Monday, March 23, 2015

Experimenting digital Storytelling - To Amuda with Love...


"නිර්මලී, එයා මට සලකන්නෙ වීරයෙකුට වගේ. අපේ ඇස් ඇතුලෙ ත්‍රස්තවාදියෙක් උනාට උඹේ ස්වාමිපුරුෂයාව උඹටත් වීරයෙක් වෙන්න ඇති අමුදා. අපි හැමෝම ලෝකෙ දිහා බැලුවෙ පාට පාට කණ්නාඩිවලට මුවා වෙලා. ඒත් අපි හැමෝම හීන පොදියක් කරතියාගෙන අමාරුවෙන් ජීවිතේ ඇහිඳින මිනිස්සු. 


මං උඹෙන් ඉල්ලන්නෙ එක දෙයයි. මං කරපු පව්කාරකමට මේ ලෝකෙ එළියවත් නොදැකපු ලේ කැටියෙක්ගෙ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා අමුදා!...."


No you are not at a wrong site!


This is a story with a historical background of social media. This extract is from, Sri Lanka's first Facebook crowd written book.

Crowd writing is a relatively new term to Sri Lanka, yet it is   a popular Facebook activity  all around the world. The main purpose of it is,  creating artistic content as group efforts which could be named as collective creativity.





This Facebook crowd writing activity took place on November, 2014 as a reconciliation project.The main focus of the project was to write a story with a crowd of people with same ethnicity, about a plight of a person that belongs to a different ethnicity.



10 project leaders were appointed for the task by the             project coordinator,UN conflict annalist  Michael MacDonald. Each project leader was given a script with the beginning of the story and  rest was there to be woven by each member of the group. No one was forced to write according to any agenda, and all the divers imaginations were heartily welcomed to the story. 





The project was called, In bodies not our own. 

It was an eye opening experience to see reconciliation with a new perspective. Team leaders were requested to create either a Facebook page or a group as the sphere. Therefore a Facebook group was created by me, with the name 'Cham's team'. 30 members were added to the group initially, on the 2nd day another 15 members requested to join the group, the group setting was changed from private to public and let anyone interested to join. This group was for Sinhala Buddhist ethnic group, therefore writers with other ethnic backgrounds were directed to the other 9 groups which were working on their stories parallel  to mine. 

This was the first post, posted by me to introduce the prompt of the story.























Interested individuals were allowed to continue the story either in  English or Sinhala provided that group leader would translate the non- English parts to English later.
















It was a fun filled learning experience. Story was built with the idea any person should be able to express true feelings towards reconciliation without any interfere through the story.First I didn't have much faith on this method, whether a group of people step by step would be able to represent their collective perception on reconciliation but sooner the group started commenting  all my doubts vanished.
































Within 10 days the story was picturesquely built up  with 100 comments by  34 individuals. The project was successfully completed. 

This learning experience changed my perspective on Facebook, it was known to me as a sphere that I could be politically active, a space that enables me to get connected with individuals, yet creating collective perceptions on such a creative method was alien to me. This was an amazing out of the box creative assignment .  

Please feel free to visit and leave your comments on this Facebook storytelling project.

Facebook - Cham's Team

Constructive Criticism is heartily welcome!

For more digital storytelling please visit...
Chaminie Bliss


AR/65000
AF/6698



Friday, March 13, 2015

සයිබර් අපරාධයකට පෙර ඔබ සුදානම් වන්න

AR /65100

AF/6798

SAUMYA RATHNAYAKE


සයිබර් අපරාධයකට පෙර ඔබ සුදානම් වන්න 



              තාක්ෂණයේ වේගවත් දියුණුවට  සාපේක්ෂව ලෝකයද දියුණු  විය යුතුයි.කුමක් නිසාද යත් තාක්ෂණයේ වේගය හා  යාවත්කාලින නොවීම ගෝලීයකරණය හමුවේ අභියෝගයක් ගොඩනැගිය හැකි බැවිනි.කෙසේහෝ වේවා තාක්ෂණයේ දියුණුව ජීවිත වලට  තර්ජනයක් තනනවා නම් එය යම් තරමක අවධානමකි.එබැවින් තාක්ෂණය භාවිතයේදී එකී අවධානමට ලක් නොවීම උදෙසා තම වගකීම හඳුනාගැනීම පහසුවක්   වනු ඇති.

අන්තර්ජාල පරිහරණයේදී ඔබ පරිස්සම් විය යුත්තේ ඇයි ?

          වර්තිමය අධ්‍යාපනය සඳහා හෝ වෙනත් කිසියම් අවශ්‍යතාවයක් සඳහා අන්තර්ජාලය පරිහරණය කරන පිරිස් බොහෝය.ඔවුන්ගේ කටයුතු ඉට කරගැනීම සඳහා මෙසේ භාවිතයම ඇතැම් විට යම් අවධානමක් ඒ පුද්ගලයන් වෙත ගෙන යා .හැකි.අනෙක් අතට සමාජ වෙබ් අඩවිවල නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වාගෙන යන පිරිස්ද අන්තර්ජාල අපරාධවල ගොදුරක් බවට පත්විය හැකිය.අන්තර්ජාල පරිහරණයේදී ඔබ කවුරුන් උවද පරිස්සම් විය යුත්තේ එබැවිනි.



ඊ මේල් භාවිතයේදී 


ඊ මේල් ගිණුමක් අරඹ කරන්නේ යම්කිසි ගනුදෙනුවක් සඳහාය.එසේත් නොමැති නම් කිසිවෙකු සමග අදහස් හුවමාරු කරන්නටය.ඊ මේල් ගිණුමකදී තමන්ගේ password  ආරක්ෂා කරගැනීම වැදගත්ය.ශක්තිමත් password එකක් භාවිත කිරීම අතිශය වැදගත් වන අතර ඊ මේල් ගිණුමට පිවිසීමේ මාර්ගය මෙම password එක වීම ඊට හේතුවයි.ඒ සඳහා කැපිටල් අකුරු ,සිම්පල් අකුරු ,ඉලක්කම් ,සංකේත ආදිය යොදා ගැනීම ඉතා අරක්ෂිතවේ.එම passaword  එක අවම අකුරු 8 කවත් එකක් වීමෙන් එහි සුරක්ෂිත බව ඉහල වේ.එය තම දුරකථන අංකය ,වාහන අංකය ,හිතවතුන්ගේ නම්,උපන්දින වලට සම්බන්ධ වචන සංකේත බවට පෙරලා භාවිත කිරීම ඉතා අනාරක්ෂිත ක්‍රමයකි.

                       gmail ,yahoo ,hotmail යන ඊ මේල් ලිපින තුනේම තම දුරකථන අංක යොදාගැනීමේ හැකියාව පවතී.එය දෙවෙනි වරටත් ගිණුමේ අනන්‍යතාවය තහවුරු කිරීමට යොදන ක්‍රමයක් වේ.සාමාන්‍ය user name එකක් සහ password එකක් මගින් ගිණුමට ඇතුල්වීමේ හැකියාව තිබුනද මෙහිදී ගිණුම තහවුරු කිරීම සිදුකල යුතුවේ.එය වෙන අයෙකු ගිණුමට ඇතුල්වීම අවහිර කරවයි. log වීමෙන් අනතුරුව කේතයක් ජංගම දුරකතනයට එවන අතර එය යොදා තහවුරු කිරීම සිදුකල යුතුවේ.password එකත් ජංගම දුරකථනයත් යන දෙකම අස්ථානගතවී ගැටළුවක් මතු වුවහොත් එය ඉවත් කොට නව ගිණුමක් සැකස ගත හැක්කේ ගිණුමට යොදා ඇති තොරතුරු අනුවයි.ඒ සඳහා වෙනත් recovery e mail ගිණුමක් ඇතුලත්කර තිබේ නම් එම ඊ මේල්  password එක යවනු ලැබේ.

මෙම කරුණු වලට අමතරව ඊ මේල් භාවිතයේදී සිදුවිය හැකි ගැටළු කිහිපයක්ද දැක්වීම වඩාත් උචිත වේ.

                  තමාට අවශ්‍ය හෝ අනවශ්‍ය ඊ මේල් ලිපි පැමිණීමේ ඉඩකඩ ඇති අතර ,එය එවීමේ අරමුණ ඇතැම් විට ගිණුමේ username හෝ password එක සොරකම් කිරීම විය හැකිය.එහිදී කුමන හෝ ප්‍රශ්නයක් මත මේ දෙකම තහවුරු කරන්න යැයි පණිවුඩ පැමිණිය හැකි අතර ඒවා ලබාගැනීමෙන් එම පුද්ගලයාටද ගිණුමට ඇතුල් වීමේ හැකියාව පවතී.මෙවැනි තත්වයකදී හොඳම විසඳුම වන්නේ password  වෙනස් කිරීමක් හෝ තහවුරු කිරීමක්  දැනුම් දීමේ ක්‍රමයක් භාවිත කළහොත් මෙම ගැටලුව මගහරවා ගත හැකිය .මේ සඳහා ඊ මේල් ගිණුමේ settings වල දක්වා ඇති change වෙත ගොස් එම දැනුම් දීමේ ක්‍රමය සක්‍රීය කරගත හැකිය.

