Wednesday, January 23, 2013


නව මාධ්‍යය භාවිතය හා සමාජීය බලපෑම

                        ලොවම ඒකාබද්ධ වූ නවමු තත්වය නව මාධ්‍යයයි.කිසිවෙකුටත් නිශ්චිත වූ අරථකථනයක් සැපයිය නොහැකි වූ මාධ්‍යයක් ලෙස නව මාධ්‍ය දැක්විය හැකියි. මන්ද මෙහි ස්වභාවයන් හැඩයන් පරිණාමයට ල‍ක්වේ. එම නිසා නව මාධ්‍ය යන්න කිසිවකු අර්ථ දක්වා නැත . අන්තර්ජාලය ඊට අදාල සුවිශේෂි තාක්ෂණය රූපමය සමිබන්ධකමි ශබිද ආදී සියල්ලේ සංකලනයක් වූ සංකීර්ණ ස්වභාවයක් නව මාධ්‍ය තුළ වේ.
                        නව මාධ්‍යයන් මගින් සමාජගත කරනු ලබන තොරතුරු සමස්ථ සමාජයේම හෝ එහි කිසියම් පංතියක කණ්ඩායමක හෝ සමාජීය ආයතනයක වුවමනාවන් නියෝජනය කරනු ලැබේ. ජනමාධ්‍යවේදයේ ක්‍රියාකාරීත්වය නිසා ග්‍රාහකයා තුළ නිශ්චිත තත්වාරෝපිත ස්වභාවයක් ඇති වෙයි . නව මාධ්‍යයේ සමාජීය සංවිධාන ස්වරූප වශයෙන් Internet,web sites, Social Media, computer game, CD Roms and DVD දැක්විය හැකිය. එම ස්වරූප හරහා පොදුජන තොරතුරු ක්‍රියාවලිය ප්‍රායෝගිකව භාවිතයට ලක්වන්නේය.
                        නව මාධ්‍යය සියල්ල පරිගණකය අන්තර්ජාලය සමග බැදුනු විවිධ Web Sites, face book, Social networks මීට අයත්ය. අද ලෝකයේ බොහෝ දෙනෙක් එදිනෙදා ජීවිතයට පරිගණක කටයුතු උපයෝගී කරගන්නා නිසා ලෝකයේ දියුණු රටවල තම රැකියා ආයතන තුළ පමණක් නොව ස්වකීය නිවෙස් වලද පරිගණක භාවිතයේ යෙදෙමින් සිටින නිසා ස්වකීය නිවසේ සිටම අන්තර්ජාලය හා සමිබන්ධ වීමට ඔවුනට අවස්ථාව උදාවී ඇත . සාර්ක් කලාපීය රටවල් අතුරින් අන්තර්ජාලය හා -මේල් භාවිතය ප්‍රථම වරට ඇරඹුනේ ශ්‍රී ලංකාවේය. තාක්ෂණය තුළින් අද ලෝකය කුඩා ඒකකයක් බවට පත්කර ඇත . තාක්ෂණයේ බල මහිමයෙන් ක්ෂණිකව ලොවේ සිද්ධි දැන ගැනීමට එයට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් ඇත . මෙම ක්‍රියාකාරීත්වය වඩාත් පහසු වී ඇත්තේ පරිගණකය හා බැදුණු සංකීර්ණ තාක්ෂණික උපක්‍රම හා පහසුකම්ය.
                        අන්තර්ජාලය සමාජ ජීවිතය වර්ධනයක් කිරීමට සුදුසු මාර්ගයක් ලෙසද ඇතැම් අය සලකති. අන්තර්ජාලය හා කථාබස් කිරීමට ඇති ප්‍රවේශයන් විශාල වශයෙන් පවතී. Yahoo, Google, Social Media, [Face book, Blogs, You tube, Pod casts] E-mail   
            සම්බන්ධතාවන් පෞරුෂත්වයේ යමි යමි දුර්වලතා පවතින අයටද ඉතා වැදගත් වෙයි. යමෙකුට පුද්ගලයන් ඉදිරියේ කථාබස් කිරීමට ලැජ්ජාශීලි බව, භය, තිගැස්ම ,අතපය සැලෙන්නට ගැනීම වෙනත් කායික ආබාධයන් ගොළුකම, බිහිරිකම ,ඇවිදීමට නොහැකිකම ඇති අයට මේ මගින් මිත්‍ර සමිබන්ධතා ගොඩ නැගීමට ආධාර වන බව පෙනීයයි. ඉතාමත් ඉක්මනින් තමාගේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිම්න් හැගීම්බර සමිබන්ධතා පවත්වාගෙන යාමට ලැබෙන සහාය සුළුපටු නොවිය හැක. තවද මෙවැනි සම්බන්ධතා හුදෙක් මිත්‍රතත්වය ගොඩනැගීමට පමණක් නිසා විවාහ සමිබන්ධතා තහවුරු කිරීමට ඉවහල් වී ඇත. තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීම සදහා අවශ්‍යය ඉඩකඩ තමා ජීවත් වන පරිසරයෙන් හෝ වෙනත් විදේශ රටකින් හෝ  සැලසී ඇතත් මංගල සේවාවන් සඳහා සංවිධානය වූ ඇතැම් සේවාවන්ගේ (Match making service)සහාය ද අන්තර්ජාලය හරහා ලබා ගැනීමට හැකිව තිබේ .
                        විවාහ සම්බන්ධතා ගොඩ නැගිමට පමණක් නොව විවාහ සංස්ථාව තුළ පවතින ප්‍රශ්න දික්කසාද ආදී ගැටළු විසදීමට අන්තර්ජාලය අද වැදගත් වී ඇත . සෞඛ්‍ය ගැටළු සාකච්ඡා කිරීමට උපදෙස් ගැනීමට හා  ඖෂධ ආදිය ලබා ගැනීමට අවශ්‍යය තොරතුරු අන්තර්ජාලය තුළින් ලබා ගැනීමට හැකිවීම නිසා දියුණු රටවල ජනතාව අන්තර්ජාලයට ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ හෝ ඒවාට දැඩි ලෙස ඇබ්බැහිවීම දිනෙන් දින වර්ධනය වී ඇත.  අන්තර්ජාලය හරහා දෝලනය වන තොරතුරු පවුල් ජීවිතය ශක්තිමත් කරන අඩිතාලමක් ලෙස සලකන අය ප්‍රකාශ කරන්නේ එය බාල මහලු අයට පමණක් නොව තරුණ පරපුරටත් ගැටලු සඳහා මග පෙන්වන මාධ්‍යයක් බවය. විශේෂයෙන් තරුණ පරපුරගේ මානසික අවශ්‍යතා හා ලිංගික අවශ්‍යතා පමණක් නොව ආර්ථිකමය අවශ්‍යතා සඳහාද මහෝපකාරී වන රැකියා වෙළදපල පිළිබද විස්තර අන්තර්ජාලය හරහා ලබා ගැනීමට හැකිවීම විශාල භාග්‍යයක් කොට සළකති.
                       
