Thursday, January 24, 2013



ජනමාධ්‍ය බලපෑම හා මැජික් බුලට් න්‍යාය
 සන්නිවේදනය නැමති සංකීර්ණ කි‍්‍රයාවලිය තුළ ප‍්‍රධාන පුරුකක් ලෙස Audience හෙවත් ග‍්‍රාහකයා හුන්වාදිය හැක. සරලව සන්නිවේදනය යනු සන්නිවේදකයා, පණිවිඩය, මාධ්‍ය, ග‍්‍රාහකයා, යන කොටස් සතරෙහි ක‍්‍රියාකාරිත්වයක් ලෙස දැක්විය හැක. මේ සෑම අංශයක් අතරම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්  ඇත. සන්නිවේදකයාට පණිවිඩයක් තිබුණත් මාධ්‍යයක් නැති තැන එය ග‍්‍රාහකයා වෙත සම්පේ‍්‍රෂණය කළ නොහැක. එසේම සන්නිවේදකයාගේ පණිවිඩය ලබා ගැනීමට ග‍්‍රාහකයෙක් නැතිනම් එ අවස්ථාවේදීද සන්නිවේදනයක් දැකගත නොහැක.
Understanding Mass Communication   යන ග‍්‍රන්ථයේ දැක්වෙන පරිදි පුවත්පත්, ගුවන් විදුලි, සිනමාව, රූපවාහිනිය සහ අවශේෂ මාධ්‍යයන්ගෙන් තුන් ආකාරයක බලපෑමක් ග‍්‍රාහකයාට සිදුවේ.
(01) සමාජ වෙනසක් ඇතිකිරීම පිළිබඳ බලපෑමක් කළ හැක.
(02) සමාජයේ පවත්නා යථාර්ථය ග‍්‍රහණය කරගැනීමට හෝ එයින් කෙනෙකු ඈත් කොට තැබීම.
(03) ජනප‍්‍රිය සංස්කෘතිකාංග බිහි කිරීමටත් පවතින සමාජ තත්ත්වයට ආගන්තුක වූ ප‍්‍රවණතාවයන්ට ප‍්‍රවේශ කිරීම.
මහේන්Þ , සුනන්ද , (1991 : 55)
ඉහත සාධක වලට අනුව වටහාගත හැකි තත්ත්වයන් දෙකක් මතුවෙයි. එනම් ජනමාධ්‍යයකින් ඍජුව කළ හැකි බලපෑම (Direct influence) සහ වක‍්‍රව කළ හැකි බලපෑමයි (Indirect influence ). මෙම කුමන බලපෑමක් වුවත් ඇති කරන්නේ මාධ්‍ය මගිනි. මෙයට හසුවන ග‍්‍රාහකයා පංචවිධ අදියරයන්ගෙන් ග‍්‍රහණයට හසුවන බව එවරට් රොජර්ස් නැමති විශාරදයා බෙහෙවින් සාකච්ජාවට භාජනය කර ඇති බව ඔහුගේ කෘතියෙහි දක්වයි.
1 අදියර - ප‍්‍රාථමික අදියර (Awareness Stage)
2 අදියර - උද්යෝගිකර අදියර (Interest Stage)
3 අදියර- ඇගයුම් අදියර (Evalution Stage)
4 අදියර -අත්හදා බැලීම් අදියර (Trial Stage)
5 අදියර- භාවිත අදියර (Adoption Stage)
මහේන්Þ , සුනන්ද , (1991 : 57)
මෙ පංචවිධි අදියරයන් ඍඡුව හෝ වක‍්‍රව හෝ කෙනෙකු තුල මුලින්ම ඇතිකරන වෙනස්කමක් බලපෑමක් ලෙස දැක්විය හැකිය.
