Wednesday, January 23, 2013



තීරු ලිපි සහ කතු වැකි
ජනමාOH l%sයාවලිය තුළ සෙසු ජනමාOH  අභිබවමින් ඉදිරියට දිවෙන්නා වු සුවිශෙaෂී අපුරු මාOH මෙව‍ළමක් ලෙස පුවත්පත් මාOH හැඳින්විය හැකිය.පුවත්පත යන්න අවධානය fhdමු කිරීදී අපට නිතැතින්ම සිහියට නැගෙන්fka ,
“කඩදාසියක් මත මුøsතව ප%වෘත්ති තෙdරත=re දැනුම විfYaෂාංග‚දැන්වීම් අdදියෙන් ගහණය වු දිනපතා ,සතිපතා,හෙda නැතිනම් කිසියම් වාරික ස්වභාjfhන් පළවන සඟරාවට වඩා දිගින් පළලින් යුක්ත මාධ්‍යය මෙවළම පුවත්පතයි.”
                                                (කුරුප්පු,නව ප්‍රවෘත්ති කලාව,පි.5)
පුවත්පත නම් වු අපුරe  මාOH මෙවළම සඳහා දෙන ලද යට කියන ලද අදහස නව තාක්ෂණික ක%ම ශිල්ප මත විචනය වන බව ද fuහිදී අවබෙdaධ කර ගත යුතුය. එනම් අන්තර්ගත මුලික ලක්ෂණයක් වන කඩදාසි අdදිය fනාමැති අතර fමම ක%sයාන්විතය කඩදාසි නැති පත්තර කලාව යනුfවන් මාධ්‍ය විචාරකයන් පවසයි.fමය වු කලී සාම්ප%දායික පුවත්පතක සීමා මායිම් අතික%මණය කිරීමක් වYfhන්ද පැවසීමට පුළුවනි.flfia නමුත් සැබෑ ප%වෘත්ති පත%යක සියලු ගුණයන් අන්තර්ගත කරමින් නුතන විද්‍යුත් මාධ්‍ය හරහා ලබන ප%වෘත්ති ප;%යන්ද අත්විඳ ගත හැකි.
            අන් සෑම මාOHකට ම විfYaෂ වු rEපවාහිනිය fyda සිනමාව තුළ rEපය මුල් කරගත් භාෂාවක් ද ගුවනaවිදුලිය තුළ හඬ මුල් කරගත් භාෂාවක් ද භාවිතා වන අතර පුවත්පත් udOHfha ලිඛිත අක්ෂර ක%ම තම ප%ධාන භාෂාව f,ස භාවිතා කරයි.
            පුවත්mf;a we;s ලිපි f,aLk වල නිර්මාණශීලිත්වය ඉස්මතු වන්fන්ත් සන්නිfව්දන ගුණය ප%බල වන්fන්ත් භාවිත භාෂාව මතය.පුවත්පත තුළ සාමාkHfhka fල්ඛන භාෂාව අdකාර fදකකින් කි%යාත්මක fව්.
            1.නිර්මාණාත්මක භාෂාව
            2.ප%කාශන භාෂාව
ශී% ලාංකීය සමාජය තුළ වඩාත් පාඨකයාfග් ජන විඥානයට සමීප වු ඔවුන් අතර බහුල වYfයන් භාවිත වන්නා වු මාOHකි පුවත්පත් මාOHය.1832 ජනවාරි 07 වන දින කලම්බු ජර්නල් නමින් weරඹුන ශී% ලාංකීය මුල්ම පුවත්පත් කි%යාව,sfha සිට fමාfහාත දක්වා ලාංකීය සමාජය තුළ විවිධ පුවත්පත් විවිධාංගීකරKfhන් යුතුව විවිධ මානයන් ඔස්fස් ග%dහක සමුහය fවනුfවන් නිර්මිත වු බව පැවසිය යුතුය.
            පුවත්පත තුළ දැකිය හැකි ලිපි fල්ඛන නිර්මාණ /සකි. ඒ ලිපි fල්ඛන වලට අdfව්ණික fලස නිර්මාණශීලී භාෂාව භාවිතා කළ හැකිය.