                        මේ නිසා දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් විවිධ රැකියා වලටවිමත් ඒ ඒ රැකියා තොරතුරු ලබා ගැනීමටත් හැකි වී ඇත. අද වානිජ ලෝකයේ රජයන අන්තර්ජාලය ව්‍යාපාරික කටයුතු සංවිධානාත්මක කාර්්‍යක්ෂම හා ලාභදායී ලෙස පවත්වාගෙන යාමට බහු ජාතික සමාගම් වලට හා අනෙකුත් අවශේෂ වෙළද ව්‍යවසායන්ට හැකිවී ඇත . එමගින් තම වෙළද භාණ්ඩ පිළිබද තොරතුරු පමණක් නොව ඒවා අළෙවි කර ගැනීමට ඇණවුම් කිරීමට ද හැකියාවක් ඇත . එසේම වාහන ඉඩකඩම් දේපල හෝ වෙනත් භාණ්ඩ අළෙවිය වෙන්දේසි  කර ගැනීම අද බොහෝ දුරට අන්තර්ජාලය හරහා සිදුවේ.
                        මිනිසුන් අන්තර්ජාලය හරහා සම්බන්ධවීම වැඩි වශයෙන් නිරත වන්නේ කුමන කටයුතු වලද ,ඒ අය කවරෙක්ද යනාදී කරුණු පිළිබද පරීක්ෂණ පැවැත් වූ ප්‍රසිද්ධ මනෝ විද්‍යාඥ kimballs koungඅන්තර්ජාලය හා දැඩි සම්බන්ධතා පවත්වන පුද්ගලයින් 496 ආශ්‍රයෙන් කරන ලද පර්යේෂණයේදී පෙන්වා දෙන ආකාරයට මේ සදහා වැඩි වශයෙන් ඇබ්බැහිවී ඇති අය යමිකිසි ව්‍යාධියකට පත් වී ඇති බැව් පෙන්වා දේ.

                        විශේෂයෙන් මේ අය සූදුව (Gambling)වැනි ක්‍රිඩා වලට ඇබ්බැහි වී ඇති අතර නිසා අය මානසික රෝග වලින් පෙලෙන්නන් බව තම චිකිත්සක පර්යේෂණ වලින් සනාථ කොට ඇත . විශේෂයෙන් වයස 29-45ත් අතර ගැහැණු හා පිරිමි මෙයට ඇබ්බැහිවී ඇති අය අතර විවිධ සමාජ තරාතිරම් වල අය වූවෝ වෙති.

