Saturday, February 7, 2015



Broadband යන වචයන ඇසූ පමණින් සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත්  broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණක් අන්තර්ජාල සබඳතාවයක් ලෙඑ හදුන්වයි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගණක සහ විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි.

Broadband යන වචනයෙන් අර්ථවත් වන්නේ පුළුල් කළාපයක්යන්නයි. එනම් මෙම තාක්ෂණය මගින් එක් දත්ත සන්නිවේදන මාධ්‍යක් තුල පුළුල් කළාපයක් (band) ඔස්සේ දත්ත සන්නිවේදනය කරනු ලබයි.

           “ විවිධ සංඛ්‍යාත පරාසයන්ගෙන් යුත් විද්‍යුත් තරංග එකිනෙක මිශ්‍ර නොවී එකම   සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සන්නිවේදනය කිරීම broadband  තාක්ෂණය  ලෙස සරළව හඳුන්වාදිය හැක.

මෙහිදී විවිධ සංඛ්‍යාත පරාසයන්ගෙන් යුත් දත්ත පථ (data channels) කිහිපයක් භාවිතා කරන අතර එක් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් එම මාධ්‍යයේම වෙනත් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් සමග මිශ්‍ර නොවේ.

Ø සම-අක්ෂක රැහැන් (coaxial cable)
Ø ඇඹරුනූ කම්බි යුගල (twisted pair cable)
Ø ප්‍රකාශ තන්තු (fiber optic cables)

ජාල වර්ගිකරණය සඳහා යොඳා ගන්නා ප්‍රධානතම විධික්‍රමයක් ලෙස, එම පරිගණක එකිනෙක සහසම්බන්ධ වීම සඳහා යොදා ගන්නා මෘදුකාංග හා දෘඬාංග තාක්ෂණය ගෙන හැර ඳැක්විය හැක. උදාහරණ ලෙස ප්‍රකාශ තන්තු, නොරැහැන් LAN, Home PNA, Power Line Communication දැක්විය හැක.
ඉන්ටර්නෙට් උපකරණ සම්බන්ධ කිරිමට භෞතික රැහැන් යොඳා ගනී. සුලබ ලෙස යොඳා ගන්නා උපකරණ ලෙස hubs, switches, bridges, routers දැක්විය හැක.
නොරැහැන් LAN රැහැන් රහිතව උපකරණ සම්බන්ධ කර ගනී. මෙම උපකරණ ගුවන් විදුලි තරංග හෝ අධෝරක්ත කිරණ, සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස යොඳා ගනී.
ITU - T G.hn තාක්ෂණය දැනට නිවෙස්හි පවතින රැහැන් (දුරකථන මාර්ග, බල රැහැන්) මගින් වේගවත් LAN නිර්මාණය කරයි.
රැහැන් තාක්ෂණය
සමාවෘත රැහැන් යුගල (Twisted pair Wire)

විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සුලභවම යොදා ගන්නා මාධ්‍ය මෙය වේ. මේවා සාමන්‍ය දුරකථන රැහැන් වන අතර පරිවෘත තඹ රැහැන් 2 සමාවෘත කර කටහඬ හා දත්ත සම්ප්‍රේෂණයට යොඳා ගනී. මෙහිදී තඹ රැහැන් 2 සමාවෘත කිරිමෙන්, එම රැහැන් අතර හටගන්නා හරස් කතාව සහ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය අවම කිරිම අරමුණු වේ. මෙහි සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිට් මිලියන 2 සිට 100 දක්වා පරාසයක පැතිර පවතී.

සමක්ෂක විඳුලි රැහැන (Coaxial Cable)

මේවා බහුල වශයෙන් රැහැන දුරකථන පද්ධති, රාජකාරි ගොඞනැගිලි සහ LAN පද්ධතීන්හි යොඳා ගනී. මෙම රැහැන්, තඹ සහ ඇලුමිනියම් වලින් තනා ඇති අතර පරිවාරක මාධ්‍යයකින් පරිවරණය කර ඇත. පසුව එය සන්නායක ස්තරයකින් ආවෘත කර ඇත. මෙලෙස ස්තර යෙදීමේ අරමුණ නිරෝධනය සහ අපරූපනය අවම කිරිමයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිට් මිලියන 200 සිට 500 ඳක්වා පරාසයක පැතිර පවති.