  • ·         ප්‍රවෘත්ති හා ශීර්ෂ පාඨ
  • ·         තීරe රචනා
  • ·         විfශ්ෂාංග රචනා
  • ·         කතුවැකි රචනා
  • ·         වෙළඳ දැන්වීම්
  • ·         ඡායාරE
  • ·         කාටුන්


මේ අතරින් පාඨක අdකර්ශනය දිනාගනු ලැබු නිර්මාණාංග කිපයක් පිළිබඳව අවධානය fයාමුකිරීම වැදගත්ය.

            1 තීරe ලිපි රචනා
හෙතම fද්ශපාලනය ගැන අදහස් විග%හ කරයි.අdර්ථිlfha ස්වභාවය ගැන සාකච්ඡා කරයි.පුද්ගලික මට්gfï අවවාද fදයි. fපාතපත, චිත%පට,සංගීත නිර්මාණ විfව්චනය කරයි.කාඩ් ගැසීම, කෙස් අeදීම,විලාසිතා,අdහාර,fග් fදාර කටයුතු අdදිය ලියයි.ගමන් බිමන් පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කරයි.
(ඇමෙරිකානු විශ්වකෝෂ සංගමය,පි.54)
ඉහත නිර්වචනයෙන් තීරු රචනය පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකිය.පුවත්පත් විශේෂාංග ගණයෙහි සැලකිය හැකි වචන 250 ත් 750 ත් අතර ලියැවෙන සංක්ෂිප්ත සාරගර්භ ලිපියකි.එබැවින් තීරු ලිපි සඳහා සුවිශේෂි භාෂා රටාවක් තිබිය යුතු අතර එම වචන භාවිතා කිරීමට සිදුවන්නේ ඉතා අරපරිස්සමිනි. එකදු වචනයක් හෝ අපතේ නොයවා උපරිම මෙහෙය ලැබෙන පරිදි භාෂාව භාවිතා කළ යුතුය. තීරු ලිපියේ අන්තර්ගත විෂය ක්ෂේත‍්‍රය වන්නේ හාස්‍යය  ඕපා දූප හා දේශපාලනයයි. කලාවට සංස්කෘතියට සම්බන්ධ මැසිවිලි දුක් අදෝනා ද අන්තර්ගතය
                තීරු රචනා වර්ග කිහිපයකි,
පාඨක සේවා තීරු  හුවමාරු තීරු සංක්ෂිප්ත තිරු  නාම තීරු  තොරතුරු  විකට තීරු
                                                                                                ( හපුආරච්චි,2006,පි.135-136)
                තීරු රචනාවේ භාවිත භාෂාව අලංකරණය කිරීම සඳහාත්, සන්නිවේදන ගුණය තීව‍්‍ර කිරීම සඳහාත්, භාෂාත්මක උපක‍්‍රම රැසක් භාවිත කරනු දැකිය හැකි ය. උපමා, ආප්තෝපදේශ, පිරුළු, සංකේත, දෙබස් නාට්‍යාංග, කාව්‍යෝක්ති,ගාථා, ශ්ලෝක ආදිය මෙන්ම ගත්වහරින් ගත් යෙදුම් සහ ජනවහරින් උකහාගත් යෙදුම් ද ඒ අතර වේ. තීරු රචිකයෙකු තුළ නිර්මාණාත්මක ශක්තියත් භාවිත කරන්නා වූ භාෂාවේ සිත් ඇදගන්නා සුළු පෞරුෂත්වයත් අධිකාරී බලයත් වැදගත් යමක් ඉදිරිපත් කිරීමේ හැකියාවත් තිබිය යුතුය.
                නිර්මාණශීලී තීරු ලිපි කිහිපයක් උදාහරණ ඇසුරින් පැහැදිලි කරන්නේ නම්
එඩ්මන් රණසිංහයන් කරලිය තීරු ලිපියේ පේ‍්‍රක්ෂක නමින් ලියන ලදී.
ශ‍්‍රී චන්ද්‍ර රත්න මානවසිංහයන් ලංකා දීප පුවත්පතේ වගතුග තීරු ලිපියේ සඳරුවන් නමින් ලියන ලදී.
˝යටගිය දවස මැතිවරණයක දී එක්තරා දේශපාලනඥයෙකුට මුදලාලි කෙනෙකු මගදි හමුවී අතමාරුවට රුපියල් දාහක් ඉල්ලාගෙන තිබුණේය. පසුව මුදල් ආපසු දුන්විට මුදලාලි එය භාර නොගත්තේය. මුදලාලිගේ නමට මුලින් සාමදාන විනිශ්චයකාර තැන්පත් යන ටික එකතු විය."