                  ඊ මේල් හරහා මුදල් වංචා සිදුවීමේ ඉඩකඩ ඇති අතර , රැකියා ඉල්ලුම්තකට ,ලොතරැයි දිනුමකට ,සමාජ සේවා කටයුතු සඳහා මුදල් මාරු කිරීමක් විය හැකිය.තවද ඊ මේල් ලිපින ලබා ගැනීම සඳහා පුද්ගලයන් විසින් සිදුකරන දේවල්ද විවිද වේ.එසේ සිදුකරන පුද්ගලයන්ගේ පරමර්තයන්ද විවිධ වේ.  

facebook භාවිතයේදී 


සෑම විටම ඊ මේල් ලිපිනයටත් facebook ගිනුමටත් වෙන වෙනම password භාවිත කිරීම වැදගත් වේ.හේතුව එක් password එකක් සොරකම් කරගැනීමෙන් අනෙක් facebook  ගිණුමට හෝ ඊ මේල් ලිපිනයට පහසුවෙන්ම ඇතුලත් වීමට හැකි .වීමයි .ලෝකයේ සිටින බොහෝ දෙන මෙමගින් සම්බන්ධ කරගතහැකිවූවත් තමාගේ හිතවත් පිරිස් පමණක් එයට එක් කරගැනීම වඩාත් ආරක්ෂිත වෙයි. එමගින් නන්නාදුනන පුද්ගලයින්ගෙන් විය හැකි ප්‍රශ්න මගහරවා ගැනීමට හැකිවනු ඇති. මුහුණුපොතේ දකින නමක් ඡායාරූපයක් නිවැරදිද යන්න හෝ එම තැනැත්තන් ඇතුළත් කර ඇති තොරතුරු සත්‍යය ද යන්න දැනගැනීමේ මාර්ගයක් නොමැත. තමාගේ ෆේස්බුක් ගිනුමට පින්තූර ඇතුළත් කරන විට අවශ්‍ය ඒවා පමණක් යොදා ගැනීමෙන් වඩාත් ආරක්ෂිත වේ.  එමෙන්ම පින්තූර යෙදීමේදී එය බැලියහැකි පිරිස පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. එය තමාට අවශ්‍ය පරිදි සකස් ිරීමට අවශ්‍ය පහසුකම ෆේස්බුක් ලබාදී තිබේ. ජංගම දුරකතනයෙන් ෆේස්බුක් භාවිත කරන්නේ නම් එය ද තරමක අනතුරුදායක විය හැක්කේ බොහෝවිට මුරපදය දුරකතනයේ සුරැකිව  තැබිය හැකි නිසාය. එබැවින් සැමවිටම  මුහුණුපොතට පිවිසිය හැකි වුවද දුරකතනය අස්ථානගත වුවහොත් එය ලබාගන්නා පුද්ගලයාට ඊට ඉතා පහසුවෙන් පිවිසිය හැකි වේ.


ස්කයිප් භාවිතයේදී


ස්කයිප් භාවිතය සුලභව දක්නට ලැබෙන්නේ විදෙස්ගතව හෝ දුරබැහැරව සිටින පවුලේ සමීපතයන් සම්බන්ධ කරගැනීමේ අවශ්‍ය තාව මත වුවත් එය මේ වනවිට විවිධ දේ සඳහා යොදා ගැනේ.
ස්කයිප් භාවිතයේදී ඇති වූ ගැටළු බොහෝමයක් දැකගත හැකිවන්නේ එමඟින් ඡායාරූප හා වීඩියෝ පටිගත කරගැනීමේ හැකියාව ඇති බැවිනි.
යම් ආකාරයක රවටා ගැනීමකින් පසු අනෙක් පාර්ශවයෙන් කෙරෙන ඉල්ලීමක් මත සිදුවිය හැකි  මෙම  තත්ත්වය අනුව ප සුව නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ එසේත් නොමැතිනම් හඬපට නම් ගම් සහිතව අන්තර්ජාලයට මුදාහාර  මුදල් ඉල්ලීම්, නොඑසේනම් වෙනත් බලහත්කාරකම් සිදුවීමේ ඉඩකඩද පවතී. 


පොදුවේ පරිගණක භාවිතයේදී 



      සමස්තයක් ලෙස පරිගණක භාවිතයේදී අවධානය යොමුවියයුතු කරුණු කිහිපයක් දැක්වීම වැදගත් වේ.ඔබගේ හෝ ඔබගේ සමීපතමයන්ගේ චායාරූප ජංගම දුරකතනයේ ගබඩා කර තැබීමෙන් වැලකීම සුරක්ෂිතය.යම් ආකාරයකින් ජංගම දුරකථනය අක්‍රීය වීමකදී එය නැවත සකස් කර ගැනීමට ඔබට වෙළද ආයතනයකට යායුතු වෙයි. එහිදී ඔබේ ජංගම දුරකථනය සකස් කරන පුද්ගලයා කුමන ආකාරයේ අයෙක්ද යන්න ඔබට විශ්වාසය තැබිය නොහැක.ඇතැම් පුද්ගලයන් තමන් වෙත සකස් කිරීම සඳහා ගෙන එන දුරකථන හා පරිගණක තුල ඇති data විවිධ අයුරින් භාවිත කරමින් සයිබර්  අපරාධ  පෙලබිය හැකිය.යම්  ආකාරයකින් සයිබර් අපරාධයක ගොදුරක් බවට පත්වීමට පෙර ඒ සඳහා ඇති ඉඩකඩ අවුරලීම පහසුම කටයුඋත්ත වෙයි.

            මෙවැනි දෙයක් නීතිමය විසඳ ගැනීම් සඳහා ඔබ පොලිසිය වෙත යායුතු අතර ,තාක්ෂණික සහය හෝ උපදෙස්  ලබා ගැනීමේදී අවස්යතාවයක්  වේ නම් පරිගණක හදිසි මෙහෙයුම් කණ්ඩායමේ සහය ලබා ගැනීමේ හැකියාවද ඇත.4/112, BMICH ,බෞද්ධාලෝක මාවත ,කොළඹ 07 යන ලිපිනයටත්, 0112691064 හා 2695749,  2679888 යන අංක වලට ඇමතීමෙන් ඔබගේ ගැටළු වලට විසඳුම් ලබාගත හැකිය.එමෙන්ම cert.gov.lk  යන ඊ මේල් ලිපිනයට යොමු කිරීමේ හැකියාවද පවතී.







Tuesday, March 3, 2015

ෆේස් බුක් ගිනුමක් ආරක්ශාකාරීව පවත්වාගෙන යන්නේ කෙසේද? Part 2

ෆේස් බුක් ගිනුමක් ආරක්ශාකාරීව පවත්වාගෙන යන්නේ කෙසේද?

ගිනුම භවිතා කිරීමේදී එහි settings සාදාගෙන තම පෞද්ගලික තොරතුරු ආරක්ශා කරගත යුතු වේ. එහිදී පලමු පියවර ලෙස General Account Settings සාදාගත  හෑක.
 



 

General Account Settings වලදී තමන්ට අවශ්ය ආකරයට තම නම වෙනස් කර ගත හෑක. නමුත් සෑලකිලිමත් විය යුතු කරුන නම් එක් වතාවක් නම වෙනස් කල පසු නෑවත නම වෙනස් කල හෑක්කේ දින 60ක් ගත වූ පසුය. එම නිසා නම enter කීරීමේදී තමන්ට අවශ්ය නම ඒ ආකාරයෙන්ම ඈතුලත් කිරීමට වගබල ගත යුතුය.





අවශ්ය නම් User name එක මෙන්ම e mail address එක
වෙනස් කරගත හෑක. මෙහි වෑදගත්ම කරුන වන්නේ pass word එක වෙනස් කරන කොටසයි. තවත් කෙනෙකුට අනුමාන කල නොහෑකි ආකරයේ නමුත් තමන්ට මතක තබගත හෑකි pass word එකක් ලබාදිය යුතුය. එමෙන්ම එය සති දෙකකට වරක්වත් වෙනස් කරන්නේනම් වඩාත් හොදය. 




අවශ්ය නම් Network, language එක මෙන්ම temperature එක වෙනස් කරගත හෑක.
මීලගට Security Settings සදාගත යුතුය.






 මෙහි ඈති Login alerts ගිය පසු තම ගිනුමට log වෙන ඔනෑම වෙලාවක notification එකක් තම ඊ මේල් ගිනුමට හෝ දුරකතන අන්යට message එකක් ලබාගත හෑක. මෙය ආරක්ශාකාරී පියවරකි.




මීලගට Login Approvals යන පියවරට ගිය පසු එහිදී අප සමාන්යෙන් log වෙන device එකට අමතරව වෙනත් device එකකින් log වෙන්නේනම් එහිදී අපගේ දුරකතන අන්කයට code එකක් ලබා ගත හෑක. එවිට එම device එකෙන් log විය හක්කේ එම code එක ලබා දුන් විට පමනි.



















මීලගට code genarater නමෑති පියවටර ගිය පසු තව දුරටත් ආරක්ශාකාරී තෙවන පියවරක් ලෙස pass word එක වෙනස් කිරීමට අවශ්ය අවස්තාවක login approval security code 1ක් ලබා ගත හෑක.



 

මීටත් අමතරව අප භවිතා කරන Apps වලට pass word එකක් දමා ගෑනීමේ හෑකියවාද ඈත.








ඈතෑම් අවස්තාවක අපට ගිනුමට log වීමට නොහෑකි තත්වයක් හෝ lock වීමක් සිදු වුවහොත් අපට නම් කරන ලද විශ්වාසදායක යහලුවන් කීප දෙනෙකුගේ උදව් ලබා ගත හෑක. එයට මෙම පියවර තුලදී යහලුවන් කීප දෙනෙකු එක් කල හෑක.








Monday, March 2, 2015

ෆේස් බුක් ගිනුමක් අරක්ශාකරීව පවත්වගෙන යන්නේ කෙසේද? Part 1

ෆේස් බුක් ගිනුමක් ආරක්ශාකාරීව පවත්වාගෙන යන්නේ කෙසේද? 

ෆේස් බුක් ගිනුමක් පවත්වාගෙන යාමේදී ඔබ නොසිතන අයුරින් ඔබගේ පෞද්ගලික තොරතුරු අන්සතු විය හෑක. එම නිසා ඔබගේ ගිනුම ආරම්භ කිරීමේ සිට ඒ පිලිබද දෑඩි අවදානයක් යොමු කල යුතුය. 

ගිනුම අරම්බ කිරීම සදහා පලමුව ඊ මේල් ගිනුමක් අවශ්ය වේ. එය සදා ගෑනීමෙන් පසුව ෆේස් බුක් ගිනුම
රම්බ කිරීමේදී ඊ මේල් ගිනුම සහ මුර පදය ලබාදුන් පසු ෆේස් බුක් ගිනුම සදහා මුර පදයක් ලබාදිය යුතුය.


