Wednesday, January 23, 2013


රූපවාහිනී ආහාර දැන්වීම් ශි‍්‍ර ලංකාවේ ආහාර  සංස්කෘතියට සිදුකරන බලපෑම.
සෑම සත්වයෙකුටම තම ඡීවිතය රදා පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍යම සාධකයක් ලෙස ආහාර හදුන්වාදිය හැකිය.වර්තමානයේ මිනිසුන්ට කුමනආකාරයේ  අවශ්‍යතාවයන් පැවතුනද ආහාර ඉන් ප‍්‍රධාන ස්ථානයක් ගනී .අදවනවිට ආහාර ගැනීම කලාවක් බවට පත්ව ඇත විවිධ රටවල් විවිධ සංස්කෘතන්ට අනුව විවිධවූ  ආහාර රටාවන් දැකගතහැකිය.
කෙසේවෙතත් ආහාරයක් යන්න කුමක්දැයි විමසාබැලීමේදසිංහල විශ්වකෝෂය සදහන්කර ඇත්තේ ආහාරයක් යනු ජීවයෙන් යුක්තවූ සකල සත්වයෙකුම ජීවත්වන්නේ යම් කිසිවක් නිසාද කිසිවක ආදාර ඇතිවද ඵය ආහාරයක්වන බවය.
ඵමෙන්ම සත්වයෙකුගේ නාමකාය හා රූපකාය පැවැත්මට හෝ උපැවැත්මට ප‍්‍රත්‍ය භාවයෙන් හෝ උපස්ථම්හක (රුකුල්) භාවයෙන් ඉවහල් වන්නේ ආහාරයක්වන බවය.
සිංහල විශ්වකෝෂය 1965 පි 768
සමාජ විද්‍යාඥයෙකු වන ටේලර්ට අනුව සංස්කෘතිය යනු ,
‘Culture ... is that complex whole which includes knowledge, belief, art, law, morals, custom, and any other capabilities and habits acquired by man as a member of society. (p.1)’
Hervevarenne.whatistheculture.(nodate)varenne.tc.colombia.edu/hv/clt/and/culturedef.html[13/01/2013(12.30)]

