Wednesday, January 23, 2013


Log on to Internet
අන්තර්ජාලය අපට අවශ්‍ය වන්නේ ඇයි? විශ්ව ගම්මානයක ජීවත් වන අපට එකිනෙකා සමඟ ගනුදෙනු කරමින් සුහද සබදතා ගොඩනඟා ගැනීම සඳහා අන්තර්ජාලය අත්‍යවශ්‍ය වීම ඊට පිළිතුරයි. 21 සියවසට නැතිවම බැරි තාක්‍ෂණික උපාංගයක් බවට අන්තර්ජාලය පත් වී තිබෙන්නේ ද ඒ නිසාය. ගෝලීයකරණ සංකල්පය තුළ ක‍්‍රියාත්මක තොරතුරු සමාජයේ අන්තර්ජාලය බහුකාර්යය මෙවලමක් ලෙස භාවිතා කරයි. ප‍්‍රාථමික මිනිසා ගින්දරින්, හූ හඩින්, සතුන් මාර්ගයෙන් පණිවිඩ හුවමාරු කරගත්තේ නව සන්දේශ ක‍්‍රමයක් බිහි කර ගැනීමටයි. මෙලෙස ක‍්‍රමිකව විකාශනය වූ තාක්ෂණය මැන දැැක්විය නොහැකි තරම් ප‍්‍රබලය. පුළුල්ය. තාක්ෂණ වර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලය බිහි වන අතර මේ වන විට එය ප‍්‍රබල සන්නිවේදන මාධයක් ලෙස ලෝක ප‍්‍රජාව අතරට ගොස් ඇත. අවශේෂ මාධ්‍යයන් මෙන්ම අන්තර්ජාලය බිහිවීමටද බලපා තිබෙන්නේ සමාජමය සාධකය. එනම් ඇමරිකා එක්සත් ජනපදයේ ධනවාදී අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ මෙවළමක් ලෙස අන්තර්ජාලය නිර්මාණය කර තිබීමයි. පූර්වයෙන් අන්තර්ජාලය ආරක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරන ලද හමුදා ව්‍යාපෘතියකි. පසුකාලීනව එය ශාස්ත‍්‍රීය ආයතන අතර පර්යේෂණ හුවමාරු කර ගැනීමේ සන්දිස්ථානයකි. ක‍්‍රමික විකාශනයෙන් අන්තර්ජාලය ශාස්ත‍්‍රීය වාණිජ හා පෞද්ගලික භාවිතයන් සඳහා යොදා ගන්නා මාධ්‍යයක් බවට පත් විය.
                අන්තර්ජාලය තොරතුරු ලබාගත හැකි තොරතුරු යැවිය හැකි දැනුම් කේන්ද්‍රස්ථානයකි. විනෝදාස්වාදය ගෙන දෙන්නකි. පුද්ගලයන් හමුවිය හැකි නවාතැන් පොළකි. අන්‍යෝන්‍ය සුහදතා ඇති කරන සමීප මිතුරෙකි. එහෙයින් අන්තර්ජාලය පරිගණක වැඩසටහනක් හෝ උප යන්ත‍්‍රයක් හෝ පද්ධතියක් යන්න අතික‍්‍රමණය කරයි. අන්තර්ජාලය සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි. එහෙයින් එහි අයිතිය කිසිදු රජයකට හෝ ආයතනයකට හිමි නොවේ. සමාගම් පදනම් හා නියෝජ්‍ය ආයතන 85 න් සෑදුණු උපදේශක මණ්ඩලයකින් සමන්විත වන සේ අන්තර්ජාල සමාජය ව්‍යුහගත වේ. මෙම ජාලය අධීක්‍ෂණය කරමින්, ප‍්‍රමිති ස්ථාපිත කරමින් අන්තර්ජාල සමාජය සිය සේවය ඉටු කරයි. ඒ අනුව අන්තර්ජාලයේ පියා ලෙස සළකනුයේ අන්තර්ජාල සමාජයේ සභාපති වින්සන්ට් සර්ෆ් (Vincent Cerf)ය. අන්තර්ජාලය පිළිබඳව මනා දැනුමක් ලබා ගැනීම උදෙසා නිර්වචන කිහිපයක් හඳුනා ගැනීම වැදගත් වේ.