මෙම මුර පදය ලබා දීමේදී වඩාත් පරීක්ශාකාරී ලෙස තමන් පමනක් දන්නා වෙනත් කෙනෙකුට අනුමාන කල නොහෑකි ආකරයේ මුර පදයක් යෙදිය යුතුය. එමෙන්ම එය සති දෙකකට වරක්වත් වෙනස් කිරීම වඩත් සුදුසු වේ. 
ෆේස් බුක් ගිනුම අරම්බ කිරීමටනම් ඔබගේ උපන්දිනයද අතුලත් කල යුතුය, නමුත් පසුව අවශ්යනම් වෙනත් කෙනෙකුට නොපෙනෙන අයුරින් එය තෑබීමටද පුලුවන.



ඉන්පසු sign in ලබා දුන් පසුව ඔබේ ඊ මේල් ගිනුම තහවුරු කිරීම සදහා ඊ මේල් ගිනුමට පිවිස එය තහවුරු කල යුතුය. බොහො විට මෙහිදී කේත අන්කයක්ද ලෑබිය හෑක.
මෙහි confirm your account ගිය පසු new tab එකකින් ඔබගේ ෆේස් බුක් ගිනුමට log වීමට හෑක. 



ඉන්පසු පලමු පියවර ලෙස yahoo, Skype, outlook, other e mail services හරහා යහලුවන් හදුනාගත හෑක. එහි ඈති Find Friends ලබාදුන් පසු ඔබ ගිනුමට ලබා දී ඈති තොරතුරු වලට ගෑලපෙන යහලුවන් පෙන්වයි. නමුත් මෙය පසුවදීද සිදුකල හෑකි නිසා පලමුව ගිනුම සම්පුර්න කරගත යුතුය. ඒ සදහා skip this step කර ඊලග පියවරට යා හෑක.


දෙවන පියවරෙහිදී ඔබගේ ගිනුමට profile picture එකක් එක් කල හෑක, නමුත් මෙහිදීද එහි audience එක නෑත්නම් එය දකිනා පිරිස පාලනය කල නොහෑකි නිසා මෙයද අපට පසුව upload කල හෑක. skip කර තමන්ගේ account එකට යා හෑක.
 




ඉන් පසුව අපට ලබෙන්නේ පහත ආකරයට තම profile එකයි. එහි උඩම ඈති තමන්ගේ නම click කල පසු සාමාන්යෙන් අපට පෙන්වන account එක ලෑබේ.



ගිනුම සාදාගත් පසු එයට තම තොරතුරු එක් කිරීම සිදුකල හෑකි නමුත් මෙහිදී වඩාත් එම තොරතුරු වල සහ චායරූප වල ආරක්ශාකාරී බව පිලිබද සෑලකිලිමත් වෙමින් ඒවයෙහි Privacy Settings සාදාගත යුතුය.

පලමුව cover photo එකක් upload කරන්නේනම් දෑන ගතයුත්තක් වන්නේ cover photo නිරන්තරයෙන් වෑටෙන්නේ public audience ලෙසටයි. එම නිසා තමන්ගේ පෞද්ගලික චායරූප එයට එක් කිරීමට අකමෑතිනම් එය නොකර සිටිය යුතුය. යහලුවන් නොවන අයට cover photo එක download කිරීමට නොහකි වුවත් එය share කිරීමට හෝ message එකක් ලෙස වෙන කෙනෙකුට යවීමේ හෑකියාව ඈත.



Profile Picture එකක් upload කරන්නෙ නම් එයද වටෙන්නේ public ලෙසටයි. එය friends only ලෙස දෑමීමේ හකියාව ඈතත් එහි වෙනස වන්නේ එවිට friend list එකේ නොමෑති අයට like, comment කිරීමට නොහෑකි වීමයි.


මීට අමතරව අපට යම් කෙනෙකුට මෙය නොපෙනෙන්නට දෑමීමට අවශ්ය නම් එම පුද්ගලයාව මගහෑර දෑමීමට custom යන option එකෙන් හෑකියාව තිබේ.  මෙය අප විසින් upload කරනු ලබන ඕනෑම photo එකකට භාවිතා කල හෑකි option එකකි.






A.T. Dilanka Wijegunawardana
AR/65242
AR/09/6940 



Sunday, February 15, 2015

ත‍්‍රිමාණ සජීවිකරණය(3 D Animation)


ත‍්‍රිමාණ සජීවිකරණය(3 D Animation) අප හදුනාගන්නේ 90 දශකය අවසානයේදීය. 2000 දශකය පමණ වනවිට ටෙලිවිෂන් මාධ්‍යය මේ නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් හුරුවක් ලබමින් තිබුණි. කෙසේ වෙතත් ඊට පෙර සිටම එනම් ත‍්‍රිමාණ සජීවීකරණය භාවිතාවක් ලෙස පැමිණෙන්නට පෙරත් සජීවිකරණය විෂයයික වූ භාවිතාවක් ටෙලිවිෂන් මාධ්‍යය තුළ තිබිණි. එය හැදින්වූයේ ‘ඔප්ටිකල් ෆෙක්ට්ස්’’යනුවෙනි. එය සිදු කළේ කැමරා කාච ම`ගින් වන අතර විශේෂයෙන්ම මාධ්‍ය රූප නිර්මාණය කිරීමද එම`ගින් සිදුවිය.ප‍්‍රථමයෙන් විවිධ වැඩසටහන් වෙනුවෙන්ද යොදාගත් එය පසුව ටෙලිනාට්‍ය සදහා නිර්මාණාත්මක උපක‍්‍රමයක් ලෙසින් යොදා ගැනීමද සිදුවිය. එසේ වුවත් ලොව තාක්ෂණික ප‍්‍රබෝධයේ වේගවත් ගමන ඉදිරියේ මෙම තාක්ෂණික සිනමා සහ ටෙලි මාධ්‍යට ත‍්‍රිමාණ සජීවිකරණ හැසිරීමක් අවශ්‍ය විය.

මේ සම්බන්ධයෙන් මූලික තලයේ අත්හදා බැලීම් කළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වේ නම් ඒ පෝර්ජ් ලූකස්ය. ඔහු විසින් නිර්මාණය කරන ලද Star wars චිත‍්‍රපට මාලාව ඒ සදහා දිය හැකි හොදම උදාහරණයයි. නමුත් ඔහු ඒ කාර්යභාරය පහසුවෙන් අත්කරගත්තක් නොවේ. ඊට අදාළ පරිගණක මෘදුකාංග නිෂ්පාදනය නොවූ පමණක් නොව ඒ පිලිබද අදහසක්වත් නොතිබූ යුගයක ලූකස්ගේ මේ ප‍්‍රයත්නය පුදුම සහගත කටයුත්තක්ම විය. ඇතැම් අවස්ථාවලදී සිය කටයුත්තට ඔහු සහය ලබාගත්තේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ භාවිතා වූ ඇතැම්  අත්දැකීම් සහ උපකරණ මගින් බවත් තම අවශ්‍යතාව වෙනුවෙන් පරිඝණක මෘදුකාංග නිෂ්පාදනය කරගැනීමට පවා ඔහුට සිදුවූ බවත් හදුනාගත හැකිය. නමුත් ඒ වත්මන් ත‍්‍රිමාණ සජීවිකරණය නොවීය.විෂුවල් ඉෆෙක්ටිස් නම් භාවිතාවට වඩා තාක්ෂණික අවබෝධයක් සත්‍ය වශයෙන්ම ඒ යුගයේදී ඔහුට නොතිබුණි.
විෂුවල් ඉෆෙක්ටිස් තාක්ෂණය හැරුණු කල වෝල්ට් ඩිස්නිද්විමාන සජීවිකරණය එකල තිබුණු අතර ඉන් ඔබ්බට ගිය ත‍්‍රිමාණ සජීවිකරණය පිළිබද හාන්කවිසියක්වත් ලෝකය එදා දැන සිටියේම නැත.
කෙසේ වෙතත් ඩිස්නිලන්තයෙන් ඉවතට එන එඞ් කැටිමුල් විශේෂයෙන්ම ජෝන් ලැස්ටර් නම් පුරෝගාමී චරිත ජෝර්ජ් ලූකස් යැයි කියමින් එය පැහැදිලි කළ විට ලූකස් එය ප‍්‍රකික්ෂේප නොකළේය. නමුත් ඒ වෙනුවෙන් යොදවන්නට තරම් ප‍්‍රාණවත් ධනයක් ඔහු සතුව තිබුණේ නැත. කෙසේ වෙතත් ලූකස් මේ පුරෝගාමී මිනිසුන්ට ඒ වනවිට බිලියනපතියකුව සිටි තවත් පුරෝගාමී චරිතයක් වන ස්ටීවි ජොබ්ස්ට් හදුන්වා දෙන්නට කටයුතු කළේය.


ස්ටීවී ජොබ්ස්ට මේ නව්‍ය අත්හදාබැලීම අවබෝධ නොවුණු බව ඔහුම පවසා ඇත. එහෙත් එහි යම් වටිනාකමක් ඔහුට දැනුණා විය යුතුය. ඒ නිසාම ඔහු ඒ වෙනුවෙන් මුදල් ආයෝජන කළද ඊට සරිලන ආකාරයෙන් ලාභයක් කෙසේ වෙතත් යෙද වූ මුදලවත් ලබා දෙන්නට කටයුත්තේ නිරත වූ පුරෝගාමී ශිල්පීන්ට හැකි වූයේ නැත. චිත‍්‍රපටකරණයට අදාළව නව්‍ය  සජීවිකරණයක් වෙනුවෙන් එසේ  අත්හදා බැලීම් කරමින් සිටි ඔවුන් අවසානයේදී සිය පැවැත්ම උදෙසා පෙරකී මූලික අදහස මොහොතකට අත්හැර වෙළද දැන්වීම් නිර්මාණයට එම තාක්ෂණය ලබා දී තිබේ.