                ලක්බිම පුවත්පතේ මෙසේ අන්තර්ගත විය.
 ˝ දියඔය අසල අලංකාර නිවසක් බදු දීමට ඇත. දැනට ඇති බද්ද අනිද්දායින් අවසන්. එබැවින් එය නැවත අවුරුදු හයකට බදු දේ. සින්නක්කරව හෝ විකිණීමට ඉඩනොදේ."
                ලටපට සඟරාවේ යකාගේ දින පොතෙහි බහිරව පාල ලෙසින් මෙසේ ලියවී ඇත.
                නුවන් පුරා ගෑ විලවුන් හෙමින් වදී
සෙවුම් බැලූම් නොකරම තනපට ද අදී
                සියුම් බැවින් ඇඳි සළුපට ඇඟට ඇලෙයි
                මුදනන්නේ මන්ද සළුපට කිනෙක් හිදී
                                (කිත්සිරි,සිංහල පුවත්පත් තීරුලිපියේ විකාශනය හා සන්නිවේදනය,1993,පි.25)
ජෝන් කොතලාවල මහතාට නම්බු නාමයක් පිරිනැමීම පිළිබඳව වගතුග තීරු ලිපියෙහි මෙසේ සඳහන් වේ.
සූර්යපුත‍්‍ර,වංශාභිජාත, ධවලගජපති, මහාමාන්‍ය,රාජ වල්ලභ ශ‍්‍රීමත් ජෝන් කොතලාවල අග‍්‍රාමත්‍යතුමා
යනුවෙන් වැඩිය දික් නොකර ලිවිය හැකිය.
                දිවයින පුවත්පතේ රයිගම් රාල ලක්මිණි පහනේ අසරණයාගේ කන්නලව්ව සහ ආගමික දේශනාව ඥාන ප‍්‍රදීප පුවත්පතේ දේශකගෙන් ආදී තීරු ලිපි තුළ මෙන්ම මාර්ටින් වික‍්‍රමසිංහ,මුනිදාස කුමාරතුංග,දයාසේන ගුණසිංහ,සුන්දර නිහතමානී ද මැල්ල කරුණාදාස සූරියආරච්චිලතිඹිරියාගම බණ්ඩාර ආදීන්ගේ තීරු ලිපි තුළ ද නිර්මාණශීලී භාෂා හදුනාගත හැකිය.
                එසේම ලක්මිණි පහන පුවත්පතේ ඩී.ඩබ්ලිව්.වික‍්‍රමාරච්චිගේ සුරගුරුලස්වදේශ මිත‍්‍රයා යනාදිය ද ටි.බි.ඉලංගරත්නගේ අන්දරේගේ කවි ද නිර්මාණශීලි තීරු ලිපි අතර කැපීපෙනේ.
                තීරු ලිපිය නම් දියුණුවුනේ එදාට වඩා අදය. නමුත් එහි බලපෑම සමාජය තුළ අදට වඩා එදා වැඩි විය. අතීතයේ කිසිසේත්ම ලියන්නේ කවුද කියා දැනගෙන සිටියේ නැත. සමාජයට රිදුන භාෂාවක් භාවිතා කළේය. ඒ හරහා වින්දනීය කුතුහලයක් ඇති කළේය.
                නමුත් අද ඊට වඩා වෙනස්ය. කසුරිගේ කොලම,කරුණාදාස සූරියආරච්චි මානිගේ තීරුව, සුන්දර නිහතමානීද මැල් එදා අන්වර්ත නාමයෙන් ලියවුණි. ඒ නිසා කුතුහලය, බලපෑම වැඩිය.
                අද පුවත් පත ප‍්‍රබල ජනමාධ්‍යකි.මෙහි ප‍්‍රමාණාත්මක වැඩිවීමක් තිබේ. එක් පාඨකයෙකුට පරිශීලනය කළ හැකි පුවත්පත් ගණනාවක් තිබේ.ඒ හරහා සුවිශේෂී තොරතුරු තොගයක් නිර්මාණය වේ. ප‍්‍රමාණාත්මක දේ වැඩිවීම මත හොදම දේ නිර්මාණය වේ. එවිට පාඨකයාට හොදම දේ පරිශීලනය කිරීමට ලැබේ.
                නමුත් මෙබදු තත්ත්වයක් තිබුණ ද විශාල ප‍්‍රමාණයක් පත්තර නිර්මාණය වීම හරහා සියලූ පත්තර පරිශීලනය නොකරයි. එම නිසා අවසානයේදී මේවා සංක්ෂිප්ත තොරතුරු හෝ කෞතුකාගාර මට්ටමට පත් වේ. වර්තමාන පුවත්පත් කලාව තුළ දක්නට ලැබෙන විශාල දුර්වලතාවයකි.    


