Sunday, February 10, 2013


නූතන සිංහල ගීත රූපකරණයේ නව ප්‍රවණතා
මින්ස්සු ගායනා කිරීමට ආරම්භ කරන ලද්දේ බොහෝ අතීතයේ සිටය. ඒ ගායනා එක් එක් වෘත්තීන් සමග හෝ අත්දැකීම් සමග බැ‍ඳෙන ලද ගායනා විය. එම නිසා ඒවා ජන ගායනා ලෙසද හඳුන්වන ලදී.
            කෙසේ වුවද කාලය විකාශනය තුඝ නාඩගම්, නූර්තිය, තියටරය ආදියේ සිට චිත්‍රපටය ද්කවා දියුණුවූ ගීත නර්තන සුසංයෝගයක් ඇත. අපි කවුරුත් එදා ගීත ඇසූ අතර දැන් ගීත අසන ගමන් නැරඹීමට පුරුදුවී ඇත. ගීත රූප රචනය යනු  ගීතටය රූප රූපණය කිරීමයි . විධිමත්ව ප්‍රකාශ කරන්නේ නම් ශ්‍රව්‍ය ගීතයට දෘශ්‍ය රූප පෙළක් එකතු කිරීම වේ. ඉංග්‍රීසි භාෂාවේදී යන Music video වචනය භාවිත කරනු ලැබේ. මෙම ගීත රූප මේවනවිට ලංකාව තුළ ප්‍රවණතා පෙන්වමින් වර්ධනය වනු ඇත. එය ක්‍රමිකව අප විමසා බලමු.
ගීත රූපකරණයේදී භාවිත ක්‍රමවේදයන් කිහිපයක් ඇත. එනම්,
  • පද මාලාවට අනුව රූප රචනය සිදු කිරීම.
  • ගීතයේ තනුවට අනුව ගීත රචනය සිදු කිරීම.
  • ගීතයට අදාළ නොවුවද ආකර්ශණීය රූප එකතු කිරීමක් සිදු කිරීම.
යන ක්‍රමවේදයන් මේ යටතේ පෙන්වා දිය හැකිය. (විතානගේ නිමාලි තක්‍ෂිලා, 2004 පිටු 13) මෙම කරුණු උපයෝගී කරගෙන ගීත රූපකරණය කිරීම ලංකාව තුල නව ප්‍රවණතාවයක් ලෙස ආරම්භ වන ලද්දේ 1970/1980 ආදී කාල වකවානු තුළය. එනම්  එවකට රූපවාහිණිය හරහා විකාශනය වන ලද සංගීතමය වැඩසටහන් හා නිෂ්පාදකයින් එය ආරම්භ කරන ලදී. එහිදී,
වැඩසටහන                                          නිෂ්පාදක
ආනන්ද රාත්‍රී                                                     හේම නලින් කරුණා රත්න
යාත්‍රා                                                                සෙනේෂ් දිසානායක බණ්ඩාර
මනෝහාරී                                                        රවීන්ද්‍ර මුණසිංහ
            ආදී වැඩසටහන් හා නිෂ්පාදකයින් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. (කළුබෝවිල තුෂාරී, 2002, පිටු 17) මෙම වැඩසටහන් ප්‍රශස්ත අත්හදා බැලීම්වේ. එම අත්හදා බැලීම් සහ නූතන රූප රචන නිර්මාණ බැලූකල රූප රචනයේ වි‍ෙශ්ෂතා කීපයක් දැකිය හැකිය. එනම්,
Ø  පරිකල්පනයේ දෘශ්‍ය සංරචනය
Ø  සෞන්දර්යාත්මක මෙවලමක් ලෙස භ‍ාවිතය
Ø  ප්‍රතිරූප හා ප්‍රතිචාර
ලෙස මේවා දැක්විය හැකිය. කෙසේ වුවද ලංකාව තුල රූපවාහිණි නාලිකා තුල සිටින නිෂ්පාදකයින් ගීත රූප රචනා කිරීම නවතා නව මුහුණුවරකින් එය වෘත්තීමය භාවයක් සමග වර්ධනය වන්නට පටන් ගන්නා ලද්දේ 2000 වසරෙන් පසුවය. එනම් නිදහස් අධ්‍යක්‍ෂවරු මෙම කර්මාන්තය සිය අතට පත්කර ගැනීමෙන් අනතුරුවය. එහිදී මූලික වන ලද නිර්මාණ අධ්‍යක්‍ෂ වරුන් දෙදෙනෙකු ඇත. එනම් tkïSky Entertainment ආයතනයේ නිර්මාණ අධ්‍යක්‍ෂ නිලාන් කුරේ මහතා සහ  wide angle production ආයතනයේ නිර්මාණ අධ්‍යක්‍ෂ ප්‍රසංග ගුණසිංහ යන අයවේ. ඔවුන් ගීත රූපකරණයේ නව ප්‍රවණතා ලෙස වර්ධනය කරන ලද ලක්‍ෂණ රැසක් දැකිය හැකිවේ. නිලාන් කුරේ මහතා එහිදී ප්‍රකාශ කරන ලද්දේ අපූරු අදහසකි. අපි ගීත වලට වේගවත් රූපඡේදනය, රිද්මයට අනුව සංස්කරණය සේම ත්‍රිමාණකරණ නිර්මාණ ඇතුල් කිරීම ආදී අළුත් වැඩ අත්හදා බැලුවා. මම හිතනවා ඒක තරමක් අළුත් වැඩක් කියලා.... මෙහිදී ඔහු මතු කරන ලද ලක්ෂන මේවනවිට නව ප්‍රවණතාසේ වර්ධනය වී ඇත.
