Monday, February 2, 2015

         පරිගණකයේ ආරම්භය හා විකාශනය   


     තමා තුළ ම ගබඩා වී ඇති උපදෙස් අනුව කි‍්‍රයා කරමින් දත්ත ගබඩා කොට තබාගත හැකි හා ඇවැසි ඒවා ලබා ගනිමිින් ගණිතමය හෝ තාර්කික වශයෙන් අපගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට ගවේෂණශිලිව තොරතුරු ලබාගත හැකි ඉලෙක්ට්‍රෝනික මෙවලමක් ලෙස පරිගණකය හැදින්විය හැකිය.

පරිගණකයේ ඉතිහාසය ප‍්‍රධාන වශයෙන් කාල වකවානු හතරකට බෙදිය හැක.
  1.   පූර්ව යාන්ත‍්‍රික යුගය (ක‍්‍රි ව 1450 ට පෙර)
  2.   යාන්ති‍්‍රක යුගය (කි‍්‍ර ව 1450 සිට 1840 දක්වා)
  3.   විද්‍යුත් යාන්ති‍්‍රක යුගය (කි‍්‍ර ව 1840 සිට 1940 දක්වා)
  4.   විද්‍යුත් යුගය (කි‍්‍ර ව 1940 සිට අද දක්වා)

           1    පූර්ව යාන්ති‍්‍රක යුගය (කි‍්‍ර ව 1450 ට පෙර)
 

මෙම යුගයේ මිනිසුන් සන්නිවේදනය කරගත්තේ කථා කිරීම සහ පින්තූර මගිනි.කි‍්‍ර පූ 2000 දී පමණ  පිනිශියානුවන් සංකේත නිර්මාණය මගින් සන්නිවේදනය කර ගන්නා ලදී. ග‍්‍රීක ජාතිකයින් විසින් ද  පිනිශියානුවන්ගේ අක්ෂර මාලාව වැඩිදියුණු කර භාවිතයට ගත් අතර පසුව රෝම ජාතිකයන් විසින් අකුරු සහ ලතින් නාම හඳුන්වාදීම ද සිදුවිය. මෙම කාලයේ දී සුමේරියානු ජාතිකයන් විසින් සන්නිවේදනය සදහා තෙත මැටි/පස් මත සීරීම මගින් අකුරු ලිවීමේ ක‍්‍රමයක්ද භාවිත කරන ලදී. කි‍්‍ර.පූ 2600 දී පමණ ඊජිප්තු ජාතිකයින් විසින්  පැපිරස් පත‍්‍ර  මත ලිවීමේ ක‍්‍රමය සොයා ගන්නා ලදී. කි‍්‍ර. ව. 100 දී පමණ චීන ජාතිකයින් විසින්  කඩදාසි නිපදවීම සොයා ගන්නා ලදී. මෙසපෙතේනියානු ජාතික ආගමික නායකයින් විසින්  පොත් පරිහරණය ආරම්භ කරන ලදී. මුල්ම අංක පද්ධති මෙම කාල වකවානුව තුළ ලොවට බිහි විය.



       ඊජිප්තු ක‍්‍රමය 


1-9 දක්වා අංක සිරස් රේඛා ලෙසත් අංක 10 ම හෝ ඹ රවුමක් ලෙසත් අංක 100 දගර ගැසුනු කඹයක ආකාරයටත් අංක 1000  ඕලු මලක ආකාරයටත් නිරූපණය කරන ලදී. හින්දු ජාතිකයින් විසින් කි‍්‍ර. ව. 100- 200 ත් අතර කාල වකවානුව තුළ අද අප භාවිතා කරන 1-9 දක්වා සංඛ්‍යා පද්ධතිය ලොවට හදුන්වා දෙන ලදී. කි‍්‍ර. ව. 875 දී  ර්‍0” අංක පද්ධතියට හදුන්වා දෙන ලදී. කි‍්‍ර. පූ. 3000 දී පමණ ප‍්‍රථම ගණිත උපකරණය වන ඇබකසය භාවිතා කළ බව කියැවේ.

    ඇබකසය (Abacusවිවිධ ජාතීන් විසින් මෙම ඇබකසය නමැති ගණනය කිරීමේ උපකරණය විවිධ කාල වකවානු වලදී තමන්ට සුදුසු ආකාරටය සකසාගෙන භාවිත කර ඇත.මෙසපොතේනියානු ඇබකසය (කි‍්‍ර පූ 2300-2700)

  • ඊජිප්තුයානු ඇබකසය
  • පර්සියානු ඇබකසය (කි‍්‍ර පූ 600)
  • ග‍්‍රීක ඇබකසය (කි‍්‍ර පූ 300)
  • රෝම ඇබකසය (කි‍්‍ර පූ 1)
  • චීන ඇබකසය (කි‍්‍ර පූ 2 වන සියවස)
  • ඉන්දියානු ඇබකසය (ක‍්‍රි ව 1 වන සියවස තුල සිට)
  • ජපන් ඇබකසය (කි‍්‍ර ව 1600 දී පමණ)
  • කොරියානු ඇබකසය (කි‍්‍ර ව 1400)
  • රුසියානු ඇබකසය (කි‍්‍ර ව 1916)


