Wednesday, January 23, 2013


ලාබායි සුපිරි තරු ලාබායි.............

අද වනවිට ශ්‍රී ලාංකික ජන සමාජයම සුපිරි තරු සිහිනයක පැටලිලා‍ හමාරය. ඒ පැටලීම කොයිතරම් ද යන්න මැණිය නොහැකි තරමටම සිදු වෙලා‍. ඒක හරියට කුඩා දරුවෙකු අතින් හිස් ආකාසේ  නූල් බො‍්ලේ පැටළුණ සරංගලයක් වගේ. තටු කැඩිලා පෙති ඉරිලා ආපහු මහ පොලොවට පතිත වෙනවා බලා ඉන්න අමාරුයි. මොකද ඒ අපේම රටේ  අපේම මින්සුන් නිසා, අපේ කියන හැඟීම දැනෙන නිසා. ළමා පර පරපුර, තරුණ පරපුර, වැඩිහිටි පරපුර, පෙම්වතුන්, පවුල් කුටුම්බ,  පාසල් , ආයතන  විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතනවල විද්‍යාර්ථීන්, රණ විරුවන් පමණක් නොව ආබාධිතයින් සහ මනස සෙමෙන් වැඩෙන්නන් පවා අද මේ සුපිරි තරු සිහිනවල මේ වනවිට අතරමංවී හමාරය. ලෝකයේ තෙවන ඇස නමින් හඳුන්වන මාධ්‍ය හරහා සිහින යථාර්තයක් සොයා යන සුපිරි තරු සංකල්පය මේ වනවිට ජන සමාජය තුල සාමාන්‍යකරණය වී හමාරයි‍‍. දෙසවන් යොමා රූපවාහිණිය දෙස බලාගෙන ඇඟිලි තුඩගින් එස්එම්එස් කර ජංගම දුරකතන බහුජාතික සමාගම් පෝසත් කරවන අනාගත පරපුර මංමුලාකරවන මේ සුපිරි තරු සිහින පිළිබඳ කතිකාවත් කිරීම සමාජ ප්‍රගමණය  ගැන කතා කරන්නන්ගේ හා මාධ්‍ය සදාචාරය පුරෝකතනය කරන්නන්ගේ වගකීමකි. එහෙත් ඔවුන් පවා මේ සිහිනයේ පැටලී සිටිමින් ඒවාට ප්‍රශස්ති ගයමින්ද විටෙක නිහඬ වීමෙන් ද විටෙක ඒවාට සහභාගී වීමෙන්ද පෙනී යන්නේ රියැලිටි ෂෝ හෙවත් අපේ කාලයේ ව්‍යවහාරයෙන් කියන පුෂ් ෂෝ ව්‍යාප්තවීම කෙරෙහි ඔවුන් ද වගකිව යතු බව නොවේද?.

  අද රූපවාහිණි නාලිකා තුළින් නිතර දෙවේලේ අපට අසන්නට ලැබෙන්නේ සිහින තරු, සුපිරි ගායන තරු මෞලි මංගල්‍යයන්, සිහිනය, රණවිරු තරු, ආදර තරු, සුපිරි අම්මයි දුවයි, මෙගා තරු, ටැලන්ට් තරු, ලොකුම ලොකු වේදිකාවන්, වැනි හුදු ප්‍රලාපයන් පමණි‍. රියැලිටි ගණයේ සැලකෙන වැඩසටහන් වලින් තමා අපිට මේ වචන ගොඩක් හුරුපුරුදු වුණේ. අද වෙනකොට ප්‍රධාන ප්‍රවාහයේ සෑම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා සියල්ලම පාහේ අඩුම වශයෙන් එකක් හෝ මේ ආකාරයේ රියැලිටි වැඩසටහන් පවත්වා ගෙන යනු ලබයි. ''සුපරි තරැ නම් දැන් වැහි වැහැලනේ.... ගී කියන තරැ , ගී ගයන තරැ, නටන තරැ, වයන තරු, නැටවෙන තරු, කුකරි තරු, මෙගා තරු, පුංචි තරු, විකට තරු, ලස්සන තරු...... මම හිතන්නෙ අහසේ තියෙන තරු වලට වැඩිය දැන් පොළවේ තරු වැඩි....''http/www.mahishaymail.blogspot.com2012-08-01-archive.html( 2013.01.05,10.52am) නමුත් රියැලිටියේ ඇත්ත තත්ත්වය කුමක්ද යන්න මේවා නරඹන අපත් මේවා ප්‍රචාරණය කරන රූපවාහිණී ආයතනවල ප්‍රධානීන් හෝ මේවා පිළිබඳ බලය ඇති බලධරයින්වත් කතා නොකිරීම පුදුම සහගතය. එක අතකින් ඒ ගැන පුදුම විය යුතු ද නැත. මන්ද මේවාට අනුග්‍රහය දක්වන වෙළඳ ව්‍යාපාර බොහෝමයක අයිතිකරුවන්, හවුල් කරුවන් වන්නේ ද මෙකී වග කිවයුත්තන්ම වූ නිසාවෙනි.

