Wednesday, January 23, 2013


ග‍්‍රාමීය කෘෂිකර්ම සංවර්ධනයට කණ්ඩායම් සන්නිවේදනය.

කෘෂිකාර්මික රටක් වන ශ‍්‍රී ලංකාව ජනගහණයෙන් විශාල කොටසක් යටත් විජිත ග‍්‍රහණයෙන් මිදුන වෙනත් රටවල මෙන් දිළිඳු බවෙන් පෙළෙති. 70% ක් පමණ වූ ග‍්‍රාමීය ජනතාවගේ ප‍්‍රධාන ජීවිකාව වනුයේ ගොවිතැන හා ඒ හා සම්බන්ධන රැුකියාවන්ය. මෙ නිසා කෘෂිකර්මාන්තය ශ‍්‍රී ලංකාවේ ආර්ථික දේහයයි. ගමේ ජනතාව දැවෙන ප‍්‍රශ්න රාශියකට මුහුණ දෙති. අඩු අස්වැන්න, පවුල් බර, ගොවිපළේ ආයෝජනයේ ලැබෙන පහත් ඉතිරි කිරීම්, අස්වනු විනාශ වීම්, ආයතනික සහයෝගය හා සබඳතාව අඩුකම යනාදී කරුණු රැුසකට මුහුණ දෙති. මෙම තත්වයන් දියුණු කිරීම සඳහා ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ  යුතුය.
ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය යනු කුමක්ද?  ර්‍ණසීසෑමලෙස සරලවම පෙන්වා දිය හැක. පුළුල් අර්ථයෙන් ගත් කළ, 
 ර්‍ණව්‍යාප්ත වී ගොස් ගෙවතු, ධාන්‍ය, එළවළු, පළතුරු, මල් ආදී වගාවන් ද, පොල්, තේ, කෝපි, රබර්, කොකෝ, උක්, කපු, හණ ආදි ආහාර ද්‍රව්‍ය හා කාර්මික අමු ද්‍රව්‍ය වගාකිරීම ද, ගව, එළු, බැටළු ආදී සතුන් ඇති කිරීම හා ඒ ඒ අනුබද්ධ ක‍්‍රියා ගණනාවක් ඇතුලත් සංකීර්ණ ප‍්‍රායෝගික විද්‍යාවකි.” (සිංහල ශබ්ද කෝෂය, 1991*
පස සංරක්‍ෂණය කිරීම, පොහොර යෙදීම, සතුන් බෝ කිරීම, කෘමිනාශක ද්‍රව්‍ය යෙදීම, ගොවිපළවල් පාලනය හා වෙළඳපොළවල් හැදෑරීම මේ යටතේ ලා සලකනු ලබයි.
                ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ වැඩි කොටසක් ග‍්‍රාමීය ප‍්‍රදේශ වල ජීවත් වන කෘෂිකර්මය තම ජීවන මාර්ගය ලෙස යොදා ගනිති. එම නිසා ශ‍්‍රි ලංකාවේ කෘෂිකර්මය සංවර්ධනය කළ යුතුය. කාෂිකර්ම සංවර්ධනය යනු කුමක්ද? එනම්, කෘෂිකර්ම තාක්‍ෂණයන් යොදාගෙන ගොවීන්ට තම ගොවිපළවලින් ලබාගත හැකි අස්වනු මට්ටම් වැඩි දියුණු කිරීමයි. මෙම කෘෂිකර්ම සංවර්ධනය නගා සිටුවීම තුළින් ශී‍්‍ර ලංකාවේ ජාතික සංවර්ධනය ද දියුණු වේ.
                අද වන විට නවීන තාක්‍ෂණයත් සමඟ ග‍්‍රාමීය කෘෂිකර්මය දියිණු වී ඇති නමුත් සමාජමය වශයෙන් බාධාවන් ඇති වේ. එනම්,
ෂග       කෘෂිකාර්මික දැනුම අඩුකම
ෂෂග     බැංකු, ගොවිජන සේවා වැනි  අංශ හා සම්බන්ධ ගැටලූ
ෂෂෂග   ග‍්‍රාමීය ණය ලබාගැනීම පිළිබඳ ගැටලූ
ෂඪග     යෙදවුම් ලබාගැනීම පිළිබඳ ගාටලූ     ආදියයි.
කෘෂිකර්ම සංවර්ධනයට හේතු වන මෙම ගැටලූ අවම කරගැනීම සඳහා නවීන කෘෂිකාර්මික තාක්‍ෂණයන් පිළිබඳව ගොවීන්ගේ, ගොවි කෘෂිකාර්මික නිලධාරින්ගේ දැනුම, ආකල්ප වැඩි දියුණු විය යුතුය. කෘෂිකාර්මික ආයතනික සේවා අතර, සම්බන්ධීකරණය සඳහා එකිනෙකා අතර, සුහදතාවය වර්ධනය විය යුතුය. කෘෂිකාර්මික තොරතුරු එකිනෙකා අතර හුවමාරු විය යුතුය. මෙම තත්ත්්වය වැඩි දියුණු කිරීමට යොදාගත හැකි හොඳම උපාය මාර්ගය සන්නිවේදනය වන බව අද වන විට පසක් වී ඇත.
                කණ්ඩායම් වශයෙන් ජීවත් වන මිනිසුන් හා වෙනත් ජීවීන් තමන්ගේ පැවැත්ම සඳහා ඉවහල් වන අරමුණු ඉටුකරගැනීමට සන්නිවේදනය යොදා ගනිති. එහිදී මිනිසුන් අතර අදහස් හුවමාරු කරගැනීමට යොදාගත හැකි සන්නිවේදන උපාය මාර්ගයක් ලෙස කණ්ඩායම් සන්නිවේදනය පෙන්වා දිය හැක.
                කණ්ඩායම් සන්නිවේදනය යනු පුද්ගල සමූහයක් මගින් තොරතුරු හා අදහස් එකිනෙකා අතර ක‍්‍රියාත්මක වන ආකාරයයි. මෙහිදී සන්නිවේදකයා එක් පුද්ගලයෙකු වී ග‍්‍රාහක කණ්ඩායම් විශාල වශයෙන් සිටින අවස්ථාවන් පවතී. කණ්ඩායම් සන්නිවේදනය තුළ කුඩා කණ්ඩායම් ආශ‍්‍රිතව මෙන්ම විශාල කණ්ඩායම් ආශ‍්‍රිතව සන්නිවේදනය සිදුවන ආකාරය දැකගත හැක.
                කණ්ඩායම් සන්නිවේදනය මගින් කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රය තුළ නව්‍යතාවයක් ඇති කළ හැක. එහිදී ගොවීන් දැනුවත් කිරීම, උනන්දු කිරීම හා අගය කිරීම ආදී ක‍්‍රියාවල කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරින් ක‍්‍රියාත්මක වේ. මෙහිදී ග‍්‍රාමීය කෘෂිකර්මය සංවර්ධනය කිරීම සඳහා ප‍්‍රධාන ඉලක්කය විය යුත්තේ ගොවිජනතාවයි. ඔවුන් දැනුවත් කිරීම මෙන්ම උනන්දු කළ යුතුය. ඒ සඳහා කණ්ඩායම් සන්නිවේදනය තුළ දී විවිධ කණ්ඩායම් අනුගමනය කළ හැක. මෙම ක‍්‍රම කෘෂිකර්ම සංවර්ධනය සඳහා යොදා ගත හැකි ක‍්‍රමයන්ය. එම ක‍්‍රම නම්,
                01.          කෘෂිකර්ම ආදර්ශන
                02.          ගොවි පුහුණු පන්ති
                03.          කණ්ඩායම් රැුස්වීම්
                04.          කණ්ඩායම් සාකච්ඡුා
                05.          ක්‍ෂේත‍්‍ර චාරිකා       යනාදියයි.