කිසියම් සමාජයක පුද්ගලයා පුද්ගල කණ්ඩායම ඒ සමාජයෙහි පවතින ප‍්‍රජා සාධක පාදක කොට ගෙන ජීවත් වි ජනමාධ්‍යයට හසුවන්නේ මේ පුද්ගලයාය. මෙම ප්‍රජා සාධක ලෙස ගැහුණු පිරිමි බව, වයස් මට්ටම්, රුකියාවක් ඇති නැති බව, පන්ති මට්ටම්, අධ්‍යාපන මට්ටම්, ලබන ආදායම සහ ඇවැතුම් පැවතුම් ආගම් විශ්වාස යනාදිය දැක්විය හැකිය. මේ සියලූ සාධක පසුබිම් කොට ගෙන සෑදුණු‍ ජන කොටසක ජනවාර්ගික වෙනස්කම්ද දැකගත හැකිය. ඒ අනුව ග‍්‍රාහක ප‍්‍රජා සාධක පසුබිම් කොටගෙන පුද්ගලයෙකුගේ චර්යාවන් මෙහෙය වන බව සිතා ගත යුතුය. ජනමාධ්‍යකරුවෝ ජනමාධ්‍ය හසුරුවන්නේ පුද්ගලයාගේ මෙම ප‍්‍රජා සාදක කෙරෙහි අවබෝධයකින්ය. ඒ අනුව විවිධ නිර්මාණශීලී  ක‍්‍රමවේදයන් හරහා ග‍්‍රාහකයා වෙතට ලංවේ ඒ හරහා ග‍්‍රාහකයාගේ චර්යාවේ වෙනසක් ඍඡුව හා වක‍්‍රව සිදුවන බව පැහැදිලිය. පහත සඳහන් උදාහරණය බලන්න.
සබන් නාට්‍ය හෙවත් Soap ope යන නමින් ප‍්‍රසිද්ධ මෙම නාට්‍ය ඇමරිකාවේ නිෂ්පාදිත නාට්‍යයකි.ඔවුන් නිෂ්පාදනය කරන සබන් වර්ගයක් සඳහා ග‍්‍රාහක කේෂ්ත‍්‍රය ලෙස තෝරා ගෙන ඇත්තේ ඇමරිකාවේ වෙසෙන කාන්තා පක්ෂයයි. ඒ අනුව කාන්තා පක්ෂයට නිෂ්පාදනය කළ මෙම සබන් වර්ගය විකිණීම සඳහා රූපවාහිනි වැඩසටහනක් සැලසුම් කර ඇත ඉතා සැහැල්ලූ සිත් ඇඳගන්නා සුළු මේ වැඩසටහන් ව්‍යුහය කාන්තාවන් අතර ජනප‍්‍රිය විය. ඒ වැඩසටහන් අතරතුරම ඒ සබන් වර්ග භාවිතයටද ඔවුහු ඇබ්බැහි වී ඇත.මේ නිසා මේ නිර්මාණශීලි ප‍්‍රයෝගය ඔස්සේ සැලසුම් කරන ලද අවශේෂ වැඩසටහන්ද හªන්වා ඇත්තේ සබන් නාට්‍ය හෙවත් Soap operaලෙසිනි . මේ අනුව පැහැදිලි වන්නේ මානව ජීවිතයේ සැබෑ යථාර්ථය වසා මානව චර්යා‍වේ වෙනස්කම් කරන්නට ජනමාධ්‍යයට හැකියාවක් පවතින බවයි. එනම් ග‍්‍රාහකයාගේ හැගීම සහ අවශ්‍යතාවය කුමක් වුවත් බලාපොරොත්තු වන ප‍්‍රතිඵලයක් ළගා කරගැනීම උදෙසා ජනමාධ්‍ය මෙහෙය වීම සිදුවන බවයි.  එය ලෝකයේ ප‍්‍රායෝගිකව අත්හදා බලා තිබෙන්නකි.
ග‍්‍රාහකයාට ජනමාධ්‍ය කරන බලපෑම කොතෙක්ද නම් ජනමාධ්‍ය මැජික් බුලටයක් වැනිය.  ඒ ඔස්සේ අපට මැජික් බුලට් න්‍යාය සහ එය කොතරම් ප‍්‍රායෝගික වන්නේද කියා විමසා බැලිය හැක. මැජික් බුලට් න්‍යායේ අර්ථය වන්නේ යුද්ධය සඳහා ජනමාධ්‍ය යුධ උපකරණයක් ලෙස හෙවත් අවියක් ලෙස භාවිතා කිරීමයි.  අද වන විට මැජික් බුලට් න්‍යාය ලෙස සන්නිවිදන ලෝකයේ හªනාගෙන ඇත්තේ මේ සිද්ධාන්තයයි.  මෙමගින් පැහැදිලි වන්නේ භාවිතයට ගන්නේ ජනමාධ්‍යයේදී ප‍්‍රබලත්වයයි . මේ උදාහරණය බලන්න.
