Saturday, February 7, 2015


ඇන්ඩ්‍රොයිඩ්ඳුනාගනිමු





ජංගම දුරකතනය යන්න වර්තමානයේ ඉතාම සාමාන්‍ය උපකරණයක් බවට පත් වී ඇති අතර ජංගම දුරකතනයක් භාවිත කිරීම මේ වන විට අතිශය සුලභ කාරණයකි. 1948 රොබට් හෙයින්ලයින් විසින් රචිත විද්‍යා ප‍්‍රබන්ධ කතාවක දුරකතනයට සමාන උපකරණයක් මගින් ඇමතුම් ලබා ගන්නා අවස්ථාවක් දක්නට ලැබේ. ඉන් වසර 10 කට පසුව ආතර් සී. ක්ලාක් විසින් සෑම මිනිසෙක්ම එකට සම්බන්ධ කරන කුඩා සංයුක්ත පෞද්ගලික ටියුනර් යන්ත‍්‍රයක් ගෙන ඒමේ අරමුණින් මෙසේ ලිවීය.

පුද්ගලයන් ගණනාවක් ඇමතීමෙන් හුදෙක්  ඕනෑම තැනක පෘථිවිය මත පුද්ගලයෙකු කැඳවීමට හැකි කාලය පැමිණ ඇත.

1973 මාර්ටින් කූපර් විසින් නිර්මාණය කරන ලද brick phone වර්තමාන ජංගම දුරකතනයේ මුල් ආකෘතිය වේ. 1980 දශකයෙන් පසු ජංගම දුරකතන ලෝකය පුරා වාණිජ වශයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වේ. ලොව පළමු වාණිජ ස්වයංකී‍්‍රය දුරකතන ජාලය 1981දී NTT සමාගම විසින් ජපානයේ ආරම්භ කරන ලදී. ජංගම දුරකතන වල ආගමනය අනුව ඒවා වර්ගීකරණය වේ.
පළමු පරම්පරාව එනම් 1G තාක්‍ෂණයේ ජංගම දුරකතන analog තාක්‍ෂණය මගින් කි‍්‍රයාත්මක කෙරිණි. ස්ථාන කිහිපයක පදනම් මධ්‍යස්ථාන (base stations) හරහා තෝරාගත් භූගෝලීය කලාපයක් ආවරණය වන පරිදි  රැහැන් රහිත ජාලයක් හරහා radio තාක්‍ෂණයෙන් සන්නිවේදනය කිරීම මෙහිදී සිදුවිය.
ජංගම දුරකතන වර්තමානයේ අතිශය සුලභ සන්නිවේදන උපකරණයක් වුවද  ප්‍රථමයෙන් ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් වන වෙළෙඳ දැන්වීමක් ඉදිරිපත්වන්නේ 1989 වසරේ දී ය. එනම් මීට වසර 25 කට ඉහත දී ය.

1980 දශකය අගභාගය වන විට දෙවන පරම්පරාව එනම් 2G තාක්‍ෂණය ආරම්භ වේ. එහි ප‍්‍රධාන වෙනස වූයේ digital තාක්‍ෂණය ආරම්භ වීමයි. මේ සමග ජංගම දුරකතනයට නවාංග එකතුවේ.Texting හෙවත් කෙටි පණිවිඩ යැවීමේ හැකියාව ලැබීම සුවිශේෂී ලක්‍ෂණයකි. ජංගම දුරකතනවල බැටරිය කුඩාවීම, සැලකිය යුතු මට්ටමකින් මිල අඩු වීම, ජංගම දුරකතනය සාමාන්‍ය ජනතාව අතර ජනපි‍්‍රය වීම මේ යුගයේ සිදු වූ ප‍්‍රවර්ධනයන් වේ.


