Thursday, January 31, 2013


අන්තර්ජාල භාවිතය තුලින් තරුණ පරපුරට සිදුවන අයහපත් බලපෑම

(සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම)


         මානව සංහතියේ ආරම්භයේ සිටම විවිධ තොරතුරු හුවමාරු කරගැනීමෙහි නිරත වූ මිනිසා සිය අදහස් ආකල්ප අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගනු ලැබුවේ සංඥා හා සංකේත භාවිතා කරමිනි. අතීත මානවයා සිය මූලික අවශ්‍යතා සන්නිවේදනය කිරීම සඳහා ශබ්ද සංඥා හා දෘශ්‍ය සංඥා යොදාගනු ලැබීය”. (සුනිල් දෑරංගල, 2007,පි:130) ප‍්‍රාථමික මිනිසා ක‍්‍රමයෙන් ශිෂ්ඨාචාර ගතවීමත් සමග තොරතුරු ලබාගැනීමේ සන්නිවේදන ක‍්‍රමද වර්ධනය වන්නට විය. 21 වන සියවසේ අරම්භයත් සමග මුළු ලෝකයම විශ්ව ගම්මානයක් (Global Village) බවට පත් කරමින් අන්තර්ජාල මාධ්‍ය ලෝකයට wj;’¾K විය. මානව සංහතිය ආරම්භයේ ඉතා ළදරු අවදියක පැවති සන්නිවේදන කි‍්‍රයාවලිය වර්තමානය වනවිට තොරතුරු සමාජය, f.da,’hlrKh  වැනි නූතන සංකල්ප හමුවේ වඩා ixl’¾K කි‍්‍රයාවලියකට බද්ධ වී තිබේ.මෙම සන්නිවේදන කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාලය වැනි මාධ්‍ය ලෝකයට දායාද විය”. (uOqNdIsK’"ජී.ටී, 2008, පි:14)

          අන්තර්ජාල භාවිතය සමඟ නිතර ne|S පවතින සමාජ කණ්ඩායමක් ලෙස තරුණ පරපුර හඳුන්වා දිය හැකිය. දිනෙන් දින අලූත්වන තරුණ පරපුරේ සිතිවිලි, ආකල්ප, අදහස් සමඟ අන්තර්ජාලයේ අන්තර්ගතයන්ද වෙනස්වීමට බඳුන්වේ.තොරතුරු සමාජයේ පැවැත්ම රඳා පවතින්නේ අන්තර්ජාලය මත වුවත් එම තොරතුරු හරහා සමාජයේ සදාචාරාත්මක පැතිකඩයන්ට සාධාරණයක් ඉෂ්ට වනවාද යන්න ගැටලුවකි. අන්තර්ජාලය හරහා ලබාදෙනු ලබන විවිධ අන්තර්ගතයන් හා සේවාවන් තරුණ පරපුරේ මානසික m’vkh වැඩිකරවනු ලබයි.අන්තර්ජාලය නව මාධ්‍යක් ලෙස සමාජ ප‍්‍රගමනය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවද ඒ හරහා තරුණ ප‍්‍රජාව දිනෙන් දින දුරාචාරයන්ට යොමුවීමේ ප‍්‍රවනතාවයක් හට ගෙන තිබේ. අන්තර්ජාලයට පුරුද්දක් ලෙස ඇබ්බැහි වූ ^Addiction) තරුණ පිරිස් සමාජය තුල හඳුනාගත හැකිවේ.

          අන්තර්ජාලය මිනිස් ජිවිතයට සම්බන්ධ වී එතරම් කාලයක් ගතවී නැතත් මිනිසාගේ සෑම ක‍්‍රියාකාරකමකට නැතුවම බැරි මෙවලමක් බවට අන්තර්ජාලය පත් වී තිබේ. එසේම මිනිස් ජීවිත සදාචාර වීරෝධී කි‍්‍රයාවන් කෙරෙහි යොමු කරවන මාධ්‍යයක් බවට ද මෙය පත් වි හමාරය. අන්තර්ජාලය සම්බන්ධිත මිනිස් ක‍්‍රියාකාරිත්වයන්ගේ ධනාත්මක සහ සෘණාත්මක ප‍්‍රතිඵලයන් සමාජයේ ඉස්මතු වෙමින් පවති.