2. කතුවැකි රචනා

පුවත් පතේ දවසේ සැබෑ කැටපතයි. සතිපතා පුවත්පතක නම් සතියේ කැටපතයි. ආර්ථික,දේශපාලනික,සංස්කෘතික,සාමාජික ආදී සියලූ ක්ෂේත‍්‍රයන්ගේ දවසේ වැදගත්ම සිදුවීම,වැදගත්ම ප‍්‍රශ්නය කතු වැකියට වස්තු විෂය වේ. කතු වැකිය කතුවරයාගේ පෞරුෂයේ කැටපත ද වේ. මෙය ජනවිඥානය හසුරුවන නියමුවෙකි.
                ජනමතය සැකසීම,සංවිධානය කිරීම පුවත්පතක කාර්යය යි. එහි මුලිකත්වය ලැබෙනුයේ කතු වැකියටයි. කාලීන සිද්ධීන් තොරතුරු පාදක කර ගැනීමත් සමාජ ප‍්‍රශ්න පිළිබඳව ප‍්‍රහාරාත්මක භාෂා රචනා විලාසයක් භාවිත කිරීමත් දැකිය හැකිය. කිසියම් රටක වඩා වැදගත් තීන්දු තීරණ ගැනීමේදී එකී තීරණවල ඇති වැදගත් බව නොවැදගත් බව මතු කිරීමත් ඒ කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමත් ජනමතයක් ගොඩනැගීමත් කතු වැකියකින් අපේක්ෂා කරයි.
ප‍්‍රකට ප‍්‍රංශ පුවත්පත් කලාවේදියෙකු වූ ඇල්බෙයා කැමූ කතුවැකියක අඩංගු විය යුත්තේ
එක අදහසක් උදාහරණ දෙකක් පිටු තුනක් බව කියයි.                                            
එහි ප‍්‍රමාණය වචන 600 ත් 700 ත් පමණ විය යුතුය. ඇතැම් පුවත්පත් වල කතෘ මණ්ඩලයේ සිටින වෙනත් බහුශ‍්‍රැත ලිවීමේ දක්ෂතාවයක් ඇති ලේඛකයෙකු විසින් කතු වැකිය ලියනු ලබයි. නමුත් එම අදහස්වල වගකීම ප‍්‍රධාන කතෘට පැවරේ. කතුවැකිය රචනයේදී අවධානයට ගතයුතු කරුණු කිහිපයකි.
කතුවැකි රචනය ගැඹුරු අධ්‍යනයක් ඔස්සේ සිදු කළ යුතුය. කතුවැකියට හේතු පාදක වූ විෂය ක්ෂේත‍්‍රය මැනවින් නිරීක්ෂණය කිරීමත් කතුවරයා විසින් දරන මතය සමබරතාවයකින් යුතුව ඉදිරිපත් කිරීමත් වැදගත් වේ.
සමාජයේ ඇති වන සිද්ධීන් පිළිබඳව පාඨකයා තුළ උත්තේජනයක් ඇති කිරීම ද ලියනු ලබන කරුණු පිළිබඳ නිශ්චිත අවබෝධයක් සහ අධිකාරී බවක් පැවතීම ද එහි දී විශේෂ වේ.
කතු වැකියක අදහස් ප‍්‍රකාශනය ඉතා සංක්ෂිප්ත විය යුතුය. උපමා අලංකාර නොමැති පාඨකයා ආකර්ෂණය කිරීමේ භාෂාවක් නොවේ නම් එම කතුවැකිය සහිත පිටුව ගැලපෙන්නේ බඩු විකිණීම සදහා පමණි.
තවද කතු වැකියක් බිහිවන්නේ දක්ෂ පුවත්පත් කලාවේදියෙකු අතිනි. උසස් ආත්ම ශක්තියෙන් යුත් අභිමානවත් ස්වාධීන අභීත කතුවරයෙකුගෙන් ලියවෙන කතුවැකි වඩාත් ප‍්‍රබල වේ. මාර්ටින් වික‍්‍රමසිංහණිකුමාරතුංග මුනිදාස, බි.ඒ.සිරිවර්ධන,දයාසේන ගුණසිංහ,එස්.ජී.පුංචිහේවා එවැනි කතු වැකි රචනා කළ ලේඛකයන්ය.
කුමාරතුංග මුනිදාසයන් ලක්මිණි පහන පුවත්පතට ලියූ කතුවැකි සුවිශේෂ වේ. පුවත්පත් කතුවැකි සම්බන්ධයෙන් සාකච්ජා කරන විට එස්.ජී.පුංචිහේවා විවරණ සඟරාවට සපයනු ලැබූ කතුවැකි ආකර්ෂණීයය. භාෂාවේ පවත්නා සියලූ ශක්තීන් එක්තැන් කරමින් පාඨකයා වෙත සරල භාෂාවෙන් කරුණු ඉදිරිපත් කිරීමටත් ඉතා දක්ෂ ලෙස උපහාසාත්මකව වචන කෝෂය භාවිත කිරීමත් ඔහුගේ කතුවැකකිවල විශේෂත්වයයි. ඇතම් විටෙක ඔහුගේ කතුවැකිවල කාව්‍යාත්මක බස්වහරක් භාවිතාකර තීබේ.
ජීවිතය අමිලය.ජීවත්වීම මිලය.මරණය ලාභය.අවමගුල අධික මිලය.
                                                (තෙන්නකෝන්,2008,ප්‍රායෝගික පත්තර කලාව,පි.42)
ආකාරයට සාමාජිය වශයෙන් වැදගත් වන්නා වු විවිධාකාර වු ප‍්‍රස්තුත මුල්කරගනිමින් වඩා පුළුල් ලෙසත් විවරණාත්මකවත් පුවත්පතේ අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා කතුවැකි රචනා කරන කතුවරයෙකුට ඒ සඳහා උචිත භාෂාවක් සමාජ විඥානයක් තිබීම ඉතා වැදගත් බව පෙන්වාදිය හැකිය.
කතුවැකිය එදා අදහස් ප‍්‍රකාශ කළේ කතුවරයා සම්බන්ධ කරගෙනයි.එහිදී පාඨකයා පුවත්පතේ අරමුණ දර්ශනය කුමක්ද යන්න හොඳින් තේරුම් ගනී.සමාජ දෘෂ්ටිය කුමක්ද යන්න ද එයින් හඳුනා ගනී.
                පාඨක ආකර්ශනය දිනා ගත් කතුවැකි ශීර්ෂ පාඨ කීපයක්,
o    යක්ෂාරූඪ වු යකුන් පලවා හැරිය යුතුයි               
o    කුරුඳුවත්තට පෙනෙන ඉතියෝපියාව
o    ජනාධිපතිවරණයට කොටි සුදානම් වන හැටි        නිර්භීත
o    ගුවන් විදුලියත් ඈවරයිද?      
                                                                (හපුආරච්චි,2006,තීරු කතුවැකි විශේෂාංග,පි.130)
මුල් කාලයේ  බොහෝ දුරට කතුවැකියේ මාතෘකාවක්  නොතිබුණි. අද කතුවැකියේ අනිවාර්ය අංගයක් ලෙස මාතෘකාව ඇතුළත් වේ.කතුවැකියේ සමස්ථය ව්‍යංගාර්ථයෙන්  ධ්වනිතාර්ථවත් ලෙස මාතෘකාව හරහා ප‍්‍රකාශ කරයි. මාතෘකාව දුටු පමණින් පාඨකයා එය  කියවීමට පෙළඹේ.ඒ මගින් ලේඛකයාගේ ආගමිකලදේශපාලනික මතවාද ප‍්‍රදර්ශනය වේ.කතුවරයාගේ මතවාද අදහස් අනුව සමාජය තුළ කතිකාවක් ගොඩ නැගේ.ඒ අනුව සමාජය තුළ ජනමතයක් ගොඩනැගිමට කතුවැකියට හැකිය.
කතුවැකිය එදාට වඩා අද වෙනස් වනුයේ මුල්යුගයේ සාමාන්‍යය ලේඛකයෙකුට වුවද ඔහුගේ සාමාන්‍ය දැනුම අවබෝධය මත කතුවැකිය ලිවීමට හැකිය.නමුත් වර්තමානයේ පුවත්පත් කතුවරයා බහුශ‍්‍රැත විය යුතුයි.සෑම අංශයක් පිළිබඳවම පෘථුල දැනුමක් තිබීම වැදගත්ය.එම නිසා සාමාන්‍ය ලේඛකයෙකුට එම තත්වයට පත්විය නොහැකිය.අපුර්ව ආකර්ශනීය භාෂාවක් යොදා ගෙන පුවත්පතේ කැටපත නිරූපණය කරයි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
·         කිත්සිරි,නිමල්ශාන්ත,(1993)සිංහල පුවත්පත් තීරුලිපියේ විකාශනය හා සන්නිවේදනය,එස්.ගොඩගේ ප්‍රකාශන,කොළඹ 10.

·         කුරුප්පු,සී පී,(1991)නව ප්‍රවෘත්ති කලාව,රේඛන මුද්‍රණාලය,‍කොළඹ 10.

·         තෙන්නකෝන්,උපාලි,(2008) ප්‍රායෝගික පත්තර කලාව,සදීපා ප්‍රකාශන.

·         පුවත්පත් කලා සමීක්ෂා,ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රකාශනයකි.

·         වීරකෝන්,චන්දන,(2007) පුවත්පතේ කතන්දරේ,ගොඩගේ ප්‍රකාශන,කොළඹ 10.

·         හපුආරච්චි,අජන්තා,(2006)තීරු කතුවැකි විශේෂාංග,රත්න පොත් ප්‍රකාශකයෝ,කොළඹ 10.




07/5375
ලි.ප.අං.58917
නව මාධ්‍යය

No comments:

Post a Comment