      නූතනයේදී ගීත රූප රචනය නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වීමේදී ලංකාව තුළ එයට දායක වන නිර්මාණ අධ්‍යක්ෂවරු කිහිපදෙනෙකු හමුවනු ඇත. ඔවුන් අතර,
v  නිලාන් කුරේ
v  ප්‍රසංග ගුණසිංහ
v  අයේෂ් විජේරත්න
v  ප්‍රසාද් රණසිංහ
v  විරාජ් කුරුප්පු ආරච්චි
v  චමිල් පතිරණ
වැනි අය ප්‍රමුඛ වී කටයුතු කරනු ඇත. ඔවුන් සිය රූපකරණ ආයතන හරහා මෙම නව ප්‍රවණතාවය වර්ධනය කරමින් සිටිනු ඇත. මෙම අධ්‍යක්ෂවරුන් සියළු දෙනාම ත්‍රිමාණ සජීවිකරණ ශිල්පීන් වේ. එම නිසා ලංකාව තුළ නව තරුණ පිරිසක් මෙම ක්‍ෂේත්‍රය තුළ වර්ධනය වී ඇති බව පෙනේ. මේ පිළිබඳව wide angle production ආයතනයේ අධ්‍යක්‍ෂ තුසිත විමලසිර අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කලේ ලංකා‍ව තුළ television දන්නා අධ්‍යක්ෂවරු අඩුයි. ගොඩක් දෙනෙක් දන්නේ යමෙක් කරපු දෙයක් බලාගෙන කරන්නයි. ඒ අතින් දැන් ඉන්න අය හොඳයි. අළුත් දේවල් හොයා ගන්නවා. ඒක වැදගත් ...... මෙහිදී තහවුරු වන්නේ නිර්මාණශීලී තරුණයින් රුසක් මෙම ක්‍ෂේත්‍රයේ නියුතු වන බවය. එය නව ප්‍රවණතාවක් වනු ඇත. මේ වනවිට ගීත රූප සංස්කරණය සඳහා ගුනු ලබන මෘදුකාංග භාවිතය ද නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වනු ඇත. එම මෘදුකාංග භාවිතයද නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වනු ඇත. එම මෘදුකාංග අතර වැදගත් කිහිබයක් මෙසේ දැක්විය හැකිය. එනම්,
§  Adobe premiere pro cs5
§  Corel videostudio x5
§  Studio max
§  3D max
§  Adobe after effects
§  Adobe sound booth
§  Maya
ආදී නව තාක්‍ෂණික ප්‍රවණතා සහිත මෘදුකාංග භාවිත කරයි. එසේම ලංකාව ආශ්‍රිතව ඉහත ගීත රූපරචනයට අදාළව නව ප්‍රවණතාවයක් ගෙන ඒමට මුල්වන ලද ගී පද රචකයින් පෙළක්ද නිර්මාණය වන ලදී. ඔවුන් අතර,
Ø  කැළුම් ශ්‍රීමාල්
Ø  වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල
Ø  නන්දන වීරසිංහ
Ø  ෂෙහාන් ගලහිටිය
Ø  මනුරංග විජේසේකර
ආදී අය මුල් වේ. එසේම ලංකාවේ නව ගීත රූප රචනයේ ප්‍රවණතාවය නව මුහුණුවරකින් පෙන්වන ලද ගීත රූප රචනා ලෙස ගයාන් පෙරේරාගේ SMS ලහිරු පෙරේරාගේ රම්බරී, ඉරාජ් වීරරත්නගේ ගේමක් දීලා, ඩැඩී, මස්සිනා සහ සෙන්ට්‍රිග්‍රේට් රන්මල්දම් ආදී ගීත රූප රචනා හැඩයකින් වර්ධනය වන ගීත රූප රචනා කලාවේ දැකීමට හමුවන ලාංකීය හැඩයේ ලක්‍ෂණ ලෙස,
v  කොළඹ නගරය ආශ්‍රිතව දර්ශන තලවල බොහෝවිට ගීත රූප රචනා සිදුවීම
v  ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් නිරූපිකාවන් රඟපෑම
v  නව ගායකයන් බොහොමයක් ගීත රූප රචනා ඔස්සේ ක්‍ෂේත්‍රයට පැමිණීම
v  ලංකාවේ ගීත රූපවලට දෙරණ නාලිකාව ඔස්සේ සම්මාන ප්‍රදානය
ආදිය මූලික වශයෙන් දැකිය හැකිය. එසේම, ඒ ආශ්‍රිතව ලංකාවේ මාධ්‍ය ආයතනවල සන්ධ්‍යා කාලය ගීතක දර්ශක ක්‍රමයකට අනුගත වී ඇත. ඒවා සැබවින්ම ගීත රූප රචනා පෙන්වමින් වාණිජ පරමාර්ථ ඉෂ්ට කිරීම සඳහා සැකසුණු අවකාශ විය. එසේම, මෙරට ගීත රූප රචනයේ නව ප්‍රවණතාවක් ලෙස තරු වැඩසටහන් හරහා ගායතයෝ රැසක් බිහි වූ අතර ඒ ආශ්‍රිතවය නාලිකා හරහා රූප රචනා සිදු විය.
            ඒ වගේම නූතන ගීත රූප රචනා සඳහා භාවිත කරනු ලබන නවතම කැමරා කිහිපයකුත් ලංකාව තුළ දැකිය හැකිය. ඒ අතර,
·        5D marks
·        Red Camera
·        Cine Camera
·        Hand Held Camera
 ආදිය මූලිකවේ.  මේ අයුරින් වර්ධනය වන ගීත රූප රචනා සැකසීම කර්මාන්තමය ස්වරූපයකට සිදු වන බවක් වත්මනයේ අපට දැකිය හැකිය. මීට අවුරුදු 10 කට පෙර සිංහල ගීත රූප රචනාවලට වඩා නව ආකාරයකින් සකසන ලද විකාශනය වූ ගීත රූප අප අද දකිය. තවච, ලංකාවේ ගීත රූප රචකයෝ නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් පෙර නොදුටු කැමරා, මෘදුකාංගථ නිරූපිකාවන්, තිර රචකයන් උපයෝගී කර ගනිමින් මෙම ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් ඇත.
            එසේම ගීත රූපකරණය නිසා තමන්ගේ ආදායම් මාර්ග සකසා ගන්නා තාක්‍ෂණික උපකරණ ආයතන, කාර්මික නිලධාරීන්, අධ්‍යක්‍ෂධවරුන් සහ අනෙකුත් රැකියා රැසක් නිර්මාණය වී ඇත. තවද, සංකල්පමය අතින්ද දියුණු වෙමින් පවතින මෙම ක්‍රමවේදය ප්‍රබල අවියක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියට ගෙන යන කලා අධ්‍යක්‍ෂවරු, ගායකයන්, සංගීත අධ්‍යක්‍ෂවරු සහ අධ්‍යක්‍ෂවරු නිර්මාණය වී ඇත.
            එසේම ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ඉදිරියේ ඇත්තේ රූපකරණ සංකල්පය බව නූතනයේ දී අපට වැටහී ඇති කරුණකි. එනම්, එම රූප අනාගතයට මුහුණදීමට සූදානම් වන අපි එය සැළසුම්සහගතව සිදු කළ යුතුය. රූපකරණය පිළිබඳව නිසි පිළිගත් ශාස්ත්‍රීය ක්‍රමවේදයක් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් ලංකාවේ අපට පවතීද?, මෙම විකාශනය වන ගීත රූප රචනා පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයක් අවශ්‍ය දැයි යමෙක් ඇසූ කළ එයට දිය හැකි සරළම පිළිතුර වනුයේ, තව අවුරුදු කිහිපයකින් ලංකාවේ ගීත වලට විප්ලවයක් ඇති වනු නොඅනුමාන බවක් ක්‍ෂේත්‍රයේ නියුක්තිකයන්ගේ අදහසයි.
            එය සියැසින් දැකීමට අප සැරසිය යුතුය. එදිනට මෙම වර්ධනය වන ප්‍රවණතා වැදගත් වනු නොඅනුමානය. එම නිසා, මෙම නූතන සිංහල ගීත රූපකරණයේ නව ප්‍රවණතාව ඉහත පරිදි පෙන්වා දිය හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ :-
  1. විතානගේ නිමාලි තක්‍ෂිලා, 2004, තිර රචනය පිළිබඳ සිද්ධාන්ත, කොළඹ 10, ඇස්.ගොඩගේ සහෝදරයෝ.
  2.      2.  කළුබෝවිල තුෂාරී, 2002,  රූපවාහිණි ගීත නර්තන සුසංයෝගය, කොළඹ 10, ඇස්.ගොඩගේ සහෝදරයෝ.
සම්මුඛ සාකච්ඡා :-
    1. නිලාන් කුරේ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡා, බොරැල්ල sky entertainment production house"2012'04'25'     
    2. තුසිත විමලසිරි මහතා සමග කළ සම්මුඛ සාකච්ඡා, wide angle production house"2012'10'22'
කේ.එම්.ජී.ජේ.බී. කොස්වත්ත,
AR/58839
AF/ 07/5297
සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

Friday, February 1, 2013

new media sjp



න්නිවේදනයේ පරිණාමය තුළින් සිදු වූ ජනමාධ්‍යයේ වර්ධනය




ප‍්‍රාථමික යුගයේ ජීවත් වූ මානවයාගේ සිට නූතන විද්‍යාත්මක යුගයේ මිනිසා දක්වා ඒ ඒ අවධි තුළ මිනිසා විසින් සිය අදහස් ප‍්‍රකාශ කිරීම පිණිස උපයෝගී කර ගත් විධි හා ක‍්‍රම සියල්ලම සන්නිවේදනය යන අර්ථයට අයත් වේ.
සැබැවින්ම සන්නිවේදනයයනු, යමෙක් යම් අර්ථයක් යම් මාධ්‍යයකින් තවත් අයෙකුට කිසියම් බලපෑමක් ඇති කිරීම සඳහා ප‍්‍රකාශන කිරීම බව සරලව කිව හැකිය. (Lasswell,1948)[i]
නොදියුණු යුගයේ අදහස් ප‍්‍රකාශනය ඉතා ප‍්‍රාථමික මට්ටමක පැවතියත් ඒ අදහස් හුවමාරුව මානව පැවැත්ම සනිටුහන් කිරීමේ මුල් පියවර බව කිව යුතුය. වනචාරී යුගයේ වූ මානවයා සිය අවශ්‍යතා අන් අයට දැනවීමට යොදාගත් ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම මානව පරිණාමයට සාපේක්‍ෂව ක‍්‍රම ක‍්‍රමයෙන් පරිණාමයට පත්ව දියුණු සන්නිවේදන ක‍්‍රම බවට පත්විය.“Homo Habilis‚HomoErectus‚HomoSapien” යන අවධිවෙත ක‍්‍රමයෙන් එළඹෙමින් ඔවුන් සන්නිවේදන සංකල්පය සංවර්ධනය කරගත් අයුරු විමසා බැලීමෙන් මේ තත්ත්වය වටහා ගත හැකිය.සැබෑ ලෙසටම ශිලා යුගයේ සිට මෙදා ඉලෙක්ට්‍රෝන යුගය තෙක් ප‍්‍රකට වී ඇති පොදු ප‍්‍රවණතාවය නම් ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ වර්ධනයයි.
සන්නිවේදනයේ මුල් පියවර ලෙස දැක්විය හැකි නිර්වාචික සන්නිවේදනයඉන් අනතුරුව බිහි වූ වාචික සන්නිවේදනයටපසුබිම සැපයූ අතර එයMiller(1966,p.2)[ii]විසින් Speech Communication” is important‚ because it is one of the primary tools that man employs to manipulate to control and to understand his environment…….”ලෙසින් පැවසූ පරිද්දෙන්ම සන්නිවේදන ගමන්මගේ වැදගත් පියවරක් විය.
මුල් කාලීනයෝ සිය අවශ්‍යතා ඉටුකර ගනිමින් මෙසේ ඉදිරියට ගමන් කිරීමේදී අදහස් ප‍්‍රකාශනයට රූප මාධ්‍යයොදා ගැනීම සන්නිවේදන ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.(Thomsen,1972.)[iii]
මුල් කාලීන තථ්‍ය ලේඛනය චිත‍්‍ර ලේඛනයයි.”ඔවුන් ගල්ගුහා වල බයිසන් ගවයන්මැමත්පිණි මුවා වැනි සත්ත්ව රූප ඇඳි අතර එසේ කළේ සියදරුවන්ට එම සතුන් පිළිබඳව අවබෝධය ලබාදීමටත් එම රූප නිතර නිතර දැකීමෙන් උන් පිළිබඳ වනබිය නැති කර ගැනීමටත්ය. ඇතැම් ගල් ගුහා චිත‍්‍ර මඟින් කණ්ඩායම් වශයෙන් දඩයම් කිරීමේදී කෙසේ ක‍්‍රියා කළ යුතුදැයි පෙන්වා දෙන චිත‍්‍රද දැකගත හැකි වෙයි.(Murtrie,1943)[iv]
ක‍්‍රමයෙන් දියුණු වූ මානවයා රූපකාර අක්‍ෂර මාලාවක්මේ තුළින් බිහි කරගැනීම තවත් වැදගත් පියවරක් විය. එනම් රූපයක් ඇඳ එහි ප‍්‍රකාශිත සංකේතය දැක්වීමයි. රූපකාර ඇසුරින් කුඤඤ අක්‍ෂරබිහිවිය. අද භාවිත වන නූතන අක්‍ෂර මාලාවඒ ඇසුරින් වර්ධිත අවස්ථාවකි.( හපු ආරච්චි,2008 )[v]
මුල්යුගයේ මානවයා අදහස් හුවමාරුව සඳහා ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රමවේදයන් භාවිත කළ අතර ඒ ක‍්‍රම වෙතද පිවිසියේ තැත් වැරදි ක‍්‍රම හරහා බොහෝ පරිශ‍්‍රමයක් දරමින් මෙන්ම කාලාන්තරයක්ද ගත කරමිනි.
මුල් අවධියේ රූපාක්‍ෂර මඟින් සංදේශ යැවීමෙන් පණිවිඩයක් තේරුම්ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන් අතර එයද අසාර්ථක වූ බවට නිදසුනක් ලෙස පෙන්වා දිය හැක්කේ ඬේරියස් රජු ඇතුළු පිරිස ස්කයිතියන් ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමට යාමේදී ප‍්‍රතිමල්ලව වැසියෙක් සංදේශයක් ගෙන පැමිණි පුවතයි.
එහි වූ රූපාක්‍ෂරවල වූයේ මීයෙක්ගෙම්බෙක්කුරුල්ලෙක් හා ඊතල කිහිපයකි. රජු එය වටහාගත්තේ ප‍්‍රතිමල්ලවයින් පරාජය පිළිගැනීමට කැමති බවයි. එහෙත් සිදු වූයේ අනිකකි. එහි අර්ථය වූයේ ඔබ කුරුල්ලකු මෙන් ඉගිලී නොගිය හොත් හෝ බිම්වලක මීයෙකු මෙන් සැඟවී නොසිටිය හොත් හෝ ජල තටාකයක මැඩියෙකු මෙන් සැඟවී නොසිටියහොත් අපේ ඊතල පහරින් මිඳිය නොහැකියයන්නයි.(මහේන්ද්‍ර‚2005)[vi]
මේ අයුරින් එදා පැවති සංදේශ වටහා ගැනීමේ දුෂ්කරතා ක‍්‍රමයෙන් විසඳාගනිමින් අදහස් හුවමාරුව කාර්යක්‍ෂමව ඉටුකර ගැනීමට ඔවුන් පසුව විවිධ ක‍්‍රමවේද අනුගමනය කිරීම වෙත එළඹුණි.
ඒ අනුව කොහොඹ අතු එල්ලීමකුල්ලක් ගෙයි ඉදිරිපිට නවා තිබීමහස්තමුද්‍රා භාවිතය වැනි ක‍්‍රමවේද හරහා මුල් කාලයේ ප‍්‍රාථමික මට්ටමේ අදහස් ප‍්‍රකාශ වූ අතර එම සංඥා බස දියුණුවත්ම අණබෙර ගැසීමකොඩි එසවීමසතුන් මඟින් සංදේශ ගෙන යාම වැනි ක‍්‍රමද භාවිතයට ගන්නට විය. (මහේන්ද්‍ර‚2005)[vii]
චිත‍්‍ර ලේඛන මඟින් ඇරඹී පරිණාමයට පත්ව ලේඛනයේ දියුණු අවස්ථාව වූ හෝඩියබිහිවිය. හෝඩිය බිහිකර ගැනීමෙන් අනතුරුව ශිලා ලිපිවලපත් ඉරුවලතල්පත්වලතඹ පත්වලඅක්‍ෂර සටහන් කර එමඟින් පෙරට වඩා පහසුවෙන් සන්නිවේදනයේ යෙදෙන්නට විය. මුල් යුගයේදී මෙවන් අක්‍ෂර සහිත සංදේශ ඊතල මඟින් විදිනු ලැබූ අතර පරවියන් මඟින්ද ගෙනයනු ලැබීය.
ඊට අමතරව උඩරට ප‍්‍රදේශයේ සතුරු ආක‍්‍රමණ සිදුවන අවස්ථා වලදී රටවැසියාට එම පණිවිඩ ලබාදී ඇත්තේ වර්ණවත් දුම් වළලූ නිකුත්කිරීම මඟිනි.
එසේම යුධ සමයේදී පණිවිඩ යැවීමේදී සැතපුම් 150ක් දිව ආ පිඩිපීඞ්ස් නම් තැනැත්තකු පිළිබඳවදමැරතන් නැමැති තැන තෙක් දිව ආ තැනැත්තකු යුධ ජයග‍්‍රහණය සඳහන් සංදේශය දුන් මොහොතේම මියගිය පුවතදනැපෝලියන් රජු ලැබූ පරාජය පිළිබඳ ලන්ඩන්වැසියන් දැනගත්තේ දින 4කට පසු වේගයෙන් පැමිණි අශ්වාරෝහකයකු මඟින්ය යන පුවතදනැපෝලියන් රජුගේ මරණය රටවැසියන් දැනගත්තේ මාස 2කට පසු බවද අපි දනිමු.
මේ අයුරින් මුල් කාලීන යුගයන්හි සංදේශ යැවීමට සතුන් හා මිනිසුන් යොදාගත්තද ක්‍ෂණික පණිවිඩ හුවමාරුවක් ඉන් ඉටුකරගත නොහැකි වූ බව පෙන්වා දිය හැකිය. අද එම ක‍්‍රමයන්ට සාපේක්‍ෂව වඩා දියුණු ක‍්‍රම බිහිවී ඇති අතර එම දියුණු සන්නිවේදන වටපිටාව තුළ තත්පර ගණනකදී වුව ක්‍ෂණික පණිවිඩ හුවමාරුවට ඉඩ විවර වී තිබේ.
අද මා භුක්තිවිඳින සන්නිවේදන වටපිටාව අතීත සන්නිවේදන ක‍්‍රමයන්හි දිගුවක් වන නමුත් එදා හා සැසඳීමේදී ආඩම්බරයට හේතුවන උපකරණමෙවලම් හා තාක්‍ෂණයෙන් යුතු නූතනයේ සාකච්ඡාවටබඳුන් වන වටිනාම තේමාව වෙයි. කෙසේ නමුත් ඔවුන් මතින් අප බිහිකරගත් නූතන සන්නිවේදන වටපිටාව මෙතැන් සිට සාකච්ඡාවට බඳුන් වනු ඇත.
ඔවුන් අපට අක්‍ෂර බිහි කරදීමෙන් අනතුරුව අපි එය ඉදිරියට ගෙන ගියෙමු. “පුවත්පතඑහි එක් වර්ධනීය පියවරකි. පුවත්පත මඟින් විශාල පිරිසකට දැනුම සන්නිවේදනය කරන අතර ග‍්‍රන්ථ සම්පාදනමඟින්ද විශාල ග‍්‍රාහක පිරිසක් දැනුවත් කළ හැකිය.
මුද්‍රණ යන්ත‍්‍රයබිහිකර ගැනීම පිළිබඳව Mcluhan("1972)[viii]විසින් “…......the advent of print is the key to our modern consciousness” ලෙසින් දක්වා ඇති පරිදී සන්නිවේදන මගේවැදගත් පියවරක් විය. මේ වන විට නූතන තාක්‍ෂණය මඟින් එක් එක් පිටුව වෙන වෙනම පිටපත් කිරීමට ගත වන කාලය අතික‍්‍රමණය කරමින් පොතම එකවර පිටපත් කිරීමේ ක‍්‍රමය භාවිත කරනු දැකගත හැකිවීමද පෙන්වා දිය යුතුය.
එසේම Teleprinter” මඟින් දුර ඇමතුම් ග‍්‍රාහකයාට ලිඛිතව යැවිය හැකිය. “Fax” තාක්‍ෂණය මඟින් පණිවිඩයක ඡායාපිටපතක් තම අත් අකුරින්ම තවකෙකුට යැවිය හැකිය. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ නූතන සන්නිවේදන පරිසරයේ දියුණුවයි.
පසුව බිහිවූ ගුවන් විදුලියසන්නිවේදන පරිසරයට ආගමනයත් සමඟ විශාල පිරිසක් කෙරේ එකවර තොරතුරු හා පණිවිඩ ලබා දිය හැකිවිය. මෝස් සංඥා ක‍්‍රම ඔස්සේ මඟ කියූ ගුවන්විදුලි ආගමනය රැහැන් රහිත නූතනයේ ක‍්‍රියාත්මක වන ගුණාත්මක බවින් වැඩි ගුවන්විදුලි තාක්‍ෂණය තෙක් දියුණුවට පත්ව තිබේ.
ඉන් කෙටි කාලයකට පසුව විදුලි කම්බි ඔස්සේ පින්තූර සම්පේ‍්‍රෂණය යන සංකල්පය වැඩිදියුණු වී බිහිවූ රූපවාහිනීආගමනයත් සමඟ ශ‍්‍රව්‍ය හා දෘෂ්‍ය යන ද්වීමාධ්‍යයන් සඳහාම තොරතුරු විවරවිය.(රත්නසිංහ‚2006)[ix]
එහිදී කළු සුදු රූපවාහිනී අභිබවා වර්ණ රූපවාහිනී ආගමනයRemote Control මගින් නාළිකා මාරුකිරීමට ඇති හැකියාවරූපවාහිනී චන්ද්‍රිකා ගුවන්ගතවීමත් (1979) සමඟSatellite news gathering ක‍්‍රම හඳුන්වාදීම යනාදී බොහොමයක් වෙනස්කම් දැකගත හැකිවිය. අද වන විට චන්ද්‍රිකා මධ්‍යස්ථාන උපයෝගී කරගනිමින් ඈත රටක සිටින ඥාතියකු රූපවාහිනී තිරයේ දකිමින් ඔහු හා සංවාදයක යෙදිය හැකිය.
මේ වන විට රූපවාහිනී ක්‍ෂේත‍්‍රය තුළ Cable TV‚ Web TV‚ Perfect TV වැනි නව අංග රැසක් දැකගත හැකි වන අතර එමඟින් කැමති නාළිකාවක කැමති වැඩසටහනක් කැමති වේලාවක ලබාගත හැකිවීමද වැදගත් කරුණකි.
HD TV වැනි නවතම සංකල්ප සමඟ Computer හා ඩිජිටල් ක‍්‍රමවේද බද්ධවී තිබීමෙන් රූපවාහිනියට නව පෙරළියක් එක් කර ඇත.මේ නව භාවිතය සඳහා Teleputer”නම් අලූත් ව්‍යවහාරයක්ද මේ වන විට ඇති වෙමින් තිබේ.(දිසානායක‚2007)[x]
එසේම සැටලයිට්හරහා සංදේශ යැවීමෙන් වේගවත්ව තොරතුරු හුවමාරුවට දොරටු විවරවීමද මෙහිදී පෙන්වාදිය යුතු වැදගත් කරුණකි. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ නූතන සන්නිවේදන පරිසරය ළඟා කරගත් දියුණුවේ මහිමයයි. මේ අතරතුර දුරකථනයමඟින් කළ පෙරළියද නූතන සන්නිවේදන වටපිටාව තුළ විමසීමට බඳුන් කළ යුතුම වෙයි. දුරකථනය සොයාගැනීමත් සමඟම අදහස් හා තොරතුරු හුවමාරුවේ වේගවත් බවක් ඇති විය.
එදා භාවිත කළඊතලයකින් හෝ  පරවියෙකු මඟින් පණිවිඩ යැවීම වැනි ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රමයක් හා නූතනයේ ආයතනයක් තුළපණිවිඩ හුවමාරුවට භාවිත කරන ඉන්ටකොම් වැනි තාක්‍ෂණික ක‍්‍රමවේදයක් සසඳා බැලීමෙන් මෙම කරුණ මැනවින් සනාථවෙයි. අද වන විටAudiovision” ක‍්‍රමය මඟින් දුරකථනයෙන් කතා කරන විට ඊට සවිකර ඇති රූපවාහිනී තිරයේ ඇමතුම් ලබා ගන්නා අයද දිස්වේ.
එදා වැලිපිල්ලේ අකුරු ලිවීම වෙනුවට අද භාවිත කරන්නේ පරිගණකයයි. අනාගතයේ බිහිවන කුඩා දරුවෙක් පැන්සලක් භාවිත නොකරන්නෙක් වීමට බැරිකමක් නැත. ඔහු අකුරක් ලිවීමට වෙහෙසීම වෙනුවට පරිගණක අක්‍ෂර පුවරුව හඳුනා ගැනීමට වෙහෙසීම ඵලදායී බව තේරුම්ගනු ඇතැයි සිතිය හැකිය.
තොරතුරු ගබඩාකිරීමට එදා යොදාගත් ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රමයවූයේ වනපොත් කිරීමබව අපි දනිමු.
වළගම්බා රජු දවස ඇති වූ යුද්ධවලින් පසුව අළුවිහාරයේ ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කරනු ලැබුවේද වනපොත් කිරීම මඟිනි. එහිදී එක් පරිච්ඡේදයක් ස්වාමීන් වහන්සේලා 10 නමක් ලවා කටපාඩමින් පවත්වාගෙන පැමිණි අතර එය ග‍්‍රන්ථාරූඪ කරද්දී එහි එක් පරිච්ඡේදයක් සම්පූර්ණ කිරීම ඉතා අසීරු විය. මන්ද එම පරිච්ඡේදය වනපොත් කරමින් පැමිණි ස්වාමීන් වහන්සේලා 9 දෙනෙක්ම ඒ වන විට පිරිනිවන් පා තිබූ බැවිනි. මෙවන් තොරතුරු මඟින් හෙළිවන්නේ විවිධ අසීරුතා මාධ්‍යයේ ඉතිහාසයේ තොරතුරු ගබඩාකිරීම ඉතා දුෂ්කර කරුණක්ව පැවති බවයි.
එහෙත් අද ඊට පටිගතකිරීමේ යන්ත‍්‍ර‚Floppy Disk‚ CD‚ VCD‚ DVD‚ Pen drive වැනි බොහොමයක් විකල්ප මාධ්‍ය බිහිවීමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් තොරතුරු ගබඩාකිරීම දුෂ්කර කරුණක් නොවන බව නොවේද?
මෙවන් දියුණුවක් එක්වරම පුද්ගලයා සතුකර ගත්තා නොවේ. ක‍්‍රම ක‍්‍රමයෙන් හිමිකරගත්තකි. නිදසුනක් ලෙස වීදාගම හිමියන් පැරකුම්බා රජුගේ ආරක්‍ෂාව සපයන සමයේ අලගක්කෝනාදීන්ගේ කුමන්ත‍්‍රණ හා වෙනත් තමාට අවශ්‍ය තොරතුරු දැනගැනීමට තම ආශ‍්‍රමය අසල තල් ගසක එක්තරා යන්ත‍්‍රයක් රඳවා එහි සිට අදින ලද හුයක් සිය යහනේ සවිකර ඉන් තොරතුරු දැනගත් බව ඉතිහාස හෙළිදරවුවෙන් පැහැදිලි වෙයි.(පෙරේරා‚2003)[xi]
මෙවන් ක‍්‍රම සහ විධි නූතන සන්නිවේදන සංකල්පයන්ට පසුබිම සැපයූ බව පෙන්වාදිය යුතු වැදගත්ම කරුණකි.
මේ අන්දමින් විකාශයට ලක්වූ සන්නිවේදන පසුතලය තුළ කැමරාවනිපදවීමද එමඟින් සිනමාවබිහි කර ගැනීමද වැදගත් කරුණකි. Vedio Films” බිහිවීමට පසුබිම එමඟින් උදාවිය. (මහින්ද පාල‚2009)[xii]
පරිගණකයමෙකී සන්නිවේදන පසුතලය තුළ සාකච්ඡාවට බඳුන් විය යුතු වැදගත්ම තේමාව ලෙස දැක්විය හැකිය. පරිගණකය සොයාගැනීමත් සමඟම සන්නිවේදන ගමන්මඟ වඩා වේගයෙන් වෙනස්කම්වලට බඳුන්විය.(ධර්මපාල‚2003)[xiii]
එදා පෑනේ මිතුරන් සමඟ වූ ලිපි හුවමාරුව අද වන විට Face book”මඟින් වඩා සාර්ථකව සිදුකළ හැකිය. නූතනය වන විට Face book භාවිත කරන පිරිස රටක් වශයෙන් විමසා බැලූව හොත් එය ජනගහණය වැඩිම තෙවන රට ලෙස පෙන්වා දිය හැකිය. එවන් ප‍්‍රමාණයක් මෙම නූතන සන්නිවේදන දියුණුවේ ප‍්‍රයෝජන භුක්ති විඳින්නන් වෙයි.ඔවුන් අතර හුවමාරු වන තොරතුරු ප‍්‍රමාණයන් අසීමිත බවත් ඒ හරහා අනාගත සන්නිවේදන පරිසරයට ක‍්‍රමයෙන් පදනම වැටෙන බවත් පෙන්වාදිය යුතුය.
එසේම My space‚Twitter‚Bebo‚Linkedinවැනි සමාජ ජාල හරහා සමාජ කණ්ඩායම් එකට එක් කොට පුද්ගලයාට වඩා වේගවත්ව තොරතුරු හුවමාරුවට පහසුකම් සපයා දී ඇති බවද පෙන්වා දිය යුතුය.
“E-mail” හරහා තත්පර ගණනකින් ලිපි හුවමාරුවට ඉඩ සැලසී ඇති අතර පුද්ගලයින් කාලය හා අවකාශය අතික‍්‍රමණය කරමින් වඩා සමීපව තොරතුරු හා අදහස් හුවමාරුවේ යෙදෙනු දැකගත හැකිය.
“Skype”යන සංකල්පය හරහා මේ වන විට මුහුණට මුහුණලා අදහස් ප‍්‍රකාශනයට ඉඩ සැලසී ඇති අතර එයද නූතන සන්නිවේදන පසුබිම තුළ අප හිමිකරගත් වැදගත් දියුණුවකි.
“Internet” හරහා සන්නිවේදන මාර්ග අද වන විට බොහෝ සෙයින් දියුණු වී ඇති අතර තමාට අවශ්‍ය  ඕනෑම තොරතුරක් ලබාගැනීමට හැකි පරිදී තොරතුරු සියල්ල එකට කැටිවී තිබෙනු දැකගත හැකිය. (මලලසේකර2007)[xiv]
එසේම Wikipedia මඟින් තොරතුරු අන්තර්ගතය වෙනස්කිරීමට පවා ග‍්‍රාහකයාට හැකියාව ලැබී තිබීමදBlog හරහා පුරවැසි මාධ්‍යවේදයටඉඩ සලසාදීමද මෙම නූතන සන්නිවේදන පසුබිම තුළ පෙන්වාදිය යුතු තවත් වැදගත් කරුණු වෙයි(perera‚2007)[xv]
මීට අමතරව Forums‚ Pod casts‚ Social networking‚content-communitiesහරහා පුද්ගලයින්ට තවදුරටත් තොරතුරු යන්න දැඩි වෙහෙසක් දරමින් සොයා යා යුත්තක් නොවන බවත් තොරතුරුම අප සොයා පැමිණෙන තත්ත්වය දක්වා නූතන සන්නිවේදන පරිසරය දියුණුවට පත්ව ඇති බවත් පෙන්වා දිය යුතුය.
මීට සමගාමීව වැඩිදියුණු වූ ජංගම දුරකථනයසන්නිවේදන පරිසරයට එක්වීමත් සමඟම එය කුඩා පරිගණකයක කාර්යභාරය උසුලන්නට තරම් ප‍්‍රබල තත්ත්වයකට පත්ව ඇති බව අරුමයක් නොවේ.
නූතන ජංගම දුරකථනයක් (Mobile computer)තුළSMS‚ MMS‚ Chat‚ Voice mail‚ Camera‚ Vedio recorder‚ fm radio‚ Games‚ Bluetooth‚ 3G තාක්‍ෂණයට අමතරව Internetවැනි ක‍්‍රමවේදයන් භාවිතයටද හැකියාව තිබේ.
e-mail‚ Skype වැනි පරිගණකයට සීමා වූ සංකල්ප ජංගම දුරකථනය තුළට පිවිසීමත් සමඟ තොරතුරු හා අදහස් හුවමාරුව පෙරට වඩා දියුණු වී ඇති බව පෙන්වා දිය හැකිය.
penbased computer මඟින් අත්අකුරු වලට සංවේදී පෑනක් භාවිත කරන අතර පරිගණක යතුරු පුවරුවට වඩා වේගයෙන් එහිදී දත්ත ඇතුළු කළ හැකිය. එයට වඩා වේගයෙන් තොරතුරු ඇතුළු කිරීමට මේ වන විට වාචිකව දත්ත ඇතුළු කළ හැකි විශේෂිත පරිගණකද බිහි කර ගැනීමට උත්සාහ දරන බවද පෙන්වා දිය යුතුය.
එසේමපුද්ගලයාගේ දෛනික දිවිපෙවෙත වඩා සුවපහසු කිරීමට බොහෝ මෙවලම් මේ වන විට බිහිවී ඇති බව පෙන්වා දීම වැදගත් කරුණකි.
Intelligent computer controle මඟින් දුරස්ථ උපකරණවල ක‍්‍රියාකාරිත්වය පාලනය කිරීමටත් තවත් අයෙක්ට අන්තර්ජාලයට ඇතුළුවීමට ඇති ඉඩ අසුරා දමමින් සිය පෞද්ගලිකත්වය ආරක්‍ෂා කර ගැනීමටත් හැකියාව ලබා දී තිබේ.
එසේම Telemedicine සේවය මඟින් භූගෝලීය සීමාවන් ඉක්මවමින් පුද්ගලයාට වෛද්‍ය සේවාවන් අති සාර්ථකව ලබා ගැනීමටත් මෙයට Video phone තාක්‍ෂණය සම්බන්ධ කොට වෙනත් රටවල වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය ඇතිව ශල්‍යකර්ම පවා සාර්ථකව කළ හැකිවීමද විශේෂ ලක්‍ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.
Electronic commerce යන සංකල්පය මඟින් සජීවීව ව්‍යාපාර කිරීමටත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිල ගණන් දැනගැනීමටත් ඇනවුම් කිරීමට හැකිවීමත් තවදුරටත් මෙහිලා පෙන්වාදිය හැකිය.
Agent යන පරිගණක වැඩසටහන් විශේෂය මඟින් අපට අවශ්‍ය වෙබ් අඩවි වෙත පමණක් අප යොමු කිරීමෙන් කාලය ඉතිරි කර ගත හැකි වීමද මෙම නූතන සන්නිවේදන පරිසරයේ  දියුණුව කියාපාන්නකි. මේ වන විට වෙනත් භාෂාවක් කතා කරන අයෙක් පවසන දේ අපට වැටහෙන බසින් ඇසීමට සලසන බුද්ධිමය තාක්‍ෂණයද බිහිකර ගැනීමට උත්සාහ දරන බව තවදුරටත් පෙන්වා දිය යුතුය.
එදා අවාචික සන්නිවේදනයෙන් අදහස් හුවමාරු කරගත් මානවයෙක් මේ සන්නිවේදන වටපිටාවට එළඹියේ යැයි සිතමු. ඔහුට මේ සියල්ල මායාලෝකයක් වෙත පිවිසීමක් මෙන් දැනෙනු ඇත. අනාගත දිනයක අප පත්වන්නේද මේ තත්ත්වයට හෙයින් නූතන සන්නිවේදන වටපිටාව විස්තර කිරීමේදී අද දිනයේ භුක්තිවිඳින සන්නිවේදන තාක්‍ෂණය අතීතයේ අදහස් හුවමාරුවට ක‍්‍රම සහ විධි සෙවූවන්ගේ සහායෙන් අප හිමිකරගත්තක් බව නිහතමානීව පිළිගත යුතුය.
මුල් කාලීනයන් විසින් සන්නිවේදන ගමන් මඟට අවතීර්ණ වීමේ පටන් ක‍්‍රමයෙන් ගොඩනඟාගත් ප‍්‍රාථමික සන්නිවේදන මාර්ග හරහා ඇති වූ පරිණාමය මතින් අද වන විට නූතන ජනමාධ්‍ය ලබා ඇති ප‍්‍රගතිය හෙට වන විට තවදුරටත් ඩිජිටල් තාක්‍ෂණික උපකරණ හරහා වර්ධනය වනු වැළැක්විය නොහැක. මෙවන් වූ විවිධ සන්නිවේදන රටා නිසා අද සමස්ත ලෝකයම විශ්ව ගම්මානයක තත්ත්වයට පත්ව ඇතැයි මාර්ෂල් මැක්ලූහන්පවසන ප‍්‍රකාශය මේ වන විට සැබෑ සත්‍යයක් වී හමාර බව පැවසිය හැකිය.
නූතන සන්නිවේදන පසුබිම මෙතරම් දියුණු තත්ත්වයක පවතින හෙයින් හෙට වන විට අනාගත සන්නිවේදන මංමාවත විජ්ඡාවන්ගෙන්මායා සංකල්පයන්ගෙන් හා සිහින පුරවරයන්ගෙන් පිරුණු අරුම පුදුම ලොවක් වන බවට පූර්වේක්‍ෂණය කළ හැකිය.
ඒ සිහින පුරවරයට ඇතුළු වීමට අනාගත පරපුර මඟ බලාසිටින බවත් ඒ ලොව තුළ බිහිවන සංකල්පඋපකරණ හා මෙවලම් අද අප සාඩම්බරයෙන් සාකච්ඡා කරන නූතන සන්නිවේදන සංකල්ප හා සසඳා බැලීමේදී මානවයා මුල් යුගයේ බිහිකරගත් ප‍්‍රාථමිකසන්නිවේදන ක‍්‍රමයන්ටත් වඩා ප‍්‍රාථමික මට්ටමක පැවතිය හැකි බවටත් අනාවැකි පළ කළහැකිය.





සටහන්



[i]Lasswell H.D,(1948),The structure and function of communication in society in lyman Bryson(ed),The communication of ideas,New York.

[ii]MillerGerald R,(1966), Speech Communication,A.Behavioural Approach, page 2.
[iii]ThomsenW.F,(1972),Media and communication,NewYork.
[iv]Murtrie Douglas MC,(1943),The Book The History Of Printing and Book Making, Oxford University press, NewYork.
[v]හපුආරච්චිඅජන්තා‚(2008)මාධ්යසාක්ෂරතාවහාමැක්බ්යිඞ්වාර්තාවෙන්සෙනරත්ප්රකාශනපිටු 11-15
[vi]මහේන්ද්රසුනන්ද,(2005)සන්නිවේදනගවේෂණඇස්ගොඩගේසහසහෝදරයෝ.
[vii]මහේන්ද්රසුනන්ද‚(2005) සන්නිවේදනගවේෂණජනසන්නිවේදනකරියාදාමයඇස්ගොඩගේසහ සහෝදරයෝ,පි.25.

[viii]Mcluhan Marshall" (1972) The Gutenberg Galaxy.
[ix]රත්නසිංහපියදාස‚ (2006) ඇසිදිසිමායාවරූපවාහිනීසන්නිවේදනය,  තරංජිප්රින්ටර්ස්.
[x]දිසානායකවිජේසිංහ,(2007) රූපවාහිනීමාධ්යආධිපත්යය,සරසවිප්රකාශකයෝ, පිටු 5-7.

[xi]පෙරේරා G.H, (2003) හෙළදිවපුවත.

[xii]මහින්දපාල M.D,(2009) සිනමාරූප, සරසවිප්රකාශකයෝ, පිටු 3-11.
[xiii]නානායක්කාරනන්දධර්මපාල,(2003)පරිගණකඉතිහාසය 2 කාණ්ඩය, එස්ගොඩගේසහසහෝදරයෝ.
[xiv]මලලසේකරතිළිණරුවන්, (2007) අන්තර්ජාලය හා ඊළාම්සටන්ව්යාපාරය.
[xv]Perera Sunil Sarath,(2007),Electronic Media Guidelines and analysis,Sarasawi printers,p.62-69.