          අන්තර්ජාල සම්බන්ධතාවය ලොව පුරා පැතිරෙන විට, ෆේස්බුක් ^Face book& සේවයද ලොව පුරා පැතිරේ. තරුණ පරපුර නිරන්තරයෙන් අන්තර්ජාලය හරහා  විවිධ සමාජ කණ්ඩායම් සමඟ සබඳතා පවත්වනු ලබයි. අන්තර්ජාලයේ සමාජීය මාධ්‍ය හරහා ගොඩ නඟා ගනු ලබන සමාජ සබඳතා හේතුවෙන් මොවුන් විවිධ ගැටලු වලට මුහුණ පා තිබේ. ලෝකයේ මිනිත්තු 40ට වරක් ෆේස්බුක් හිතමිතුරු සේවය සම්බන්ධ අපරාධයක් සිදුවන බව වාර්ථා වී තිබේ.

             එංගලන්තයේ සහ වේල්සයේ n,Odr’kag ලැබෙන පැමිණිළි වලින් වැඩි කොටසක් ia;’% ¥IK" ළමා අපචාර, meyer.ek’ï, මං කොල්ල කෑම් යනාදියට iïnkaO ඒවාය. මේවායේ කුමන mshjrlo’ හෝ ෆේස් බුක් හිතමිතුරු සේවාවේ පිහිට ලබාගෙන තිබේ.

             ඕනෑම කෙනෙකුට ව්‍යාජ නමකින් ,ව්‍යාජ cdhdrEm ඇසුරෙන් ව්‍යාජ චරිතයක් ගොඩනංවා .ek’ug    ෆේස් බුක් bvo’ තිබේ. මෙම ව්‍යාජ yªkd .ek’ï  තරුණ පරපුරට අපරාධ වලට රුකුල් දෙන්නක් බවට පත් වී ඇත. Skype"Twitter" Blog යන සමාc’ය මාධ්‍ය වටාද නිරතුරුව තරුණ පරපුර එකතු වී සිටිති. මේ හරහා වෙනත් රටක හෝ වෙනත් ප‍්‍රදේශයක  සිටින සමීපතයෙකු chat lsr’u තුළින් ඔවුනොවුන්ගේ පෞද්ගලික තොරතුරු හුවමාරු lr.k’' කෙදිනකවත් දැක නොතිබුනු kkakdªkk පුද්ගලයෙකු සමඟ මෙසේ සිය පෞද්ගලික තොරතුරු හුවමාරු lr.ek’fuka  නොයෙන් කරදරවලට මුහුණ පෑමට is¥ù ඇත. අතැම් තරුණ තරුණියන් මේ හරහා පේ‍්‍රම සබඳතා ගොඩනගා  .ek’u තුළින් අර්බුදකාr’ තත්වයන්ට පවා මුහුණ o’ තිබේ.Chat කිr’ම හරහා ලබාගන්නා තොරතුරු මාර්ගයෙන් තරුණයන් හෝ තරුණියන් විවිධ ස්ථාන වලට කැඳවා විපත් වලට පත්කළ සහ m’ඩනයන් සිදුකළ වාර අනන්තවත් ඇත. මෙසේ අන්තර්ජාලය හරහා ගොඩනගනු ලබන්නේ සැබෑ සම්බන්ධතා නොවේ. සැබෑ මිනිසුන් හªනාගත හැකි වුවද ඔවුන් සැබෑ නොවන, සැබෑ සබඳතා ගොඩනගා ගතහැකි වුවද ඒවා සැබෑ සබඳතා නොවන අතත්‍ය වු ලෝකයක් ^Wertual World) මේ හරහා ගොඩනංවයි.

           බොහෝවිට විවිධ තරුණියන් හා තරුණයන් අනවශ්‍ය කරදරලට මුහුණ පාන අවස්ථා අසභ්‍ය වෙබ් අඩවි මෙන්ම සාමාන්‍ය වෙබ් අඩවි හරහාද සිදුවේ. විශේෂයෙන්ම පාසල් සිසුන් තරුණ කොටස් අන්තර්ජාලය හරහා අසභ්‍ය චිත‍්‍රපටි හා cdයාරූප නැරඹීමේ ප‍්‍රවනතාවයක් දැකිය හැකිය. වෙබ් අඩවි නැරඹීමට අමතරව වෙබ්  කැමරා උපයෝ.’ කරගනිමින්තරුණියන් හෝ ගණිකාවන් හා කතා කරමින් ඔවුන්ගේ නිරුවත නැරඹීමට පෙළඹී තිබේ. තව දුරටත් මේ සිදුවනු ලබන්නේ අනාගත ලෝකයේ භාරකරුවන් බවට පත් වීමට සිටින තරුණ ප‍්‍රජාව අගාදයට ඇද දැමීමකි. බහුතර තරුණ පිරිස් අන්තර්ජාල කි‍්‍රයා නිසා තව දුරටත් විකෘති මනසින් m’vdlr’ සමාජ අපගමනයන්ට යොමුවෙමින් තිබේ.

        “අන්තර්ජාලයට බොහෝ දෙනෙක් ඇබ්බ්හිවීම අන්තර්ජාලය හා සම්බන්ධිත ආදරවන්තභාවය සමාජය විනාශයට  පත්කරන්නන් හා අන්තර්ජාලය හා සම්බන්ධිත ලිංගික කි‍්‍රයාවන් ආදිය සඳහා අද බොහෝ දෙනා සූක්‍ෂම ලෙස ආකර්ෂණය කරගෙන තිබීම නිසා මෙසේ දුරාචාර සමාජය තුළ me;sr’ යයි .
                                                                                                                         (ස්වර්ණලතා පෙරේරා,2005,පි:109)

            තරුණ පරපුර මේවාට යොමු වීමේ ප‍්‍රතිඵලයක් ලෙස සමාජ ජීවිතයට, පවුලේ කටයුතු වලට, ?කියාවන් හා සෞඛ්‍ය ජීවිතයට අහිතකර බලපෑම් ඇතිවී තිබේ. තරුණ පිරිස් තනිකම පාළුව මගහරවා ගැk’මටත්, වෙහෙසකරභාවයෙන් මිo’මටත් සහනයක් ලෙස ලkaකර ගන්නා අන්තර්ජාලය පුද්ගලයාගේ පාළුව කාන්සිය මකාදමනු ලබන්නේ විකෘති මනසකින් යුතු තරුණයෙකු සමාජයට දායාද කරමිk¡s වර්තමානයේ අන්තර්ජාලය තුළින් හඳුන්වා o’ ඇති පැකේජය ^Fackage System& නිසා විශේෂයෙන්ම ඉන්ටනෙට් කැෆේ ^Inernet cafe& සයිබර් කැෆේ ^Syber Cafe& සම්බන්ධ වීම හරහා විවිධාකාර හුරුපුරුදු වලට පෙළඹී තිබේ. දැනට දශයකට පමණ පෙර ඉන්ටර්නෙට් කැෆේ නැමති ස්ථානය ඇරඹුණේ ඉහළ මධ්‍යම පාන්තික තරුණ කොටස් විශේෂයෙන්ම පිරිමින් අරමණු කොටගෙනය. නමුත් වර්තමානය වනවිට සමස්ත තරුණ ප‍්‍රජාවෙන් බහුතරයක් මෙම කැෆේ භාවිතය හරහා දුරාචාරවලට යොමු වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ කරන මූල්‍යමය වංචා සහ වංචාසහගත අයුරින් පුද්ගලයන් මුලා lsr’ug පිහිටුවාගෙන ඇති වෙබ් අඩවි සහ දැන්වීම් මගින් කරන සොරකම් lsr’ï හා අන්තර්ජාල වංචාවන් සිදුකිr’ï , අසැබි ප‍්‍රකාශන, දැන්වීම්, Pdයාරූප, චිත‍්‍රපට ආදිය අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බෙදාහැr’ම් සමාජ අපගමනයට හේතු වේ ”.
                                                                                                                                            (මිහිඳු කුලසූරිය,2004,පි:16)

මෙසේ සමාජ දුරාචාරයන්ට අපගමනයන්ට හේතුව වන්නේ කිසිඳු පාලනයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිr’මයි.

           අන්තර්ජාලයේ නව ප‍්‍රවනතාවයක් ලෙස අන්තර්ජාල සංස්කෘතිය^Internet Cultuer& හඳුන්වා දිය හැක. අන්තර්ජාල සංස්කෘතිය හේතුකොටගෙන විවිධ කි‍්‍රයාකාරකම් ඇතිවී ඇති අතර මෙම නව සංස්කෘතියට සමාජයේ මෙහෙයුම්කරුවන් වන තරුණ පරපුර අනුගත වී තිබේ. එම සංස්කෘතිය තරුණ පරපුරේ ආකල්ප සහ හැසිරම් වෙනසකට බඳුන්කර තිබේඕනෑම සංස්කෘතියකටම අනන්‍ය වු විවිධාකාර අංගයන් පවතිනවාසේම අන්තර්ජාල සංස්කෘතියටද අනන්‍ය වු සුවිශේෂලක්‍ෂණ ඇත.මේ හරහා භාෂාවට අලුතින් වචන එකතු වී තිබේ.

   “අන්තර්ජාලය නිසා භාෂාවට එකතු වී ඇති වචන ^Buzzwords& යනුනේ හඳුන්වනු ලැබේ. ස්පෑම් ^Spam&"ඇඞ්වෙයාර් ^Adware&"ස්පයි වෙයාර් ^Spyware&" පිෂින් ^Phishin&" ෆයර් වෝල් ^Fire Wall&" fmdâldiaáka ^Podcasting& යන පද මෙසේ අන්තර්ජාල සංස්කෘතිය නිසා භාෂාවට එක් වූ වචනයි ” .
                                                                                                          (මධුභාෂිK’"ටී.ජී, 2008, පි :89)

මේවා හරහා අන්තර්ජාලය තුලින් ගොඩනංවනු ලබන්නේ ජනපි‍්‍රය සංස්කෘතියයි(Pop Cultuer) ජනපි‍්‍රය සංස්කෘතියේ මූලික වාහකයෙකු බවට අන්තර්ජාලය පත් වී තිබේ. අන්තර්ජාලය භාවිතය හරහා නව භාෂා විවහාරයන්, විලාසිතාවන්, තරුණ සිත් ඇද බැඳ තබාගත් ජනපි‍්‍රය චරිත වෙත පොළඔවා ගැk’මට හැකියාව ලැබී තිබේ.

       “අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීමට පමනක් නොව නොයෙකුත් ආකාරයේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමටද තරුණ පරපුර පෙළඹී සටිති. අන්තර්ජාලය මත සිදුවන ලිංගික  සම්බන්ධතා ලෝකයේ විශාල ව්‍යාපාරයක් වශයෙන් වර්ධනය වී තිබේ. මිලියන 30 ට අධික සංඛ්‍යාවක් දිනකට වෙබ් අඩවි තුළට ප‍්‍රවේශ වී අසභ්‍ය වීඩියෝ දර්ශන හා Pdhd රූප ලබාගැk’මට පෙළඹී සිටිති ”.
                                                                            (මධුභාෂිK’"ටී.ජී,2008,පි:91)

           වර්තමානය වනවිට වෙබ් අඩවි වෙත ප‍්‍රවේශ වීමේ ප‍්‍රතිඵලයක් ලෙස තරුණ පිරිස් විවිධ මානසික අර්බුදයන්ට ලක්වී සිටී. අන්තර්ජාලය පමණක් නොව විද්‍යුත් ලිපි හුවමාරුව ^E-mail& නිසා ද පුද්ගලයන් විවිධ රෝගාබාධ වලට ලක්වන බව සමීක්‍ෂණ හරහා හෙලි වී තිබේ. මේ ආකාරයට අන්තර්ජාල පරිහරණයට ඇබ්බැහි වීම නිසා ආකල්පමය හා මනෝමය වශයෙන් පරිහානියට පත්වීම පමණක් නොව සෞඛ්‍ය අතින් පරිහානියටද පත්වේ.“අන්තර්ජාලය යනු උගතුන්ගේ පාරාo’සයක් නොව නූගත් බූරුවන් , පිස්සන් නරුමයන්ගේ පාරාo’සයකි.” (පෙරේරා, එස්. එච් .2012,පි:12)

         අන්තර්ජාලය හරහා මිනිසා අදහස් හුවමාරුවේ සුවිශේI’ අවධියකට පැමිණ ඇතිබව සත්‍යකි. තොරතුරු සමාජයේ පැවැත්ම ඇත්තේද අන්තර්ජාලය තුලයි. අන්තර්ජාලය යනු හොඳ සහ නරක කැටිකළ පොතක් බඳුය. අන්තර්ජාලයේ දැනුම ලබනවාට වඩා නිරවද්‍ය දැනුමක් පොත් පත් භාවිතයෙන් ගත හැක. අන්තර්ජාලයට පිවිස  අසභ්‍ය දේවලින් මනස ශෝධනය කරගන්නා ළමුන් හා තරුණ කොටස් සමාජය දෙස බලන්නේ කෘ;’ම මානසික තලයක පිහිටාය. සමාජයේ සාර්ථකත්වය අභිවෘද්ධිය ගොඩනැංවීම වෙනුවෙන් වගl’ම් සහගත කාර්යභාරයක් පැවරෙන්නේ තරුණ පරපුර මතය.මෙසේ සමාජයක් අභිවෘද්ධිය කරා යන ගමනේ මාධ්‍යයේ කාර්යභාරය විය යුත්තේ හරවත් දේ තෝරා බේරා ග‍්‍රාහකයාට ලබාo’මයි. සමාජය සහ පුද්ගලයාගේ භෞතික දියුණුවත් සමඟ ආධ්‍යාත්මික දියුණුවත් ඇති විය යුතුය. මාධ්‍ය මගින් සිදුකළ යුත්තේ තොරතුරු ප‍්‍රචාරණය තුලින් තරුණ පරපුරේ විඥානය පුළුල් කිරීමයි.