යුධ සමයන්හිද මේ අවශ්‍යතාවය වඩාත් මතුවන්නකි.  විශේෂයෙන්ම සතුරු පාර්ශවයන් පරාජය කිරීම උදෙසා වෛරය වැපිරීම සතුරා පරාජය කිරීම උදෙසා ඇති එකම විකල්පය යුද්ධය බව පැවසීම අවශ්‍යය වි  එසේම යුද්ධය සහ යුද්ධය ජයග‍්‍රහණයේත් එයට දායකවීමි වාසියත් ජනතාවට පෙන්වීම අත්‍යවශ්‍යය. එබැවින් එවැනි පරිසරයකදී ඒ සියලු අරමුණු වැපිරීම නැතහොත් එම හැගීම ප‍්‍රරෝහණය වගාකිරීම උදෙසා කිසියම් උපකරණයක් අත්‍යවශ්‍යය  එහෙත් එම උපකරණය විශාල පිරිසකට එකවර සමීප විය හැකි උපකරණයක් මෙන්ම බලපෑම් කළ හැකි අවියක්ම විය යුතුය.
ප‍්‍රනාන්දු  දිනේෂ් :( 2007 : 58 )
ජනමාධ්‍ය අවියක් ලෙස භාවිතා කර ඇත්තේ ඉහත අභියෝගයන් ජය ගැනීම උදෙසාය.  ජනමාධ්‍ය අවියක් ලෙස හෙවත් මැජික් බුලට් න්‍යාය භාවිතයට පැමිණ ඇත.  (මුල් කාලයේදී යුද්ධය සඳහා මෙම ක‍්‍රමෙවිදය භාවිතයට ගෙන තිබුණද මෙය මැජික් බුලට් න්‍යාය ලෙස නාමිකව හැඳින්වුයේ නැත. එහෙත් එම ක‍්‍රමෙවිදය යුද්ධය වෙනුවෙන් ජනතාව මෙහෙය වීම සඳහා අපූරුවට යොදා ගන්නට යෙදුණි.
මැජික් බුලට් න්‍යාය ඉතා ප‍්‍රබලව පළමු වන දශකය තුල යෙදුණු අවස්ථාවක් ලෙස 20වන සියවසේ පළමුවැනි දශකය තුල යුරෝපය හා අවතීර්ණ වූ ප‍්‍රදේශය පෙන්වා දිය හැක.  මෙහිදී විශේෂයෙන් යුධවාදීහු යුධමය උපක‍්‍රමයන්හි ප‍්‍රචාරක අරමුණක් ලෙස මැජික් බුලට් න්‍යාය භාවිතා කිරීම සුවිශේෂි අවස්ථාවකි . 2 වන ලෝක යුධ සමයෙහි ජර්මනයෙහි නාසි හමුදා පාලන අවධියේ මැජික් බුලට් න්‍යාය භාවිතයට ගත් බව පෙනේ . එවිට සිදු වූයේ සතුරා කෙරෙහි වෛරය වැපිරීමයි.  ඒ අනුව බලන විට මැජික් බුලට් න්‍යායේ අරමුණ වනුයේ සන්නිවේදකයා තමා අභිමත පරිදිම ජනමාධ්‍ය භාවිත කොට කලින් තීන්දු කරන ලද ප‍්‍රතිඵලයක් ලබා ගැනීමයි. මේ අනුව මැජික් බුලට් න්‍යාය අපට පැහැදිලි කර ගත හැකිය. සිතා ගත නොහැකි ලෙස බුලටයක් ලෙස ජනමාධ්‍ය ග‍්‍රාහකයාට බලපෑමක් කරන බව ඉතිහාස ගත කරුණු වලින් අවබෝධ කර ගත හැකිය . මෙම න්‍යාය තුන්වන ලෝකයේ පැහැදිලිවම දක්නට ලැබේ  විශේෂයෙන් ම මෙය ශ‍්‍රීලංකාවේ මාධ්‍ය භාවිතය සැලකූ කල්හිද අතිශයෝක්තියක් නොවන්නකි.
එල්.ටී.ටී L.T.T.E- Liberation Tamil Tiger Elam) සංවිධානයද තම ප‍්‍රචාරක උපක‍්‍රමයක් ලෙස පාලනය කළ තත්ත්වයක් යටතේ සන්නිවේදනය භාවිතා කර ඇති අතර ඔවුන් බලාපොරොත්තු වී ඇති ප‍්‍රබල අරමුණු වී ඇත්තේ තම විරුද්ධවාදියාට මුහුණ දීම සඳහා මානසික බලෙවිගය තම සංවිධානයටත් තම සංවිධානයේ බලය පවතින ප‍්‍රදේශවල ජනතාවගේත් ස්ථාවරත්වය පවත්වා ගැනීමය.  එය උච්චාවචනය  වීම ඔවුන්ගේ යුධ සැලසුම් වලට බාධාවකි.  එසේ නම්  ඔවුන් එහිදී විස්තර පත‍්‍රිකාවක සිට රොමෑනික් ඝනයට වැටෙන සංගිත සංදර්ශනයද ඇතුලූ සියල්ල පාලනය කර ඇත.   ඒ පිළිබඳ ප‍්‍රබල විවේචන හෝ ප‍්‍රතික්ෂේප කිරීම් තිබුණද සත්‍යය වන්නේ එයයි .
