Wednesday, February 4, 2015


මොකක්ද? මේ ඇන්ඩ්‍රෙයිඩ්.....







ඇන්ඩ්‍රොයිඩ් යනු ලිනක්ස් නම් පරිගණක මෙහෙයුම් පද්ධතිය  පදනම් කර ගනිමින් නිර්මාණය කරගත්  ජංගම  දුරකථන මෙහෙයුම් පද්ධතියකි. මෙය මූලික වශයෙන් භාවිත කෙරෙන්නේ ස්පර්ශක තිර  සහිත  ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන, ටැබ්ලට් නමින් හඳුන්වනු  ලබන කුඩා පරිගණක  සඳහාය. මෙය මුලින්ම ඇන්ඩේ‍රායිඩ් සමාගම විසින් නිර්මාණය  කරනු ලැබූ අතර මූල්‍යම  ශක්තිය ලබා දුන්නේ ගූගල් සමාගම මගිනි. 2005  වසරේදී ගූගල් සමාගම විසින් මෙය මිලට ගනු ලැබිණී. ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකථනය 2008 වර්ෂයේදී අලෙවි කෙරිනි.
ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය විවෘත කේතවලින් යුක්ත වන බැවින් මෙය ඕනෑම මෘදුකාංග ශිල්පියෙකුට තමාට අවශ්‍ය පරිදි වෙනස්කම්වලට බඳුන් කොට භාවිතයට ගැනීමේ නිදහස තිබේ. ඇන්ඩේ‍රායිඩ් දුරකථන සඳහා  ස්ථාපනය කළ හැකි විවිධ මෘදුකාංග  වර්ධනය කරන්නන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. 2012  ඔක්තෝබර් මාසය වන විට මෙම සංඛ්‍යාව ලක්ෂ 7ක් පමණ විය.  ඇන්ඩේ‍රායිඩ් මෘදුකාංග සඳහා වූ  නිල වබේ අඩවිය වන ගුගල් ප්‍ලේවෙතින් මතෛක් මෘදුකාංග භාගත කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව බිලියන 25ද ඉක්මවයි. 2013  අවසන් කාර්තුව  වන විට ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම   දුරකථනවල අලෙවිය මිලියන 219 ඉක්මවද්දී ඇපල් මෙහෙයුම් පද්ධතිය සහිත ඒවා අලෙවි වී තිබුණේ මිලියන 50කට මදක් වැඩි ප්‍රමාණයකි. වින්ඩෝස් දුරකථන නම් මිලියන 8.5 ක් පමණි. නොකියා දුරකථනවල පැවති සිම්බියන් මෙහෙයුම් පද්ධතියට ඇති ඉල්ලුම 2013 අවසාන කාර්තුව වන විට  බිංදුවක් තරම් පහළ අගයකට වැටී  තිබිණි. ඔවුන් වින්ඩෝස් හා ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය හා එක් නොවූයේ නම් නොකියා සමාගම නිසැකවම ඇද වැටෙන්නට පවා ඉඩ තිබිණි. නොකියා සමාගම ඇන්ඩේ‍රායිඩ් සමග එක් වූයේ 2014   පෙබරවාරි මාසයේදී නොකියා එක්ස්දුරකථනය සමගිනි.
ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන සඳහා ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය  භාවිතා කරනා දුරකථන වර්ග අතර ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ සැම්සුන්ග්ය. 2013 මාර්තු වන විට එය වෙළෙඳපළින් සියයට 64ක් අත්පත්කරගෙන තිබිණි. 2013 මැයි මාසය වන විට මිලියන  900ක් වූ ඇන්ඩේ‍රායිඩ් උපකරණ වෙළෙඳ පළේ තිබුණු අතර ඇන්ඩේ‍රායිඩ් වෙනුවෙන් වූ අතිරේක මෘදුකාංග බිලියන 48ක් තිබිණි.

 

ඉතිහාසය

 
ඇන්ඩේ‍රායිඩ් සමාගම 2003 වසරේදී ඇන්ඩි රූබින්, රිච් මයිනර්, නික් සියර්ස් සහ ක්‍රිස්වයිට් විසින් කැලිෆෝර්නියාවේ පාලෝ ඇල්ටෝහිදී ආරම්භ කරන ලදී. මෙම සමාගමේ බලා‍පොරොත්තුව වූයේ ඩිජිටල් කැමරා සඳහා මෙහෙයුම් පද්ධතියක් වර්ධනය කිරීමය. නමුත් කැමරා සඳහා ඇති වෙළෙඳ පළ එතරම් පුළුල් නොමැති බැව් තේරුම් ගැනීමෙන් පසු ස්මාර්ට් වර්ගයේ ජංගම  දුරකථන සඳහා වූ සිම්බියන් සහ වින්ඩෝස්  මෙහෙයුම් පද්ධති හා තරග කළ හැකි මෙහෙයුම් පද්ධතියක් වර්ධනය  කරන්නට ඔවුහු  තීරණය කළහ. ඒ වන විට ඇපල් සමාගමේ ජංගම  දුරකථන වෙළෙඳ පළට ඉදිරිපත්කොට තිබුණේ නැත. නමුත් තමා වර්ධනය කරනා මෘදුකාංගය රහසක් වශයෙන් තබාගන්නට මොවුහු සෑම පියවරක්ම ගත්හ.  ඔවුන් පවසා සිටියේ ජංගම දුරකථන සඳහා මෙහෙයුම් පද්ධතියක්   වර්ධනය කරනා බව පමණකි.  නමුත් සිය ව්‍යෘපෘතිය සිදුකරගෙන යන අතරතුරදී  ඔවුහු මූල්‍ය  අර්බුදයකට මුහුණ පෑහ. මේ අවස්ථාවේදී පිහිටට පැමිණියේ ගුගල් සමාගමය. 2005 අගෝස්තු 17  වැනිදා  ගූගල් සමාගම මගින් ඇන්ඩේ‍රායිඩ් මිලට ගනු ලැබිණි.ගූගල් සමාගමේදී රූබින්ගේ ප්‍රධානත්වයෙන් යුක්ත කණ්ඩායමක් විසින් ලිනක්ස් මත පදනම් වූ ජංගම දුරකථන සඳහා භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් වර්ධනය කළහ. මේ සමගම මාධ්‍යවලින් ප්‍රචාරය වන්නට වූයේ ගුගල් සමාගම තමාගේම මෙහෙයුම් පද්ධතියක්  සහිත ජංගම දුරකථන මාදිලියක් හඳුන්වා දෙන්නට සැරසෙන  බවය. 2007 නොවැම්බර් 5 වැනිදා එච්.ටී.සී., සෝනි, සැම්සුන්ග් යන දුරකථන නිෂ්පාදන සමාගම්, ස්ප්‍රින්ට් නෙක්ස්ටෙල් හා ටී-මොබයිල් යන සන්නිවේදන සමාගම් හා ක්වල්කොම් හා ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට් යන චිප් නිෂ්පාදන සමාගම්වල එකතුවෙන සැදි විවෘත ජංගම දුරකථන සන්ධානයඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය සමග එක්වන්නට එකඟතාවය පළකළහ. මේ අනුව 2008 ඔක්තෝබර් 22 වැනිදා ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ලොව ප්‍රථම ජංගම දුරකථනය එච්.ටී.සී. ඩී්‍රම්නමින් වෙළෙඳපළට නිකුත්  කෙරිනි. ඉන් අනතුරුව මෙයට විවිධ යාවත්කාලීනයන් සිදු කරනු ලැබූ අතර ඒ සියල්ල විවිධ ආහාර වර්ගවල නම්වලින් ඉංග්‍රීසි හෝඩියේ  අක්ෂර පිළිවෙළට අනුව නම් කෙරිනි. උදාහරණයක් ලෙස ඇන්ඩේ‍රායිඩ් 1.5 යාවත්කාලීනය කප්කේක්, 1.6 “ඩෝනට්, 2.0 සහ 2.1 ඉක්ලෙයාර් ද, 2.2 ෆේ‍රායෝ (මෙය  ටපධලඥද රධඨභපබ යන්න කෙටිකොට දැක්වීමකි) ද, 2.3 ජින්ජර්බ්‍රෙඩ් ද, 3.0, 3.1 හා 3.2 හනිකෝම්බ් ද, 4.0 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ද, 4.1, 4.2 හා 4.3 ජෙලි බින් ද 4.4 කිට්කැට් ලෙසින්ද  නම් කෙරිනි.
ගූගල් සමාගම විසින් ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කරමින් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හා ටැබ්ලට් වර්ගයේ පරිගණක හඳුන්වා දුන් අතර ඒවා නෙක්සස්යනුවෙන් හඳුන්වනු ලබයි.
ජංගම  දුරකථන සඳහා ස්ථාපනය කළ හැකි අමතර මෘදුකාංග  අතුරින් වැඩිම ප්‍රමාණයක් වර්ධනය කොට ඇත්තේ ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහාය.
 

ආශ්‍රිත....

http://www.pariganakalokaya.com

http://www.hetadina blogspot.com

 

 

K.N.Chaminda

AR/64712

AF/09/6410

 

No comments:

Post a Comment