මෙම ආහාර ශි‍්‍ර ලංකාව ආශ‍්‍රයෙන් කතාකරනවිට ලංකාවටම ආ‍වේණික ආහාර  සංස්කෘතියක් දැකගත හැකි අතර එයට දිගු ඉතිහාසයක් ද ඇතිබව පෙන්වාදියහැකිය මේ ඉතිහාසය පිළිබද තොරතුරු විමසා බැලිය හැක්කේ මහා වංසය,  රසවාහිනිය , සද්දර්ම රත්නාවලිය,  සද්දර්මා ලංකාරය , ජාතක අටුවා , තූපවංශය , බෝධි වංශය ආදිය ගෙනුත් තෝණිගල සෙල්ලිපි, මැදිරි ගිරිය, එප්පාවල,  වේවැල් කැටිය යන පුරාවිද්‍යාත්මක සාදක ආශ‍්‍රයෙණි.
සාමාන්‍යයෙන් ශි‍්‍ර ලංකාවතුල පවතින ආහාර රටාවගෙන විමසාබැලීමේද එක්දිනකදී ප‍්‍රධාන ආහාරවේල් 3 ක් යොදාගැනම විශේෂත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. ඵමෙන්ම මාංශ ලෙස බොහෝවිට යොදාගනු ලබන්නේ  මාලු කරවල  කුකුල් මස්ය විශේෂයෙන් දහවල් ආහාරවේල සියලුදෙනා පාහේ යොදාගන්නේ බත් සහ ව්‍යංජනය.
ඇතැම්විට දිනයේ වේල් 3ම බත් ලබාගන්නා පිරිස්ද දැකගත හැකිය. එහිද ඔවුන් බත් සදහා ලබාගන්නා ව්‍යංජන වර්ග වෙනස් කරති .
මොවුන්ගේ විශේෂිත අවස්ථාවන් වලද කිරිබත් ඉතාමත් විශේෂත්වයක් ගනුලබයිඑමෙන්ම ශි‍්‍ර ලාංකිකයන් ව්‍යංජන සදහා තුනපහ කුරුදු මිරිස් ගම්මිරිස් කෑලි මිරිස් කහ උථහාල් ඇතුලු  විවිධ දේ එකතුකරනු ලබයි.
ඵමෙන්ම ආහාර විවිධ අන්දමෙන් සාදාගන්නා අතර උදාහරනයක් ලෙස මාලු සෑදමේදකිරට මිරිසට ඇඹුල් තියල් ආද විවිධ ආකාරයට සෑදමට ඔවුන් පුරුදුවී සිටී.
ශි‍්‍ර ලංකාවතුල මෙම ආහාරයන්ට අමතරව ලන්දේසි හා ප‍්‍රතිකාල් කෑම මේ ජනයා අතර බෙහෙවින් දැකගත හැකි අතර බටහිර ඉන්දියානු සහ චීන ආහාරද දැකිය හැකිය.
මෙයට අමතරව  උදෑසන සහ රාත ආහාර වේල් සදහා පිට්ටු රොටී ආප්ප පාන් ධාන්‍ය ආද විවිධ දේ ආහාරයට ගැනමට ශි‍්‍ර ලාංකිකයන් පුරුදුවී සිටී.
මෙම ප‍්‍රධාන ආහාරවේල් වලට අමතරව උදෑසන සහ දහවල් කාලයේද තේ පානය කිරමට පුරුදුවී සිටින අතර ඒ සදහා පැණිරසදේ ඔවුන් නිවෙස්වලම සාදාගන්නා අවස්ථාද දැකගත හැකිය.
මෙම ආහාර රටාවන් කි‍්‍රයාත්මකවන ආකාරය විමසා බැලමේද පෙනයන තවත් එක් කාරනයක් වන්නේ නාගරික සහ ග‍්‍රාමීය ජනතාව ආහාර ලබාගන්නා ආකාරයන් වෙනස්වීමය .නාගරික ජනතාව විවිධ ක්ෂණික ආහාරයන් සදහා බොහෝ සෙයින් පෙළඹී ඇති ආකාරයක් දැකගත හැකිය.
උසස් හා මධ්‍යම පංතවල ජනයා යුරෝපීය හා සිංහල කෑම වර්ග මිශ‍්‍ර ආහාරයක් ගනී ලන්දේසි හා ප‍්‍රතිකාල් කෑම මේ ජනයා අතර බෙහෙවින් ප‍්‍රචලිත වෙයි. ලංකාවේ යමෙකු ගන්නා ආහාරය අනුව ඔහු කවර පංතියකට අයත් වන්නේ දැයි සලකාගන්නට පුලුවන. ආහාරයේ පෝෂණීය ගුනයත් රසයත් රදා පවත්නේ පවුලේ ධනවත්කම පිටය.
විජේසේකර නන්දදේව 1960 පි112

ශි‍්‍ර ලංකාවතුල සම්පූර්ණ ජනගහනය සංඛාලේඛන වලට අනුව...
Total Population 21,513,990 Total Male Population 10,571,618 Total Female Population 10,942,372 .%du’h ck;dj 17710096
country-facts.findthedata.org/.../How-many-people-live-in-Sri-Lanka-a-country-in-the-continent-of-Asia[17,01,2013(10.50am)]