අන්තර්ජාලය යනු නව සහශ‍්‍රකයේ සෑම පුද්ගලයෙකුටම පරිහරණය කළ හැකි තොරතුරු ගබඩාවකි. කෙසේද යත් සෑම මාධ්‍යයක් හා සම්බන්ධ සියල්ල අන්තර්ගත මාධ්‍යයකි. (Levinsìon 1999,P: 5)
අන්තර්ජාලය යනු වර්තමානයේ පවතින විශාලතම ජාලයන්ගේ ජාලය මෙන්ම අනාගත සුපිරි තොරතුරු මාවතේ සමීපතම අකෘතියයි (O' Berten, A. James, 1997,p.30)
අන්තර්ජාලය යනු පශ්චාත් නූතනවාදී තාක්‍ෂණය මත පදනම් වූ ජාතික මෙන්ම ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක මාධ්‍යයකි. (Curron, 2002, P :172)

අන්තර්ජාලය යනු ආර්ථික, දේශපාලනික, නීතිමය, ආචාරධර්ම යන ක්ෂේත‍්‍රයන් ආවරණය කරන පුළුල් පරාසයක් පුරා ව්‍යාප්ත වූ නවීන තාක්ෂණයේ ප‍්‍රතිඵලයකි(Mann, Stewart, 2000, P:8)
අන්තර්ජාලය යනු මිලියන ගණනක් වූ ජනතාව එකම තොරතුරු මාවතකට ප‍්‍රවේශ කරන ගෝලීය වශයෙන් ව්‍යාප්තියක් සහිත මාධ්‍යයකි. (David and Hoymes, 2003, P:337)
                ඉහත සියලූ නිර්වචන සළකා බැලීමෙන් අන්තර්ජාලය යනු කුමක්ද? යන ප‍්‍රස්තුතයට පිළිතුරු සපයා ගත හැකිය. අන්තර්ජාලය ස්වභාවයෙන්ම නවීන තාක්ෂණය මත පදනම්ව, විශාල ව්‍යාප්තියකින් හෙබි ගෝලීය සබඳතාවය තහවුරු කරන මාධ්‍ය මෙවළමකි. එය ගෝලීය සමාජය තුළ ජීවත් වන ජනතාවගේ සුහඳතා ඔප්නංවන, අධ්‍යාපනික, ව්‍යාපාරික මෙන්ම විනෝදාස්වාදය ලබා දෙමින් දෛනික ජීවිතයේ සියලූ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තොරතුරු මෙන්ම උදව් ලබා ගත හැකි, සියලූ ජනතාව එකම තොරතුරු ප‍්‍රවාහයකට එක් කරන සුවිශාල පරිගණක ජාලයකි.
අධිවේගී තාක්ෂණයේ සුපිරි පෙරගමන්කරුවා ...............................
                අන්තර්ජාලයට පිවිසි පළමු දින ඔබට දැනුන හැඟීම මතකද? එය වේගවත්, එසැණින් තොරතුරු ලබා දෙන්නක් නිසා ඔබ මවිත වූවාට නම් සැකයක් නැත. අධිවේගී සුපිරි තොරතුරු තාක්ෂණයේ පෙරගමන්කරුවා ලෙස අන්තර්ජාලය අපමණ මෙහෙයක් සිදු කරයි. තොරතුරු ලබාදීම යන්න අතික‍්‍රමණය කරමින් ඉන් එහා ගිය සේවයක් එමඟින් ලබා දෙයි. අන්තර්ජාල සේවාව ලබා ගැනීම උදෙසා ලොව පුරා 30, 2, 405, 518, 376 ක ප‍්‍රජාවක් ඒකරාශී වී ඇත. අන්තර්ජාලය පුරා නිතර සැරිසරන ජනතාව ප‍්‍රතිශතයක් වශයෙන් මෙසේ හඳුනාගත හැකිය.
