මන් සමාජයේ ළමුන් අයහපතට පෙළඹේ.
                         තාක්‍ෂණයේ දියුණුවත් සම`. ම කේබල් රූපවාහිනියෙහි සම්ප‍්‍රාප්තිය සිදු වූ අතර ප්‍රේක්‍ෂකයාගේ රුචිකත්වය සහ අවශ්‍යතාවය අනුව චිත‍්‍රපට නැරඹීමේ අවකාශය ඉන් උදා විය. බොහෝ ළමා පිරිසක් ලිංගික ක‍්‍රියාවන් ස`හා යොමුවීම මෙම චිත‍්‍රපටය හරහා සිදු විය. ඇතැම් අවස්ථාවන්හි දී තිරිසන්ගත සත්වයින් තම ලිංගික අවශ්‍යතා තෘප්ත කර ගැනීමට යොදා ගනු ලබයි. ඵවන් තිරිසන් ක‍්‍රියාවන් සදහා ළමුන් පෙළඹෙනුයේ චිත‍්‍රපට නැරඹීමෙන් ඇතිවන විකෘති මානසික තත්වයන් හරහා ය. වැඩිහිටියන් අභිභවා යමින් ලිංගික හා ප‍්‍රචණ්ඩ ජීවිතය පිළිබ` දැනුම සොයා යාමට අද ළමයා තුළ ඉහළ උනන්දුවක් පවතී. ඵකී උනන්දුව තව තවත් වර්ධනය කර ගැනීමට චිත‍්‍රපටය තුළින් ලැබෙන දායකත්වය ඉමහත් ය.
                                   ඉහළ සංස්කෘතියකට උරුමකම් ඇති ලංකාව වැනි රටකට රූපවාහිනියේ ආගමනය සන්නිවේදන කාර්යය වඩාත් කාර්යක්‍ෂම කර ගැනීමට හේතු විය. නමුත් ඵය සාර්ථකත්වය හා සාපේක්‍ෂව අසාර්ථකත්වයට පිය නැගීමට ද හේතු වූ මෙවලමකි. ඇඳුම පැළඳුම පවා අප පැරැන්නෝ සිය ආගම සංස්කෘතිය මූර්තිමත් වන ආකාරයට නිර්මාණය කර ගැනීමට තරම්  සංස්කෘතික ලැදියාවකින් යුක්ත වූවෝ වූ නමුත් අද්‍යතන අවධියේ දී චිත‍්‍රපටය හරහා විලාසිතාවන් අනුකරනයට පෙළඹ ඇත. අද කුඩා දරුවාගේ සිටම අඩ නිරුවත් ඇදුම් භාවිතයක් දිස් වේ. ඉතා ඉහළ මිලක් ගෙවා විලි වසා ගැනීමටවත් නොහැකි ආකාරයේ විලාසිතාවන් කෙරෙහි ළමා පේ‍්‍රක්‍ෂකයා තුළ උද්දීපනයක් ඇති කිරීමට චිත‍්‍රපටය හේතු වී ඇත. ඵ්වා නිවැරදි කිරීමට වැඩිහිටි පරම්පරාව තුළ ද උනන්දුවක් නොමැති වීම කණගාටුදායක ය.
           රූපවාහිනිය ජාතික සංස්කෘතිය අප අතරින් තුරන් කිරිමට හෝ නැවත පණ ගන්වා බල සම්පන්න කිරීමට හෝ සමත් (දැලි පිහියක් පාවිච්චි කිරිම මෙන් අවධානයකින් හා කල්පනාවෙන් යුතුව ප‍්‍රයෝජනයට ගත යුතු) මාධ්‍යයකි.
                                                                                                            ( අත්තනායක, 1994, පි 67)
                           මාධ්‍ය මෙන්ම කලාකරුවා ද යම් නිර්මාණයක් එළි දැක්වීමේ දී ඉන් සමාජයට වන අගතිය පිළිබ` වැඩි වශයෙන් අවධානය යොමු කළ නමුත් ප‍්‍රායෝගික තත්වයේ දී එවන් දෙයක් සිදු වන්නේ ද යන්න ගැටළුවකි. නිර්මාණයකින් විය යුත්තේ රසිකයා ආනන්දයට පත්කොට ඉන් ප‍්‍රඥාව කරා යොමු කිරීම කි. නමුත් වත්මන් මාධ්‍ය භාවිතාව රසිකයා නිර්වින්දනයට කිරීමට සමත් බව රූපවාහිනියෙන් විකාශය වන චිත‍්‍රපට හරහා ප‍්‍රත්‍යක්‍ෂ කරගත හැක. මෙවැනි මාධ්‍ය වපසරියක් තුළින් ළමුන්ට මංපෙත් විවර කර ඇත්තේ ආලෝකයෙන් අ`දුරට ගමන් කිරීමට ය.සත්‍ය වශයෙන් ම මෙම ඛේදවාචකයට වගකිව යුත්තෝ කවරහු ද? මෙවන් වපසරියක් හමුවේ. යහපත් හෙට දවසක් පිළිබ` සුභ සිහින දැකීම සිහිනයක් ම නොවේ ද? මෙම උද්ගතව ඇති තත්වයෙන් කෙසේ නම් ළමා පරපුර බේරා ගන්නේ ද? එළඹ ඇත්තේ මේ පිළිබ` සිතීමේ කාලය නොවේ



  ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
x      අත්තනායක, බන්දුල, (1994),සංක්‍ෂිප්ත ජනමාධ්‍ය ඉතිහාසය, රජයේ මුදාණ නීතිගත සංස්ථාව, පාදුක්ක.
x      කරුණානායක, නන්දන, (1995),මානව සන්නදවේදනය මාධ්‍ය ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
x      ඩයස්, මාක්ස් සිඞ්නි, (2010) ,සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය, තෝතැන්න ප‍්‍රකාශකයෝ, නුගේගොඩ.
x      සිල්වා, චන්දන, (2003),සංක්‍ෂිප්ත ජනමාධ්‍ය ඉතිහාසය, සූරිය ප‍්‍රකාශකයෝ, කොළඹ 10.


AR/58692
07/5150
B.R.A.D ilhani

No comments:

Post a Comment