01.          කෘෂිකර්ම ආදර්ශන
                කෘෂිකර්ම සංවර්ධනය සඳහා කණ්ඩායම් සන්නිවේදනයේ දී යොදා ගන්නා ක‍්‍රමයක් ලෙස හැදින්විය හැක. මෙහිදී කෘෂිකර්ම නිලධාරියා ගොවීන් කණ්ඩායමකට නව ආයතනයක ප‍්‍රතිඵල උගන්වනු ලැබේ. නව තාක්‍ෂණයේ ප‍්‍රතිඵල පිළිබඳ ගොවීන්ගේ දැනුම, විශ්වාසය හා ආකල්ප ගොඩනැංවීම සඳහා කෘෂිකර්ම ආදර්ශනයන් යොදාගනු ලැබේ. කෘෂිකර්ම ආදර්ශන ප‍්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැක. ඒවා නම්,
සග       ක‍්‍රම ආදර්ශන
නව වගා තාක්‍ෂණයට සම්බන්ධ ක‍්‍රියාවලියේ විවිධ පියවරවල් වලදී යොදාගන්නා ක‍්‍රම පිළිබඳව ඉගැන්වීමක් සිදු වේ. මෙහිදී එම ක‍්‍රම වලට අදාළව දැනුම, හුරුව හා ආකල්ප වර්ධනය වීමක් සිදු වේ.
සසග     ප‍්‍රතිඵල ආදර්ශන
නව කෘෂිකාර්මික තාක්‍ෂණයන් නිසා ලැබෙන වාසි ගෙන හැර දැක්වීමට ප‍්‍රතිඵල ආදර්ශන  භාවිත වේ. නව තාක්‍ෂණයේ ප‍්‍රතිඵල පිළිබඳ ගොවීන්ගේ දැනුම, විශ්වාසය හා ආකල්ප ගොඩනැංවීම සඳහා ප‍්‍රතිඵල ආදර්ශනයෙන් යොදා ගනු ලැබේ.