            2    යාන්ත‍්‍රික යුගය (කි‍්‍ර ව 1450 - 1840 )



ගණනය කිරිම සදහා විවිධ යන්ත‍්‍ර නිර්මාණය කිරීමට මිනිසා පෙළඹුනු යුගයයි. ක‍්‍රි. ව. 1450 දී ජර්මන් ජාතික ජෝන් ගුටර්න්බර්ග් විසින් මුද්‍රණ යන්ත‍්‍රය නිපදවන ලදී. එමගින් පොත් පිටු අංකනය කිරීමට හැකි විය. ක‍්‍රි ව 1642 දී බ්ලෙයිස් පැස්කල් (Blaise Pascal) විසින් ප‍්‍රථම යාන්ත‍්‍රික කැල්කියුලේටරය වන පැස්කලයින් (Pascaliene) යන්ත‍්‍රය නිපදවන ලදී. ඉන් සිදු කළ හැකි වූයේ එකතු කිරීම සහ අඩු කිරීම පමණි.


ජර්මන් ජාතික ගණිතඥයෙකු වන විල්හෙල්ම් වොන් ලිබ්නිස්ට් (1646-1716) විසින් ක‍්‍රි. ව. 1674 දී පැස්කලයින් යන්ත‍්‍රය වැඩිදියුණු කොට ගුණ කිරීම සහ බෙදීම කළ හැකි තත්වයට දියුණු කළේ්ය. මේ සඳහා සිදුරුපත් (Punch Card) නමැති සංකල්පය භාවිතා කර ඇත. කි‍්‍ර. ව. 1830 දී චාල්ස් බැබේජ් විසින් ගණිත කර්ම කළ හැකි සහ දක්ත ගබඩා කළ හැකි විශ්ලේෂක එන්ජිම ( Analytical Engine) නිර්මාණය කරන ලදී.
 චාල්ස් බැබේජ් 


වර්තමානයේ භාවිතා වන පරිගණක වල ඇති ව්‍යුක්ත ආකෘති (Input Proecss Output) සංකල්පය පළමුවරට ඉදිරිපත් කරන ලද්දේ මොහු විසිනි. පරිගණනයේ පියා ලෙස හැඳින්වේ.  ඔහුගේ එම කාර්යයට සහය වූ ඇඩා ඔගස්ටා ලව්ලේස් ආර්යාව Lady Ada Augasta Lovelace   ප‍්‍රථම පරිගණක ලේඛිකාව ලෙසද හැඳින්වේ.


Lady Ada Augasta Lovelace 


ක‍්‍රි. ව. 1830 දී ජෝෂප් මාරි ජැක්වා(ර්)ඞ් (Joseph Maric Jacquard s)විසින් චාල්ස් බැබේජ් ගේ සිදුරුපත් ක‍්‍රමය යොදා ගනිමින් වියන ( The Loom) යන්ත‍්‍රය නිපදවන ලදී.



             3    විද්‍යුත් යාන්ත‍්‍රික යුගය (1840 - 1940)


විද්‍යුත් ශක්තිය ප‍්‍රධාන බලවේගය ලෙස යෙදා ගනිමින් යන්ත‍්‍රසූත‍්‍ර නිපදවූ යුගයයි. එතෙක් භාවිතා කළ දැති රෝද තාක්ෂණය සහ වාෂ්ප බලයට වඩා ප‍්‍රබල යන්ත‍්‍ර විය. 
  •     ඇලෙස්සැන්ඩ්‍රෝ වොල්ටා විසින් බැටරිය සොයාගැනීම. (ක‍්‍රි ව 1800)
  •    ටෙලිග‍්‍රාෆ් ක‍්‍රමය සොයා ගැනිම. (කි‍්‍ර ව 1800)
  •    සැමුවෙල් මෝර්ස් විසින් මොර්ස් සංඥා ක‍්‍රමය සොයා ගැනීම.
  •    ක‍්‍රි. ව. 1876 දී ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් විසින් දුරකථනය නිපදවීම.  

   වැනි සිදුවීම් මෙම යුගයේ මුල් කාලීන සිදුවීම් කිහිපයක. ක‍්‍රි. ව. 1880 දී හ(ර්)මන් හෝල්රිත් විසින් සිදුරු කාඞ්පත් (Punch Card) ක‍්‍රමය හඳුන්වා දෙන ලද. මෙමගින් දත්ත රදවා ගැනීම සහ දත්ත කියවීමට යන්ත‍්‍ර වලට හැකි විය. ක‍්‍රි. ව. 1890 දී ලෙව සුපතල IBM (International Business Machinesසමාගම ආරම්භ කරන ලදී






           4     විද්‍යුත් යුගය



 ක‍්‍රි. ව. 1946 දී එනියැක් (Enlac Electronic Numerical Integrator and Calculator) යන්ත‍්‍රය පලමු පොදු කාර්ය ඉලෙක්ට්‍රොනික් අංකිත පරිගණකය ලෙස ලොවට බිහි විය. කි‍්‍ර. ව. 1949 දී නිපදවන ලද එඞ්වැක් (EDVAC Electronic Discreet Variable Automatic Computer) යන්ත‍්‍රය ගබඩා කළ ක‍්‍රම ලේඛන (^Programs) යොදා ගත් මුල්ම අංකිත පරිගණකය විය. ක‍්‍රි. ව. 1951 දී යුනිවැක් 1-UNIVAC – UNIVersal Automatic Computer) නම් වාණිජ වශයෙන් නිපදවූ ප‍්‍රථම පොදු කාර්ය පරිගණකය බිහි විය. ක‍්‍රි. ව. 1959 දී  IBM සමාගම විසින් Stretch Computer නමින් පරිගණකයක් නිපදවන ලදී. 1975 දි MITආයතනය විසින ් ALTAIR නම් ක්ෂද්‍ර (micro) පරිඝණකයක් නිපදවන ලදි. කි‍්‍රව 1976 දි APPLE ආයතනය විසින් APPLE 1 නමින් තවත් පුද්ගල පරිඝණකයක් නිපදවන ලදි. චිත‍්‍රක මුහුණතක් සහිත (Graphicai User Interface) ලෝකයේ මුල්ම සාර්ථක පුද්ගල පරිඝණකය මෙය විය. වර්තමානය වන විට පරිඝණකය නිපදවිමට යොදා ගන්නා තාක්‍ෂණය ඉතා දියුණු මට්ටමකට පත්ව ඇති අතර අත්ල මත ගෙනයාමට සුදුසු පරිදි කුුඩා වි ඇත



පළවන පරම්පරාව  1939 - 1958 දක්වා

vacuum tubes/ relays භාවිතා විය.
විශාල ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍යය.
පහල මට්ටමක processing speed සහිතයි.
 punch card / punch paper tapes භාවිතයෙන් input/output සිදුවිය. 
වැඩි විද්‍යුත් බල ශක්තියක් අවශ්‍ය විය.
නිෂ්පාදන වියදම් ඉහළයි. බහුලව භාවිතා නොවීය.


දෙවන පරමිපරාව 1959 - 1963 දක්වා

Transistors භාවිතා විය.
 magnetic tapes/disk භාවිතා විය.
 processing speed වැඩිය.
ව්‍යාපාරික කටයුතු සදහා භාවිතයට ගැනිම ඇරඹණි.

High level භාෂා භාවිතය.

තුන්වන පරමිපරාව  1964 -1973 දක්වා 

පරිගණක පරිපථවල ic, microchip භාවිතා විය.
ප‍්‍රමාණයෙන් කුඩාවීම.
 Memory ප‍්‍රමාණය පෙරට වඩා වැඩිවිය.
නිෂ්පාදන වියදම අඩුයි.
Mainframe Computer භාවිතයට පැමිණිම.
භාවිතය බහුලවීමට පටන් ගැනිම.

හතරවන පරමිපරාව 1974 - 1990 දක්වා

CPU භාවිතයට එක්වීම. (microprocessor)
ප‍්‍රමාණය තව තවත් කුඩාවීම.
Processing speed වේගවත් වීම.
Super computer බිහිවීිම.
ගෘහ කටයුතු සදහා පරිගණකය භාවිතයට යොමුවීම.
නිෂ්පාදන වියදම තවත් අඩුවීම.

පස්වන පරමිපරාව  1991 සිට මෙි දක්වා

Nano තාක්ෂණය නිසා කුඩා ප‍්‍රමාණයේ යන්ත‍්‍ර බිහිවීිම.
Artificial Intelligent පිළිබද පරික්‍ෂණ ඇතිවීිම.

ආශි‍්‍රත ග‍්‍රන්ථ


  • පි. එස. පෙරේරා, 2009, තොරතුරු හා සන්නිවෙිදන තාක්ෂණය, මාස්ටර් ගයිඞ් ප‍්‍රකාශකයෝ, නො.08 ආචාර්ය එන.්එම්. පෙරේරා මාවත, බොරැුල්ල, කොළඔ 08.

  • විජය පරිඝණක 2 කලාපය, 2009 මාර්තු, ඇකඩමි ඔප් ස්ටඩිස්, මීරිගම, 70 පිටුව.

  • https://www.gogel.com(2014,nov,30)wikipidia,the free encyclopedia.



                                                                                                           පී. කේ. යවුමිණී චන්දා, 
                                                                                                                                AR/64715,
                                                                                                           ජනසන්නිවේදනය විශේෂ උපාධිය , 
                                                                                                           ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,
                                                                                                           ගංගොඩවිල,
                                                                                                            නුගේගොඩ.

No comments:

Post a Comment