               බොහෝ දෙනාගේ විශ්වාසය අනුව ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් මුලින්ම විකාශය
වූයේ බ්‍රිතාන්‍ය Itv නාලිකාවෙන් Pop Idol යන ගායන කුසලතා මනින වැඩසටහනක් ලෙස 2001 වසරෙදීය.www.wikipedia.orgwikipopido(2013.01.05,10.40),www.imdb.com/title/tt03021 63/(2013.01.05,am10.40) ඊට සමාන වැඩසටහන් අනතුරුව American Idol නමින් 2002 වසරේ ආරම්භ විය. www.americanidol.com/(2013.01.05,am10.40) ඉන් පසු 2004 වසරෙදි අසල්වාසී ඉන්දියාවෙන් Indion Idol අරම්භ විය. h. en.wikipedia.org/wiki/Indian-Idol(2013.01.05,am 10.40) මේනිසා ලංකාවට ද එහි බලපෑම ලැබෙන්නට විය. ලංකාවේ මුල්ම ජනප්‍රිය රියැලිටිය 2004 අවුරුද්දෙ Pop Idol ටම සමානවෙච්ච සිරස Super Star වැඩසටහනෙන් ආරම්භ වන අතර අනුන්ගෙ වැඩ කොපි කරන්න ඉතා දක්ෂ පිරිසක් වශයෙන් අපේ රූපවාහිණී නාලිකාවක් තරඟෙට මේ හැල්මේ දිවිල්ලට එකතු වෙනවා.
'' කොපි කරන එක උනත් හරියට කොපි කරනවා කියන එක අමාරු වැඩක්.අනිත් නාලිකා එක්ක ගත්තාම කොපි කරන එක හරියට සිරස නාලිකාව කරනවා පැහැදිලියි ''. ''jbasnayaka.blogspot.com2011_07_01_archive.html(2013.01.05,am ) කෙසේ වුවත් රියැලිටි ගණයේ පුස් ෂෝ මෙලෙස ලාංකේය ජන මාධ්‍ය හා ප්‍රේක්ෂකයා  ආක්‍රමණය කළද එදා ගුවන් විදුලි ශ්‍රවණය කල ශ්‍රාවකයෝ සහ මුල්ම රූපවාහිනි ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා මෙරටට ආවේණික සුපිරි තරු කළ ආකාරය කදිමට දන්නවා ඇත‍. අම්බිගා ගීතයෙන් ගීතය, නන්දන වින්දන, පිබිදෙන ගායක පරපුර, ළමා පැදුර  පමණක් නොව ආසන්නයේම පැවැති තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව පවා සමාජ වැඩදායී තරු පිරිවරක් ගුවන සිසාරා පායා තිබූ ආකාරය නෙතින් මෙන්ම සවණින් ද දුටු සුපිරි තරු සැබෑ යථාර්තයක් වූවා යැයි මා විශ්වාස කරමි.