ප්‍රකාශ තන්තු (Fiber Optics)

මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ වීඳුරු සූත්‍රිකා වලින් සමන්විත වේ. මෙමගින් ආලෝකය ඉතා දිගු දුරකට, ඉහළ කලාප පළලකින් සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති. මෙම දෘෂ්ටික තන්තු විද්‍යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට  ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී. එනම් දෘෂ්ටික තන්තු සමක්ෂක විඳුලි රැහැන් වලට වඞා 100 ගුණයකින්ද සමාවෘත රැහැන් යුගල වලට වඞා 1000 ගුණයකින්ද වේගවත් වේ.

නොරැහැන් තාක්ෂණය
භූගෝලීය සුක්ෂම තරංග (Terrestrial Microwave)
මෙහිඳි සම්ප්‍රේෂකය සහ ග්‍රාහකයා භූමිය ආධාර කර ගනී. මෙම උපකරණය චන්ඳ්‍රිකා තැටි වලට ඉතා සමාන වේ. භූගෝලීය සුක්ෂම තරංග, පහල ගිගා සංඛ්‍යාත පරාසයක් භාවිත කරමින් එකිනෙක අතර දුර ආසන්න වශයෙන් සැතපුම් 30 පමණ වන සේවා ස්ථාන අතර සම්ප්‍රේෂණය සිඳු කරයි. මෙම සුක්ෂම තරංග ස්පර්ශක සාමාන්‍යයෙන් ගොඞනැගිලි මුඳුන් හා කඳු මුදුන් වල ස්ථාපනය කර ඇත.

සන්නිවේඳන චන්ඳ්‍රිකා
සන්නිවේඳන චන්ඳ්‍රිකා ගුවන් විඳුලි තරංග සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස යොඳා ගන්නා අතර, ඒවා පෘථිවි වායුගෝලය මගින් පරාවර්තනයකට ලක් නොවේ. මෙම චන්ඳ්‍රිකා නිරක්ෂ රේඛාවට සාමාන්‍යයෙන් සැතපුම් 22,000 පමණ ඉහල අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති අතර මෙම පෘථිවි කක්ෂ පඳ්ධති කටහඬ, ඳත්ත හා විඳුලි තරංග ප්‍රතිග්‍රහණයට හා ප්‍රතිචාරණයට සමර්ථ වේ.
සෛලීය සහ PCS පඳ්ධති

මෙහිඳි ගුවන් විඳුලි සන්නිවේඳන තාක්ෂණ කිහිපයක් යොඳා ගන්නා අතර මෙම පද්ධති භූගෝලිය ප්‍රඳේශ අනුව බෙදා වෙන් කර ඇත. එක් එක් ප්‍රඳේශය සතුව ඇති පහළ ශක්තියකින් යුතු සම්ප්‍රේෂකයක් හෝ ගුවන් විඳුලි තරංග ප්‍රතිචාරණ ස්පර්ශක උපකරණයක් මගින් එක් ප්‍රඳේශයක සිට තවත් ප්‍රඳේශයක ට ඇමතුම් ප්‍රතිප්‍රචාරය සිඳු කෙරේ.
 රැහැන් රහිත විද්‍යුත් චුම්භක තරංග මාධ්‍යයක් ඔස්සේ වුවද මෙම ක්‍රමයට දත්ත සන්නිවේදනය කලහැක.ඔබගේ නිවසට දුරකතන සබඳතාවය, රූපවාහිනී සබඳතාවය සහ අන්තර්ජාල සබඳතාවය වැනි විවිධ සබඳතා කිහිපයක්ම එකම රැහැනක් ඔස්සේ එකවර ලබාගතහැකි වන්නේ මෙම broadband තාක්ෂණයෙනි.


පරිගණක තුල දත්ත වල විශාලතවය මැනීම සඳහා සම්මත ඒකකය ලෙස “Byte” භාවිතා කරයි මෙය කැපිටල් B අක්ෂරයෙන් සංකේතවත් කරනු ලැබේ. Byte 1024ක් එක් වීමෙන් Kilobyte එකක් (KB) සෑදෙන අතර KB 1024ක් එක් වීමෙන් Megabyte (MB) එකක් සෑදේ. bit එකක් යනු Byte එකකින් අටෙන් පංගුවකි. එනම් එක් Byte එකක් සෑදීමට bit අටක් අවශ්‍ය වේ. Megabyte එකක් යනු Megabit 8 කි. bit එකක් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් b අක්ෂරයෙන් නිරූපණය කරනු ලබයි.