           ශ්‍රී ලංකාව විශ්ව ගම්මානයට එක් නොවී ලෝකයේ තනිවන බව පවසන බොහෝ දෙනා මේ පිළිබඳව පවසන්නේ කුමක්ද? විශ්ව ගම්මානය හරහා පැමිණෙන සෑම දෙයක්ම අප වැළඳ ගතයුතුද? ඉහත විනාශවන තරුණ පරපුර ගැන වගකිව යුත්තේ කවුරුන්ද? වෙනස්වන ලෝකය සමග අපද වෙනස්විය යුතු බව සත්‍යයකි.නමුත් එසේ වෙනස්විය යුත්තේ අපේ රටේ සංස්කෘතිය විනාශ කොටගෙනද?
ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

ග‍්‍රන්ථ
මධුභාෂිK’" ජී.ටී. (2008) " අන්තර්ජාලය හා සංවර්ධනය, තරංග ප‍්‍රකාශකයෝ, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රතුපස්වල, මුදුන්ගොඩ.
මිහිඳුකුලසූරිය" චමින්ද. (2004), ප‍්‍රායෝගික අන්තර්ජාලය, ළහිරු ප‍්‍රකාශන, තලංගම .
වීරසිංහ, ටියුඩර්සහ රංජිත් ශ්‍රී ධර්මl’¾ති, (2005), ජනමාධ්‍යවේදය, ජනමාධ්‍ය අධ්‍යයනයසහ විචාරය, ප‍්‍රථම මුද්‍රණය, ශ්‍රීපාලි මණ්ඩපය, කොළඔ විශ්ව විද්‍යාලය.
දෑරංගල, සුනිල්.(2007), ජනන්නිවේදනය, සන්නිවේදන ප‍්‍රවේශය, පහසු ප‍්‍රකාශකයෝ, මාලිගා කන්ද පාර. කොළඔ 10. 

පුවත්පත්
පෙරේරා,එස්. එච්. 2012, අන්තර්ජාලයට මුහුණු 2යි, දිවයින,ජනවාරි 3.
දිසානායක, චන්දිමා. 2005, මහජනයා ඉන්ටනෙට් බරින් නිදහස් කිr, විජය පරිගණක, 9වන වෙළුම, 3 වන කලාපය,දෙසැම්බර්.

අන්තර්ජාලය
http://www.Cyberweb.com/Accessed on 8th January 2012/10.32am
http://en.wikipidia lorg/wiki/facebook/Accessed on 8th January 2012/10.32am

ග‍්‍රන්ථ නාමාවලිය
කුමාර, දර්ශන අශෝක. (2009), වත්මන් මාධ්‍ය අධ්‍යයන ප‍්‍රවනතා, එස් ගොඩගේ සහ සහෝදරයෝ ,කොළඔ 10
නන්දසාර එස්. ටී. සහ සේනාරත්න ජී.ඇම්. (1997), ඉන්ටනෙට්, එස් ගොඩගේ සහ සහෝදරයෝ ,කොළඔ 10.
ජයවර්ධන, ලක්‍ෂ්මන්. (1996), ඉන්ටනෙට් ජගත් සන්නිවේදන ජාලය ,ලංකා මීඩියා සර්විස්, ගල්කිස්ස.
මලලසේකර, තිලිණ රුවන්. (2001), අන්තර්ජාලය හා ඊලාම් සටන් ව්‍යාපාරය, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඔ 10.


සඟරා
අදිකාරම්, චතුර . 2010, ලොව යාකරන තාක්‍ෂණික පෙරළිය, සෙරන්ඩිබ් සඟරාව.
නිශාන්තා, සොනාලි. 2010, අනාගතයට එබිකම් කරන සයිබ් මිතුරො, විජය පරිගණක3 වෙළුම, 4 කලාපය, දෙසැම්බර්.
වික‍්‍රමසිංහ, කල්පති. (2007), අන්තර්ජාලය නිසා උපන් අපරාධ, විජය පරිගණක, මැයි.
ජයසුන්දර, භූපති. (2005), අන්තර්ජාලය අවරට විජය පරිගණක ,9 වෙළුම, 2 කලාපය, සැප්තැම්බර්.