02.          ගොවි පුහුණු පන්ති
                ග‍්‍රාමීය කෘෂිකර්මය සංවර්ධනය සඳහා කණ්ඩායම් සන්නිවේදනය තුළ යොදාගත හැකි ක‍්‍රමයකි. නව කෘෂිකර්ම තාක්‍ෂණයන් ගොවීන් විසින් පිළිගැනීම, වේගවත් කිරීම බහුල ලෙස යොදා ගන්නා ක‍්‍රමයකි. තම නිෂ්පාදන ගැටලූවකට ඇති විසදුමක් සම්බන්ධයෙන් වූ පුහුණු අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා කැඳවූ ගොවීන් කණ්ඩායමකට නිෂ්පාදන ගැටලූවෙන් විසදුමට අදාළ නව්‍යතාවයක් ඉගැන්වීම සඳහා මෙම ක‍්‍රමය උපයෝගි කරගනී. මෙහිදී පහත සඳහන් පරිදි ගොවි පුහුණු පන්ති සංවිධානය කර පැවැත්විය යුතුය.
x              ගැටලූ හදුනාගැනීම මගින් පුහුණු අවශ්‍යතා හදුනා ගැනීම.
x              ගොවි පුහුණු පන්තියට සුදුසු ගොවීන් තෝරා ගැනීම.
x              යෝග්‍ය ස්ථානයක් තෝරා ගැනීම.
x              පුහුණුව පැවැත්වෙන කාලය.
x              ආරාධනා කිරීම .
x              අවශ්‍ය උපකරණ සපයා ගැනීම.
x              දේශන ශාලාව සකස් කිරීම හා පන්ති පැවැත්වීම.
x              දක්‍ෂ දේශකයින් පුහුණු කරුවන් කැඳවීම.
x              හැකිනම් සංග‍්‍රහ කිරීම .
x              අවසානය.
x              වාර්තා තබාගැනීම.
x              ඇගයීම.