කෙසේ වෙතත් ස්ටීවි ජොබ්ස්ටද දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට නො හැකි වුණු අතර ජෝන් ලැස්ටර් එහිදී කරන්නේ තමන් මුලින් සිටි ආයතනයටම එනම් ඩිස්නි සමාගමට මේ තාක්ෂණ භාවිතාවෙන් යුත් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට යෝජනා කිරීමයි. 1992 වසරේදී Toy story නම් මුල්ම ත‍්‍රිමාණ සජීවිකරණ චිත‍්‍රපටය නිර්මාණය වන්නේ ඒ උත්සහයේ ප‍්‍රතිඵලයක් හැටියටය. ඒත් සමාගම ලෝක සිනමාව මෙතෙක් නොසිතූ විරූ තාක්ෂණික අත්දැකීමක් සමග පෙරළිකාර යුගයකට අවතීර්ණ වෙන අයුරු දකින්නට ලැබුණි. කෙසේ වෙතත් එහි කීර්තිය අත්කරගන්නේ ඒසා වෙහෙසකින් එය සාක්ෂාත් කරගත් ශිල්පීන් නොවේ. ඊට මුදල් ආයෝජනය කළ වෝල්ට් ඩිස්නි සමාගමයි.

පසුව ET හි පිටසක්වළ ජීවියාත්, ටයිටැනික් ඛේදවාචකයත්. ජුරාසික් පාක්හි ඩයිනෝසරයනුත් කිසිදු වෙනසකින් තොරව සජීවි ලෙසින් රූපගත කරගෙන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය එසේ ලොවට පැමිණීම නිසාය.
කර්මාන්තයක් වශයෙන් ගත් කල අපේ සිනමාව මුල් යුගයේදී අඩුම තරමින් ආසියානු සිනමාවත් සමග කරට කර සිටින තත්වයක් පවත්වාගෙන ආ බවට වූ පිළිගැනීම ඊට හිමි ගෞරවය ලබාදීමක් වේ. එහෙත් පසුව ඒ තත්වය ක‍්‍රමානුකූලව අපෙන් ගිලිහෙන්නේ ලෝක සිනමාවේ තාක්ෂණය, එම ආම්පන්න සහ ක‍්‍රමවේද අපටද ලැබෙන පසුබිමකය. සිනමාව පසුපසට ගමන් කිරීමකි. මේ ආකාරයෙන් ශ‍්‍රී ලාංකීය සිනමාව පසු බසින්න බාහිර සමාජ දේශපාලන හේතුද තිබුණි. අනෙක් පසින් ප‍්‍රවීණ සිනමාකරුවෝ සිනමා කර්තව්‍යය අත්හැර නිහඩවීමද ඊට හේතු වු බරපතළ සාධකයක් විය. ඒ අනුව එය නරක කාලයක් බව පිළිනොගෙන සිටීමට අපට හැකියාවක් නැත.


අපට උදා වුණු එම නරක කාලය තුළ ලෝක සිනමාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කරමින් පිමි ගණනාවකින් ඉදිරියට ගමන් කර අතර ත‍්‍රිමාණ සජීවිකරණය පිටුවහල් කරගනිමින් දැවැන්ත පසුතල සහිත අවතාර්, ගොඞ් ඔෆ්  ද රින්ග්, වැනි කල්පිත දේශයන් මනඃකල්පිත චරිත ජීවමානව සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඞ් සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඩි සිනමාව තුළ පවා අතිමහත් පසුතල නිර්මාණය වුණේ ද ඒ අනුහසිනි. එහෙත් අපේ සිනමාව ඒ ලෝක ජයග‍්‍රහණ නුදුටු ඇසින්, නොපැතූ ලෙසින් අවිචාරවත් පැවැත්මකට සිරගතව තිබුණි. සියලූ කටයුතු වෙනුවෙන් ඉන්දියානු චිත‍්‍රාගාරවලට සහය පතන පසුගාමී තැනක එය පැවතුණි. එය වෙනස් කළ නොහැකි තත්ත්වයක් සේද දකින්නට ලැබුණි.

2000 දශකය ආරම්භයේදී ත‍්‍රිමාණ සජීවිකරණය අපේ චිත‍්‍රපට අතරටද පැමිණෙන්න පටන්ගත් අතර ”අග්නි දාහය” සුළු වශයෙන් එකී තාක්ෂණය යොදාගත් පළමු චිත‍්‍රපටය බවට පත් වුණි. ඒ අනුව එය සුළු අත්හදා බැලීමක් වශයෙන් හදුන්වාදීමට හැකියාව ඇත. කෙසේ වුවත් අවසන් මුද්‍රණ කටයුතු සදහා ඉන්දියාවට යැවීම තවදුරටත් අත්නොහැරී තිබුණි.

‘අබා’ දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් වන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය කෙරෙහි විශ්වාසය තබාය. ‘අබා’ චිත‍්‍රපටයේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධයෙන් ශිල්පී චමත් පරණවිතාන මැදිහත් වන අතර තවදුරටත් ඉන්දියාවේ සහයක් නොමැතිව සමස්තයක් වශයෙන් එහි කටයුතු මෙරට තුළදී අවසන් කිරීමේ අභියෝගය ඔහු බාර ගන්නේද සෙසු පිරිස ඒ කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබන පසුබිමකය. ඒ අනුව දල සේයාපට ඉන්දියාවට යවා ස්කෑන් කොට හාඞ් ඩිස්ක් මගින් මෙරටට ගෙන්වා සජීවීකරණ කටයුතු මෙරටදී සිදු කොට අවසන් කිරීම කාලයට සාපේක්ෂව අභියෝගයක් වුවත් අවසානයේදී එය නිසියාකාරවම සිදු වුණි. ඒ නිසාම ‘අබා’ යම් වෙනස් තත්ත්වයක් තාක්ෂණය අතින් මෙරට සිනමාවට ලබාදුනි.

කෙසේ වුවත් ඒ සමාගම දැවැන්ත පසුතල සහිත ඓතිහාසික කතා පුවත් සහිත චිත‍්‍රපට රැල්ලක්ම බිහිවුණත් බලාපොරොත්තු වූ ආකාරයේ ප‍්‍රගතියක් හෝ ජයග‍්‍රහණයක් ඉන් අත්වීද යන ප‍්‍රශ්නය මේ වනවිට පැනනැගී ඇත.

සජීවිකරණ ශිල්පියකුට සිය කටයුත්තේදී ආලෝකකරණය, වේෂ නිරූපණය, වර්ණ සංයෝජනය යන විෂය අවබෝධය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නකි. විදේශ රටවල් තුළ එම එක් කටයුතු වෙනුවෙන් විශේෂඥ දැනුමකින් පොහොසත් සජීවිකරණ ශිල්පීන් සිටිති. නමුදු  අප රට තුළ මේ සියල්ල Desktp  වැඩක් ලෙස එකම ශිල්පියකුගෙන් බලාපොරොත්තු වෙයි.

ඒහේතුව නිසා අප රටේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධව ඒ ඒ විෂයන්ට අදාළව විශේෂඥයන් බිහිවන්නට හැකියාව නැත. මේ විෂය විශ්වවිද්‍යාල විෂයක් වශයෙන් ලෝකය  අද පිළිගෙන ඇත.අවශ්‍ය ශිල්ප ප‍්‍රාගුණ්‍යය කෙසේ වෙතත් ඒ සම්බන්ධ පූර්ණ අවබෝධයක්වත් තවම අප රටේ නොමැත. කෙටියෙන් පැවසුවහොත් යම් චිත‍්‍රපටයක් සදහා සජීවිකරණ ශිල්පීය ක‍්‍රමෝපායන් ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එහි අධ්‍යක්‍ෂවරයා වේෂ නිරූපණයේ සිට අලෝකකරණය, කලා අධ්‍යක්‍ෂණය මුල් කොටගත් චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය සහ ඊට අදාළ සෑම කටයුත්තක් වෙනුවෙන්ම ත‍්‍රිමාණ සජීවිකරණ සහ විශේෂ ප‍්‍රයෝග ශිල්පියාව කැදවා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව හිතුමතයේ රූපගත කළ රූප සමූහයක් ගෙනැවිත් ඊට අවශ්‍ය පසුතල සකස් කර දෙන්න යැයි පවසා පිටව යන චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් ප‍්‍රකාශ කරන්නේ උක්ත තාක්ෂණවේදය ගැන තමන්ගේ නොදැනුවත්කමට වඩා වැඩි දෙයකි. ඒ අනුව මෙම තාක්ෂණය පිළිබද පූර්ණ අවබෝධය ලැබිම තුළින් විශිෂ්ට සිනමාවකට අපටද උරුමකම් කිව හැකිය.

W.M.Hashala Niroshani
AR/65226
AF/09/6924
ත‍්‍රිමාණ සජීවිකරණය(3 D Animation)

ත‍්‍රිමාණ සජීවිකරණය (3 D Animation) අප හදුනාගන්නේ 90 දශකය අවසානයේදීය. 2000 දශකය පමණ වනවිට ටෙලිවිෂන් මාධ්‍යය මේ නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් හුරුවක් ලබමින් තිබුණි. කෙසේ වෙතත් ඊට පෙර සිටම එනම් ත‍්‍රිමාණ සජීවීකරණය භාවිතාවක් ලෙස පැමිණෙන්නට පෙරත් සජීවිකරණය විෂයයික වූ භාවිතාවක් ටෙලිවිෂන් මාධ්‍යය තුළ තිබිණි. එය හැදින්වූයේ ‘ඔප්ටිකල් ෆෙක්ට්ස්’’යනුවෙනි. එය සිදු කළේ කැමරා කාච ම`ගින් වන අතර විශේෂයෙන්ම මාධ්‍ය රූප නිර්මාණය කිරීමද එම`ගින් සිදුවිය.ප‍්‍රථමයෙන් විවිධ වැඩසටහන් වෙනුවෙන්ද යොදාගත් එය පසුව ටෙලිනාට්‍ය සදහා නිර්මාණාත්මක උපක‍්‍රමයක් ලෙසින් යොදා ගැනීමද සිදුවිය. එසේ වුවත් ලොව තාක්ෂණික ප‍්‍රබෝධයේ වේගවත් ගමන ඉදිරියේ මෙම තාක්ෂණික සිනමා සහ ටෙලි මාධ්‍යට ත‍්‍රිමාණ සජීවිකරණ හැසිරීමක් අවශ්‍ය විය.