               
  කෙටි කලකදී සමාජය තුල ජනප්‍රිය වූ රියැලිටි වැඩසටහන් සමාජ ගත වූයේ එක රැයින් ජනප්‍රිය වීමේ Super Star හරහා යන්න ද අමතක කල නොහැක. සුපිරි තරු වැඩසටහන් විවේචනය කරන මා පවා ඒ තරු මංගල්‍යයන්හි සීසන් කීපයක්ම ප්‍රේක්ෂකයන් යන්න හැඳින්වීමට කුහක විය යුතු නැත‍. එයින්ම පැහැදිලි වන්නේ කුමක්ද? මේ වැඩසටහන් සීසන් කීපයක්ම බැලූ මා බොහෝ රියැලිටි තරඟ සඳහා ලබා දෙන්නේ මෙබඳු නිර්වචනයක්. සුදුස්සාට සුදුසු තැන නොලැබෙන, සුදුස්සන් පාගල දාලා අවිචාර සංස්කෘතියක් එළියට දාන පුස් වීරයන්  කීප දෙනෙක් කරළියට ගෙන්වන ශ්‍රී ලාංකීය තාරුණ්‍ය පමණක් නොව රටේ හෙට දවස විනාශ කරවන යථාර්ත නාමය වෙස්ගත් වැඩසටහන් යනුවෙනි. මේ වැඩසටහන් මේ තරම් නිර්දය ලෙස විවේචනය කර බැහැර කළ නොහැකි කාරණා කීපයක් ද හඳුනා ගත හැකිය. එනම් නිසඟ හැකියාවන් පවතින ලංකාවේ සිසාරා සැඟව සිටි විවිධ තරාතිරම්වල දක්ෂයින් අපට හඳුන්වා දීම සහ ඔවුන්ගේ විභවතාවන් ඔවුන්ට හඳුන්වා දීම නිසාය. කෙසේ වෙතත් ජනප්‍රියත්වය අතින් අති සාර්ථක වුණු Super Star වැඩසටහන නිසා අනිත් නාලිකාද සියල්ලම මේ රියැලිටි වැඩසටහන් දිහාවට යොමු වූවා පමණක් නොව හතු පිපෙන්නා සේ සැමතැනකම මේ රියැලිටි වැඩසටහන් ආරම්භ වූයේ ද රියැලිටි තරඟයක් මාධ්‍යන් තුළද තිබෙන බව පෙන්වමිනි. විවිධ නාලිකාවල විවිධ රියැලිටි වැඩසටහන්වල පෙළ ගැස්ම හා ඒවායේ ස්වභාවය පිළිබඳ විමසා බැලීමෙන් මේ තරඟවල හරසුන් තැන් හා එමඟින් සමාජයට සිදුවන හානිය පිළිබඳ සලකා බැලිය හැකිය. මුල් වට කීපයෙදි විනිශ්චය කරුවන්ගෙන් ලැබෙන විනිශ්චය අනුව තරඟකරුවන්ව ඊලඟ වට වලට තෝරා ගැනෙන මේ තරඟ සඳහා බොහෝවිට මුල්ම වටයට ලක්ෂ ගණන් තරඟකාරයො සිටින නිසා සුපිරි යැයි කියා ගන්නා 20 ක් පමණ වනතුරු විනිශ්චයෙන් ඉදිරි වට වලට තෝරා ගනී. ''අද විනිශ්චය මණ්ඩලය ජනතාවට චෝදනා කරනවා කියලා පැහැදිලිව ප්‍රකාශ නිකුත් කරනවා. ඔබ ඔතන නොසිටිය යුතු අය ඉදිරියට ගෙන යනවා කියලා පැහැදිලිවම ප්‍රකාශ නිකුත් කරනවා. ඔබ ඔතන නොසිටිය යුතු තරඟ කරුවෙක් ඔබ නිසා දක්ෂයින්ගේ අවස්ථාව මඟහැරී යනවා කියලා''. maathalan.blogs pot.com/2012/12derana-dream-star.html(2013.01.06,am 11.20)
                        ඉන් පසු sms වලින් ඊලඟ වටයට යවන ක්‍රමවේදය ඇරඹේ. මේ අයුරින් තවත් තරඟකරුවන් අඩුවෙලා ගිහින් 12 කට විතර ආවිට තරඟය ගොඩක් උණුසුම් වෙන අතර මේ තත්ත්වය සෑම රියැලිටියකම පාහේ දක්නට ලැබේ. ඊලඟට දක්නට ලැබෙන්නේ සුපිරිතමයන්ගේ තරඟාවලිය. බොහෝ රියැලිටි තරඟවල සුපිරිතමයන්ගේ දස්කම් එක්ක තමයි අපිට නොදිරවන බොහෝ දේවල් කරළියට පැමිණේ. එවැනි කරුණු රාශියක් රියැලිටි වැඩසටහන්හි ස්වභාවය විමර්ශනයේදී පහත ආකාරයට හඳුනාගත හැකිය.