03.          කණ්ඩායම් රැුස්වීම්
                කණ්ඩායම් රැුස්වීම් ද මෙහිදී වැදගත්ය. මෙය ඉතා පැරණි ක‍්‍රමයකි. මෙහිදී විවිධාකර ලෙස කණ්ඩායම් රැුස්වීම් ක‍්‍රියාත්මක වේ. එවැනි රැුස්වීම් කීපයකි.
සග       සංවිධානයන්හි රැුස්වීම්
මෙවැනි රැුස්වීම් වලදී කෘෂිකර්ම නිලධාරින්ට ග‍්‍රාමීය නායකයින්ගේ නායකත්ව ලක්‍ෂණ දියුණු කිරීමටත්, ගොවීන් අතර, මානව සම්බන්ධතා පිළිබඳ දැනුම දියුණු කිරීමටත් අවස්ථාව ලැබේ.
                                උදා:-    ගොවි සංවිධායන් තුළ රැුස්වීම්, තරුණ ගොවි සමාජ වල රැුස්වීම්
සසග     සැලසුම් කිරීමේ රැුස්වීම්
ග‍්‍රාමීය නායකයින්, ගොවීන් හා කෘෂි අංශ නිලධාරින් එකතු වී සැලසුම් සකස් කිරීම මෙහිදී සිදුවේ.
                                උදා:-    කන්න රැුස්වීම්
ගොවීන් හා ග‍්‍රාමීය නායකයින්ට සැලැස්මට අදාළ අරමුණු හා එයට සුදුුසු ක‍්‍රියාමාර්ග පිළිබඳව නිලධාරින් හා අන් නිලධාරින් සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාවන් ලබාදෙයි. මෙහිදී අදහස් හුවමාරු වීමේ මාර්ගයෙන් ගොවීන් දැනුවත්වීම හා වැඩසටහන් සැලසුම් වලට අදාළ තීරණ ගැනීම සිදුවේ.
                සසසග  පුහුණු කිරීමේ රැුස්වීම්
තෝරාගත් ගොවීන් හා ග‍්‍රාමීය නායකයින් ව්‍යාප්ත කටයුතු සඳහා සාර්ථකව සම්බන්ධ කරගැනීමට මෙම පුහුණු කිරීමේ රැුස්වීම් යොදා ගනී.
                                උදා:-    යාය ගොවි නියෝජිතයන්ගේ රැුස්වීම්
මෙහිදි ගොවි නායකයින් දැනුවත් කිරීම හා ආකල්ප දියුණු කිරීම සිදුවන අතර, ඔවුන් මගින් එම දැනුම හා ආකල්ප ගොවීන් අතරට ගලායාම බලාපොරොත්තු වේ.
සඩග     විශේෂ විෂය කරුණු මත පවත්වන රැුස්වීම්
විශේෂ විෂය කරුණු මත පදනම් වූ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සහිත ගොවීන් කණ්ඩායම් සඳහා මෙම රැුස්වීම් පැවැත්වේ.
ඩග       පොදු ප‍්‍රජා කටයුතු පිළිබඳ රැුස්වීම්
සියලූ වයස් කාණ්ඩවල බාල, මහළු, ස්ත‍්‍රී, පුරුෂ ආදී අය මෙම  රැුස්වීම් වලට සහභාගි වේ. විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයින් මෙම රැුස්වීම් වලට පැමිණ තම අවශ්‍යතාවයන් පිළිබඳ දැනුම් දීමට හා විසදුම් ලබාගැනීමට අවස්ථාවන් උදාකරගනු ලැබේ.
04.          කණ්ඩායම් සාකච්ඡුා
                කණ්ඩායම් සඳහා වූ කෘෂිකාර්මික ඉගැන්වීමේ ක‍්‍රම අතුරෙන් විවිධ අරමුණු ඉටු කරගැනීමට යොදා ගන්නා ක‍්‍රමයකි. සාකච්ඡුාවක් යනු අදහස්, යෝජනා හුවමාරු කරගනිමින් කිහිප දෙනෙකු අතර, පැවැත්වෙන කථා බහකි. සාකච්ඡුා මගින් අදහස්, අත්දැකම්, යෝජනා එකතු කරගත හැක. සාමාජිකයින් විවිධ අදහස් යෝජනා සලකා බලා පොදු තීරණයක් ගැනීමට පුරුදු වේ. කණ්ඩායම් සාකච්ඡුා මගින් කණ්ඩායමේ තීරණ අනුව එම කණ්ඩායමේ පුද්ගලයින් ස්වෙච්ඡුාවෙන්ම ආකල්ප වෙනස් කරගැනීමට පෙළඹෙයි.
05.          ක්‍ෂේත‍්‍ර චාරිකා 
                නව කෘෂිකාර්මික තාක්‍ෂණයන් භාවිතය සඳහා ගොවීන් පොළඹවා ගැනීමට ආධාර වන කණ්ඩායම් සන්නිවේදනයේ ක‍්‍රමයකි. මෙ තුළින් නව තාක්‍ෂණයන් පිළිබඳව හැදෑරීමට හා අත්දැකීම් ලැබීමට අධ්‍යාපනික අවස්ථා ලබාදීම  මෙන්ම ඒ පිළිබඳව දැනුම ඇති ගොවින් හා නිලධාරින් සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබේ. මෙ  නිසා නව වගා ක‍්‍රම පිළිබඳව ගොවීන් තුළ හිතකර ආකල්ප වර්ධනය කිරීමට එම තොරතුරු විශ්වාසයකින් යුතුව ගොවීන්ට ලබාදීමට අවස්ථාව ලැබේ.