                        ඇමරිකාවේ සින්සිනැටි (Cincinnati)විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාත්මක මනෝ චිකිත්සාව පිළිබඳ වැඩසටහනේ (Biological Psychiatry Programme)සොයා ගැනීම් අන්තර්ජාලයට ඇබ්බැහිවූවන් 72% ක් මානසික අවපීඩනයට (Biopolar discorder)හා ස්නායු ක්‍රියාකාරිත්වයේ ව්‍යාකූලත්වයට පත්වූවන් බව තහවුරු කර ඇත. Dr. Nathan spapra මෙම තත්වය විස්තර කරන්නේ ඉන්ටොනෝමේනියා (Internettomanias)වශයෙනි. අන්තර්ජාලය හරහා පත්වන සම්බන්ධතා නිසා පවුල් ජීවිතයට අහිතකර තත්වයන් මතුවීමට ඇති ඉඩකඩ බහුලය. ඇතැම් විවාහක පුද්ගලයින් පවා ප්‍රේම සම්බන්ධතා හා ලිංගික සම්බන්ධතාවන් මේ අලුත් මිතුරන් හා ඇති කරගන්නා බව අනාවරණය වී ඇත . (2005,P:120)
                       
                        නව මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිසා තමන්ගේ සංස්කෘතික හා දේශපාලනික අනන්‍යතාවන් පවත්වාගෙන යාමේ අභියෝගයකට ආසියානු රාජ්‍යයන් මෙන්ම බටහිර රාජ්‍යයන් මුහුණ දී ඇති ගැටලුවකි. බටහිර රාජ්‍යයන් මේ ගැටලුවට මුහුණ පෑ අවස්ථාවක් ලෙස එංගලන්තය තුළ පවතින දැඩි ආර්ථික අවපාතය හමුවේ සාමාන්‍ය ජනතාව ඊට විරෝධය දක්වන ලදි. රාජ්‍ය දේපළ වලට හානි කරමින් සුපිරි වෙළදසැල් කඩා භාණ්ඩ කොල්ලකමින් කළ සමූහ විරෝධයතාව මැඩ පැවැත්වීමට එරට රජයට අපහපු විය. ඔවුන් විශාල පිරිසක් ක්ෂණිකව ඒකරාශි වූයේ Face book ජාලය හරහාය.
                       
                        ආසියානු රාජ්‍යයන්ගේ සංස්කෘතික විපරිනාමයකට මෙම නව මාධ්‍යයන් හේතු වේ. ආසියානුවන්ගේ චින්තනයද ක්‍රියාකලාපය නිසා දැඩි බටහිර බලපෑමකට ගොදුරුව ඇත . බහුජාතික හා පාරජාතික සමාගම් වල සමිපරාප්තියත් කොකා කෝලා පෙප්සි කෝලා මැක්ඩොනල්ඩ් ව්‍යාපාරයේ බිග් මැක් කෙන්ටාකි ප්‍රයිඩ් රයිස් (KFC) පීට්සා නම් සමූහයේ පීසා ආදී ආහාර පාන වර්ග මේ රටවල ව්‍යාප්තියට නව මාධ්‍යය හේතු කාරක වී ඇත .එහෙත්, 2012-12-16 වන දින ඉන්දියාවේ නව දිල්ලි නුවරදි වෛද්‍ය ශිෂ්‍යාවක් බස්රථයක් තුළ අතවරයට ලක්ව මිය යෑමේ සිද්ධියට විරෝධය පා එරට ජනතාව එම චෝදනාවන්ට හසුවූවන්ට එරෙහිව පෙත්සම් අත්සන් කිරීම ආදිය සිදු වූයේ Face book ජාලය හරහාය.
නව මාධ්‍යය තාක්ෂණය තුළින් පුද්ගලයා සමාජයේ යහපත් තත්වයක් කරා වර්ධනය කිරීමට අවශ්‍යය ලෙස තොරතුරු තාක්ෂණය පොදු වන්නේ නම් යහපත් සමාජයක් ගොඩ නැගීමට ඉවහල් වන පරිසරයක් තැනිය හැකි වේ .


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
·         කරුණානායක, නන්දන, (1994) ,සන්නිවේදන ප්‍රභවය හා ව්‍යාප්තිය, මාධ්‍ය ප්‍රකාශකයෝ,නුගේගොඩ.
·         වීරසිංහ ,ටියුඩර්, : (2001) ,ගෝලීය සමාජය හා එහි මතවාදය, එස් ගොඩගේ, මරදාන.
·         වීරසිංහ, ටියුඩර්, සහ රංජන් ඇතුලු, (2005),ජනමාධ්‍යවේදය, ශ්‍රිපාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය.
·         ෆොන්සේකා, කාලෝ, රණතුංග , පාලිත ඇතුළු (2012) ,ශ්‍රි ලංකාවේ දුම්කොළ පාලනය හා නීතිය ලනාටා-බිලුම්බ්ර්ග් ව්‍යාපෘතිය, කොළඹ 10. 

AR59100
07/5558
A.A.onisha


                       


No comments:

Post a Comment