¬  විනිවිද භාවයකින් තොර විනිශ්චයන් ලබා දීම.
¬  දක්ෂයින්ට අඩු තක්සේරු කර අනුකාරකයින් ඉදිරියට ගෙන යෑම.
¬  ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සුපිරිම ගීත විනාශ කිරීම.
¬  එවිට විනිශ්චයෙන් පවසන්නේ මුල් ගීතයට වඩා දෙයක් ඔබ කළ බවයි.
¬  ආලින්දයේ ප්‍රේකක්ෂකයන්ට නොගැලපෙන ආකාරයේ නිරුවත් හෝ අඩ නිරුවත් ආකාරයෙන් අස්ලීල නර්තනයන් පෑම.
¬  අනුග්‍රාහක භවතුන්ට අවශ්‍ය පරිදි තරඟකරුවන් හැසිරවීම හා හැඟීම් හා පුද්ගල හේතු මත විනිශ්චයන් ලබා දීම.
¬  තරඟයකදී ජය පැරදුම දරා ‍ගත නොහැකි ආකාරයේ ප්‍රතිරූප නිර්මාණය කිරීම හා අනාගත පරපුරටද ඒවා උරුම කිරීම‍. (තරඟ කරුවන් මිය යෑම පවා සිදුවිය)
¬  කලාව ගැන ‍මුලකුරු නොදන්නා අය පවා තරඟ විනිශ්චය කිරීම රූපවාහිණී තිරය මත අනවශ්‍ය ආකාරයේ කවටයින් බවට පත්වීම‍.
¬  අනවශ්‍ය ආකාරයේ ප්‍රචාරණ භාණ්ඩ ලෙස මෙම ආධුනිකයන් යොදා ගැනිම.
¬  ආධුනිකයන් අනවශ්‍ය ලෙස ඉහළට නංවා තිබීම.
¬  Sms මනාප ක්‍රමයේ පවතින දුර්වලතා නිසා සුදුස්සාට සුදුසු තැන නොලැබීම.

                 මෙතෙක් ප්‍රචාරණය කල රියැලිටි වැඩසටහන් බොහොමයක් මුල් කාලයේ ඉලක්ක කරගෙන තිබුනේ තා‍රුණ්‍ය වුවද පුද්ගලික නාලිකා පමණක් නොව රාජ්‍ය නාලිකා පවා වේගයෙන් මේ රැල්ලට දරුවන්, වැඩිහිටියන්, පෙම්වතුන්, දෙමාපියන් හා දරුවන්, රණවිරුවන් පමණක් නොව ආබා‍ධිතයින් පවා යොදා ගැනීමට උත්සුක විය. මේ සෑම තරඟයක්ම එක ලෙසම නිර්දය ලෙස විවේචනය කිරීම සාධාරණ නොවේ‍. බොහෝ තරඟවල ගත යුතු දේ නොතිබුනා යැයි පැවසීම යුක්ති සහගත නොවේ‍. මේ තරඟ වලින් අවාසනාවකට අප හමුවේ තැබුනේ හොඳ ටිකක් සහ වැඩි නරකක්ය. පසුගිය වසර පුරා කුඩා දරුවන් උදෙසා පැවැත්වුනු බොහෝ රියැලිටි තරඟවල ළමා මනසට දරා ගත හැකි දේවල් තිබුනේද යන්න අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් විමසිය යුතුය. දරුවන්ගේ ඇඳුම් පැළඳුමේ සිට ඉදිරිපත් කළ නිර්මාණයේ මෙන් ලබා දුන් විනිශ්චයේ පවා ළමා ගතියක් තිබුනේද යන්න මෙම වැඩසටහන් අවිචාරයෙන් නරඹන අප අපෙන්ම විමසිය යුතය. එහෙත් ජාතික රූපවාහිණියේ ඔබ එදා දුටු තුරුණු ශක්ති වැඩසටහනේ ගුණාත්මක භාවය මෙදා දුටු රණවිරු රියල් ස්ටාර් යම් තරමක් රැක ගත්තාද? කවිතා, වැනි වැඩ සටහනකින් උසස් අධ්‍යාපන විද්‍යාර්ථීන් විකුණාගෙන කෑවාද? සිහිනය වැනි වැඩසටහනකින් අප රටේ විශේෂ හැකියාව ඇති අයගේ හැකියාව වෙන්දේසී කලාද? යන්න අපි අපිම විමසිය යතු කාරණයකි. එසේත් නැතිනම් සැඟව සිටි කලා අංකුර කරළියට ගෙනාවාද යන්න විමසිය යතුය. මේ දෙකම සිදුවූවා යන්න මගේ පුද්ගලික හැඟීමයි‍.