ඇසියාව            -              44.8                                                                        ඕස්ටේ‍්‍රලියාව                 - 1.0
යුරෝපය           - 21.5                                                                     ලතින් ඇමරිකාව            - 10.4
උතුරු ඇමරිකාව - 11.4                                                                    අප‍්‍රිකාව                         - 7.0
මැද පෙරදිග       - 3.7
වශයෙනි. ආසියාවේ පමණක් අන්තර්ජාලයට පිවිසෙන ප‍්‍රමාණය 235, 989, 160 දෙනෙකි. ව්‍යාපාරික වශයෙන් ශ‍්‍රී ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ ලංකා ඉන්ටර්නෙට් ලෙස හඳුන්වන සීමා සහිත ලංකා ඉන්ටර්නෙට් සමාගම ආරම්භ කිරීමෙන් පසුවයි. 1998 දී 55,000 ක් වූ අප රටේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 2012 ජූනි වන විට 3,222,200 ක් වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය සමස්ථ ජනගහනයෙන් 15% කි. මෙයාකාරයෙන් දිනෙන් දින තාක්ෂණික වශයෙන් මිනිසා හා සමීප වන අන්තර්ජාලය වටා විශාල ජන බලකායක් එක්රොක් වන්නේ එහි අසීමිත සේවාවන් ලබා ගැනීම උදෙසාය. අන්තර්ජාලය මඟින් එහි සැරිසරන්නන්ට ලබා දෙන්නේ තොරතුරු පමණක්ද යන්න විමසා බැලීම වැදගත්ය.
                අන්තර්ජාලය තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් ක‍්‍රියාත්මක වන පුස්තකාලයක් වශයෙන් හඳුනා ගත හැක්කේ එමඟින් අසිමිත ලෙස තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව හේතුවෙනි.  ඕනෑම වර්ගයක තොරතුරු රැස් කරන්නන් සඳහා තමන් බලාපොරොත්තු වන සේවය පිළිබඳ බොහෝ තොරතුරු අන්තර්ජාලය මඟින් ලබාගත හැකිය. ප‍්‍රසිද්ධ කරන ලද පොත් පත්, පර්යේෂණ හා ගවේෂණ පත‍්‍රිකා, සඟරා, පුවත්පත්, ශබ්ද කෝෂ පමණක් නොව ලොව පුරා ඇති විශ්ව විද්‍යාල වල වෙබ් අඩෙවි වලට පිවිසීමේ අවස්ථාව හා ඇතුළත් වීම සඳහා අවශ්‍ය අයදුම්පත් ගෙන්වා ගැනීමටත් අවස්ථාව ඇත. පරිගණක භාවිතා කරන්නන් උදෙසා නොමිලේ හා මුදල් ගෙවා ලබාගත හැකි විවිධ මෘදුකාංග, මාර්ග ගත ආධාර, උපදෙස්, පරිගණක ශබ්ද කෝෂ ආදිය ලබා ගැනීමට පහසුය. ව්‍යාපාරික වශයෙන් විශාල සමාගම් තම ශාඛා කාර්යාල සම්බන්ධ කර ගැනීමේ පහසු මාර්ගයන් ලෙසත්, වෙළෙඳ දැැන්වීම් ප‍්‍රචාරයට, වෙළෙඳ පර්යේෂණ හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමට මෙන්ම භාණ්ඩ හා සේවා අළෙවි කරගන්නා පොළක් ලෙසටත් අන්තර්ජාලය ක‍්‍රියාත්මකයි.
                විනෝදය පිණිස සකස් කරන ලද පරිගණක වැඩසටහන්, චිත‍්‍රපට, ගීත, කාටූන්, මිතුරු මිතුරියන් ඇසුරට, සල්ලාපයට අවස්ථාව උදා කරයි. අන්තර්ජාලය හරහා මුදල් හුවමාරුව, බිල්පත් ගෙවීම් හා මිළදී ගැනීම් සඳහා පහසුකම්ද ඇත. අන්තර්ජාලය සතු කාර්යභාර්ය අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය වශයෙන් විභේදනය කර හඳුනාගත හැකිය.
අන්තර්ජාලය     -           විද්්‍යුත් ලිපි හුවමාරුව (E - mail)  ,ලිපි ලයිස්තු ක‍්‍රමවේදය (Mailing list)",දුරස්ථ පරිගණකයට සම්බන්ධ වීම ,ටෙලි.ජාල සේවය (Tele net),පුද්ගලයින් සොයා ගැනීම (Finding People) ෆයිල් හුවමාරුව : (Moving files)
ලෝක ව්‍යාප්ත ජාලය  - අන්තර් ක‍්‍රියාකාරී වීඩියෝ ක‍්‍රම (Interactive Video)  විද්්‍යුත් වාණිජ්‍ය E-Commerce) අන්තර්ජාල සංවාද, විනෝදාස්වාදය ලබා ගැනීම, විද්්‍යුත් වෛද්‍ය සේවය ,විද්්‍යුත් බැංකු ,මහජන තොරතුරු සේවය, බහු මාධ්‍ය ඉදිරිපත් කිරීම, වොයිස් මේල් (Voice mail)
(මධුභාෂිණී, 2008, ms: 34&
අන්තර්ජාලයටත් සංස්කෘතියක් .........................