මෙසේ නාගරික සහ ග‍්‍රාමීය ජනතාව අතර ආහාර රටාව මෙහිද විමසා බැලුව හොත් නාගරික ජනතාව වැඩිවශයෙන් රූපවාහිනී දැක්වීම් වල ආහාර නිෂ්පාදන මිලයට ගන්නා ආකාරය දැකගතහැකිවන අතර ග‍්‍රාමීය ජනතාවද මෙම ආහාරයන් මිලද ගැනමට පෙළඹෙන ආකාරයක් දැකගතහැකිව තිබේ.
මෙසේ ආහාර නිශ්පාදන ආයතනයන්ද තම නිෂ්පාදන අලෙවි නරගැනමට විවිධ ක‍්‍රමෝපායන් භාවිතාකරනුලබන අතර ඉන් ප‍්‍රධානම අවස්ථාවක් ලෙස රූපවාහින වෙළද දැන්වීම් පෙන්වාදිය හැකිය.
මේ යටතේ දැන්වීමක් යනු කුමක්දැයි විමසා බැලුවහොත් හදුන්වාදිය හැක්කේ  හදුනාගත් අනුග‍්‍රහයකයකු විසින් අදහස්  භාණ්ඩ සේවාවන් ඉදිරිපත්කරනු ලබන ප‍්‍රවර්ධනය කරනුලබන මුදල් ගෙවනු ලබන පුද්ගලාන්තර නොවන  ඕනෑම ආකාරයක ස්වරූපයක් ලෙස පෙන්වාදියහැක.
එමෙන්ම දැන්වීම්කරණය තෝරාගත් වෙළදපොල දැනුවත් කිරීම සදහා පෙළඹවීම සඳහා හදුනාගත් අනුග‍්‍රහයකයකු විසින් අදහස්  භාණ්ඩ සේවාවන් ඉදිරිපත්කරනු ලබන ප‍්‍රවර්ධනය කරනුලබන පුද්ගලාන්තර නොවන පාලනයකරනලද  ඕනෑම ආකාරයක ස්වරූපයක් ලෙස පෙන්වාදියහැක.
විජයවර්ධන.කසුම්සිරි.1998.පි.3
මාධ්‍යන් අතර පෙරළිකාර මාධ්‍යක් ලෙස රූපවාහින මාධ්‍ය හදුන්වාදිය හැකිය වර්තමානය වනවිට ශි‍්‍ර ලංකාව තුල රූපවාහින නාලිකාවන් 24ක් දැකගතහැකිය. ඉන් සිංහල නාලිකාවන් 12ක් ද දමිළ නාලිකාවන්6ක් ද ඉංගි‍්‍රසි නාලිකාවන් 9ක්ද දැකගත හැකිය.
1 Young Asia Television [21] Private Sinhala/Tamil/English 1995[22] 2 Srilakvahini Private Sinhala November 03, 2006[23] 3 Sri TV [22] Private Sinhala 2006 4 Dhammavahini [23] Private Sinhala May, 2007[24] 5 The Buddhist [24] Private Sinhala June 29, 2007[25] 6 CiTi HiTz Private Sinhala December 10, 2007 7 Gospel Vision Private Sinhala/English 2007 8 Channel C Private Sinhala March 10, 2008[26] 9 Lakroo/Info TV State-owned Sinhala April 04, 2009[27] 10 Heritage TV [25] Private Sinhala May 08, 2009[28] 11 TV Neth [26] Private Sinhala 2009 12 One SriLanka [27] Private Sinhala 2009 13 Knowledge TV Private Sinhala 2010 14 TV Dream Music Private Sinhala 2010 15 Nenasa TV Private Sinhala 2010 16 One Six Channel Private Sinhala 2011 17 Swarga TV Private Sinhala/Tamil/English 2011 18 Ridee TV Private Sinhala 2012[29] 19
Shraddha TV