රියැලිටි වැඩසටහන්වල ගුණාත්මක භාවය කෙසේ වුවත් මේ තරඟවලින් බිහිවෙන සුපිරි තරුවල අනාගතය පිළිබඳ වෙසෙසින් විමසිය යුතුය. මෙතෙක් නිම කළ රියැලිටි තරඟවලින් ජය ගත් සමහර අය අද ලංකාවෙත් නැති අතර විශේෂයෙන්ම අපගේ හඳුන්වාදීමට අනුව ඔවුන් කැපී ගොසින්ය. එක රැයෙන් සුපිරි තරු පායලා බැහැලා යනවා. මුල් කාලෙ රියැලිටි වලින් දිනපු අයනම් දැන් නොහැඳිනීම සාධාරණයි. එහෙත් මෑතකදී නිමාවූ රියැලිටි ජයග්‍රහණය කළ අය පවා දවස් දෙක තුනකින් පසු නොදැකීම පුදුමයට කරුණකි. එක්තරා වෛද්‍ය පීඨයක ශිෂ්‍ය දරුවෙකු සුපිරි තරුවක් බවට පත් වූයේ “දොස්තරා පුතා" ලෙස විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් දෙන ලද ඇමතුම නිසා ජනප්‍රය වූ තරුව අද මැකී ගොස්ම ඇත. එවැනි තරඟවල සුපිරතමයන් අතරටවත් නොපැමිණි සහ එස්එම්එස් මනාප නොලබා ඉවත් වූ තරඟකරුවන් කලා ලොවේ ගමන් කරනු ද දැකිය හැකිය. මෙනිසා රියැලිටියෙන් සදාකල් පවතින තරු හදන්න බැහැ යන මතයට පිවිසීමට සිදුව තිබේ‍‍. තමන්ට හැකියාවක් තියනවා යන්න රියැලිටියකින් හඳුනාගත හැකි මුත් ඉන් එහාට ඔවුන්ගේ සාර්ථකත්වය ගොඩ නගා ගන්නේ කෙසේද යන්න මෙම වැඩසටහන් සම්පාදකයින් සිතා නැති තරම්ය.  සංගීතයෙන් ආරම්භ වූ රියැලිටි වැඩසටහන්  ගායනය පමණක් නොව නර්තනය, සූප ශාස්ත්‍රය, ආදී වශයෙන් මුළුතැන්ගේ දක්වා හැම අංයකින්ම වගේ දකින්න තිබේ. නටලා දක්ෂතා පෙන්වනවා සේම දැන් සෑහෙන ජනප්‍රිය වැඩසටහනක් වන්නේ තමා මේ කුඩා ළමුන්ට තිබෙන රියැලිටි වැඩසටහන් (ලිටිල් ස්ටාර්) පාසල් හෝ නොයන කුඩා දරුවන් පවා මෙම වැඩසටහන් සඳහා යොදාගෙන තිබෙන අතර පොඩ්ඩන්ට පුළුවන් කියන මේ තරඟවල දෙමාපියන්වත් නොදන්න විනිශ්චය මණ්ඩලයවත් නොදන්නා ලෙස මේ පොඩ්ඩෝ කයින් නැතත් මනසින් ලොකු පොඩ්ඩන් කර ඇති වග තේරුම් ගන්නාවිට පොඩ්ඩෝ මොනවා කරයිද යන්න අපි කිසිවෙකුට කිව නොහැක. මෙම වැඩසටහන් වලට ළමයි ඉදිරිපතත් කරන ළමයි ඉදිරිපත්කරන දෙමවුපියන් හා තරඟ විනිශ්චයකරුවන් සැවොම වටහාගත යුත්තේ පොඩ්ඩොන්ගෙ රියැලිටියකින් සිද්ධ වන්නේ ළමයාගේ මානසික වර්ධනය හා පෞරුෂත්ව වර්ධනය සිහින ලෝකයක හිර කර තැබීම හා මාධ්‍යවල සිල්ලර වෙළඳ භාණ්ඩයක් බවට පත්වීම සිදු වන බවයි. අනෙක් අතට මීට පෙර කුඩා ළමුන්ට දෙමව්පියන්ගෙන් හිසරදයක් වූයේ 5 ශිෂ්‍යත්වයයි. දැන් ඒවටත් පෙර රියැලිටි මානසිකත්වය දෙමවුපියන්ගෙ ඔලුවට ඇවිත්ය. ඇත්තටම තමන්ගේ ළමයට දක්ෂකමක් තිබෙනවානම් තරඟයකට ඉදිරිපත් කිරීමෙ වැරැද්දක් නැත. නමුත් වෙනත් ළමයෙක් ගිය බව නිසා, තවෙකෙකුගේ ළමයෙක් ඉල්ලුම් කළ නිසා තමාගේ දරුවාට නොහැක්කේ මක් නිසාද යන මනෝභාවයෙන් අන්ධානුකරණයට හසුවන එක සුදුසු නොවන බව දෙමව්පියන් සිහියට ගත යුතුය.