මේ සම්බන්ධයෙන් මූලික තලයේ අත්හදා බැලීම් කළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වේ නම් ඒ පෝර්ජ් ලූකස්ය. ඔහු විසින් නිර්මාණය කරන ලද Star wars චිත‍්‍රපට මාලාව ඒ සදහා දිය හැකි හොදම උදාහරණයයි. නමුත් ඔහු ඒ කාර්යභාරය පහසුවෙන් අත්කරගත්තක් නොවේ. ඊට අදාළ පරිගණක මෘදුකාංග නිෂ්පාදනය නොවූ පමණක් නොව ඒ පිලිබද අදහසක්වත් නොතිබූ යුගයක ලූකස්ගේ මේ ප‍්‍රයත්නය පුදුම සහගත කටයුත්තක්ම විය. ඇතැම් අවස්ථාවලදී සිය කටයුත්තට ඔහු සහය ලබාගත්තේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ භාවිතා වූ ඇතැම්  අත්දැකීම් සහ උපකරණ මගින් බවත් තම අවශ්‍යතාව වෙනුවෙන් පරිඝණක මෘදුකාංග නිෂ්පාදනය කරගැනීමට පවා ඔහුට සිදුවූ බවත් හදුනාගත හැකිය. නමුත් ඒ වත්මන් ත‍්‍රිමාණ සජීවිකරණය නොවීය.විෂුවල් ඉෆෙක්ටිස් නම් භාවිතාවට වඩා තාක්ෂණික අවබෝධයක් සත්‍ය වශයෙන්ම ඒ යුගයේදී ඔහුට නොතිබුණි.


විෂුවල් ඉෆෙක්ටිස් තාක්ෂණය හැරුණු කල වෝල්ට් ඩිස්නිද්විමාන සජීවිකරණය එකල තිබුණු අතර ඉන් ඔබ්බට ගිය ත‍්‍රිමාණ සජීවිකරණය පිළිබද හාන්කවිසියක්වත් ලෝකය එදා දැන සිටියේම නැත.
කෙසේ වෙතත් ඩිස්නිලන්තයෙන් ඉවතට එන එඞ් කැටිමුල් විශේෂයෙන්ම ජෝන් ලැස්ටර් නම් පුරෝගාමී චරිත ජෝර්ජ් ලූකස් යැයි කියමින් එය පැහැදිලි කළ විට ලූකස් එය ප‍්‍රකික්ෂේප නොකළේය. නමුත් ඒ වෙනුවෙන් යොදවන්නට තරම් ප‍්‍රාණවත් ධනයක් ඔහු සතුව තිබුණේ නැත. කෙසේ වෙතත් ලූකස් මේ පුරෝගාමී මිනිසුන්ට ඒ වනවිට බිලියනපතියකුව සිටි තවත් පුරෝගාමී චරිතයක් වන ස්ටීවි ජොබ්ස්ට් හදුන්වා දෙන්නට කටයුතු කළේය.


ස්ටීවී ජොබ්ස්ට මේ නව්‍ය අත්හදාබැලීම අවබෝධ නොවුණු බව ඔහුම පවසා ඇත. එහෙත් එහි යම් වටිනාකමක් ඔහුට දැනුණා විය යුතුය. ඒ නිසාම ඔහු ඒ වෙනුවෙන් මුදල් ආයෝජන කළද ඊට සරිලන ආකාරයෙන් ලාභයක් කෙසේ වෙතත් යෙද වූ මුදලවත් ලබා දෙන්නට කටයුත්තේ නිරත වූ පුරෝගාමී ශිල්පීන්ට හැකි වූයේ නැත. චිත‍්‍රපටකරණයට අදාළව නව්‍ය  සජීවිකරණයක් වෙනුවෙන් එසේ  අත්හදා බැලීම් කරමින් සිටි ඔවුන් අවසානයේදී සිය පැවැත්ම උදෙසා පෙරකී මූලික අදහස මොහොතකට අත්හැර වෙළද දැන්වීම් නිර්මාණයට එම තාක්ෂණය ලබා දී තිබේ.

කෙසේ වෙතත් ස්ටීවි ජොබ්ස්ටද දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට නො හැකි වුණු අතර ජෝන් ලැස්ටර් එහිදී කරන්නේ තමන් මුලින් සිටි ආයතනයටම එනම් ඩිස්නි සමාගමට මේ තාක්ෂණ භාවිතාවෙන් යුත් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට යෝජනා කිරීමයි. 1992 වසරේදී Toy story නම් මුල්ම ත‍්‍රිමාණ සජීවිකරණ චිත‍්‍රපටය නිර්මාණය වන්නේ ඒ උත්සහයේ ප‍්‍රතිඵලයක් හැටියටය. ඒත් සමාගම ලෝක සිනමාව මෙතෙක් නොසිතූ විරූ තාක්ෂණික අත්දැකීමක් සමග පෙරළිකාර යුගයකට අවතීර්ණ වෙන අයුරු දකින්නට ලැබුණි. කෙසේ වෙතත් එහි කීර්තිය අත්කරගන්නේ ඒසා වෙහෙසකින් එය සාක්ෂාත් කරගත් ශිල්පීන් නොවේ. ඊට මුදල් ආයෝජනය කළ වෝල්ට් ඩිස්නි සමාගමයි.


පසුව ET හි පිටසක්වළ ජීවියාත්, ටයිටැනික් ඛේදවාචකයත්. ජුරාසික් පාක්හි ඩයිනෝසරයනුත් කිසිදු වෙනසකින් තොරව සජීවි ලෙසින් රූපගත කරගෙන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය එසේ ලොවට පැමිණීම නිසාය.
කර්මාන්තයක් වශයෙන් ගත් කල අපේ සිනමාව මුල් යුගයේදී අඩුම තරමින් ආසියානු සිනමාවත් සමග කරට කර සිටින තත්වයක් පවත්වාගෙන ආ බවට වූ පිළිගැනීම ඊට හිමි ගෞරවය ලබාදීමක් වේ. එහෙත් පසුව ඒ තත්වය ක‍්‍රමානුකූලව අපෙන් ගිලිහෙන්නේ ලෝක සිනමාවේ තාක්ෂණය, එම ආම්පන්න සහ ක‍්‍රමවේද අපටද ලැබෙන පසුබිමකය. සිනමාව පසුපසට ගමන් කිරීමකි. මේ ආකාරයෙන් ශ‍්‍රී ලාංකීය සිනමාව පසු බසින්න බාහිර සමාජ දේශපාලන හේතුද තිබුණි. අනෙක් පසින් ප‍්‍රවීණ සිනමාකරුවෝ සිනමා කර්තව්‍යය අත්හැර නිහඩවීමද ඊට හේතු වු බරපතළ සාධකයක් විය. ඒ අනුව එය නරක කාලයක් බව පිළිනොගෙන සිටීමට අපට හැකියාවක් නැත.


අපට උදා වුණු එම නරක කාලය තුළ ලෝක සිනමාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කරමින් පිමි ගණනාවකින් ඉදිරියට ගමන් කර අතර ත‍්‍රිමාණ සජීවිකරණය පිටුවහල් කරගනිමින් දැවැන්ත පසුතල සහිත අවතාර්, ගොඞ් ඔෆ්  ද රින්ග්, වැනි කල්පිත දේශයන් මනඃකල්පිත චරිත ජීවමානව සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඞ් සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඩි සිනමාව තුළ පවා අතිමහත් පසුතල නිර්මාණය වුණේ ද ඒ අනුහසිනි. එහෙත් අපේ සිනමාව ඒ ලෝක ජයග‍්‍රහණ නුදුටු ඇසින්, නොපැතූ ලෙසින් අවිචාරවත් පැවැත්මකට සිරගතව තිබුණි. සියලූ කටයුතු වෙනුවෙන් ඉන්දියානු චිත‍්‍රාගාරවලට සහය පතන පසුගාමී තැනක එය පැවතුණි. එය වෙනස් කළ නොහැකි තත්ත්වයක් සේද දකින්නට ලැබුණි.

2000 දශකය ආරම්භයේදී ත‍්‍රිමාණ සජීවිකරණය අපේ චිත‍්‍රපට අතරටද පැමිණෙන්න පටන්ගත් අතර ”අග්නි දාහය” සුළු වශයෙන් එකී තාක්ෂණය යොදාගත් පළමු චිත‍්‍රපටය බවට පත් වුණි. ඒ අනුව එය සුළු අත්හදා බැලීමක් වශයෙන් හදුන්වාදීමට හැකියාව ඇත. කෙසේ වුවත් අවසන් මුද්‍රණ කටයුතු සදහා ඉන්දියාවට යැවීම තවදුරටත් අත්නොහැරී තිබුණි.

‘අබා’ දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් වන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය කෙරෙහි විශ්වාසය තබාය. ‘අබා’ චිත‍්‍රපටයේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධයෙන් ශිල්පී චමත් පරණවිතාන මැදිහත් වන අතර තවදුරටත් ඉන්දියාවේ සහයක් නොමැතිව සමස්තයක් වශයෙන් එහි කටයුතු මෙරට තුළදී අවසන් කිරීමේ අභියෝගය ඔහු බාර ගන්නේද සෙසු පිරිස ඒ කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබන පසුබිමකය. ඒ අනුව දල සේයාපට ඉන්දියාවට යවා ස්කෑන් කොට හාඞ් ඩිස්ක් මගින් මෙරටට ගෙන්වා සජීවීකරණ කටයුතු මෙරටදී සිදු කොට අවසන් කිරීම කාලයට සාපේක්ෂව අභියෝගයක් වුවත් අවසානයේදී එය නිසියාකාරවම සිදු වුණි. ඒ නිසාම ‘අබා’ යම් වෙනස් තත්ත්වයක් තාක්ෂණය අතින් මෙරට සිනමාවට ලබාදුනි.