ඔබේ අන්තර්ජාල සේවා සපයන ආයතනය (ISP) විසින් ඔබට ප්‍රකාශ කරනු ලබන වේගය සඳහන් වන්නේ මෙම bit වලිනි. එනම් ඔබේ අන්තර්ජාල සබඳතාවය 1Mbps නම් එයින් අදහස් වන්නේ තත්පරයකට “Megabit” එකක වේගයක් ඇති බවයි. මෙම සබඳතාවය තුලින් 1 Megabyte දත්ත ගොනුවක් භාගත කිරීමට ඔබට තත්පර 8ක කාලයක් ගතවේ

ගුප්තතාවය හෙවත් Latency යනු ඔබේ broadband සබඳතාවයේ සලකා බැලියයුතු තවත් ඉතා වැදගත් ගුනාංගයකි.ඔබ broadband සබඳතාවය ඔස්සේ යම්කිසි පණිවිඩයක් (signal) යැවූ විට එය ග්‍රාහක අග්‍රය වෙත ප්‍රවේශ වීමට ගතවන කාලය latency ලෙස හඳූන්වයි. ජාලය ඔස්සේ තත්කාලීන සන්නිවේදනයන් (real-time communication) සිදුකිරීමේදී මෙම ගුප්තතාවය (latency) ඉතමත වැදගත් වන අතර සාමාන්‍යයෙන් හොඳ තත්වයේ real-time connection එකක් පවත්වාගැනීම සඳහා ඔබේ සබඳතාවයෙ latency අගය මිලි තත්පර 250ක් පමණ (250ms) හෝ ඊට අඩු විය යුතුය.ඔබේ සබඳතාවයේ latency අගය මිලි තත්පර 500ක් පමණ හෝ ඊට වඩා විශාල අගයක් ගන්නේ නම් එය කිසිසේත්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දුරකතන සංවාද වැනි කටයුතු සඳහා සුදුසු නොවේ. ඔබ නිතර skype හෝ වෙනත් එවැනි දුරකතන, video call සේවාවන් භාවිතා කරන අයෙක් නම් ඉතා අඩු latency අගයකින් යුත් broadband සබඳතාවයක් මිලදී ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

IP ලිපිනය යනු පරිගනක ජාලයක් හෝ අන්තර්ජාලය තුල ඔබේ පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන විශේෂ වූ ලිපිනයකි. ඔබ broadband සබඳතාවයක් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේදී ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) විසින් ඔබට IP ලිපිනයක් ලබා දේ. ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ එම IP ලිපිනය ඔස්සේ ය. නමුත් ශ්‍රී ලංකාවේ නම් බොහෝවිට ඔබේ ISP විසින් ලබාදෙන මෙම IP ලිපිනය ගතික (Dynamic) IP ලිපිනයකි. එනම් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වන අවස්ථාවේ ඔවුන්ගේ ජාලය තුල නිදහස්ව ඇති IP ලිපිනයක් ඔබට ලබා දේ.

අද වනවිට බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය අන්තර්ජාල සබඳතාවයක් ලෙස mobile broadband හඳුන්වාදිය හැක. විශේෂයෙන් ජංගම දුරකතන සඳහා අද වනවිට මෙම තාක්ෂණය බෙහෙවින් භාවිතා කරන අතර Laptop පරිගණක, tablet පරිගනක සහ වෙනත් විවිධ ජංගම උපාංග වෙත ඉතා පහසුවෙන් අන්තර්ජාල සබඳතාවය ලබාගැනීමට භාවිතා කරයි. මෙහිදී ජංගම දුරකතන ජාල ඔස්සේ දත්ත සම්ප්‍රේශණය සිදු කරණ අතර දුරකතන සබඳතාවයට භාවිතා කරන තරංග සංඛ්‍යාත පරාසයට වඩා පුළුල් සහ ඉහල සංඛ්‍යාත පරාසයන් භාවිතා කරයි.