            රියැලිටි වල දක්නට ලැබෙන්නේ නරකක් පමණයි දැක්වීම ද අසත්‍යයකි‍‍‍. සැඟවුනු දක්ෂයන් බොහෝ දෙනෙක් මේ වගේ රියැලිටි වැඩසටහන් හරහා අප හඳුනා ගත්තේය. මේ වැඩසටහන් එවන් දක්ෂයින්ට හොඳ ඉඩක් ලබා දීම අගය කළ යුතුය‍‍. එමෙන්ම තරඟය දිනුවෙ නැතත් තමන්ගෙම නිර්මාණ වලින් කුමක්හරි අනන්‍යතාවයක් අදාල ක්ෂේත්‍රය තුල හදාගැනීමට ලැබීමත් භාග්‍යයකි. එසේ තත්වයක් හදාගත්ත අයත් කීප දෙනෙකු හරි කලාවේ සිටීමත් අගය කළ යුතුය. ''ඵමෙන්ම පසුගිය කාලයේ පැවති විවිධ සුපිරි තරැ වැඩසටහන් ඔස්සේද විශාල ගායක ගායිකාවන් පිරිසක් සංගීත ක්ෂේත්‍රයට සංක්‍රමණය වුනා.ඵ් අතරින් සුපිරි මාවතේ දොරටු හැරගත් ශිහාන්, සුරේන්ද්‍ර, නදිනි වගේ ගායක ගායිකාවන් අදටත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ තදින් ලැගුම්ගෙන සිටිනවා ''(www.mashgura.com201207mucic-streming.html,(2013.01.05,am11) කියන තරමට සුන්දර යථාර්තයක් මේ රියැලිටි වැඩසටහන් වල දැක ගන්නට නැත. ඒ සුන්දරත්වය ඇතිකර ගත යුත්තේ තමන් විසින් කලාවේ දුර ගමණක් ගොසින් තමන්ගේම දෙයක් සිදුකරනවා යන හැඟීම මේ පායන තරුවලට දැනෙන්න යම් දෙයක් සිදු වන්නේ නම් මෙම වැඩසටහන් නරඹන අපට මෙහි හරසුන් බවක් නොපෙනෙනු ඇත.
                  මේ තරඟවල දක්නට ලැබෙන විශාල අඩුපාඩුවක් වන්නේ මේ තරගකරුවන්ව ජය පරාජය දරාගන්න සූදානම් නොකරයි. American idol, Britain got talent, So you think you can dance, Project Runway වගේ තරඟ වල අපි හැමවිටම දකින වේදිකාවේ පිටුපස සහය අපේ තරඟවල තිබුනේ තරගකරුවන්ව තවත් පීඩනයට පත් කරන ආකාරයකටය. කාටත් හුස්ම හිරකරන් බලන් ඉන්න සිදුවන්නේ නිවේදකයාගේ ප්‍රලාප අවස්න් වී කවරෙක් ජයග්‍රාහකයා යන්න නිවේදනය කරන බැවිනි. “සිහිනය“ වැනි විශේෂ රියැලිටි වැඩසටහන් තුල තරඟකරුවන් මිය යෑම දක්වා දුර යෑමේ ප්‍රතිඵලය දෙස හැරී බැලීමෙන් මේ බව පෙනී යයි. සමහර තරඟවල අවසානයේදී ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවලදි තරගකරුවන් ඉන්නේ පුදුමාකාර තිගැස්සමකින්. ඒක සාමාන්‍ය කෙනෙකුට අමාරුවෙන් හරි දරා ගන්න පුළුවන් දෙයක් වුවත් මේ වැනි ආබාධිත කෙනෙකුට දරා ගන්න අපහසු වෙන්න පුළුවන. මට හැ‍ඟෙන්නේ මේ සිද්ධියත් ඒ වගේ කියලා. ආබාධිත දරුවෙක් ආබාධිත කෙනෙක් එක්ක වැඩ කරපු අයෙක්ට මේ තත්ත්වය ලේසියෙන් තේරුම් ගත හැකිය. මානසික ආබාධයක් නොතිබුනත් දෑස් නොපෙනෙන කෙනෙක් එක්ක වැඩ කිරීමේදි ඉතාමත් ඉවසීමෙන් වැඩ කළ යුතු වේ. දැන් මේ දරුවෙක් නෙවෙයි මානසික ආබාධිතයෙක් නෙවෙයි යන්න කෙනෙකුට හැඳින්වීමට හැක. නමුත් මේ සිටින්නේ මුල ඉදලම අමාරුවෙන් ජීවිතේ එක්ක සටන් කරලා දිනපු කෙනෙක්. මේ වගේ අය මානසිකව ඉතාමත් සංවේදියි. ඉතිං මේ වගේ අවස්ථාවක් ඉතාමත් සංවේදි වෙන්න පුළුවන් කාරණය තේරුම් අරගෙන තරගය සංවිධානය සිදු කර වැඩසටහන සිදු කරනවානම් බොහෝ අවාසනාවන්ත තත්ත්වයන් වළක්වා ගැනීමට පැහැදිලිවම ඉඩහසර තිබුණා නොවේද? “මාධ්‍යක වගකීම වන්නේ ඕන දෙයක් ගැන නොදන්නා කෙනා ඉල්ලන දේ ලබා දීම නොව උසස් දෙයක් ලබා දී රසිකත්වය වර්ධනය කිරීමයි.maathalan.blogspot.com/2012/12derana-dream-star.html(2013.01.06,am 11.20)
 