ආසන්නතම උදාහරණයක් ලෙස 2008 මැයි මස අවසන් කළ උතුරෙහි යුද්ධය ද අවසන් කිරීමට සන්නිවේදනයේ ප‍්‍රබලත්වය කොතරම් රුකුලක් වූවා ද යන්න යන්න අමුතුවෙන් කිව යුතු නැත. මුඳිත මාධ්‍ය වල විද්‍යුත් මාධ්‍ය වල ප‍්‍රවෘත්ති වලින් 75 ‍% කට වඩා ඉදිරිපත් කළේ යුද්ධය  සම්බන්ධ ප‍්‍රවෘත්තිය  සිංහල සෙබළුන්ගේ විජයග‍්‍රහණයන් ඉස්මතු වන ප‍්‍රවෘත්තිය  සෙබළුන්ගේ චිත්ත ධෛර්ය ගොඩනැගීම සඳහා විවිධ Campaing ආරම්භ කෙරුණි  එපමණක් නොව සෙබළුන් කෙරෙන් විජයග‍්‍රාහී චිත්ත රූපයක් මැවීමට විද්‍යුත් මුිත මාධ්‍ය පොරකමින් කටයුතු කළහ.  සමස්තයක් ලෙස රටේ සියලූම ජනතාව ග‍්‍රාහක පිරිස බවට පත් වු අතර ජනමාධ්‍ය ප‍්‍රබල මෙහෙයක් ඉටුකරමින් ග‍්‍රාහකයා වෙත මැජික් බුලටයක් වගේ කි‍්‍රයාත්මක වෙමින් ජයග‍්‍රහණය තහවුරු කර ගත් බව අප අත් දුටු තත්ත්වයකි. මේ අනුව පැහැදිලි වන්නේ ජනමාධ්‍ය ග‍්‍රාහකයාට ප‍්‍රබල බලපෑමක් කරන බවයි .  මෙහිදී ජනමාධ්‍ය මැජික් බුලටයක් වගේ කි‍්‍රයාත්මක වන බව දැක්විය හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
§  ඩයස්, මාකස් සිඩ්නි,2007,සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යයනය,තෝතැන්න පබ්ලිෂින් හවුස්,ආනමඩුව.
§  ප්‍රනාන්දු,විහගුන් දිනේෂ්,2007,මැජික් බුලට් න්‍යාය නව දෘෂ්ටියකින්,එස් ගොඩගේ සහ සහෝදරයෝ,කොළඹ 10.
§  මහේන්ද්‍ර ,සුනන්ද,1991,සන්නිවේදන ගවේෂණ,උදය පබ්ලිකේෂන්,කොහුවල.


M.K.D.Thushari
AR/59122
07/5580



3 comments:

  1. ලිපිපෙල ගොඩක් හොදයි.ගොඩක් ප්‍රයෝජනවත්.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා, කියවීමට ඉතා අපහසුයි. පසුපස ජායාරුපය හා අකුරු සදහා යොදා ඇති වර්ණය ලිපිය කියවීමට ඉමහත් බාදාවකි.මෙම ගැටලුව නිරාකරණය කළ හැකිනම් ඉතා අගෙයි.

    ReplyDelete
  2. තුෂාරිගෙ ලිපි ඉතා වැදගත්.විෂය හදාරන අයට හොඳ අත්වැලක් වේවි.
    දිනේෂ් කියන දේ ගැනත් හිතන්න.එය සත්‍යයක්.

    ReplyDelete
  3. මේහිදි පලමව මැජික් බුලට් නි්‍යාය පැහැදිලි කොට අන් ඒවා විස්තර කිරිම යෝග්‍ය වනවා

    ReplyDelete