කෙසේ වුවත් ඒ සමාගම දැවැන්ත පසුතල සහිත ඓතිහාසික කතා පුවත් සහිත චිත‍්‍රපට රැල්ලක්ම බිහිවුණත් බලාපොරොත්තු වූ ආකාරයේ ප‍්‍රගතියක් හෝ ජයග‍්‍රහණයක් ඉන් අත්වීද යන ප‍්‍රශ්නය මේ වනවිට පැනනැගී ඇත.

සජීවිකරණ ශිල්පියකුට සිය කටයුත්තේදී ආලෝකකරණය, වේෂ නිරූපණය, වර්ණ සංයෝජනය යන විෂය අවබෝධය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නකි. විදේශ රටවල් තුළ එම එක් කටයුතු වෙනුවෙන් විශේෂඥ දැනුමකින් පොහොසත් සජීවිකරණ ශිල්පීන් සිටිති. නමුදු  අප රට තුළ මේ සියල්ල Desktp  වැඩක් ලෙස එකම ශිල්පියකුගෙන් බලාපොරොත්තු වෙයි.


ඒහේතුව නිසා අප රටේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධව ඒ ඒ විෂයන්ට අදාළව විශේෂඥයන් බිහිවන්නට හැකියාව නැත. මේ විෂය විශ්වවිද්‍යාල විෂයක් වශයෙන් ලෝකය  අද පිළිගෙන ඇත.අවශ්‍ය ශිල්ප ප‍්‍රාගුණ්‍යය කෙසේ වෙතත් ඒ සම්බන්ධ පූර්ණ අවබෝධයක්වත් තවම අප රටේ නොමැත. කෙටියෙන් පැවසුවහොත් යම් චිත‍්‍රපටයක් සදහා සජීවිකරණ ශිල්පීය ක‍්‍රමෝපායන් ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එහි අධ්‍යක්‍ෂවරයා වේෂ නිරූපණයේ සිට අලෝකකරණය, කලා අධ්‍යක්‍ෂණය මුල් කොටගත් චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය සහ ඊට අදාළ සෑම කටයුත්තක් වෙනුවෙන්ම ත‍්‍රිමාණ සජීවිකරණ සහ විශේෂ ප‍්‍රයෝග ශිල්පියාව කැදවා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව හිතුමතයේ රූපගත කළ රූප සමූහයක් ගෙනැවිත් ඊට අවශ්‍ය පසුතල සකස් කර දෙන්න යැයි පවසා පිටව යන චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් ප‍්‍රකාශ කරන්නේ උක්ත තාක්ෂණවේදය ගැන තමන්ගේ නොදැනුවත්කමට වඩා වැඩි දෙයකි. ඒ අනුව මෙම තාක්ෂණය පිළිබද පූර්ණ අවබෝධය ලැබිම තුළින් විශිෂ්ට සිනමාවකට අපටද උරුමකම් කිව හැකිය.



W.M.Hashala Niroshani
AR/65226
AF/09/6924

Tuesday, February 10, 2015



නව සංස්කෘතිකාංග සමාජගතවීම කෙරෙහි රූපවාහිනී මාධ්‍යයේ බලපෑම.




වර්තමානයවන විට සමස්ථ ජනමාධ්‍ය පද්ධතිය තුළ සමාජීය ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතය කෙරෙහිද ප‍්‍රබල බලපෑමක් කරමින් තීරණාත්මක ආධිපත්‍යයක් පවත්වාගෙන යන්නේ රූපවාහිනී මාධ්‍යයයි.

මානව සංජානන ක‍්‍රියාවලියෙහි පවත්නා යම් යම් විශේෂතාත්, දෘශ්‍ය මාධ්‍යයෙහි පවත්නා තාක්‍ෂණික ගති ස්වභාවයනුත් පදනම් කරගෙන රූපවාහිනී මාධ්‍ය සෙසු මාධ්‍ය අභිබවා සිටී. එම තත්වය තුළ මිනිසාගේ පෞද්ගලික මෙන්ම සමාජ ජීවිතය කෙරෙහි සෘජු බලපෑමක් කිරීමට රූපවාහිනී මාධ්‍යයට හැකියාව ලැබී ඇත . රූපවාහිනිය ගෝලීය ප‍්‍රපංචයකි. ලොව පුරා පේ‍්‍රක්‍ෂකයන් රූපවාහිනිය නරඔති. ඒ අනුව වර්තමාන ලෝකයේ ගෝලීයකරණයේ තීරණාත්මක ජනමාධ්‍ය බවට රූපවාහිනී මාධ්‍ය පත්ව ඇත. එම තත්වය තුළ සංස්කෘතිකාංග සමාජගතවීම සඳහා රූපවාහිනී මාධ්‍යය සෘජුලෙස බලපෑම් කරයි.

මානව සමාජය වෙනත් සත්ව සමූහයාගෙන් වෙන්කර පැහැදිලිවම දැක්විය හැකි මුලික සාධකයක් වශයෙන්
සංස්කෘතිය  හඳුනාගැනීමට ලැබේ. සංස්කෘතිය යන සංකල්පය එදිනෙදා ව්‍යවහාරයේ යෙදෙන ආකාරයට වඩා වෙනස් ස්වරූපයෙන් සමාජ ශාස්ත‍්‍ර වලදී අධ්‍යනය කෙරේ. සංස්කෘතිය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනය කරනු ලබන්නේ මානව විද්‍යාඥයින්ය. ඊට අමතරව සමාජ විද්‍යාඥයන්ද මේ සම්බන්ධයෙන් විවිධ අධ්‍යයන සිදුකොට ඇත. නමුත් සංස්කෘතිය යන සංකල්පය සම්බන්ධයෙන් එක් පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුවී ඇත. සංස්කෘතිය චර්යාත්මක විෂයන්ට සම්බන්ධවූවකි. මිනිසාගේ චර්යාව කලින් අනාවරණය කිරීමට හැකියාවක් නොමැත. එය සැනෙකින් වෙනස්වන  සුළුය. සමාජය පිළිබඳව විමසා බලන විට එය තවදුරටත් සංකීර්ණවේ. එබඳු තත්වයක් තුල පුද්ගල චර්යාවන් පිළිබඳව විවරණ සපයන සංස්කෘතිය නැමැති සංකල්පය පිළිබඳව පොදු නිර්වචනයක් සැපයීම අපහසුවී ඇත. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පිළිගත් නිර්වචන ගනණාවක්ම ඉදිරිපත්වී ඇත.




”1951 දී සංස්කෘතිය පිළිබඳව ගවේෂණාත්මකව අධ්‍යනයකළ ඒ.එල්. ක්‍රෝබර් හා ක්ලයිඞ් ක්ලක්හෝන් යන මානව විද්‍යාඥයන් පෙන්වාදුන්නේ මෙම සංකල්පයට එවකට නිර්වචන 164ක් තිබූ බවයි ”
                                                                                                            
                                                                                                                       ( පෙරේරා, 2013,  පි. 75)


සමාජ මානව විද්‍යාවේ පියා වශයෙන් සැළකෙන ඊ.බී. ටයිලර් (EB Tylor 1)771 දී ”ප‍්‍රාථමික සංස්කෘතිය” (Primative Calture ) යන මැයෙන් රචනා කරන ලද ග‍්‍රන්ථයේ ඇතුළත් නිර්වචනය සම්භාව්‍ය නිර්වචනයක් ලෙසින් සැලකේ. ” දැනුම ,විශ්වාස ,කලා, සදාචාර දහම්, නීති, සිරිත්/විරිත් හා මිනිසා විසින් සමාජයේ සාමාජිකයෙකු වශයෙන් ලබාගන්නා අනෙක්  ඕනෑම හැකියාවන් හා පුරුදුවල සමස්ත සංකීර්ණ”
                                                                                                                 
                                                                                                                        ( සරච්චන්ද්‍ර ,2013, පි. 56 )


”සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධාන හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප‍්‍රාන්ස් බෝආස් නම් මානව විද්‍යාඥයින් පැහැදිලිකර ඇත. මලිනොවුස්කි ප‍්‍රකාශකල පරිදි සංස්කෘතිය ශිල්පීය ක‍්‍රම, භාණ්ඩ, තාක්‍ෂණික ක‍්‍රියාවලින්, අදහස් පුරුදු සහ ඇගයීම් වලින් සංයුක්තවී ඇතිබව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මේ සියලූ අංග ලක්‍ෂණ අන්තර් සම්බන්ධවී ඇති අතර සමස්ත ජිවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩනංවන බවයි.”
                                                                                                      
                                                                                                                       ( විකිපීඩියා නිදහස් විශ්වකෝෂය,)


”මාග‍්‍රට් මීඞ්, ඒ.එල්.ක්‍රෝබර්,රූත් බෙනඩික්ත් සංස්කෘතිය  සමාජීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වාදී ඇත. 1940 දි රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදාහදාගනු ලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.”
                                                                                              
                                                                                                                       ( විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය)



සංස්කෘතිය යනු සමාජ උරුමයකි. එය තනි පුද්ගලයෙකු එක මොහොතක ගොඩනගාගත් දෙයක් නොවේ. කාලයක සිට විවිධ සමාජ සමූහ ක‍්‍රම ක‍්‍රමයෙන් සකස්කරගන්නා ලද ක‍්‍රියාවලියකි. දැනුම, විශ්වාස, හෝ  ඕනෑම මානවීය ක‍්‍රියාවලියක් කාලයක් තිස්සේ පරිණාමයවෙමින් ඉදිරියට ගමන්කරයි. මෙවැනි තත්වයක් මත සංස්කෘතිය සමාජයක් මගින් උරුම කරගත් දෙයක් වශයෙන් දැක්වීමට හැකියාවක් ඇත. එසේම පරම්පරාවෙන් පරම්පරාවට මිනිසා විසින් ගෙනයන ලද දෙයක් වශයෙන්ද  සංස්කෘතිය අගයකළ හැකිය. සංස්කෘතියක් තුළ එකතු කිරීම්, අඩු කිරීම්, දක්නට ඇත. එසේ වන්නේ එක් එක් කාලයට සමගාමීව පුද්ගල අවශ්‍යතාවල වෙනසක් ඇතිවන බැවිනි. නව තාක්‍ෂණය, නව අදහස් සංස්කෘතියට අලූතින් එකතුවෙයි. එසේම පැරණි සංස්කෘතියට අදාල වූ එහෙත් නව සංස්කෘතියට එතරම් අදාල නොවන සංස්කෘතිකාංග ක‍්‍රමයෙන් බැහැරවේ.