                මෙ ආකාරයට මෙම ක‍්‍රම උපයෝගි කරගනිමින් කණ්ඩායම් සන්නිවේදනයේ දී කෘෂිකාර්මික තොරතුරු ලබාගැනීමට හැකිය. මෙම ක‍්‍රමයේ වාසි මෙන්ම අවාසි ද වෙන්කර හදුනාගත හැක. එනම්,
                                වාසි
x              ඉක්මණින් ගොවීන් කණ්ඩායමකට දැනුම ලබාදීමට හැකිවීම.
x              නව්‍යතා පිළිබඳව ගොවීන්ට කරුණු ඇසීමට, දැකීමට, සාකච්ඡුා කිරීමට, කර බැලීමට අවස්ථාව ලැබේ.
x              පෞද්ගලික ක‍්‍රම සමග සංසන්දනය කරන විට වියදම අඩුවීම.
x              කෘෂිකර්ම නිලධාරියා හා ගොවීන් අතර නව්‍යතා පිළිබඳ අදහස් හුවමාරු වීම.
x              සමජාති කණ්ඩායම් වලදී මෙම ක‍්‍රමයන් යොදා ගන්නා විට ගොවීන්ට අත්දැකීම්, අදහස්, ඉදිරිපත්කර බෙදා ගැනීමට හැකි වේ.
x              සාමූහිකව වැඩ කිරීමට ගොවීන් පුරුදු වීම හා සංවිධානය වීම සිදුවේ.

අවාසි
x              ගොවීන් සියලූ දෙනාටම පොදු නිර්දේශයන් ගොවීන්ගේ වෙනස්කම් නොසලකා ලබාදේ.
x              සියලූ දෙනාටම තේරුම් යන සේ විස්තර කිරීමට අධික කාලයක් වැය වීම.
x              හදිසි අවස්ථා වලදී යොදාගත නොහැක.
x              ගොවීන් එකට එක් රැුස්කර ගැනීමට අසීරුය.

මෙවැනි අවාසි දායක තත්වයන් කෘෂිකර්ම තොරතුරු හුවමාරු කිරීමේදී කණ්ඩායම් ක‍්‍රම තුළ දැකගත හැකි මුත් එම අවාසි මග හරවා ගනිමින් ග‍්‍රාමීය ජනතාව වෙත ළගාවීමට ඔවුන්ගේ කෘෂිකර්මය සංවර්ධනය කිරීමට වඩාත් ඵලදායි සන්නිවේදන උපාය මාර්ගයක් ලෙස කණ්ඩායම් සන්නිවේදනය යොදාගත හැක.
ආශි‍්‍රත ග‍්‍රන්ථ
01.          ගොවි සෙවණ නියාමක පුහුණුව කෘෂි තාක්‍ෂණ විධි සංග‍්‍රහය, පේරාදෙණිය, කෘෂිකර්ම                                     දෙපාර්තමේන්තුව.
02.          කමලදාස, නිශාන්ත, (1999* සාර්ථක ජීවිතයකට සන්නිවේදන මූල ධර්ම, (ප‍්‍රථම මුද්‍රණය*                               පන්නිපිටිය : නිශාන්ත කමලදාස.
03.          කරුණානායක, නන්දන, (2009* සන්නිවේදනයට නව ප‍්‍රවේශය, (ප‍්‍රථම මුද්‍රණය*                                            කෝට්ටේ : සරසවි ප‍්‍රකාශකයෝ.
04.          සිංහල විශ්ව කෝෂය, (1991* අක්‍ෂර සත් වන කාණ්ඩය, තුන්වන කලාපය, සංස්කෘතික                                   දෙපාර්තමේන්තුව. 

                                                                                                                                එම්.ටි.ඞී.එස් මනතුංග
                                                                                                                                ්ඍරැු58922  07රැු5380
                                                                                                                                සිව් වන වසර
                                                                                                                                සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශය
                                                                                                                                ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment