Saturday, February 7, 2015

මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි ජංගම දුරකථනයේ අහිතකර බලපෑම


         වර්තමානයේ ජංගම දුරකථනය ‘‘දුරකථනය’’ යන සීමාවෙන් එපිටට ගොස් මිනිසාට සේවය සලසන බහුකාර්ය සරල මෙවලමක් බවට පත් වී ඇත. ඒ නිසා ජංගම දුරකථන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනට වැඩිවී ඇත. ලංකාවේ ද ගමේත් නගරයෙත් වෙනසක් නොමැතිව එය ව්‍යාප්ත වී තිබේ. ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් දිනෙන් දින වර්ධනය වුව ද ජංගම දුරකථනයෙන් මිනිසාට වන හානිය පිළිබදව දැන සිටින ප‍්‍රමාණය අතලොස්සකි.

        ජංගම දුරකථන අධික ලෙසින් හා අපරික්‍ෂාකාරීව භාවිතා කිරීම තුළින් සිදු වන අයහපත් ප‍්‍රතිඵල රැසකි ජංගම  දුරකථනයෙන් නිකුත් කරනු ලබන විද්‍යුත් විකරණයන්ගේ බලපෑම නිසා මිනිසාගේ ශරීරය තුළ දෙයාකාරයක අපදාමය තත්වයක් ඇති වේ. එනම්,

  
x තාපමය හානි
  
x තාපමය නොවන හානි 
   
         තාපමය හානි ඇති වනු ලබන්නේ ප‍්‍රමාණවත් වූ විකිරණ ප‍්‍රමාණයක් දේහමය පටකයන් තුළට අවශෝෂණ වීමෙහි ප‍්‍රතිඵලයක් ලෙසට එම ශක්ති ප‍්‍රමාණය තාපය බවට පරිවර්තනය වීමෙනි. තාපමය නොවන හානි අතරට ඇසේ සුද ඇතිවීම, ලියුකේමියාව. විවිධ පිළිකා රෝග ආදිය ඇතුළත් වේ. මෙම කිරණ හරහා ශරීරයේ විවිධ පටකවල ශෛලයන් වෙත එල්ල වන බලපෑම නිසා ශෛලයන්හි අසාමාන්‍ය වර්ධන, විකෘතිතා ආදිය ඇතිවන බව පර්යේෂකයෝ පවසති.

         1995 ඊශ‍්‍රායල් විද්‍යාඥයෝ පිරිසකගේ පර්යේෂණයන්හි ප‍්‍රතිඵලයක් හරහා සනාථ වූයේ, මෙම තරංගවලට ලක් වීමෙන් සිරුරු තුළ විකෘතිතා, උපදින දරුවන්ගේ විකෘතිතා හා පිළිකා ඇති විය හැකි බවයි. ජංගම දුරකථනය හරහා මිනිසාගේ සමට හා මොළයට වන බලපෑම ඉහළය. හිස ප‍්‍රදේශය හා නිරන්තරව ජංගම දුකරථනය ගැටීම නිසා නිරාවරණය බහුල වන ක්ෂද්‍ර තරංග ප‍්‍රමාණය අධික වීම රෝගී තත්වය ඇතිවීමට බලපාන ප‍්‍රධානතම හේතුව වේ මොළයේ ක‍්‍රියාකාරී බවට අහිතකරමය බලපෑම් ඉතා විශාල වශයෙන් ඇති කිරීමට මෙම ක්ෂද්‍ර තරංගවල හැකියාව ඇත. එම තරංග නිසා කණ සහ හිසේ ඇති අනෙකුත් උපාංග වලින් තාපයට ඇති සංවේදීතාව ශරීරගත අනෙකුත් සංවේදී ගත කොටස් වලට සාපේක්ෂව 48 ගුණයකින් පමණ ඉහල යන බව ද සොයාගෙන ඇත. සම ආශ‍්‍රිතව ඇති උෂ්ණත්වය ද 4.7 කින් ඉහළයාමට ද ජංගම දුරකථන භාවිතය හේතු වේ. මෙලෙසෙ උෂ්ණත්ව අගය ඉහළ යාමෙහි අවසාන ප‍්‍රථිපලය වන්නේ චර්මීය පිළිකා තත්වයන් ඇති වීමේ අවධානම වැඩි වීමයි.

            ඔබ ජංගම දුරකථනයකින් විනාඩි පහලොවකට වඩා වැඩි කාල සීමාවක් කථා කරන විට දුරකථනය සමග, කණ හා ඇස ආශ‍්‍රිත ප‍්‍රදේශ තුළ තද රත්වීමක් ඇති වේ. මෙනිසා අධික මහන්සිය මුහුණ ආශ‍්‍රිත සුදු මැලි ස්වභාවයක් ඇති වීම. වයසට වඩා මහලූ පෙනුමක් ඇතිවීම. අධික තාපය නිසා සමෙහි ශෛලයන්හි කාර්යක්ෂමතාවය අඩු කිරීම වැනි තත්වයන් ඇති වේ.

         එමෙන්ම පිළිකා තත්වයන් ඇති වීමටද ජංගම දුකරථන භාවිතය හේතු වේ.  ඕස්ටේ‍්‍රලියාවේ පර්යේෂක කණ්ඩායමක් මීයන් ආශ‍්‍රය කරගෙන  කරන ලද පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත්තේ ජංගම දුරකථන තරංගයන් සදහා නිරාවරණය වූ මීයන් තුළ පිලිකා ඇති වීමේ අවධානම දෙගුණයකින් වැඩි වී ඇති බවයි. අධික ලෙස දුම්පානය කරන පුද්ගලයකු නිරන්තරවම ජංගම දුරකථනයක් භාවිත කරයි නම් ඔහු පිළිකාවකට ගොදුරු වීමේ අවධානම වඩාත් ඉහළය. අධික ජංගම දුරකථන භාවිතය, 5‍% ක ප‍්‍රතිශතයකින් යුත් පිළිකා උත්පාදක ශෛල වල හැකියාව 5% ක් දක්වා වර්ධනය කරයි.

         දිනකට පැය දෙකකට වඩා ජංගම දුකරථන භාවිතා කරයි නම් අදාළ කණ ආශ‍්‍රිත වසා ග‍්‍රන්ථි තුළ ඇති වනු ලබන Non Hodglks dicase  නම් වූ රෝගය සදහා ගොදුරු වීමේ ප‍්‍රවණතාවය අදික බව වෛද්‍යවරුන් සොයා ගෙන ඇත.

       1996 දී ජංගම දුරකථන කුළුණු ආශ‍්‍රිතව සිදු වන බලපෑම පිළිබද කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ රේඩියෝ තරංග නිකුත් කරන කුළුණු අවට වාසය කරන කුඩා දරුවන්ට ලියුකේමියාව වැළදීම අධික බවයි. කුළුණේ සිට ඈත ප‍්‍රදේශවලට මේ තත්වයේ අඩු වීමෙන් නිරීක්‍ෂණය වන බව වාර්තා වේ.

මීට අමතරව මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි ජංගම දුරකථන තවත් ආකාරවලටද බලපෑම් කරනු ලබයි. ඒවා නම්,

x    DNA  සහ ප‍්‍රතිශක්තිකරණයට බලපෑම් ඇතිවීම.
x    විකෘති දරුවන් ඇතිවීම
x    අධිරුධිර පීඩනය ඇතිවීම
x    ස්නායු ගත රෝග ඇති වීම.

         ජංගම දුරකථන භාවිතය නිසා පිරිමින්ගේ ලිංගික සරුබව අඩු වෙන්නට ද පුළුවන් බව හෙළිවී ඇත. කලිසම්  සාක්කුවල මෙම ජංගම දුරකථනය දමා සිටීම නිසා ප‍්‍රජනන පටක උණුසුම් වී එහි ප‍්‍රතිඵලයක් ලෙසට ප‍්‍රජනන පද්ධතියේ ක‍්‍රියාකාරීත්වයට බලපෑම් සිදු කරයි. මෙනිසා ශුක‍්‍රාණු නිපදවීම තුන්ගුණයකින් පහත වැටෙන බව හෙළිකරගෙන ඇත.