 සංස්කෘතිය යන සංකල්පය හඳුනා ගැනීමේදී එහි අන්තර්ගතය විමසා බැලීම ඉතා වැදගත්වේ.  ඕනෑම සංස්කෘතියක් තුළ ප‍්‍රධාන වශයෙන් අංග ලක්‍ෂණ ත‍්‍රිත්වයක් හඳුනා ගැනීමට ලැබේ. අදහස්, ධර්මතා සහ භෞතික සංස්කෘතිය එම අංග ලක්‍ෂණයි. අදහස් යනු සිතන දේවල්ය. එහෙත් සියලූදෙනා සිතන සියල්ලක් අදහස් වශයෙන් සංස්කෘතියට ඇතුළත් නොවේ. සමාජයට හිතකර, සමාජයේ කටයුතු වලට දායකවන, කලක් තිස්සේ සමාජය තුළ පැවතුණු අදහස් මේ අනුව සංස්කෘතියට අන්තර්ගතවේ. සාම්ප‍්‍රදායික ජන ශ‍්‍රැති, ජන කතා, උපමා, ප‍්‍රස්ථා පිරුළු ආදිය අදහස් වශයෙන් ක‍්‍රියාත්මකවේ. නවීන සමාජවල සාම්ප‍්‍රදායක සමාජවලට වඩා සංකීර්ණ අදහස් හඳුනා ගැනීමට ලැබේ. තාක්‍ෂණික අදහස්, ආගමික අදහස්, විද්‍යාත්මක අදහස්, දේශපාලනික අදහස් ඒ අතර ප‍්‍රධානවේ. අදහස් පිළිබඳ ලැයිස්තුවක් රොබට් බියෙස්ටෙඞ් නම් සමාජ විද්‍යාඥයා සිය සමාජ පර්යාය නැමැති කෘතියේ ඉදිරිපත්කර ඇත. එනම් 

”ආගමික සත්‍යයන්, ආගමික විශ්වාස, මිත්‍යාවන්, පුරාවෘත්ත, සාහිත්‍ය, අද්භූත කතා, උපමා, ප‍්‍රස්ථාව පිරුළු හා ජන ශ‍්‍රැතිවේ.”
                                                                                                                    
                                                                                                                        ( පෙරේරා,2013,පි . 83 )

ධර්මතා යනු සංස්කෘතියේ තවත් වැදගත් අංගයකි. ධර්මතා යන්නෙන් අදහස් කරනුයේ මිනිසා විසින් කරනු ලබන දෑය. අදහස් මෙන්ම ධර්මතාවයන් ද ප‍්‍රත්‍යක්‍ෂයට හසුනොවේ. සමාජයක යහපැවැත්ම උදෙසා ධර්මතා අනිවාර්යයෙන්ම අවශ්‍යවේ. සමාජය වෙනුවෙන් මිනිසුන් විසින් ඉටුකරන යුතුකම් හා වගකීම්ද ධර්මතා වලට අයත්වේ. ආචාරශීලීබව , ස්තුතිපූර්වකබව, සදාචාරසම්පන්නබව යනාදිය ධර්මතාවල වැදගත් අංගයන්ය. අදහස් හා ධර්මතා ප‍්‍රත්‍යක්‍ෂට හසුනොවේ. ප‍්‍රත්‍යක්‍ෂයට ලක්වන සංස්කෘතික අංගයක් ද සංස්කෘතිය තුළ අන්තර්ගතව ඇත. භෞතික සංස්කෘතිය වශයෙන් එය හඳුනාගැනිමට ලැබේ. මිනිසා විසින් නිර්මාණයකර ඇති දෘෂ්ඨියට හසුවන සියලූමදෑ භෞතික සංස්කෘතියට අයත්වේ. භෞතික සංස්කෘතියට අංග ඇතුළත්වීමේදී පිළිගැනීම, අගය කිරීම, ප‍්‍රයෝජනයට ගැනීම ආදී සාධක වලට අනුව ප‍්‍රමුඛතාවයක් දක්වන දෑ කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ. ඉතා විශාල දෙයක් වුවද එය ප‍්‍රයෝජනයට නොගනීනම් එය භෞතික සංස්කෘතියට ඇතුළත් නොවේ. නමුත් ඉතා කුඩා දෙයක්වුව ප‍්‍රයෝජනයටගනීනම් එය භෞතික සංස්කෘතියට ඇතුළත් වේ.
                             
1945 දී විශ්වීය  සංස්කෘතිය තුළ පවතින ලක්‍ෂණ පිළිබඳව ජෝර්ජ් මර්ඩොක් නැමැති සමාජ විද්‍යාඥයා  අදහස් ඉදිරිපත්කර ඇත. ඔහු දැක්වූ ආකාරයට විශ්වීය සංස්කෘතියක අංග ලක්‍ෂණ මෙසේය. 
  1.  ආගම
  2. ඉවුම්/පිහුම් 
  3. මෝස්තර 
  4. ජනශ‍්‍රැති
  5.  පවුලඅවමංගල්‍ය චාරිත‍්‍ර
  6.  විවාහය
  7. මිත්‍යා විශ්වාස
  8. නීති  ක‍්‍රීඩා
  9. දින දසුන්භාෂාව
  10. අධිකරණ ක‍්‍රමවේදයන්
  11.  දේශගුණික තත්වයන්ට ගැළපෙනසේ අනුගතවීම
  12.  නෘත්‍ය රංගන
  13.  සිහින අරත්නිරූපන
  14.  ආහාර පුරුදු
  15.  ආහාර තහංචි
  16. ත්‍යාග හුවමාරු
  17. කොණ්ඩා මෝස්තර
  18.  වෛද්‍ය ක‍්‍රම 
  19. සංගීතය අක්ෂර
  20.  පුද්ගල නාම
  21.  දේපළ
  22.  ලිංගික තහංචිවානිජ කටයුතු  අවි නිපැයුම

                             
                                                                                                               ( සරච්චන්ද්‍ර,2013, පි . 69-70 ) 
  

සරච්චන්ද්‍ර තම කෘතිය තුළ මර්ඩොක් විසින් හඳුන්වා දෙනලද සංස්කෘතිකාංග 28ක් ඉදිරිපත්කොට ඇත.එම සියලූ අංග අඩු වැඩි වශයෙන් සමාජගතවන අතරම විකාශනයවීමක්ද සිදුවේ. එහිදී ඇතැම්විට නව්‍යතාවයෙන් යුතුව එම අංග නැවත සමාජගතවේ. එම ක‍්‍රියාවලියේදී රූපවාහිනී මාධ්‍යයෙන්  සෘජු බලපෑමක් සිදුවේ.

සංස්කෘතිකාංග සමාජගතවීම විවිධ ස්වරූපයන්ගෙන් හඳුනා ගැනීමට ලැබේ. සංස්කාතික විසරණය යනු එවැන්නකි. එහිදී සිදුවන්නේ කිසියම් සංස්කෘතියකට අයත් අයත් සංස්කෘතිකාංග තවත් සංස්කෘතියක අංග අතරට ඇතුළත් කරගැනීමයි. උදාහරණ වශයෙන් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දකුණු ආසියාතික රටවලට ඉංග‍්‍රීසි සංස්කෘතික ලක්‍ෂණ ඇතුළත්වීම දැක්විය හැකිය. සංස්කෘතිකාංග විසරණයට අමතරව විකාශනයවීමක්ද සිදුවේ. එමගින් නව සංස්කෘතිකාංග සමාජගතවීම සිදුවේ. ඒ ඔස්සේ ජනප‍්‍රිය සංස්කෘතියකට මගපෑදීමක්ද සිදුවේ.

” ප‍්‍රචාරණ ආකෘතිය භාවිතාකර අවධානය අල්ලාගැනීමේ කාර්යය මේවනවිට වැඩිවශයෙන් ක‍්‍රියාත්මක කෙරෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යනුවෙන් හැඳින්වෙන ක්ෂේත‍්‍රයේය. හුදෙක් ග‍්‍රාහක අවධානය අල්ලාගැනීමේ අරමුණෙන් නොයෙක් වැඩසටහන් වලින් මෙකළ මතුවන කලාව , කලා රුචිය, විලාසිතා, හැසිරීම් රටා, පරිභෝජන රටා, විනෝදාස්වාද මාර්ග ආදිය සාමාන්‍යයෙන් ඇතුලත්කෙරෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යටතටය. මේ නිසා ජනප‍්‍රිය සංස්කෘතිය යන අංගයද රූපවාහිනිය යන මාධ්‍යයද තෙවැනි ලොව සංස්කෘතික ආරක්‍ෂණවාදීන්ගේ කෝපයට හේතුවී ඇත.”                                                                                                                                                                              
(විකිපීඩියා නිදහස් විශ්වකෝෂය,)