රූපවාහිනිය තුල ජනතාව පෙළඹවීම සඳහාම වීකාශයවන අංගයක් ලෙස වෙළද දැන්වීම් පෙන්වාදිය හැකිය. මෙය ආහාර ඇතුලත් දැන්වීම් පිළිබඳව විමසාබලන කල....
ශි‍්‍ර ලංකාවේ ඇති නාලිකා 24න් එක් නාලිකාවක දිනකට රූපවාහිනදැන්වීම් විශාල සංඛ්‍යාවක් ප‍්‍රවාරය වන අතර ඉන් ආහාර නිශ්පාදන  හා සම්බන්ද දැන්වීම්ද අධික සංඛ්‍යාවක් දැකගත හැකිය. බොහෝවිට එකම දැන්වීම දිනකට බොහෝ වාරයක් ප‍්‍රචාරය වනඅතර එය ප‍්‍රචාරය වන වේලාව රදාපවතින්නේ අදාල අපේක්ෂිත පාරිභෝගකයන් රූපවාහිනිය සමග රුදසිටින වේලාවල් සමගය
දිනයේ කාටූන් පවතින වේලාවල් වලද කුඩා ළමුන්ගේ ආහාර නිශ්පාදන අඩංගු දැන්වීම් දැකගතහැකිවන අතර ගෘහණියන් සම්බන්ධ වැඩසටහන් වලද ඔවුන් ඉලක්ක කරගත් රූපවාහින `දැන්විම් දැකිය හැකියග වර්තමානය වනවිට මෙම තත්වය කෙසේ  උද්ගතවී ඇද්ද යතොත් ප‍්‍රධාන පුවත් ප‍්‍රකාශයන් අතරද පවා ආහාර හා සම්බන්ධ දැන්වීම් විකාශය වන ආකාරය දැකගත හැකිය.
විශේෂයෙන් වැඩිවශයෙන් ජනතාව රූපවාහිනිය නරඹන වේලාවල් වලද නොකඩවා විනාඩි 5 6 ප‍්‍රමාණයක් දැන්වීම් විකාශයවන ආකාරය දැකගත හැකිවන අතර ඉන් බොහෝමයක් දැන්වීම් ආහාර නිශ්පාදනයන් හා සම්බන්ධ දැන්වීම්ය.
මෙසේ විවිධ ආහාර නිෂ්පාදන ආයතනයන් විවිධ ප‍්‍රවේශයන් යොදාගන්මින් මෙසේ විවිධ දැන්විම් නිර්මාණය කරනු ලබන්නේ මෙය නරඹන්නන් මෙමගින් යම්කිසි බලපෑමකට ලක්කිරම සඳහාය. එය කෙසේද යත් ඇතැම්විට ආහාර මිලද ගැනමටමෙන්ම තම නිෂ්පාදනයන් පිළිබඳව දැනුවත්කිරීමටද දැන්වීම් භාවිතා කරනවා වියහැක.
ලංකාවට රූපවාහිනිය පැමිණීමත් විවෘත ආර්ථිකය පැමිනීමත් තුලින් මෙම ආහාර සංස්කෘතිය වෙනස්වීමට බලපෑ කරුනු ලෙස පෙන්වාදිය හැකිය.
විවෘත ආර්ථිකය ඇතිවීම තුලින් එකම ද්‍රව්‍ය විවිධ නිශ්පාදන නම්වවින් පැමිණි අතර ඒවා අලෙවි කරගැනීමට විවිධ ක‍්‍රමෝපායන් භාවිත කල අතර ඉන් සාර්තකම ක‍්‍රමයක් ලෙස රූපවාහිනී දැන්වීම් දැක්විය හැකිය.           
වර්තමානය වනවිට සමාජ පන්ති පදනම් කරගෙන ආහාර සංස්කෘති නිර්මානය වී ඇති අතර මෙය සිදු වීමට ප‍්‍රධාන වගකිව යුත්තා ලෙස රූපවාහිනී දැන්වීම් පෙන්වාදිය හැකිය. එනම් විවිධ ආහාර නිශ්පාදන සදහා විවිධ ආර්ථික තත්වඇති කන්ඩායම් ඉලක්ක කරගනිමින් රූපවාහිනී දැන්වීම් සකස් වීමයි.
වර්තමානය වනවිට රූපවාහිනී දැන්වීම් හේතුවෙන් නිර්මානය වී ඇති  ආහාර සංස්කෘතිය කෙසේදැයි විමසා බැලුව හොත් පහත කරුණු ඔස්සේ එය පෙන්වාදිය හැකිය.
·         දුරකතනය අන්තර් ජාලය ඔස්සේ ආහාර ඇනවුම් කිරීම
·         ලංකාවේ සියලුම දෙනා පාහේ රූපවාහිනිය නරඔයි. ඉහත ආකාරයට ඇනවුම් කිරීමට ඔවුන් දැනගන්නේ  රූපවාහිනී දැන්වීම් මගිනි
උදාහරන ලෙස  KFC,pitzza hut,mc doneld,

·         සුඛෝපභෝගී නොවනදේ සුඛෝපභෝගී කිරීම.
උදාහරන ලෙස බඩඉරිගු වගාකරන පැතිවල එය එතරම් දෙයක් නොවුනද නගරයේ pop corne,baby corn,corn flar,corn oil සුඛෝපභෝගී ආහාර ලෙස අධික මිලගනන් යටතේ දැකගතහැකග
එමෙන්ම ජලයද මේ යටතේම පෙන්වාදිය හැකිය.
·         අත්‍යවශ්‍ය නොවන ආහාර භාණ්ඩ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ බවට පත්කර ඇත ග
උදාහරන ලෙස co–cola,ice cream,noodles, meat bals සිසිල් බීම  වැනි විවිද දේ පෙන්වාදිය හැකියග
·         වර්තමානය වනවිට ක්ෂණික ආහාරද බොහෝසෙයින් වැඩිවීඇත
          උදාහරන ලෙස
magi nodls
 prima koththume
short east
pizza hut
mc rice
mc Donald

දරුවන් ඇසුරෙන් රූපවාහිනී දැන්වීම් ශි‍්‍ර ලංකාවේ ආහාර  සංස්කෘතියට සිදුකරන බලපෑම විමසා බැලුවහොත් එයද වෙනස්වීම් වලට යටත්ව ඇති ආකාරයක් දැකගත හැකිය.
විශේෂයෙන් ආහාර පුරුදු පවා වෙනස්කිරීමට රූපවාහිනී දැන්වීම්වලට හැකිවී තිබේ.

