Thursday, January 24, 2013

ඡායාරූප සන්නිවේදනයේ ප්‍රබලතාව
සන්නිවේදන ක්‍රියාවලියේ අභ්‍යන්තර ව්‍යුහය පිරික්සීමේදී හඳුනාගත හැකි ලක්ෂණයන් අතර කථික හා ලිඛිත අංශයන් මෙන්ම අති ප්‍රබල අක්ෂි ගෝචර නිර්වාචික සන්නිවේදන මාධ්‍යක් වශයෙන් ඡායාරූප සන්නිවේදනය   හඳුනාගත හැක. ඇස මූලික කොට ගොඩනැංවෙන මෙම කලාවේ ඓතිහාසක විකාශනය ඉතා ඈත අවධියේ නිර්මාණය වූ ලෙන් සිතවම් කලාව හා සම්බන්ධ වෙයි. තම දෛනික ඡීවන ක්‍රමයේ මුහුණ දෙනු ලබන නොයෙක් අපූර්ව සංසිද්ධීන් භාවතිශය චිත්ත රූපයන් තම ප්‍රඡාව සමග හුවමාරු කරගැනීමට ප්‍රාථමික ඡනයා ඒ යුගයට සාපේක්ෂව පැවති පාරිසරික සාධකයන් හා අමුදව්ය යොදාගනිමින් රූපමය සන්නිවේදනය සිදුකර ඇත වර්තමාන ඡායාරූපමය සන්නිවේදන කලාව ප්‍රයෝගික භාවිතයේදී කෙබඳු තත්ත්වයක පවතීද යන්න විවිධ අංශයන් විග්‍රහ කරමින් හඳුනාගැනීම ‍මෙම ලිපි‍යෙන් සිදුකෙරෙයි.
ඡායාරූප ශිල්පය එහි ආරම්භයේ පටන් කලාවක් සේ භාවිත කිරීමට විවිධ ශිල්පීන් උත්සහ දරා ඇත. එය වාණිඡ අරමුණක් උදෙසා නොව හැගීම් සන්තර්පනය හා පර්යේෂණාත්මක අත්හදාබැලීමක් ලෙසින් වර්ධනය වී තිබේ.­­­ clark , grahmi(1997: 15).
මූලික වශයෙන් ඡායාරූපමය කලාව කොටස් කීපයක් ඔස්සේ වෙන් වෙන්ව හඳුනාගත හැක. ඒ අතර මුල් කාලීනව ඡායාරූපය යොදාගනු ලැබුවේ සොබාදහම සෟන්දර්යාත්මක වටිනාකම රූපගත කිරීමට බව පෙනේ.  ඡනේලයෙන් දුටු එලිමහන් දසුනක් රූපයට නැගුණු (ඡෝසප් නිසෙපෙර් , ප්‍රංශය (1826) ඡායාරූපය ලොව ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙයි. එය මේවනවිට ඇමරිකාවේ ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ gernheim collection හි සංරක්ෂිතව ඇත.
‘‘සිත් ඇදගන්නා එලිමහන් දර්ශන ස්මරණය සහ අලංකාරය පිණිස රූපගත කිරීමේ නැඹුරුවක් ආරම්භක අවධියේ   පටන් දක්නට ඇත." ගුණසේකර,උදිත ,(2009:65).
මෙසේ විකාශනය වූ ඡායාරූප ශිල්පය 1855 න් පසු කාලයේදී මුදිත මාධ්‍ය සමග ඒකාබද්ධ වීමක් දැකගත හැක.එය ඡායාරූප ශිල්පයේ ප්‍රෟද්ගලික භාවිතයන්ද වැඩිදියුණු වූ යුගයක් ව්ය.ව්‍යාපාරික ප්‍රචාරණයටත් ප්‍රවෘතිමය අගනාකම් සමාඡගත කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙසත් මුදණ මාධ්‍යයට එකතුවුණු ඡායාරූප කලාව පිළිබද ගැටලු කිහිපයක් මුල්කාලීනව දැකිය හැකි විය. ඡායාරූපයේ සිට පළ කිරීම දක්වා ක්‍රියාවලිය තුළ කිසිඳු විටකදී රසායනික ප්‍රතිකාරකයන් භාවිතා නොවූ අතර උලැගිකාරක ශිල්පියාගේ දක්ෂතාවය මත මෙය නිර්මාණය විය.
1842 මැයි 30 වැනිදා බිතාන්‍ය වික්ටෝරියා මහ රැඡිණ ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් රැකවලෙහි සිටි කොස්තාපල්වරයා වළක්වාගන්නට උත්සාහ ගනු ලබන ආකාරය අඩංගු දර්ශනය  ලොව මුල්ම ප්‍රවෘත්ති ඡායාරූපය ලෙස වාර්තා වෙයි.වර්තමානයේ ඡායාරූපමය පුවත්පත් කලාව සීඝයෙන් ව්‍යාප්ත වී ඇති බව මේ යුගයේ බිහිවන පුවත්පත් තුළින් පෙන්නුම් කරයි.මූලිකවම ප්‍රවෘත්ති  ඡායාරූපයක අන්තර්ගත විය යුතු ලක්ෂණයන් කිහිපයක් හඳුනාගත හැක.

(01) නවතාවකින් යුතු නිර්මාණයක් විය යුතුය
(02) කාලීන වටිනාකම්
(03) ඡාතික හා ජාත්‍යන්තර වැදගත්කම
(04) ප්‍රවෘත්තිමය වටිනාකම
(05) කුතුහලය දනවන බව
(06) නිර්වද්‍යතාව
(07) ආසන්න බව                එදිරිසූරිය , කුමාර , (2011;43)

ඉහත  ලක්ෂණයන් වත්මන් පුවත් ඡායාරූපයන් හා විග්‍රහ කිරීමේදී පවතින දුර්වලතාවයන්ද යහපත් ප්‍රවනතාවන්ද හඳුනාගත හැක.

ඡනමාධ්‍ය වගකීම වින්දනය පමණක් ලබාදීම නොවේ.සමාඡයේ ගමන්මග යහපත්  මාවතකට මෙහෙයවමින් අඛණ්ඩව මානව හා භෞතික සංවර්ධනයන් කරා ඡනතා මෙහෙයවීම සිදුවිය යුතුය.නූතන තත්ත්වය තුළ පාඨකයාගේ , පේක්ෂකයාගේ රසඥතාව විවිධ පටු සීමාවන්ට කොටුකර පූර්ණ රසවිඳීමේ  දිශානතිය වෙනත් දුර්වල වින්දනයක් වෙත විතැන් කොට ඇත.යම් ස්ත්‍රී දුෂණයකදී , අපයෝඡනයකදී එම සිදුවීම ඇතැම් පුවත්පත් මාධ්‍යයන් විකුණුම් පොළක් බවට පත්කරමින් ඡායාරූපයන් සංස්කරණයෙන් තොරව පුවත්පතේ පල කරමින් අශිෂ්ට මාධ්‍ය ලාබයක් ලබති.“ඡනමාධ්‍ය , අධ්‍යාපනය , සංස්කෘතිය , එකම තිකෝණයක කෝණ
තුනක් බව බොහෝ විද්වත්හු පෙන්වා දෙති. ." මහේන්ද , සුනන්ද (2011:64) සදාචාරාත්මක සංස්කෘතික පෝෂණයකින් යුක්තව ඡනමාධ්‍ය ගමන්ගත යුතුය.

තාක්ෂණ වර්ධනයත් සන්නිවේදන  වර්ධනයත් අවියෝඡනීයව බැඳී පවතී. සන්නිවේදනයේ දියුණුවට තාක්ෂණික අංශයෙන් සාර්ථක බලපෑම් ඇතිවන අතරම එයම සන්නිවේදන අංශයට අනර්ථයක් සිදු කරනු ලබන  අවස්ථාවද ඇත.විවිධ නවීන මෘදුකාංගයන්ගෙන් අඩු කාලයක් තුළදී ඡායාරූපය අවශ්‍ය ආකාරයේ විචල්‍යතාවයන්ට ලක් කරමින් පුවත්පත තුළ විචිත්‍රව පල කිරීමේ හැකියාව ලැබුනද ඉන් අර්ථමය හානියක් , අපහාසයක් , අසත්‍ය ප්‍රචාරයක් සිදුවෙයි නම් එය සන්නිවේදන කේෂත්‍රයටත් මුළුමහත්  සමාඡ සන්දර්භයටත් සිදු‍කරන්නේ අයහපතකි.

ඡායාරූපය මාධ්‍ය යෙදීම් තුළ නව මාධ්‍ය කෙරෙහිද අවදානය යොමු  කළ යුතුය. 1950-1960 දශකයේ බිහිවූ අන්තර්ඡාලය ප්‍රමුඛ කොටගත් සමාඡ  ඡාල තුළ මේ වනවිට ඡායාරූපය භාවිතවීම ඉහළ අගයක් ගනු ලබයි.

පරිගනකය ඉදිරියේ ඉඳගත් සැණින් ලොව ඕනෑම පුවත්පතක් කියවීමේ අවස්ථාද ලොව විවිධ දේ නැරඹීමේ අවස්ථාවද අන්තර්ඡලය හරහා අද මිනිසාට ලැබී ඇත. සමාඡ ඡාල අතර face book තුළ හුවමාරුවන එයට ඇතුළත් කරන ඡායාරූප සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනු ලබයි.එය භාවිතා කරන ප්‍රමාණයේද සීඝ ව්‍යාප්තියක් දැකගත හැකිය.මෙය සන්නිවේදනාත්මක ඉසව්වන් පළල් වීමක් ලෙස අර්ථකතනය කළ හැකි වුවද අන්තර්ඡාලය හරහා හුවමාරුවන ඇතම් ඡායාරූපයන් මිනිස් මනස විනාශකාරී සංස්කෘතික පරිහානියකට ඇද දමනු ලබයි. “මිලියන 10 ක් පමණ අන්තර්ඡාල පරිහරණය කරන්නන් සංඛ්‍යාවක් කැමරා භාවිත කරමින් අසභ්‍ය ලෙස ලිංගික  ක්‍රියා අන්තර්ඡාලය ඔස්සේ සිදුකරන  බව සමීක්ෂණ වාර්තා පෙන්වා  දෙයි."  මදුභාෂිණී , ටී.ඡී (2008;91).

කැමරාව යන උපකරණය මේ වනවිට ඡංගම දුරකථනයටද, කුඩා ප්‍රමාණයේ උපාංගයක් ලෙසින් ද සමාඡගත වී ඇත. එහි ප්‍රතිපලය වන්නේ පුද්ගලයෙකුගේ රහස්‍ය ජීවිතය සමාජය හමුවේ විවරණය වීමට සැලැස්වීම සහ අසභ්‍ය
ඡායාරූපයන්ගෙන් පුද්ගල  මනස විකෘතියෙන් පිරි ලිංගික  ක්‍රියාවන්ට යොමු කරවීමයි.මේ තුළින් ඡායාරූපයේ සෞන්දර්ය සහ ඡායාරූපයේ සන්නිවේදන ප්‍රබලතාවය අභිබවමින් ඉහළට එසවෙන්නේ සාවද්‍ය මාධ්‍යගත යෙදීමකි.

වර්තමාන ප්‍රචාරණවාදී සන්නිවේදන උප්‍රක්‍රමයක් වශයෙන් ඡායාරූපය වඩාත් ප්‍රබලව යොදාගනු දැකිය හැක.වාචික අභිප්‍රේරණයන් අතික්‍රමණය කරමින් දෘෂ්‍ය සංජානනය මේ තුළින් ඇතිවීම එයට හේතුවී ඇත.මේ අතර එළිමහන් වෙළඳ දැන්වීම් කලාව තුළ ජයාරූප භාවිතය සීඝලෙස යොදාගනු ලබයි.
වත්මන් ඡායාරූපය තුළින් අපේක්ෂිත හරවත් සන්නිවේදනයක් වෙනුවට සමාඡගතව  ඇත්තේ අනර්ථකාරී නිසරු සන්නිවේදනයකි.මේ පිළිබඳ වාරණයක්  සහිත  නිසි වැඩපිළිලෙක අවශ්‍යතාවය වත්මන් සන්නිවේදන ක්ෙෂ්ත්‍රය  තුළ ප්‍රබලවම පැනනැගී ඇත.ඒ සඳහා ඡායාරූපකරණය පිළිබඳ විධිමත් හැදෑරීමක් සමාජය තුළ සිදුවිය යුතුය.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

(01)     ගුණසේකර,උ.ග,(2009) ඡායාරූප කලා පුරාණය ,කඩුල්ල ප්‍රකාෂණ,කඩවත.

(02)     මධුභාෂිණීජී.ටී(2008)අන්තර්ජාලය හා සංවර්ධනය,තරංග ප්‍රකාෂණ, මුදුන්ගොඩ.

(03)      ගුණසේකර,උ.ග,(2000) ඡායාරූපමය පුවත්පත් කලාව,විෙජ්සූරිය ග්‍රන්ථ ප්‍රකාෂණ,මුල්ෙල්රියාව.

(04)      ඒදිරිසූරිය,කුමාර,(2011) ඡායාරූපික පුවත්පත් කලාව පිළිබඳ හැඳින්වීමක්,ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය.

(05)     Clark , Grahmi,(1997)The photographi ,New York.





ඒ ඒ ගුණවර්ධන                        
AF/5220
AR/58762

No comments:

Post a Comment