Wednesday, January 23, 2013



මහජන සබඳතා හැඳින්වීම

මහජන සම්බන්ධතා Pubic Relation  යන්න නූතනය වන විට සාකච්ඡාවට බඳුන්විය යුතුමය. මහජන සම්බන්ධතා කළමනාකරණය සමාජ මනෝවිද්‍යාව මත පදනම් වූවකි. නූතනයේ මහජන සබඳතා විෂයයක් වශයෙන් පමණක් නොව ව්‍යාප්තියක් වශයෙන් ද සංවර්ධිත රාජ්‍යයන් හි පුළුල්ව භාවිතයට ගෙන ඇත. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල මහජන සබඳතාවය තරමක ආගන්තුක බවකින් හා අසංවිධානාත්මක බවකින් ක‍්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබේ. මහජන සම්බන්ධතාව වර්තමානය වන විට මුළු ලෝකය පුරා ප‍්‍රබලව ව්‍යාප්ත වී ඇත. සන්නිවේදනය මානව වර්ගයා තුළ අනෝන්‍ය සම්බන්ධතා වර්ධනය කොට පොදු එකඟතාවන් හා අපේක්ෂාවන් මත ඔවුන් ජීවත් කරවීමට හේතුකාරක වන්නා සේම මහජන සම්බන්ධතා මගින් මෙම සක‍්‍රීය මානව සමාජය තුළ යම් කිසි සාපේක්ෂ වූත් සමතුලිත වූත් ජීවන රටාවක් සහ වඩා වාසි සහගත තත්ත්වයක් සමසේ බෙදා හැරීමට පුරෝගාමී ඇති ප‍්‍රායෝගික වෘත්තියක් ද වේ’’ (මාපා, තිලකරත්න, 1998,පි 2)

1920 ගණන්වල ආරම්භ වී වැඩුණු නවීන මහජන සම්බන්ධතා ව්‍යාපාරයේ පියා ලෙස පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ I Vy Ledbetter Lee හැඳින්විය හැකිය. අපරදිග රටවල මහජන සබඳතා ව්‍යාප්ත වී පැවතුණ ද ශ‍්‍රී ලංකාව වැනි රටවල තවමත් මෙය ආගන්තුක විෂයක් ලෙස පවත්නා වග නොරහසකි. (හපුආරච්චි, අජන්තා,2005,පි 24)

මහජන සම්බන්ධතා යනු කළමනාකරණ  Management Functionක‍්‍රියාවක් වන අතර එහි අන්තර් පුද්ගල සබඳතාවක් දැකිය හැකිය. මහජන සබඳතා සංදේශයක් ගෙවීමකින් තොරව විශේෂාංගයක් ප‍්‍රවෘත්ති කතාවක් හෝ කතුවැකියක් වශයෙන් ද ජනතාව වෙත තොරතුරු ගෙන එන්නකි. මහජන සබඳතා යන්න ද්විමාර්ගික සන්නිවේදන ක‍්‍රමයකි. සන්නිවේදනයෙන් තොරව මහජන සබඳතාවක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකිය. මහජන සබඳතා සැලසුම් කළ ක‍්‍රියාවලියක් ලෙස ද හැඳින්විය හැකිය. (හපුආරච්චි, අජන්තා,2005,පි 2/3)

මනා මහජන සබඳතාවක් පවතින ආයතනයක් හෝ සංවිධානයක් පවත්වාගෙන යෑම පිළිබඳව සියලූ කරුණු මහජනයාගේ අභිලාෂ මත පවතී. ආයතනයක් මූලික වශයෙන් පවත්වාගෙන යන්නේ මහජනයාට සේවය කිරීම සඳහාය. මෙය නූතන මහජන සබඳතාවල හරයයි. අද වන විට ව්‍යාපාර, අධ්‍යාපන, සමාජ සුබසාධන ආයතනවල ප‍්‍රතිගාමි කළමනාකරුවන් පිළිගන්නේ ආයතනයේ පැවැත්මට මහජනයාගේ හොඳ හිත අවශ්‍යය බවයි. 1930 ගණන්වල පෙර ආයතනයන්ගේ ප‍්‍රාථමික අරමුණ වූයේ ලාභ ඉපයීම වුව ද 1930 ගණන්වලින් පසුව මේ අදහස සම්පූර්ණයෙන් ඉවත්වන්නට විය.

සෑම ආයතනයක්ම තම ක‍්‍රියාදාමයන් පිළිබඳ ප‍්‍රතිපත්ති තීරණවලට එළඹේ. එහිදී එම ප‍්‍රතිපත්ති තීරණ මහජන අභිලාෂ පිළිඹිඹු කළ යුතුය. එය ප‍්‍රකාශ කර දැක්විය යුතුය. එසේ නොවුණහොත් එම ආයතනයට දිගුකාලීන රදාපැවැත්මක් නොවනු ඇත.

මහජන සම්බන්ධතා යන්න හඳුනාගැනීමේදී විවිධ චින්තකයන්ගේ දාර්ශනිකයන්ගේ මත අනිවාර්යයෙන්හ පිරික්සා බැලිය යුතුය. එහිදී මහජන සබඳතා යනු කුමක්දැයි හඳුනාගත හැකි වනු ඇත.

Practical public relations is the professional attempt achieves good public relations in order to promote the success or welfare of the company organization or individual on whose behalf the public relation effort is made.                                                                            -sum black-

ප‍්‍රායෝගික මහජන සම්බන්ධතාව වනාහි මහජන සම්බන්ධතාව සඳහා උත්සාහ කරනු ලබන කිසියම් සමාගමක සංවිධානයක පුද්ගලයකුගේ සාර්ථකත්වය සහ සුබසාධනය දියුණු කරලීම සඳහා වෘත්තීමය වශයෙන් කරනු ලබන සාර්ථක සම්බන්ධතා ක‍්‍රියාදාමයක්.
The activities or measure under taken to promote in the public minda favourable feeling towardacorparation institution or person.The prinery of public relasion is to be built and hold good will is public opinion.                                                                –New Standard Encyslopedia-
යම් ආයතනයක්, සංස්ථාවක් හෝ පුද්ගලයෙක් පිළිබඳ ජනතාව අතර ආකල්පයක් ඇති කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ගය මහජන සම්බන්ධතා වේ. මෙහි මූලික අරමුණ වන්නේ කීර්ති නාමය මනිනු ලබන මිණුම් දණ්ඩ මහජන මතය වීමයි.

1.       The efforts of a corporation to promote good will between itself and the public.
සමාගමක් තම ආයතනය හා මහජනයා අතර හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයයි. 
2.       The methods used to promote such good will                    -Random Honse College Dic.-
එබඳු හොඳ හිතක් වර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ලබන ක‍්‍රම විධින්.
                                                                                                           (හපුආරච්චි, අජන්තා,2005,පි 52, 53)


මහජන සම්බන්ධතා යන්න කුමක්දැයි නිර්වචන ඇසුරින් මනාව පැහැදිලි වන අතර එම මත විමසීමේදී මහජන සබඳතා මහජන මතය සමග සෘජු සබඳතාවක් පවත්නා වග තහවුරු වේ. මහජන සබඳතාවල අරමුණ වන්නේ සමාජ, අර්ථික, දේශපාලන ආයතනයකට පක්‍ෂපාතීව, මහජන මතයක් වර්ධනය කර ගැනීමයි. එබැවින් මහජන මතයක් නිර්මාණය වීම ආකල්ප වෙනස්වීම පිළිබඳ ක‍්‍රියාවලිය තේරුම් ගැනීම මහජන සබඳතා පිළිබඳ තේරුම් ගැනීමට පදනමකි.