මෙයින් වසර 10කට පසුව එනම් 2001දී තුන්වන පරම්පරාව හෙවත් 3G යුගය ආරම්භවේ. මෙහිදී රැහැන් රහිත ජංගම දුරකතන ජාල වල සන්නිවේදනය වේගවත් කිරීම සඳහා fiber optic cables  භාවිතයට පැමිණේ. ජංගම දුරකතන තුලට අන්තර්ජාලය එක් වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. Multimedia massage තාක්‍ෂණය, ජංගම දුරකතනයේ හැඩය වෙනස්වීම, ස්පර්ශක තිර (touch screen) ආරම්භ වීම, පරිගණක යතුරු පුවරුව (Qwerty key board) ජංගම දුරකතනයට යොදා ගැනීම මෙම යුගයේ ඇති වූ විශේෂ වර්ධනීය අවස්ථා වේ.
2010න් පසු එළඹෙන්නේ 4G හෙවත් සිව්වන පරම්පරාවයි. ඇමරිකාවේ sprint හා apple සමාගම් පලමු වරට 4G තාක්‍ෂණය ලොවට හඳුන්වා දෙයි. මෙහි සුවිශේෂී ලක්‍ෂණයක් ලෙස රැහැන් රහිත අන්තර්ජාල සබඳතාව(wireless internet) පෙන්වා දිය හැකිය. 4G තාක්‍ෂණය මගින් video screeming හැකියාව ලැබුණි.
දෙවන පරම්පරාවේ සිට සිව්වන පරම්පරාව දක්වා ජංගම දුරකතන ආගමනයේදී දත්ත සේවාවන්හි විශාල වර්ධනයක් ලබා තිබේ. GSM, GPRS, EDGE, 3G, HSDPA, HSUPA, HSPA+ වැනි දත්ත ක‍්‍රම අතරට 4G තාක්‍ෂණය පැමිණේ. මේවන තුරු voice හා data වෙනවෙනම පැවතීම වෙනුවට 4G  තාක්‍ෂණයේදී සියල්ල data මතට ගෙනයයි.
විවිධ උපකරණ මගින් එකවර ජාලගත වීමේ හැකියාව මෙම තාක්‍ෂණයෙන් ලැබේ. (dongle, wifi..)අන්තර්ජාලගත වීමේ වේගය වැඩිවීම මේ හේතුවෙන් පාරිභෝගිකයාට ලැබෙන වාසියකි.
මේ ආකාරයෙන් ජංගම දුරකතන තාක්‍ෂණය යනු ඉතා සීඝ‍්‍රයෙන් වැඩි දියුණු වූවකි. ජංගම දුරකතනය යන්න වර්තමානය වන විට මිනිසාගේ දෛනික කටයුතු පෞද්ගලික කටයුතු තීරණය කරන අත්‍යාවශ්‍ය උපාංගයක් බවට පත් වී තිබේ. වර්තමානයේ ජංගම දුරකතන තරම් වේගයෙන් තාක්‍ෂණය දියුණු වන වෙනත් උපකරණයක් නැති තරම් වෙයි.  කෙටිම කාලයක් තුල වැඩිම ව්‍යාප්තියක් ඇති කරගත් සන්නිවේදන උපකරණය වන්නේද ජංගම දුරකතනයයි. අන්තර්ජාතික විදුලි සංදේශ සංගමයේ වෙබ් අඩවියට අනුව ආදායම් විෂමතාව යන සාධකය සෑම විද්‍යුත් උපකරණයක් කෙරෙහිම බලපාන ලදී. සන්නිවේදන උපකරණ පාවිච්චි කිරීම කෙරෙහිද එය එසේම විය. එහෙත් ජංගම දුරකතන ව්‍යාප්තියට ආදායම් විෂමතාව බලපෑමක් නොකරයි. ඒ තරමට ජංගම දුරකතන පුද්ගල ජීවිතයට බද්ධ වී තිබේ.