ආත්මාර්ථකාමීලෙස ආහාර බෙදාගැනීම සොරාගැනීම ඇගිලි ලෙවකෑම වැනි කෑදර චර්යා හෙල සිරිතට නුපුරුදු වූවත් එයපරූවාහිනියෙන් දකින දරුවන් ඒවා තමන්ටද ආදේශකරගනී.

සුපිරි නාමයේ වෙලෙන්දන්ගේ ඇතැම් ආහාර මිලදීගන්නා දෙමව්පියන් ඒ මිල ගෙවන්නේ දරුවන් නිසාමිස මුදල් ඇතිකමකට නොවේ.
පි‍්‍රයදර්ශනී පී‍්‍රතිකා ලක්බිම 2012 පි 35
කුඩා දරුවන්ට ලබාදෙන කිරිපිටි සම්බන්දයෙන්ද රූපවාහිනී දැන්වීම් වල කි‍්‍රයාකාරීත්වය විමසා බැලිය හැක .විශේෂයෙන් විවිධ වයස්වල දරුවන් සිටින මව්වරුන් ගෙන් ඔවුන්ගේ දරුවන්ට ලබාදුන් කිරිපිටි වර්ගය විමසා බැලුව හොත් එය කාලයෙන් කාලයට වෙනස්වනබව පෙනේ .එයට හේතු විමසාබැලීමේදී පෙනීගියේ එම කාලවල රූපවාහින්යේ වැඩිම ආකර්ශනයක් දිනාගත් කිරිපිටි දැන්වීමේ එන කිරිපිටි ඔවුන් දරුවන්ට ලබාදීඇතිබවයි. වර්තමානය ගෙන බැලීමේදී මව්වරුන් වැඩිවශයෙන් දරුවන්ට ලබාදෙන්නේ pedia pro නම් කිරිපිටි වර්ගයයි එයට හේතුව නම් මෙම දිනවල රූපවාහින්යේ වැඩිම ආකර්ශනයක් දිනාගත් කිරිපිටි දැන්වීම pedia pro දැන්වීම වීමයි.

මේ අනුව ඉහත කරුනුවවින් සනාතවෙන දෙය නම් රූපවාහිනී දැන්වීම් මගින් ශි‍්‍ර ලංකාවේ ආහාර  සංස්කෘතියට විශාල බලපෑමක් සිදුවන බවය.


ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය
විජේසේකර .නන්දදේවග:1964.අපේ හෙලදිවකොළඔ. ඇමි ඞී ගුනසේන සමාගම 
සිංහල විශ්වකෝෂය ..සං හෙට්ටිආරච්චි .1965.2වන වෙලුම. ගකොළඔ.
 රජයේ මුද්‍රන දෙපාර්ථමේන්තුව
පි‍්‍රයදර්ශනී  පී‍්‍රතිකා:2012.03.25රූපපෙට්ටියේ යකා අපේ දරුවන් නටවන්නේ මෙහෙමයි.ලක්බිම මන්දාකිනිය.2012
විජයවර්ධන.කසුම්සිරි.1998පචාරනයේ වෙනස්වීම් රටා කොළඔ.එස් ගොඩගේ සහෝදරයෝ
country-facts.findthedata.org.’How-many-people-live-in-Sri-Lanka’.www.country-facts.findthedata.org/.../How-many-people-live-in-Sri-Lanka-a-country-in-the-continent-of-Asia [17,01,2013(10.50am)].
Ministryofcultureandthearts.(2013).(onling).”srilankanfoodculture”.www.cultural.gov.lk[13/01/2013;12.11p.m]
Wikipedia.Television_in_Sri_Lanka(onling)nodate.www.wikipedia.org/wiki/Television_in_Sri_Lanka[1,01,2013 (10.45 am)]


AR/59050
07/5508
M.L.samaraweera hetti

No comments:

Post a Comment