         නිරතුරුවම ඇමතුම්වල යෙදී සිටින පුද්ගලයින්ගේ රුධිර පීඩනය පරීක්‍ෂා කරමින් ජර්මනියේදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ රුධිර පීඩනය අධික වූ බවයි. ප‍්‍රමාණාත්මකව එය 5-10 mm Hg පමණ වැඩි වී ඇත. මෙසේ වැඩි වන පීඩනය මගින් රුධිර පීඩනමය තත්වයකින් පෙළෙන  පුද්ගලයකු අකර්මණ්‍ය කරවීමට සමත්වන හෘද රෝගයක් ඇති කිරීමට සමත් වේ.

        ශරීරය ක්ෂද්‍ර තරංග වලට අධික ලෙස නිරාවරණය වීම හේතු කොට ගෙන ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය හීන වේ. මේ මිනිසා ආගන්තුක වශයෙන් වූ ව්‍යාධි ජනක ප්‍රෝටීනයන් හා විෂ  ද්‍රව්‍යයන් මොළය තුළට කාන්දු වීමේ අවධානමක් ඇත. මෙම තත්වය දිගින් දිගටම ඇති වුවහොත් ස්නායු ආශ‍්‍රිත රෝග වැළදිය හැකි  බව විද්‍යාඥයෝ පවසති.

          එමෙන්ම දිගින් දිගටම දිනකට මිනිත්තු 30 කට වඩා වැඩිකාලයක් පුුරා ජංගම දුරකථනය කනේ තබා ගනිමින් කථා කරන පුද්ගලයෙකුගේ මතකය හීන වීම සාමාන්‍ය පුද්ගලයෙකුගේ මතකය හීනවීමේ වේගයට සාපේක්ෂව තෙගුණයක් වේ යැයි පර්යේෂකයෝ පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.

           ශරීරිකව මෙන්ම මෙම ජංගම දුරකථන මානසික රෝග වලට ද හේතුවක් වී ඇත. 2005 දී ජාත්‍යන්තර සමාජ සමීක්‍ෂණ ආයතනයක් වන ‘‘ ගාට්නර් ආයතනය’’ වාර්තාකොට ඇත්තේ මෙම දුරකථනය අතින් අත බෝ වනවාත් සමගම ‘‘ජංගම දුරකථන ඇබ්බැහිය’’ (MPA – Mobile Phone Addiction)  නම් මානසික අසාමාන්‍යතාවක් ලෝවැස්සන් අතර පැතිරෙන බවයි ඇතැම් තරුණයින් තමන්ට ‘‘ටෙක්ස්ට් මැසේජ්’’ එකක් නොපැමිණ හොත් තමන් මේ ලෝකයෙන් කොන් වී ඇතැයි කියා දුක් වන බව මනෝ විද්‍යාශූයිඥයින් සොයා ගෙන ඇත. ඒ තරම් ඔවුන් ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇත.

           කෙසේ වෙතත්  මේ හානිදායක තත්වයක් මග හරවා ගැනීමට දුරකථනය කනේ තබා ගෙන සිටීම වෙනුවට දෑත් නිදහස්කර සවන් දීමේ කට්ටල(Hand free kit) භාවිතා කිරීම හා දීර්ඝ දුකරථන සාකච්ඡ වෙනුවට පණිවිඩ හුවමාරුව සදහා කෙටි පණිවුඩ හුවමාරුව යොදා ගැනීමට ජනතාව තුළ පෙළඹවීමක් ඇති කිරීම වැදගත් වේ. මෙහිදී කොතරම් තාක්‍ෂණය දියුණුව වුවද ඒවායේ අහිතකර ප‍්‍රතිඵල ඇති බැවින් නිවැරදිව හා ආරක්‍ෂිතව භාවිතා කිරීමේ වැදගත් කම මත නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇත.




ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

 පෙරේරා සුනිල් චන්ද්‍රසිරි, දුරකථනය හා එහි ප‍්‍රයෝජන, කර්තෘ ප‍්‍රකාශකයෝ, 2005
අන්තර්ජාලය ඇසුරින්

AR/64701
AF/O9/6398
කේ.එම්.සී.ෙඡ්.බණ්ඩාර

No comments:

Post a Comment