මෑතක් වන තුරුම ලෝකයේ ජංගම දුරකතන ජනප්‍රිය වූයේ ඒවායේ වෙළද නාමයෙනි. එය එසේ වුවත් වර්තමානය වන විට ‘ඇන්ඩ්‍රොයිඩ්‘ යන්න ඉදිරියට පැමිණ තිබේ. 
ඇන්ඩ්‍රොයිඩ් යනු ලිනක්ස් (Linux) නම් පරිගණක මෙහෙයුම් පද්ධතිය පදනම් කරගනිමින් ජාවා නම් ක්‍රමලේඛණ භාෂාව (JAVA Programming Language) හරහා නිර්මාණය කරගත් ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියකි (Operating System). මෙහෙයුම් පද්ධතියක් යනු යම් විද්‍යුත් උපාංගයක් සතු සම්පත්  මනාව කළමණාකරණය පරිශීලකයන් (Users) ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් (interface) සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක්  ඇතුලත් විය හැකි උපාංග අතර පුද්ගලික පරිගණක (PC) , ජංගම දුරකතන (Mobile Phones) , සංගීත ධාවක (MP3 Players)  , ක්‍රීඩා කොන්සෝල (Gaming Console) , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර  හා රූපවාහිනී වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන උපාංග පෙන්වා දැක්විය හැක.

කැලිෆෝර්නියාවේ පාලෝ ඇල්ටෝ හිදී ඇන්ඩි රූබින්, රිච් මයිනර්, නික් සියර්ස් සහ ක්‍රිස් වයිට් විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම  2003 වසරේදී ආරම්භ කරන ලදී. ඩිජිටල් කැමරා සඳහා මෙහෙයුම් පද්ධතියක් වර්ධනය කිරීම මෙම සමාගමේ බලාපොරොත්තුව විය. නමුත් කැමරා සඳහා ඇති වෙළෙඳ ‍පොළ එතරම් පුළුල් නොමැති බැව් තේරුම් ගැනීමෙන් පසු ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන සඳහා වූ සිම්බියන් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති හා තරග කළ හැකි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්නට ඔවුහු තීරණය කළහ. ඒ වන විට ඇපල් සමාගමේ ජංගම දුරකතන වෙළෙඳ පළට ඉදිරිපත්කොට තිබුණේ නැත. නමුත් තමා නිර්මාණය කරනා මෘදුකාංගය රහසක් වශයෙන් තබා ගත්හ. ඔවුන් පවසා සිටියේ ජංගම දුරකතන සඳහා මෙහෙයුම් පද්ධතියක් වර්ධනය කරනා බව පමණකි. නමුත් සිය ව්‍යාපෘතිය සිදුකරගෙන යන අතරතුරදී ඔවුන්ට මූල්‍ය අර්බුදයකට ඇතිවූ හෙයින් 2005 අගෝස්තු 17 වැනිදා ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් මිලට ගනු ලැබිණි.

පද්ධතියක් රූබින්ගේ ප්‍රධානත්වයෙන් යුක්ත කණ්ඩායමක් විසින් ගූගල් සමාගමේදී වර්ධනය කළහ. මෙය මාධ්‍යවලින් ප්‍රචාරය වූයේ ගූගල් සමාගම තමාගේම මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරතකතන මාදිලියක් හඳුන්වා දෙන්නට සැරසෙන බවය. 2007 නොවැම්බර් 5 වැනිදා HTC, Sony, Samsung යන දුරකතන නිෂ්පාදන සමාගම් sprint Nextel  හා T-mobile යන සන්නිවේදන සමාගම් හා kwelcom හා Texas instrument  යන චිප් නිෂ්පාදන සමාගම් සමග එකතුවී විවෘත ජංගම දුරකතන සන්ධානය නමින් සංගමයක් පිහිටුවාගෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සමඟ එක්වන්නට එකඟතාවය පළකළහ.මේ එකමුතුවේ අරමුණ වූයේ ජංගම දුරකතන සඳහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි. ඒ අනුව ශක්තිමක් කණ්ඩායමක් ලෙස සම්මතයන් සකස් කරමින් දුරකථන නිෂ්පාදකයන් , දුරකථන සේවා දායකයන් හා දුරකථන පරිශිලකයින් අවශ්‍යතා සපුරාලමින් වඩාත් ඵලදායි සහ ආකර්ෂණිය මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය විය.මේ අනුව 2008 ඔක්තෝම්බර් 22 දා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ලොව ප්‍රථම දුරකතනය HTC dream නම්න්  වෙළෙ‍ඳපොළට නිකුත් කෙරිණි.මීට අමතරව ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කරමින් ටැබ්ලට් වර්ගයේ පරිගණක හඳුන්වා දුන් අතර ඒවා Nexus ලෙස හඳුන්වයි.  ඉන් අනතුරුව දිගින් දිගටම විවිධ යාවත්කාලීනයන් සිදුවෙමින් පවතී. අදටත් එය එලෙසම පවත්වාගෙන යාම නිසා ඉදිරියේදීත් ලොව ජනප්‍රියම ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස තම කිරුළ රැක ගැනීමට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට අපහසු කරුණක් නොවනු ඇත.
ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් (versions) නිකුත් කරනු ලැබූවේ ද විශේෂ ආකාරයකිනි. පලමු හා දෙවන සංස්කරණයන් ඇල්ෆා සහ බීටා ලෙස නිකුත් වූවත් ඊට පසු නිකුත් වූ සංස්කරණයන් සියල්ල විවිධ ආහාර වර්ගවල නම්වලින් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට අනුව නම් කෙරිණි.
1.1                       ඇල්ෆා                    Alfa
1.2                       බීටා                        Beta
1.5               කප් කේක්               Cup cake
1.6               ඩෝනට්                  Donut
2.0,2.1         එක්ලෙයාර්              Eclair
2.2               ෆ්රෝයෝ                Frozen yogurt
2.3               ජින්ජර් බ්රෙඩ්          Ginger bread
3.0,3.1,3.2   හනි කොම්බ්            Honey comb
4.0               අයිස්ක්‍රීම් සැන්ඩ්විච්  Ice cream sandwich
4.1,4.2,4.3   ජෙලි බීන්                Jelly been
4.4               කිට් කැට්                 Kitkat
5.0               ලොලි පොප්            Lollipop