මහජන සම්බන්ධතා යනු මහජන මතය සමග සම්බන්ධ වූද සන්නිවේදනය සමග ගනුදෙනු කරන්නාවූ ද කළමනාකරණ කාර්යභාරයක් කරන්නා වූ ද යන ත‍්‍රිවිධ කාරණා මූලික ක‍්‍රියාවලියක් බව හඳුනාගත හැකිය. (හපුආරච්චි, අජන්තා,2005,පි. 04)

මහජන සබඳතා පවත්වා ගැනීමේදී එහි ඉලක්ක ග‍්‍රාහකයා තීරණය කරනු ලබන්නේ අරමුණු අනුවය. අරමුණ අනුව එය අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් වෙන්කළ හැකිය.

අභ්‍යන්තර සමාජිකයන් යනු සමාගම දැනටමත් සම්බන්ධ වී ඇති දෛනිකව සමීපව කටයුතු කරන කණ්ඩායක් වන අතර බාහිර සාමාජිකින් යනු සමාගමට සමීප සබඳතාවක් නැති අනෙකුත් අයයි.
·         සේවකයින්
·         කොටස් හිමියන් / ආයෝජකයින
අභ්‍යන්තර සාමාජිකයින්
·         ප‍්‍රජා සාමාජිකයින්
·         සැපයුම්කරුවන්
·         පාරිභෝගිකයින්

·         ජන මාධ්‍ය
·         අධ්‍යාපඥයින්
·         ්‍රජා සංවිධායකයින්
·         රාජ්‍ය
බාහිර සාමාජිකයින්

·         මූල්‍ය කණ්ඩායම් / අනාගත ආයෝජකයින්
·         මහජනතාව



මහජන සම්බන්ධතා පුද්ගලයන් සමග එනම් අභ්‍යන්තර හා බාහිර සාමාජිකයන් සමග පවත්වාගෙන යෑම උදෙසා මහජන සබඳතා උපකරණ භාවිතා කරනු ලැබේ. එම මහජන සබඳතා උපකරණ නම්
·         Publicity

·         Oral communication
·         Advertising
·         PR Advertising Themes
·         Periodicals
·         Audio Visual Media
·         Special Event in PR

මහජන සබඳතා යන්න අද වන විට ආයතනයකට ඉතාමත් අවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. වර්තමානයේ සෑම ආයතනයකම පවා මහජන සම්බන්ධතා වෙනුවෙන් වෙනම නිලතලයක් ඇත.

ඉහත අයුරින් මහජන සබඳතා පිළිබඳ විමසීමට ලක් කළ හැකි අතර අනතුරුව ආයතනයක් තුළ මහජන සබඳතා පවත්වාගෙන යන ආකාරය උදාහරණයක් ඇසුරින් විමසීමකට ලක් කරමු.

ආයතනය : මියාමි එක්ස්පෝර්ට් - පිටිගල
අභ්‍යන්තර සාමාජිකයන් උදෙසා කරනු ලබන මහජන සම්බන්ධතා ක‍්‍රියාකාරකම්







ආශි‍්‍රත ග‍්‍රන්ථ



1.       මාපා,  තිලකරත්න. 1998, මහජන සම්බන්ධතා ප‍්‍රභවය ව්‍යාප්තිය හා භාවිතය, කොළඔ 10: රත්න පොත් ප‍්‍රකාශකයෝ

2.       හපුආරච්චි, අජන්තා. 2005, මහජන සන්නිවේදනය හා මහජන සම්බන්ධතා, ඉඹුල්ගොඩ: සෙනරත් ප‍්‍රකාශන








 ග‍්‍රන්ථ නාමාවලිය

1.       කරුණානායක, නන්දන. 1996, මහජන සම්බන්ධතා, නුගේගොඩ :මාධ්‍යප‍්‍රකාශකයෝ

2.       මාපා, තිලකරත්න.1998, මහජනසම්බන්ධතා ප‍්‍රභවය ව්‍යාප්තිය හා භාවිතය, කොළඔ 10: රත්න පොත් ප‍්‍රකාශකයෝ

3.       හපුආරච්චි, අජන්තා. 2005, මහජන සන්නිවේදනය හා මහජන සම්බන්ධතා, ඉඹුල්ගොඩ: සෙනරත් ප‍්‍රකාශන






කේ. ඩබ්ලිව්.. ධර්මසිරි
AR/58668
AF/5126

No comments:

Post a Comment