EDGE, 3G, 4G, WiMax වැනි විවිධ ආකාරයන්ගෙන් ඔබට mobile broadband සබඳතාවයක් ලබාගතහැකි අතර EDGE සබඳතාවයකින් ලබාගතහැකි උපරිම දත්ත සම්ප්‍රේශණ වේගය 236Kbps (Kilobits per second) පමණ වේ. 3G සබඳතාවයක් හරහා තත්පරයකට Megabits කිහිපයක වේගයකින් යුත් සබඳතාවයක් ලබාගතහැකි වන අතර නවතම 4G දත්ත සබඳතාවයක් ඔස්සේ ඔබට මේ සියල්ලට ම වඩා ඉහල වේග වලින් යුත් අන්තර්ජාල ප්‍රවේශයක් ලබාගතහැකි වේ.
ඔබට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට සම්බන්ද වීම ඉතා පහසු වීම mobile broadband සබඳතාවයක ඇති සුවිශේෂීම ලක්ෂණය ලෙස දැක්විය හැකි අතර mobile broadband modem (internet dongle) එකක් භාවිතා කර අවශ්‍ය ඕනෑම පරිගනකයක් හරහා ඉතා පහසුවෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාගතහැකි වීම ද තවත් එක් වාසියකි.

DSL internet

DSL යන්නෙන් නිරූපනය වන්නේ Digital Subscriber Line යන්නයි. නමුත් අපට වඩාත් හුරු පුරුදු වචයන වන්නේ DSL නොව ADSL ය. ADSL යනු DSL තාක්ෂණයේම එක්තරා ප්‍රවර්ගයක් (category) වන අතර මෙහි A අක්ෂරයෙන් Asymmetric යන්න නිරූපනය කරයි
Asymmetric යන වචනයෙන් අසමමිතිකයන අර්ථය නිරූපනය කරන අතර ADSL යනු සැබැවින්ම අසමමිතික DSL සබඳතාවයකි. එනම් DSL සබඳතා තුල දත්ත download වෙගයත් upload වේගයත්  සමාන අගයක පැවතුනත් ADSL සබඳතාවයක දත්ත download සහ upload වේගයන් අතර විශාල පරතරයක් ඇත. බොහෝ විට ADSL සබඳතාවයක දත්ත download වේගය ඉතා ඉහල අගයක් ගන්නා අතර upload වේගය සාපේක්ෂව පහල මට්ටමක පවතී..

කෙසේ වෙතත් පෙර සඳහන් කල mobile broadband වලට වඩා ADSL සබඳතාවයක සුවිශේෂී ගුනාංග කිහිපයකුත් දැකගත හැක. ඉන් ප්‍රධානතම කරුණ වන්නේ ඔබේ ADSL සබඳතාවය ඔබට ලැබෙන්නේ ඔබටම අනන්‍ය වූ රැහැනකින් වීමයි. එනම් සෑම ADSL පාරිබෝගිකයෙකු ම වෙන් වෙන් වූ රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) වෙත සම්බන්ද වේ. මේ නිසා කොපමන පරිශීලකයින් පිරිසක් එකවර සම්බන්ධ වුවත් ඔබේ සබඳතාවයේ වේගය අඩු වීමක් සිදු නොවේ.
ජංගම දුරකතන ජාල තුලත් මේ වනවිට ඉතා විශාල පරිශීලකයින් පිරිසකට එකවර සම්බන්ධ වීමේ හැකියාව ලබාදී තිබුනත් න්‍යායාත්මකව පරිශීලකයින් ක්‍රමයෙන් වැඩි වනවිට එම ජාල අකාර්‍යක්ෂම වීමට ඉඩ ඇත.වර්ෂාව, මීදුම වැනි පාරිසරික හේතු නිසා සබඳතාවය අකර්මන්‍ය නොවීමම, ඉතාමත් පහසුවෙන් විශාල පරිගනක ප්‍රමාණයකට වුවත් එකවර සබඳතාවය ලබාදීමේ හැකියාවම, ස්ථාවරත්වය, mobile broadband සබඳතාවයකට වඩා වැඩි සහ ස්‍ථාවර සන්නිවේදන වේගයක් පවත්වාගැනීම වැනි කරුණු ADSL සබඳතාවයක ඇති විශේෂතා ලෙස හඳුන්වා දිය හැක.