                අන්තර්ජාලයට පිවිසීම ලෝකයේ සීඝ‍්‍රයෙන් වර්ධනය වන්නේ 1991 වසරේදී ටයිම් බර්නස් ලී විසින් ලෝක ව්‍යාප්ත ජාලය (World wide web - www) හඳුන්වා දීමෙනි. අන්තර්ජාලය බහුකාර්යය මෙවළමක් ලෙස විශාල සේවයක් ඉටු කරත් ඒ ආශ‍්‍රිත ගැටළුද හඳුනා ගත හැකිය. අන්තර්ජාලය ඊට අනන්‍ය සංස්කාතියක් නිර්මාණය කරගෙන ඇත. මිලියන ගණනක ජනතාවක් ඒ වටා එක්රොක් වීම ඊට හේතුවයි. මෙම සංස්කෘතික ප‍්‍රවණතාවය හා මුසු වන තාක්ෂණය නිසාම අන්තර්ජාලය තුළ ගැටළුකාරී තත්්වයක් මතු වී ඇත.
                ලෝකයේ ඇතැම් කොට්ඨාශ වලට අන්තර්ජාලයෙන් ගත හැකි සේවාව අවම වේ. සංවර්ධනය වෙමින් පවතින හා ඌණ සංවර්ධිත රටවල බිම් මට්ටමේ ජනතාවට අන්තර්ජාල පරිහරණය සීමා වී ඇත. ඊට හේතු UNESCOj දක්වන්නේ මෙලෙසිනි.
තොරතුරු තාක්ෂණයේ ප‍්‍රතිලාභ පිළිබඳ                      තොරතුරු තාක්ෂණ භාවිතයට පෙළඔීමක්
නොදැැනුවත්භාවය                                                          නොමැති වීම.
                                                                               
                                                                 සන්නිවේදන පරතරය

පරිගණක හා අන්තර්ජාල සම්බන්ධතාව                                භාෂාමය වශයෙන් ඇතිවන බාධා
ලබා ගැනීමට නොහැකි වීම.
                තාක්ෂණය හා සම්පත්වල ඇති ඌණ භාවය හේතුවෙන් ලෝකයේ සෑම පුද්ගලයෙකුටම අන්තර්ජාලයේ සැරිසැරීමට ඇති අවස්ථාව මඟ හැරී ඇත.
                නූතන මිනිසාගේ දෛනික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සමත් බහුකාර්යය මෙවළමක් වුවද අන්තර්ජාලය, මානව, සමාජ හා ආර්ථික වශයෙන් පුද්ගල ජීවිතය පරිහානියටද ලක් කරයි. ප‍්‍රසිද්ධ මනෝ විද්‍යාඥයකු වන කිම්බෝල් එස්.යන් (Kimball S. Young) විස්න් අන්තර්ජාලය සමඟ දැැඩි සම්බන්ධතාවක් දක්වන පුද්ගලයින් 436 ක් ඇසුරෙන් පර්යේෂණයක් පවත්වා ඇත. එයින් පෙන්වා දෙන්නේ අන්තර්ජාලයට අධික ලෙස ඇබ්බැහි වී ඇති පුද්ගලයන් කිසියම් ව්‍යාධියකට පත්වී ඇති බවයි. ඇමරිකාවේ සින්සිනැට් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාත්මක මනෝ චිකිත්සාව පිළිබඳ වැඩසටහනේ සොයා ගැනීම් වලට අනුව අන්තර්ජාලයට ඇබ්බැහි වූවන්ගෙන් 72%ක් මානසික අවපීඩනයට (Biopolar disorder)හා ස්නායු ක‍්‍රියාකාරිත්වයන්ගේ ව්‍යාකූලත්වයට (Impulse disorder)  පත්ව තිබෙන බව පෙන්වා දෙයි.