මූලික වශයෙන් ස්පර්ශක තිර (touch screen) භාවිත කරමින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ජංගම දුරකතන වලට සහ ටැබ්ලට් නමින් හඳුන්වනු ලබන කුඩා පරිගණක සඳහා දත්ත සහ විධාන ලබා දීම සිදු කෙරේ. තව ද ගූගල් සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ ක්‍රෝම්බුක් (chrome book) නැමැති ලැප්ටොප් පරිගණකය හා ස්මාර්ට් වර්ගයේ අත් ඔරලෝසු (smart watch) තුළ ද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත වේ. ඉදිරියේදී මොටර් රථ වාහන සඳහා ද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යොදාගැනීමේ සැලසුමක් ඇත.











2008 වර්ෂයේදී  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකතනය  වෙළඳ පොළට නිකුත් විය. ඒ වනවිට නොකියා (Nokia) සමාගම ස්මාර්ට් ජංගම දුරකථන වෙ‍ළෙඳපොළෙහි විශාල ප්‍රසිද්ධියක් ලබා තිබුණි. එකල ස්මාර්ට් ජංගම දුරකථන සඳහා යොදා ගනු ලැබුවේ සිම්බියන් (symbian) නැමැති මෙහෙයුම් පද්ධතියයි.  අද වන විට සිම්බියන් මෙහෙයුම් පද්ධතියේ භාවිතය පහතවැටී ඇති අතර එම වෙළඳ පොළ ආධිපත්‍ය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සතු කරගෙන ඇත. ඇපල් සමාගම තම ඇපල් අයි-‍ෆෝන් (iPhone) සඳහා නිර්මාණය කළ ඇපල් අයි.ඕ.එස් (IOS) හා මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම විසින් ස්මාර්ට් ජංගම උපාංග සඳහා ම නිර්මාණය කළ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දෙවනි සහ තුන්වැනි ස්ථාන වල සිටිති.අද වන විට වින්ඩෝස් දුරකතන හා ඇපල් මෙහෙයුම් පද්ධතිය සහිත ඒවායේ අලෙවිය මිලියන 250කට මදක් වැඩි වනවිට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ජංගම දුරකතනවල අළෙවිය මිලියන 1000 ඉක්මවයි.  

ඕනෑම පුද්ගලයකුට සමාගමකට නොමිලේම භාවිතා කළ හැකි වීම   ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලොව පුරා ප්‍රචලිත වීමට විශේෂ හේතුවක් විය. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය විවෘත කේතවලින් (open source) යුක්ත වන බැවින් මෙය ඕනෑම මෘදුකාංග නිර්මාණ ශිල්පියෙකුට තමාට අවශ්‍ය පරිදි වෙනස්කම්වලට බඳුන් කොට භාවිතයට ගැනීමේ නිදහස තිබේ. එම නිදහස නිසා ජංගම දුරකථන නිෂ්පාදනය කරන සමාගම් තමන්ගේ ජංගම දුරකථන සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යොදා ගැනීමට උත්සුක විය. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා ස්ථාපනය කළ හැකි විවිධ මෘදුකාංග (apps) නිර්මාණය කරන්නන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දිනඉහළයයි. ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග (apps) සඳහා වූ නිල වෙබ් අඩවිට වන ගූගල් ප්ලේ’ (Google Play) වෙතින් මෙතෙක් මෘදුකාංග ලබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව බිලියන 100 ද ඉක්මවයි.

   ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාපකයින් මෙම වෙළෙදපල තුලින් තම මෘදුකාංග නිෂ්පාදන ගැනුම්කරුවන් (ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. මෙම ඇන්ඩ්‍රොයිඩ් වෙළෙදපල 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ගන්නා ලදී. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබුණි. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම යාවත්කාලීන කරගත යුතුය.

විනෝදාස්වාද කටයුතු සදහා මෙන්ම ව්‍යාපාරික කටයුතු සහ පෞද්ගලික කරුණු කාරණා කෙරෙහිද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහය දක්වයි.  තමන්ගේ ටැබ්ලට් පරිගණකය හෝ ජංගම දුරකථනය ඔස්සේ ව්‍යාපාර ස්ථානයේ ආරක්ෂක පද්ධතිය පාලනය කිරිමට ද තමන්ගේ ව්‍යාපාරික දත්ත ගබඩා කිරීම සහ ගිණුම් කටයුතු සිදුකිරීමට සහ බැංකු කටයුතු සිදුකිරීමේ හැකියාව ඇත. එමෙන්ම තමන්ගේ සිරුරෙහි විවිධ රෝග සොයාගැනීම තමන්ගේ සෞඛ්‍යය තත්වය පරික්ෂා කර බැලීම වැනි විවිධ කටයුතු සහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යොදා ගැනේ.

 සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා නිපදවන ලද දුවන විට හදවතේ ස්පන්දනය මැනීම, පුද්ගලයෙකුගේ නිදාගන්නා ප්‍රමාණය මැනීම හා වන පළඳනා වල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් 2013 වසරේදී අඩු වීම නිසා ඒ පිලිබඳ මහජන ආකර්ෂණය මේ වසරේදී වැඩි කිරීම සහා Apple, Samsung සහ Sony යන සමාගම් smart watch නම් smart phone  සමඟ සමකාලිකව (synchronized) ක්‍රියා කරන ඔරලෝසුවක් හඳුන්වාදීමටද  සැළසුම් කරයි.

        ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යොදා ගන්නා ජංගම දුරකතන මාදිලි කිහිපයක්ම ඇත. ඒ අතර Motorola, HTC, Samsung, LG, Acer, Asus, සහ Sony යනු ඒවාගෙන් ප්‍රධාන තැනක් ලබා ගන්නා කිහිපයකි. මේ වන විටත් ලෝකයේ ස්මාට් දුරකතන වලින් 81%ක්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකත බව  සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. Samsung දුරකතන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන වර්ග අතර ප්‍රමුඛස්ථානයේ පසුවේ. 2013 මාර්තුවන විට එය වෙළෙඳපලින් 64%ක් අත්පත්කරගෙන තිබිණි. 2013 මැයි මාසය වන විට මිලියන 900ක් වූ ඇන්ඩ්‍රොයිඩ් උපකරණ වෙළෙඳපලේ තිබුණු අතර ඇන්ඩ්‍රොයිඩ් වෙනුවෙන් වූ අතිරේක මෘදුකාංග බිලියන 48ක් තිබිණි.
 දැනට තිබෙන බොහෝ දුරකථනවල ස්පර්ෂක තිර (touch screen) යොදා ගැනෙන අතර කියවන පොත දෑස් මගින් ඉහල පහල කිරීමේ තාක්ෂණයක්ද මේ වනවිට හදුන්වා දී තිබේ. video cameras, GPS, hardware orientation sensors, dedicated gaming controls, accelerometers, gyroscopes, barometers, magnetometers, proximity sensors, pressure sensors, and thermometers සහ touch screens පද්ධති බහුලව ඇන්ඩ්‍රොයිඩ් දුරකතන තුළ දැකිය හැකි වේ. අවම ලෙස බැටරි පරිහරණය සහ අවම මතක ගබඩාවක් ‍සඳහා තාක්ෂණයද තිරය කැමති අතට ස්වයංක්‍රීයව හැරවීමේ තාක්ෂණයද පාරිභෝගිකයාට ලැබේ.
ඇමරිකාවේ වෙළෙපොළ ගවේෂණ ආයතනයක් වන NPD ආයතනයට අනුව 2010 වසරේ මැයි මාසය වන විට ඇමරිකාව තුල iphone ජංගම දුරකතන අලෙවියට වඩා ගූගල් හී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සහිත ජංගම දුරකතන අලෙවිය වැඩිවී තිබේ. ඇමරිකාවේ ස්මාර්ට් දුරකතන වෙළෙපොළන් 28%ක කොටසක් ගූගල් සමාගම හිමි කර ගැනීමට සමත් වී සිටින අතර ඇපල් සමාගමට හිමිවී ඇත්තේ 21%ක් පමණයි.කෙටි කාලයක් තුළ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන මෙතරම් ජනප්‍රිය වීම ගූගල් සමාගමේ විශාල ජයග්‍රහණයකි. ලොව ප්‍රමුඛ පෙලේ ජංගම දුරකතන  වන HTC, Sony, Samsung, Motorola ජංගම දුරකතන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියා කිරීමේ හැකියාවත්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම විවෘත හා නිදහස් මෘදුකාංගයක් වීමත්, ඇන්ඩ්‍රොයිඩ් සදහා ඇප්ලිකේශන් පැකේජ ඕනෑම මෙහෙයුම් පද්ධතියක නිර්මාණය කිරීමේ හැකියාවත් මේ සාර්ථකත්වයට හේතු වී තිබේ.

වර්තමානය වනවිට එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට ආධාරයක් ලෙස මහජනයා වැඩි වැඩියෙන් mobile apps වැළඳගැනීමට ඇති ප්‍රවණතාවය වැඩි වී තිබේ. HTML 5 තුළින් Java script වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වීම නිසා නව apps නිර්මාණය කිරීම තවත් පහසු වී ඇත. Android, iPhone වශයෙන් වෙන් වෙන්ව නොව පොදුවේ එක් app එකක් නිර්මාණය කිරීමේ හැකියාව නිසා HTML 5 බොහෝ සෙයින් ජනප්‍රිය වේ යැයි අපේක්ෂා කෙරේ.





ශ්‍රිත ග්‍රන්ථ
දිකාරම්චතුර . 2010, ලොව යාකරන තාක්‍ෂණික පෙරළියසෙරන්ඩිබ් සඟරාව.

කුමාරදර්ශන අශෝක. (2009), වත්මන් මාධ්‍ය අධ්‍යයන ප‍්‍රවනතාඑස් ගොඩගේ සහ සහෝදරයෝ,කොළඔ 10

මධුභාෂිK’" ජී.ටී. (2008) " අන්තර්ජාලය හා සංවර්ධනයතරංග ප‍්‍රකාශකයෝශ්‍රී ජයවර්ධනපුර මාවත,රතුපස්වලමුදුන්ගොඩ.

ෙස්නානායක, ලිහිණි. 2014 තාක්ෂණික ප්‍රවණතා

www.google.lk
si.wikipedia.org
worldbeyondworld.blogspot.com
cybereye.blogspot.com


AR/64797
AF/09/6495

D.M.G.N.Gunarathna

No comments:

Post a Comment