වෙනත් broadband internet සබඳතා වර්ග



T1 Connection


T1 යනු ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවුනත් broadband ක්‍රමයට අන්තර්ජාල සබඳතාවයක් ලබාගතහැකි තාක්ෂණික ක්‍රමවේදයකි. එක T1 line එකක් තුල 64kbps වේගයක් සහිත channels 24ක් ඇති අතර මෙම සියළුම channels එක්ව භාවිතා කරන විට 1.5Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් ලබාගතහැක.


Satellite Internet



මෙයත් ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත ක්‍රමවේදයක් නොවේ. නමුත් මුහුදු යාත්‍රා, කාන්තාර ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ වැනි ADSL, mobile broadband හෝ T1 සබඳතාවයක් ලබාගැනීමට නොහැකි ප්‍රදේශ වෙත අන්තර්ජාල පහසුකම ලබාගැනීමට satellite internet ප්‍රයෝජනවත් වේ.
මෙම T1 සහ satellite internet සබඳතා ADSL සහ mobile broadband වලට වඩා තරමක් මිල අධික බවද මෙහිදී ඔබට සිහිපත් කළයුතුය.
මීට අමතරව තවත් විවිධ වර්ගයේ broadband සබඳතා ලොව පුරා සුවහසක් පරිගනක පරිශීලකයින්ගේ කාර්‍යයන් පහසු කිරීමෙහි ලා ක්‍රියාත්මකවේ.



ශ්‍රී ලංකාවට බ්‍රෝඩ්බෑන්ඩ් තාක්‍ෂණය හඳුන්වාදීමේ පුරෝගාමියා වන මෙරට ජාතික සන්නිවේදන සහකරු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ වන විට සිය ස්‌ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වෙත 300,000 කට වැඩි පාරිභෝගික පිරිසක්‌ සම්බන්ධ කරගෙන සිටී. එසේම මෙරට මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව භාවිතය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම් සැපයුම්කරු වශයෙන් සමාගම ඉතා වැදගත් මෙන්ම විශාල දායකත්වයක්‌ ලබාදෙන ලදී. පාරිභෝගිකයන් සඳහා විශිෂ්ට තත්ත්වයේ සේවාවක්‌ ලබාදෙමින් පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවෙහි අගය ඉහළ නැංවීමට කටයුතු කරන ලදී. පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව නිවැරදි අවබෝධයෙන් හා වගකීමෙන් සේවාව ලබාදීම නිසා පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමටත් සේවාව භාවිත කරන පාරිභෝගිකයන් රඳවාගැනීමටත් මෙන්ම සේවාව දීප ව්‍යාප්තව ප්‍රචලිත කිරීමටත් හැකියාව ලැබිණි.
සියලු දෙනාට දැරියහැකි මිලට සේවා සැපයීමේ සිය දැක්‌ම අනුව යමින් 2012 ජනවාරි මාසයේ සිට රාත්‍රී කාලය (කාර්යබහුල නොවන) සඳහා ශ්‍රී ලංකාවේ පළමු වතාවට නොමිලේ දත්ත ධාරිතාවයක්‌ හඳුන්වාදුන් අතර ඒ අනුව පාරිභෝගිකයාට 1GB සිට 100GB දක්‌වා අමතර දත්ත නොමිලේ ලබාදෙන ලදී.

එකම සම්බන්ධතාවක්‌ තුළින් අසමසම සේවාවන් 3ක්‌ ලබාදෙමින් එක්‌ සේවාවක්‌ (දුරකථන පමණක්‌), ද්විත්ව සේවාවක්‌ (දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ්/Peo TV) සහ සේවා ත්‍රිත්වයක්‌ (දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සහ Peo TV) සේවාවන් සමගින් හඳුන්වාදී ඇති SLT මෙගාලයින් සම්බන්ධතාවය නිර්මාණය කිරීම සඳහා මෙම බ්‍රෝඩ්බෑන්ඩ් තාක්‍ෂණය, සමාගම විසින් එතෙක්‌ පවත්වාගෙන එන ලද සේවාවන් හා සහසම්බන්ධ කරන ලදී. ශ්‍රී ලංකා ටෙලිකොම්හි අන්තර්ජාල ක්‍රියාකාරීත්වය සහිත Peo TV සේවාව මගින් පාරිභෝගිකයන්ට දේශීය සහ ජාත්‍යන්තර නාලිකා ඔස්‌සේ ප්‍රවෘත්ති සහ විනෝදය ඇතුළු බොහෝ දේ අත්විඳීමේ හැකියාව අතේ දුරින් ලබාදෙන අතර එමගින් ඩිජිටල් තත්ත්වයේ රූපරාමු කාලය වෙනස්‌කර බැලීමේ (Time Shifted TV) සහ නැවත බැලීමේ හැකියාව (Rewind TV) මෙන්ම සජීවී රූපරාමු තාවකාලිකව නැවැත්වීමේ හැකියාව (Pause) සමගින් චිත්‍රපට සංගීත වැඩසටහන් සහ අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු බොහෝ දේ ඉල්ලුම් කර නැරඹීමේ හැකියාව ද ලබාදෙයි.