නව සංස්කෘතිකාංග සමාජගතවීම කෙරෙහි රූපවාහිනී මාධ්‍යයේ බලපෑම පිළිබඳ හැඳින්වීමේදී අවධානය යොමුකළයුතු අනෙක් වැදගත් අංශය වන්නේ රූපවාහිනි මාධ්‍යයයි. එසේම නව සංස්කෘතිකාංග සමාජගතවීමට රූපවාහිනී මාධ්‍යයෙන් සිදුවන බලපෑම පිළිබඳවද අවධානය යොමුකිරීම වැදගත්වේ.
රූපවාහිනී මාධ්‍ය හුදෙකලාව වර්ධනයවූවක් නොවේ. එය ඊට පෙර  පැවති ගුවන් විදුලිය, නිශ්චල  රූපය, සිනමාව වැනි මධ්‍යයන්ගේ තාක්‍ෂණික ශක්‍යතාවය ආශ‍්‍රය කරගෙන නිර්මාණයවූවකි ”ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය වශයෙන් සම්පේ‍්‍රෂණය කළහැකි මෙම මාධ්‍ය සඳහා Television  යන යෙදුම මුලින්ම භාවිතාකර ඇත්තේ ප‍්‍රංශ ජාතිකPerski   නැමැති අයෙකි. Tele   යන්නෙන් දුරත්,  "  Vision     යන්නෙන් දැකීමත් අර්ථවත්වේ. .                                     
                                                                                                             

තාක්‍ෂණික වශයෙන් රූපවාහිනී මාධ්‍යය දියුණුවීමෙන් පසු එය ව්‍යාප්තවූයේ මහජනසේවා මාධ්‍යයක් වශයෙනි. II වන ලෝක යුද්ධයෙන් පසු මුලින්ම තොරතුරු දැනගැනීමේ අවශයතාවය පදනම් කරගෙන රූපවාහිනිය ජනතාවට සමීපවිය.රූපවාහිනිය ආරම්භවී දශකයක් පමණ ගතවනවිට රූපවාහිනිය සඳහා
නාට්‍යය නිෂ්පාදනය කිරීම වැනිදෑ ආරම්භවිය. ඒ අනුව රූපවාහිනිය විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් වශයෙන්ද ජනතාවට වඩාත් සමීප විය.

—1940 දශකයේදී මුල්ම රූපවාහිනී නාට්‍යය ඇමෙරිකා එක්සත් ජනපදයේ රූපවාහිනී මගින් හඳුන්වාදෙන ලදී. සබන් නිෂ්පාදන සමාගම් මගින් මෙම නාට්‍ය විකාශනය සඳහා රූපවාහිනී ආයතන වලට අනුග‍්‍රහය දක්වන ලදී. එම හේතුව නිසා එම නාට්‍ය සෝප් ඔපෙරා නමින් හඳුන්වති ”  


 නව සංස්කාතිකාංග සමාජගත කිරීම සඳහා සෘජු ලෙස දායකවන රූපවාහිනී වැඩසටහන් ගණනාවක් හඳුනා ගැනීමට ලැබේ. ටෙලි නාට්‍ය, චිත‍්‍රපට, සංගීත වැඩසටහන්, වාර්තා වැඩටහන්, ක‍්‍රීඩා වැඩසටහන් ඒ අතර ප‍්‍රධානවේ.

                    කිසියම් රටක් තුළ වැඩි වශයෙන්ම නව සංස්කෘතිකාංග සමාජගතවීම සඳහා දායකත්ව සපයනු ලබන්නේ එම සමාජයට සහ සංස්කෘතියට පරිබාහිරවූ සංස්කෘතිකාංග ඇතුළත්වන ලෙස සකස්කරන ලද  ටෙලි නාට්‍යයන්ය. ටෙලි නාට්‍ය යනු විනෝදාස්වාදය සපයන වැඩසටහන් විශේෂයක් පමණක් නොව ඉන් ඔබ්බට ගිය කාර්යයන් ගණනාවක්ම සිදුකරන වැඩසටහන් විශේෂයකි. නව සංස්කෘතිකාංග සමාජගතකිරීම එවැන්නකි. ඇතැම් විට සෘජු ලෙසද ඇතැම් විට වක‍්‍රාකාරයෙන්ද මෙම කටයුත්ත සිදුකෙරේ. මෑත කාලයේදී ශ‍්‍රී ලංකාවේ විකාශනය වූ සහ වර්තමානයේ දී විකාශනයවන ටෙලි නාට්‍ය කිහිපයක් උදාහරණ ලෙස ගෙන විමසා බැලීම තුළින් එය සිදුවන්නේ කෙසේද? යන්න මනාව පැහැදිලි කරගත හැකිය.

මෑත කාලයේ දී විකාශනය වූ සුජාත දියණිය ටෙලි නාට්‍ය මෙරට සමාජයේ ඉහළ ප‍්‍රතිචාර ලබාගැනීමට සමත්වූ ටෙලි නාට්‍යයකි. කොරියන් සමාජය සහ එයට අයත් සංස්කෘතිකාංග ඇසුරින් නිර්මාණය කරනලද එය හඬකැවූ ටෙලි නාට්‍යයක් ලෙස විකාශනය විය. එම ටෙලි නාට්‍යය ශ‍්‍රී ලංකාව තුළ සාර්ථක අන්දමින් ග‍්‍රාහකගත විය. එහි ප‍්‍රතිපලයක් වශයෙන් එම ටෙලිනාට්‍යය තුළ අන්තර්ගතව තිබූ ඇතැම් සංස්කෘතිකාංග අනුකරණය කිරීමට ඇතැමුන් පෙළඹී තිබේ.  ඇඳුම්, පැළඳුම් එහිදී ප‍්‍රමුඛතාවයක් ගෙන ඇත.
  • උදා- චංගුමී කටුව නැමැති හිස් පළඳනාව

                    ශ‍්‍රී ලංකාව තුළ කොරියන් ටෙලි නාට්‍යවලට අමතරව තවත් විවිධ භාෂාවන්ට අයත් ටෙලි නාට්‍ය හඬකවා විකාශනය කෙරේ. එහිදී ඉංදියානු ටෙලි නාට්‍යවලට වැදගත් ස්ථානයක් හිමිවේ. එමගින්ද එම සංස්කෘතියට අයත් ඇතැම් සංස්කෘතිකාංග මෙරටෙහි සංස්කෘතිය සමඟ බද්ධවී ඇත. එම කටයුත්තේදී ඇතැම් විට සංස්කෘතිකාංගයන්හි මුල් ස්වරූපවල යම් යම් වෙනස්වීම් සිදුවේ.

                    නව සංස්කෘතිකාංග සමාජගතවීමේදී සිනමා කෘති මගින් ද ඉහත ක‍්‍රියාවලියට සමාන ක‍්‍රියාවලියක් සිදුවේ. බොහෝවිට විවිධ රටවලට අයත්, විවිධ සංස්කෘතිවලට අයත් සිනමා කෘති අදාල සංස්කෘතීන් හෝ රටවලට පරිබාහිරව විකාශනය කිරීම තුළින් මෙම ක‍්‍රියාවලිය සක‍්‍රිය ලෙස සිදුවේ.



උදාහරණ- ඉංග‍්‍රීසි, කොරියන්, හින්දි වැනි භාෂාවලට අයත් සිනමාකෘති ශ‍්‍රී ලංකාව තුළ විකාශනය කිරීම තුළින් එම සංස්කෘතීන්ට අයත් ඇඳුම්,පැළඳුම්, ආහාර පාන සහ ආහාර රටා, සිරිත්, විරිත් වැනි අංගලක්ෂණ මෙරට සංස්කෘතියට ඇතුළත්වීම.

                    අතට අත දීම, සිප වැළඳගැනීම වැනි සංස්කෘතිකාංග මෙරට සංස්කෘතිය යටතට අතුළත්වී ඇත්තේ වෙනත් සංස්කෘතීන් තුළිනි. එවැනි සංස්කෘතිකාංග සමාජගතවීමට රූපවාහිනිය මගින් විකාශනයවන ඉහත ආකාරයේ වැඩසටයන් සෘජු ලෙස දායකවී ඇත. ඊට අමතරව රූපවාහිනිය මගින් විකාශනයවන වාර්තා වැඩසටහන්, සංගීත වැඩසටහන් , වැනි විවිධ වැඩසටන් මගින් ද නව සංස්කෘතිකාංග සමාජගතකිරීම සඳහා යම් දායකත්වයක් ලබාදේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය


දිසානායක විජේසිංහ ,2007,රූපවාහිනී මාධ්‍ය ආධිපත්‍යය ,සරසවි ප‍්‍රකාශකයෝ.


පෙරේරා ටෙනිසන්
,2013 ,සමාජ විද්‍යාව ,නුවණි ප‍්‍රින්පර්ස් ඇන්ඞ් පබ්ලිසර්ස්.


විජේතුංග ගාමිණී
,1994, සිනමාව සංස්කෘතිය හා මතවාදය,


සරච්චන්ද්‍ර ඩබ්ලිව්.ඒ2
003 ,සමාජ විද්‍යාව ,ඇම්.ඞී. ගුණසේන සමාගම.


සෙනෙවිරත්න සේනක
,1999 ,නපි‍්‍රය සංස්කෘතිය හා ජනමාධ්‍ය  ,රත්න ප‍්‍රකාශකයෝ.

අන්තර්ජාල මූලාශ‍්‍ර

විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය (2011 08 24)


ග‍්‍රන්ථ නාමාවලිය

දනන්සූරිය ජිනදාස ,2002 ,ජනශ‍්‍රැති අධ්‍යයනය, පියසිරි ප‍්‍රින්ටින් සිස්ටම්,ගංගොඩවිල නුගේගොඩ. ගුණසේකර 

බන්ධුසේන2,001ජ,න ශ‍්‍රැතිය හා ජනකතාඑ,ස් ගොඩගේ සහ සහෝදරයෝ කොළඔ 10

කුලරත්න සාලිය ,2006, සන්නිවේදනය සහ ජනශ‍්‍රැතිය ,ආරිය ප‍්‍රකාශකයෝ වරකාපොල. 
මහේන්ද්‍ර සුනන්ද ,2007 ,ජන මාධ්‍යයේ නැගීම ,ගොඩගේ සහ සහෝදරයෝ ,කොළඔ 10
 
ඵීජයානන්ද රූපසිංහ, සංස්: 2005 ,මාධ්‍ය විමර්ශී ,සන්නිවේදන ලිපි සංග‍්‍රහය, 4 කලාපය අ,යි. සී.ඞී. කි‍්‍රයේෂන් මාකොළ.,


       
AR/64677.

AF/6374.
P.L.M. Amarasinghe.
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.