විවෘත ආර්ථිකය යන වචනය පිළිබඳ ලොකු කුඩා අප සෑම දෙනාම දන්නා තේරුම වන්නේ  අසීමිත ලෙස විවෘත කරනු ලැබූ දේශීය ආර්ථිකයක් අපේ රටට ලැබුනා හෝ ලබා ගත්තා යන්නයි. එහි අහිතකර ඵල විපාක වසර තිහක් පුරාවට ඛේදජනක ලෙස අප අත්විඳිමින් සිටිමු යන කාරණයද බොහෝ කතිකාවත් තුලින් අපි අසා ඇත. කොමිස් මුදල ගැන පමණක් සිතමින් දේශපාලන විද්‍යාවේ පියවරුන්ගේ ඉගෙනුම් භාවිතයට ගනිමින් පාලනය සිදුකරන ශ්‍රී ලාංකික පාලකයින් පවා ප්‍රතිපත්තිමය දේශපාලනය තව දුරටත් කල් අරිමින් සිටින මෙම යුගයේ දරුණු ලෙස විවෘත ආර්ථිකයේ ඵල විපාක විඳින්නේ අපි බැවින් ඒ පිළිබඳ විවේචනය කිරීමට ඉඩ ලැබීමත් භාග්‍යයකි. තොරතුරු මත පදනම් වන මේ සියවස තුල තෙවන ඇස ලෙස සළකන්නේ මාධ්‍යයි. එහෙත් මාධ්‍යයන්ට ද අයාලේ යන ගවයින් මෙන් මුදල් පසුපස හඹා යාමට ඉඩදී ඇතිවා මිස ජනතාවට හිතකාමී වැඩසටහන් කුමක්ද? ඒවායේ හිතකාමී බව හෝ අහිතකාමී බව තීරණය වන්නේ කෙසේද? වඩා සුදුසු සදාචාරවාදී මිනුමක් ද, එසේත් නැතිනම් නවීන විද්‍යානුකූල මිනුමක්ද යන්න හිතා බලනවා තබා ක්‍රමවත් අධ්‍යනයක් පිළිබඳව අකුරක්වත් දන්නේ නැති මැති ඇමති පිරිසක් මැද ඒ පිළිබඳව වන බලාපොරොත්තුවක් වුවද අරුත්සුන් කාරණයක් බවට පත්ව ඇත. මෙය නිර්දය විවේචනයක් නොව යථාර්තය කුමක්දැයි විවෘත ආර්ථිකයෙන් පසු උපන් අයට හිතෙන දෙයක් පමණි.