මේ වන විට සමාගම හඳුන්වාදී ඇති සේවාවන් තුළින් විද්යුත් වාණිජ්‍ය කටයුතු (e-commerce), විද්යුත් මාධ්‍යය ඔස්‌සේ සිදුකරන අධ්‍යාපනික ක්‍රමවේදයන් (e-education), විද්යුත් මාධ්‍යයන් ඔස්‌සේ සිදුකරන පරිපාලනය (e-governance), සන්නිවේදන ක්‍රමවේදයන් තුළින් ලබා දෙන වෛද්‍ය සේවාවන් (Tele Medicine), වැනි ඉදිරි පරපුරේ සේවා තුළින් මිලියන ගණනක්‌ වූ පුරවැසියන් වෙත වැඩිදියුණු කරන ලද හැකියාවන් පාලනය සහ ප්‍රතිලාභ රැසක්‌ සමගින් අන්තර්ජාල සේවා රැසක්‌ අත්විඳීමට අවකාශ සැලසේ.

ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රධානතම සේවාවක්‌ වන "SLT බ්‍රෝඩ්බෑන්ඩ්" සඳහා පාරිභෝගිකයන් උනන්දු කරවමින් Home/Office WiFi මගින් රැහැන් රහිත අන්තර්ජාල ප්‍රවේශයට අවකාශ ලබාදෙන ලදී. ලොව පුරා ඇති විශිෂ්ට තත්ත්වයේ විදුලි සංදේශ සංවර්ධන ක්‍රම ග්‍රහණය කරගැනීම සහ යෙදවීම තුළින් වඩාත් අත්‍යවශ්‍ය වර්ධිත සේවාවන් සැපයීමට සමාගම ඉතා විශිෂ්ට මෙහෙවරක යෙදෙයි. සමාජ ජාල (Social Media) මේ වන විට ගෝලීය වශයෙන් ශක්‌තිමත් සන්නිවේදන පදනමක්‌ නිර්මාණය කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ මිලියනයකට වැඩි ක්‍රියාකාරී (Facebook) ග්‍රාහක පිරිසක්‌ සිටියි. එසේම WiFi ක්‍රියාකාරී ස්‌මාර්ට්‌ ෆෝන් සහ ස්‌මාර්ට්‌ ටැම් පාරිභෝගිකයන්ගෙන් සැලකිය යුතු පරිදි WiFi සඳහා ඉල්ලුමක්‌ පවතින අතර සමාගම මේ වර්ධනය වෙමින් පවතින වෙළඳපළ කෙරෙහි අවධානය යොමු කර තිබේ.


ශ්‍රිත ග්‍රන්ථ

අදිකාරම්චතුර . 2010, ලොව යාකරන තාක්‍ෂණික පෙරළියසෙරන්ඩිබ් සඟරාව.

මධුභාෂිK’" ජී.ටී. (2008) " අන්තර්ජාලය හා සංවර්ධනයතරංග ප‍්‍රකාශකයෝශ්‍රී ජයවර්ධනපුර මාවත,රතුපස්වලමුදුන්ගොඩ.

පෙරේරා,එස්. එච්. අන්තර්ජාලයට මුහුණු 2යිදිවයින

දිසානායකචන්දිමා.  විජය පරිගණක, 9වන වෙළුම, 3 වන කලාපය,දෙසැම්බර්.


www.google.lk
si.wikipedia.org
www.dinamina.lk
Sinhala.news.lk
www.sasritha.com


AR/64787

AF/6485

Chinthani Kavindya Galagedara





1 comment: