Tuesday, February 10, 2015

                     You tube වෙබ් අඩවියේ ආරම්භය සහ විකාශය


You tube  යනු වත්මන් සමාජයේ අපි කා අතරත් ප‍්‍රචලිත වෙබ් අඩවියකි. නව මාධ්‍ය බිහිවීමේ ප‍්‍රතිඵලයක් ලෙස  You tube සමාජගත වීම ඇරඹිණි. නව මාධ්‍ය ඔස්සේ තාක්‍ෂණය ජාලගතවීම මෙම ක‍්‍රියාවලිය පහසු කරවීමට හේතු සාධයක් විය. සාමාන්‍යයෙන් අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් තාක්‍ෂණයේ විකාශනය සිදු වේ. ඒ අයුරු වු අවශ්‍යතාවයන් පාදක කරගනිමින් ඇරඹි වෙබ් අඩවියක් ලෙස  You tube වෙබ් අඩවිය හදුන්වා දිය හැකිය.
පේපෑල් ආයතනයේ සේවය කරනු ලැබූ වෑඞ් හර්ලි, ස්ටිව් චේන් සහ ජාවඞ් කරීම් යන  තිදෙනා විසින් You tube  හදුන්වා දෙන ලදී. රාත‍්‍ර‍්‍රී භෝජන සංග‍්‍රහයක් ආවරණය කොට එයට සහභාගී නොවූ කරීම්ට හුවමාරු කිරීමට යාමේදී ඇති වූ අපහසුතා හේතු කරගනිමින් You tube  පිළිබද අදහස මතුවිය. තවද 2004 වසරේ ආසියාවට බලපෑ සුනාමි ව්‍යවසනය සම්බන්ධව වීඩියෝපට අන්තර්ජාලය හරහා සොයා ගැනීමට තිබූ අපහසුතාවයද මෙම You tube  සම්බන්ධ සංකල්පය මතුවීමට බලපෑවේය.
මුල් අවධියේ ඩොලර් මිලියන 11.5 ක මුදල් ආයෝජනයකින් සික්වියා කැපිටල් නමින් 2005 නොවැම්බර් සහ 2006 අපේ‍්‍රල් අතර කාල සීමාව තුළදී සිදු කළ වාණිජමය සම්පර්යේෂණයක් ලෙසින් You tube ඇරඹිණි. කැලිෆෝනියාවේ සැන්ටියාගො නුවර පිහිටි ජපාන ආපන ශාලාවක් තුළ පිහිටුවාගත් මෙය මුලින්ම You tube මූලස්ථානය ලෙස හැදින්විණි.
 “Me at Zoo”  යන නමින් නිකුත් වූ වීඩියෝ දර්ශන පෙළ මුල්මYou tube වීඩියෝ දර්ශනය ලෙස සැළකේ. මෙය You tube නිර්මාණකරුවෙකු වූ ජේකබ් කරීම් සැන්ඩියාගෝ සත්තු වත්ත තුළදී ලබා ගත් ඡයාරූපවලින් අන්තර්ගතවිය. 2005 වසරේ නිළ දියත් කිරීමෙන් අනතුරුව 2006 ජූලි මස වන විට දිනකට වීඩියෝ දර්ශන 6500 ක් පමණ උඩුගත කෙරුණු අතර මිලියන 100 කට වැඩි පිරිසක් වීඩියෝ පට නරඹන බවට පර්යේෂණ ඔස්සේ සනාථ විය.
එක්සත් ජනපදයේ ප‍්‍රධාන පෙළේ වීඩියෝපට සපයන ආයතනයක් ලෙස  You tube  හැදින්විය හැක. 2010 වසර වන විට කොටස් වෙළද පොළේ 43% ක් ද වීඩියෝ පට බිලියන 14 ක් පමණ මෙය සතු විය. You tube  හි ස`දහන් වන පරිදි සෑම මිනිත්තුවකට වරක් වීඩියෝ පට 100 ක් පමණ උඩුගත වේ. ඉන් හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් එක්සත් ජනපදයට පිටස්තර රාජ්‍යයන්ට අයත්ය. එමෙන්ම සෑම මසකටම අලූතින් සාමජිකයන් මිලියන 800 ක් පමණ මෙහි සාමාජිකත්වය ලබා ගනිති.  Alexia  ශ්‍රේණිගත කිරීම් වලට අනුව අන්තර්ජලායේ  Google සහ  Face book  වලට පසුව වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවියක් ලෙස   You tube වෙබ් අඩවිය පෙන්වා දිය හැක. මුල් කාලයේදී You tube  යන වසම් නාමය සම්බන්ධව යම් යම් ගැටලූ හසගත තත්ත්වයන් උදා වූවද 2006 නොවැම්බර් 13 වන දින ඩොලර් බිලියන 1. 65 කට You tube  ආයතනය ගූගල් ආයතනය විසින් මිලට ගනු ලැබීය.
You tube  සදහා වැය වන මුදල සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොකරන ගූගල් ආයතනය එහි ආදායම ගැනද කිසිදු සදහනක් නොකරයි. ඒ කෙසේ වුවත් ෆොබ්ස් සගරාව සදහන් කරන ආකාරයට 2008 වසරේදී You tube එමඉැYou tube  හි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවීය. 2006 ජුනි මස NBS සමගYou tube  ආයතනය විකුණුම් සහ දැන්වීම් කොටස්කරුවන් ලෙස  සම්බන්ධ විය. එමෙන්ම 2008 නොවැම්බර් මස MGM , Lions Gate Entertainment   සහ CBS යන ආයතන අතර සම්මුතියකට එළඹ ඇති අතර මෙමගින් බලාපොරොත්තු වූයේ NBS Fox  සහ   Disnery  වැනි ආයතන වල වීඩියෝ ඇතුළත්  Hula වැනි වෙබ් අඩවි සමග තරගකාරීත්වයක් නිර්මාණය කිරීමයි.
මෙහි තාක්‍ෂණය දෙස අවධානය යොමු කරන්නේ නම්, සාමාන්‍යයෙන් පුද්ගලික පරිගණකයක් හරහා You tube වීඩියෝ දර්ශන නැරඹීමට එම පරිඝනකය තුළ අඩෝබි ප්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය තිබීම අවශ්‍ය විය. 2010 ජනවාරී මසYou tube  මගින් පරීක්‍ෂණාත්මක වෙබි අඩවියක් නිකුත් කළ අතර මෙම HTMC  තාක්‍ෂණය උපයෝගී කොටගත් වෙබ් අඩවි සදහා පිවිසීමේ හැකියාව සහ ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයරයක අවශ්‍යතාවයකින් තොරව You tube  වීඩියෝ දර්ශන නැරඹීමේ හැකියාව හිමි විය. එමෙන්ම You tube ඔස්සේ විනාඩි 15 කින් යුත් වීඩියෝ දර්ශන උඩුගත කිරීමේ හැකියාවක්ද ඇත. You tube  අඩවිය හදුන්වා දුන් මුල් අවධියේ දී නම් ඒ ඔස්සේ අසීමිත ප‍්‍රමාණයක උඩුගත කිරීම් සදහා අවස්ථාව ලබා දුන්නද ඉන්පසු එය විනාඩි 10 කට සීමා වූ අතර නැවතත් 2010 වසරේදී එය විනාඩි 15 ක් දක්වා දීර්ඝ කෙරිණි. මේ ස`දහාAVF, MKV, MOV, MP4, Divx iy FLV වැනි ආකෘති ඔස්සේ උඩුගත කිරීම් සිදු කළ හැක. එමෙන්ම ජංගම දුරකථන භාවිතයෙන් 3ටච ආකෘතිය ඔස්සේ වීඩියෝ උඩුගත කිරීම කළ හැක.
මුල් යුගයේ විභේදනය පික්සල් 320 240 ක් වූ එක් තත්ත්ව මට්ටමකට අයත් වීඩියෝ පමණක් භාවිතා කිරීමට අවකාශ සැළසුණු You tube ය හරහා අද වන විට ත‍්‍රිමාන දර්ශන නැරඹීමමේ හැකියාව සැළසී ඇත. එහි ගෞරව හිමිවිය යුත්තේ  එමYou tube  මෘදුකාංගය ඉංජිනේරුවෙකු වූ පීටර් බෑඞ් ෂෝ වෙතය.
You tube ඔස්සේ පරිශීලකයන් ග‍්‍රාහකයන් වෙත විවිධ ආකාරයේ පහසුකම පසයා දී ඇත. විශේෂයෙන්ම පරිශීලකයන්හට තම වෙබ් අඩවියට පරිභාහිරව  වීඩියෝ පට නැරඹීමේ හැකියාව මේ හරහා ලබා දී ඇත. සෑම වෙබ් පිටුවකම වීඩියෝ දර්ශනය අදාල HTML  කොටස ගබඩා කොට තබා ගැනීමේ හැකියාවද මෙය සතුවේ. මෙම ක‍්‍රමවේදය You tube  වීඩියෝ පට සමාජ වෙබ් අඩවිවල ප‍්‍රදර්ශනය කිරීමේදී බහුලව යොද ගැනේ. තවද 2013 වසරේ වෙනත් පරිශීලනකයන් විසින් ඉදිරිපත් කරනු ලබන විවේචනයන් , විග‍්‍රහයන් ආදි ප‍්‍රතිචාර සළකා බලා එම ප‍්‍රතිචාර වලට අනුව වීඩියෝ පට ඉවත් කිරීමට හෝ නොකිරීමට ඉඩ සැළසිණි.
මේ ආකාර වු You tube  වෙබ් අඩවිය 2007 ජුනි 07 වන දින සිට ගූගල් ප‍්‍රධාන විධායක එරික් ස්මිත් යටතේ දේශියකරණයට ලක් විය. ඒ අනුව මෙම  වෙබ් අඩවියේ අතුරු මුහුණත රටවල් 71 කටත් හොංකොං රාජ්‍යයටත් ලෝක ව්‍යාප්ත සංස්කරණ මගින්  ලබා ගත හැකිය. ඒ යටතේ ඇතැම් වීඩියෝ පට ඇතැම් රටවල සමාජීය සංස්කෘතින්ට බලපෑම් ඇති කළ හැකි බැවින් එවැනි වීඩියෝ පට එම රටවල ප‍්‍රදර්ශනය සීමා කෙරිණි.
මේ ආකාරයෙන් විකාශනය වු You tube වෙබ් අඩවිය
    අධ්‍යනය කවයක්    -   -  ඛාන් ඇකඩමිය
    මහජනතාවයට කෙලින්ම රජය හා සම්බන්ධ විය හැකි මාධ්‍යයක් ලෙසත්,
 2007 ඇමරිකානු ජනාධිපතිවරණයේදී මහජනතාවට තම ගැටලූ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට මෙන්ම ප‍්‍රතිචාර ලබා ගැනීමට හැකියාව සැළසීම. (CNN  විවාද වැඩ සටහන / You tube ) අවස්ථාව සළසා දී ඇත.
මේ ආකාර වූ You tube  නාලිකාව අද වන විට යම් යම් වාරණයන්ට මෙන්ම ඇතැම් රටවල තහංචි වලටද ලක්ව ඇත. You tube වරණයන්ට ලක්වීමට බලපෑ හේතු සාධක කිහිපයකි.
    සමාජමය සහ දේශපාලනික කැළඹීම් ඇති විය හැකි කොටස් මහජනතාව වෙත ඉදිරිපත් කිරීම සීමා කිරීම.
   රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක්, රජයක් , රාජ්‍ය නිළධාරියෙක්, ආගමක් විවේචනය වැළැක්වීම.
    ජාතික නීතින් උල්ලංඝනය වන ආකාරයේ වීඩියෝ දර්ශන සීමා කිරීම.
    අවලාද, අපාහස, සදාචාර ප‍්‍රතිපත්තීන්  වලට බලපෑම් කළ හැකි ආකාර වීඩියෝ දර්ශන වාරණය කිරීම,
මේ ආකාර වූ වාරණයන් රැසකට යටත්ව You tube  වෙබ් අඩවිය විකාශනය කෙරුණද අද වන තුරුත් එහි ආදායමට බලපෑමක් ඇති කිරීමට මේ කිසිවකටත් නොහැකි වූ අතර වර්තමානයේදී You tube වෙත ප‍්‍රවේශ වන සාමාජිකයන් සංඛ්‍යාව තව තවත් වර්ධනය වෙමින් පවතින අයුරු අපට දැක ගත හැක වේ.



AR/64858
AF/6556
K.S.A. Jayawardana

No comments:

Post a Comment