පසුගිය කාලය පුරාවට විදේශීය අනුකරණ මෙරට සමාජයට හදුන්වා දෙමින් මැජික් පෙන්වූ පුද්ගලික මාධ්‍ය ජාලය රන් දෙපැය, සුපිරි තරු සිහිනය වැනි රියැලිටි වැඩසටහන්, මෙගා ටෙලිනාට්‍ය මාලාව වැනි  අනුකාරක වැඩසටහන් හරහා මෙරට සමාජ සංස්කෘතියට කරන ලද බලපෑම කොයිතරම් ද යන්න සමාජයේ සිදුවෙන අපරාධ, සිද්ධීන් දෙස බැලීමේදී මොනවට පැහැදිලිවේ. බුද්ධිමත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විකාශය කරන ලද එකම වැඩසටහනකට පැවැතියේ කාලීන ප්‍රවෘත්ති විකාශය පමණි. අද වනවිට ප්‍රවෘත්ති විකාශනයද සමාජ ඉගෙනුම් න්‍යායට  අනුව සමාජ අපරාධ සඳහා මුල්වන දෙයක් බවට පත්ව ඇත. රූපවාහිණි බොහොමයක් වැඩසටහන් මෙන්ම නාට්‍ය මගින් අද වපුරවනු ලබන්නේ වෛරය, ඊර්ෂ්‍යාව, පෞරුෂ හීනතාව, දරා ගැනීමේ ශක්තිය හීන කරන වඩසටහන් බවට පත්ව තිබෙන්නේ කාගේ වරදින්ද? කලාත්මක, මනෝ විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයක් නොව රට කරවන අයගේ අතාර්කික අන්තවාදී අතීතකාමී පුහු මතවාදයන් ඔස්සේ රූපවාහිණියද ගමන් ගනිමින් සිටින්නේ කොයිබටද යන්න සිතා ගත නොහැකි පරිදි වෙනස් වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික යන දෙ අංශයේම සමස්ත රූපවාහිනී ක්ෂේත්‍රය තුල අද වනවිට දක්නට ලැබෙන්නේ අනුකාරක වැඩසටහන් මිසක ඉන් සමාජයට සිදුවන යහපතක් දක්නට නොමැති තරම්ය.

කොහොම වුනත් ජනතාවට සිය ප්‍රශ්න අමතක කරවන මෙවලමක් වන්නේ රූපවාහිණී මාධ්‍යයයි. දිනයේ වැඩ අවසන්ව නිවසට එන පවුලේ සියළු දෙනා එක් වන්නේ රූපවාහිණී තිරය ඉදිරිපිටය. දැන් ඔවුන් එකිනෙකා අන්තර් සබඳතාවයක් නොමැති තරම්ය. සියළු දෙනාගේම අවධානය රූපවාහිණිය දෙසයි. පවුලේ ප්‍රශ්න ගැන කථා කරන්නට, දරුවන් හුරතල් කරන්නට, සැමියා බිරිඳ අතර ආදරය කරන්නට, මේ කිසිවකට ඉඩක් නැත. එක හුස්මට නැරඹීමට ටෙලි නාට්‍ය රැසක් ඇත. බොහෝ දෙනෙකු චැනල් මාරු කරමින් බලන්නේ ඒකත් ඕන මේකත් ඕන යන තත්වයට පත්ව ඇති නිසාය. සමහර ටෙලි නාට්‍ය නරඹන්නට ගොස් පවුලේ අඬදබරද ඇති වන්නේ එකිනෙකාගේ රුචිකත්වය වෙනස් නිසාවෙනි. ටෙලි නාට්‍ය හා විවිධ වර්ගයේ සජීවකරණ එනම් රියැලිටි Reality තරඟ තුලින් පවුලට කර ඇති මේ විනාශයම සමාජ විනාශයට හේතු නොවන්නේද? අනෙක් බරපතළම කාරණය වන්නේ විවිධාකාරයේ නිශ්ඵල තරඟ වෙනුවෙන් මිනිසුන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් කිරීමට සිදුවීම නිසා සජීවකරණයට සක්‍රීය දායකත්වයක් ලබා දෙන්නේද සාමාන්‍ය ජනතාවම වීම නිසා ඒ බරත් දරා ගන්නට සිදුව ඇත්තේ පොදු ජනයාටම වීමයි. මේවා නිසා ජනතාවට සිය ප්‍රශ්න ගැන සිතන්නට හෝ වෙලාවක් නොමැත. ජීවිතය ඉබේ ගලා යයි. මිනිස්සුන්ට ආගම දහම, අධ්‍යාපනය, නෑ හිතවත්කම් විතරක් නොවෙයි ආදරය වැනි මානෂික ගුණාංග පවා අමතක වෙලා. මෙවැනි මිනිසුන් සිටිනා තුරා ධනවාදය රජයනු ඇත.දැන් දැන් අප විසින් කුමක් හෝ කළ යුතුව ඇත.


K.m.a.d.m.kumara,
Ar/58936,
Af/07/5394,
Sri jayawardenepura.

No comments:

Post a Comment