                මහාචාර්ය නානාත් ස්පාප්රා (Dr. Nathan Spapra)මෙම තත්ත්වය ඉන්ටොනෝමියා ලෙස හඳුන්වයි. (Quitter" 1997 P: 72) අන්තර්ජාලය නිතර පාවිච්චි කරමින් ප‍්‍රයෝජනයට ගන්නන් දැැන් එයට ඇබ්බැහි වීමේ උවදුරට නතුවෙමින් සිටින බව ලොව පුරා විද්වත්හු ප‍්‍රකාශ කරති. අන්තර්ජාලයට සහ ඇබ්බැහි වූ කෙනෙක්, එනම්, ජාල සොඩෙක් පෙන්වන හැසිරීම සහ ගති ස්වභාව මේ යැයි කියා හොඳින්ම විස්තර කර දුන්නේ ඇමරිකාවේ ඔරිහොන් විශ්ව විද්‍යාලයේ මානසික රෝගී විශේෂඥයෙකු වන ජෙරල්ඞ් බී. ලොක්ය. ඇමරිකානු වෛද්‍ය විද්‍යා සඟරාවට ඔහු ලියා තිබූ එම රෝග ලක්ෂණ මෙසේය.
             අසීමිත ලොල් බව          - කාලය ගතවෙනවා නොදැැනී, කෑම බීම නොගෙන, නින්දට නොයා, අතවශ්‍ය වැඩ කටයුතුවල බැ?රුම්කම පසෙකලා අන්තර්ජායට යොමුව සිටීම.
             නොලැබීමේ පීඩාව         - අන්තර්ජාලයෙන් ඉවත්වීම හෝ අන්තර්ජාලයට ප‍්‍රවේශ වෙන්නට නොහැකි වීම, කේන්තිය උපදවන, මානසික පීඩනයක් ගෙන දෙන කටයුත්තක් වීම.
             තාක්ෂණ තණ්හාව         - කොතරම් වේගවත් වුවත් දැැන් තිබෙන අන්තර්ජාල වේගය නොසෑහීම. තිබෙන පරිගණක වැඩසටහන් ප‍්‍රමාණවත් නැතැයි සිතීම. යන්ත‍්‍රයේ ධාරිතාව ප‍්‍රමාණවත් නැතැයි සිතීම. අන්තර්ජාල සේවාවල සීමාව නොරිස්සීම.
             නරක පසුවිපාක  - අන්තර්ජාලය භාවිතා කොට අවසන් කළ පසුවත් සාමාන්‍ය ජීවිතයේදී කළහකාරී වීම, වැඩ කිරීම අතින් පසුගාමී වීම, නිතර නිදා ගැනීමට හෝ හුදෙකලා වී සිටීමට පෙළඹීම, තෙහෙට්ටුවෙන් සිටීම.
(විජය පරිගණක ,2012, මැයි)
මනෝ වෛද්‍ය ජෙරල්ඞ් බී. ලොක් පෙන්වා දුන් මෙයාකාරයේ ලක්ෂණ තිබෙන අය ලෝකයේ  ඕනෑ තරම් සිටී. දකුණු කොරියාව ලෝකයේ වැඩියෙන්ම අන්තර්ජාල භාවිතය ඇති රටයි. එහි රජය ප‍්‍රසිද්ධ කොට ඇති දත්ත වලට අනුව එරට දරුවන් 210,000 ක් පමණ රෝහල් වල නතර කොටගෙන වෙදකම් කරන තරමටම ජාල සෙඬුන් වී සිටිති. එමෙන්ම දකුණු කොරියාව 30% ක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් අන්තර්ජාලයට ඇබ්බැහි වීමෙන් පීඩා විඳිති. චීන්නු තමන්ගේ විවේක කාලයෙන් 44%දෙනා අන්තර්ජාලයට සම්බන්ධ වේ. ඔවුන්ගෙන් 13.7% ක් නියත වශයෙන් ප‍්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයට පත්ව ඇත. ඇමරිකාවේ, යුරෝපයට අයත් කලාපයේ රටවල අන්තර්ජාලය භාවිතා කරන සෑම අට දෙනෙකුගෙන් අයෙක්ම අන්තර්ජාලයට ඇබ්බැහිවීමේ ලක්ෂණ පෙන්වයි. චීන විද්‍යා ඇකඩමියේ හාවෝ ලී ඇතුළු පර්යේෂකයින් විසින් මොළයේ M.R.I ස්කැන් සටහන් ඇසුරෙන් පෙන්වා දී තිබෙන්නේ අන්තර් ඇබ්බැහි වූවන්ගෙන් මොළයේ ක‍්‍රියාකාරිත්වය මධ්‍යසාර වලට හෝ වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ මොළයේ ක‍්‍රියාකාරීත්වයට සමාන බවය. අන්තර්ජාලයට  ඇබ්බැහි වීම නිසා පවුල් සංස්ථා බිඳී ගොස් වෙනත් පේ‍්‍රම සම්බන්ධතා කෙරෙහි හා ලිංගික සම්බන්ධතා කෙරෙහි යොමු වීමේ වැඩි ප‍්‍රතිශතයක් දක්නට ලැබේ. එමෙන්ම සමාජ සබඳතා දුරස් වීම, අධ්‍යාපන කටයුතු, රැකියාව අඩාල වීම යන ගැටළුකාරී ස්වභාවයක් නිතැතින්ම දක්නට ලැබේ.
                තත්ත්වය මෙසේ වුවත් ගෙවෙන සෑම තත්පර දහයකට වරක් ලොව කොතැනක හෝ කෙනෙක් අන්තර්ජාලයට පිවිසෙයි. ඔහු හොඳ හෝ නරක දැනුමක් ලබා ගතී. හොඳ - නරක ගුණ මත පවතින ලෝකයේ මිනිසුන් අවශ්‍යතාවයන් හඳුනාගන්නේද එලෙසිනි. අවශ්‍ය දෑ ලබාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අන්තර්ජාලයේ සැරිසරන ඔබ සතු වගකීමකි. අන්තර්ජාලය බිහි කිරීමටත්, පවත්වා ගැනීමටත් හේතුව මිනිසාය. මිනිස් පරපුරට අයිති ඔබත්, මාත් අන්තර්ජාලය නිසි පරිදි අනාගත පරපුරක් උදෙසා තිළිණ කළ යුතු වේ. අන්තර්ජාලයට ඇල්මක් දක්වන ඔබ මේ වගකීම ඉටු කරන්න සූදානම්ද?


ආශ‍්‍රිත ග‍්‍රන්ථ
             කරුණාරත්න අශෝක (1994), අන්තර්ජාලය හා එහි ප‍්‍රයෝජන, තරංග ප‍්‍රකාශකයෝ.
             මධුභාෂිණී, ටී. ජී (2008), අන්තර්ජාලය හා සංවර්ධනය, තරංග ප‍්‍රකාශකයෝ, මුදුන්ගොඩ.
             නන්දසාර එස්. ටී, සේනාරත්න පී.එම් (1997), ඉන්ටනෙට්, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
             සේනාරත්න, පී.ඇම්, (2000), 21 වැනි සියවසට ඉන්ටර්නෙට්, ඇම්.ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ 11.

ඉංග‍්‍රීසි ග‍්‍රන්ථ
v               Levinson Paul (1999), Digital Mclunan, Rotledge, London.

අන්තර්ජාලය
v http''// www,cyberweb.com
v http''// www.facebook,com
v http''// www.wikipedia.org
v http''// www.ravinp.blogspot.com
සඟරා
             අමරසූරිය පාලිත, ඉන්ටනෙට් එයා දැන් ලොකු ළමයෙක්, විජිය පරිගණක 7 වන වෙළුම, 8 වන කලාපය, 2004 අපේ‍්‍රල්.
             ඉන්ටනෙට් හෙවත් අන්තර්ජාලය, විජය පරිගණක, 10 වන වෙළුම, 12 වන කලාපය, 2007 සැප්තැම්බර්.
             කීර්තිරත්න අමන්ත, ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට පණ පිඹීම, විජය පරිගණක, 10 වන වෙළුම, 9 වන කලාපය, 2007 ජුනි.
             වික‍්‍රමසිංහ කල්පනී, අන්තර්ජාලය නිසා උපන් අපරාධ, විජය පරිගණක 2007 මැයි.

No comments:

Post a Comment