Friday, February 6, 2015

ජංගම දුරකථන භාවිතය, පාසල් සිසුන්ගේ අධ්‍යපනය කෙරේ බලපෑමක් ඇති කරයි.


ජංගම දුරකථන  භාවිතය, පාසල් සිසුන්ගේ ධ්‍යාපනය  කෙරේ බලපෑමක් ඇති  කරයි. 



           ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් දුරකථනය සොයා ගන්නා ලදි.දුරකථනය ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රථිඵලයක් ලෙස ජංගම දුරකථනය බිහි වී ඇත.එදිනෙදා කටයුතුවලදි  ජංගම් දුරකථනය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන අතර ,පහසුවෙන් රැගෙන යා හැකි සරල සැහැල්ලු උපකරනයකි.  


                 90 දශකය ආරම්භයේ දී පමණ ලංකවට ජංගම දුරකථන හදුන්වා දී තිබේ.ජංගම දුරකථන සුපිරි සන්නීවේදන මෙවලමක් බවට පත් වී ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වී රට අභ්‍යන්තරයේ නගර දක්වා ව්‍යාප්ත විය.වර්තමනය වන විට තරුණ, වැඩිහිටි, ස්ත්‍රී, පුරුෂ භේදයකි තොරව බෝහෝ දෙනෙක් ජංගම දුරකථන භාවිතා කරනු ලබයි.   

                 ජංගම දුරකථනයේ ආගමනයත්  සමඟ පාසල් ළමුන් එය බහුලව භාවිතා කිරිම හේතුවෙන් ඔහුන්ට එය අහිත කර අන්දමින් බලපෑ අවස්ථා මෑත ඉතිහාසය දෙස බලන විට පැහැදිලි වනු ඇත.පාසල් යන වයසේ දරුවන් දුරකථන භාවිතා කිරිමට පෙළඹීමත් සමඟ ප්‍රේම සබඳතා ඇති කර ගැනිම ,නොමනා හැසිරිම් ආදියට යොමු වීම,සියදිවි නසා ගැනිම් පවා සිදු වන්නේ පාසල් ළමුන් වැඩි වශයෙන් දුරකථන භාවිතයට පෙළඹීමත් සමඟ ය.    
  
                    පාසල් සිසුන්ගෙන් වැඩි පිරිසක් දුරකථන භාවිතා කරනුයේ තමන් ලඟ මිල අධික වටිනා ෆෝන් එකක් තිබෙන බව අනිත් අයට පෙන්විමටත්,ජංගම දුරකථනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනිමටත් ,දුරකථන සම්බන්ධයෙන් මනා දැනුමක් අවබෝධයක් තිබේන අයෙක් ලෙස සමාජය ඉදිරියේ කැපී පෙනීමට බොළඳ උත්සහයක් දරන බව වර්ථමාන පාසල් ළමුන්ගේ සමජ වටපිටාව දෙස බලන විට අවබෝධ වනු ඇත.                             
               පාසැල් සිසුන් අතුරින් උසස් පෙළ හදාරන සිසුන්ගෙන් වැඩි පිරිසක් විසින් ජංගම දුරකථන භාවිතා කරයි.පාසල තුලට ජංගම දුරකථන රැගෙන යාම තහනම් වන නමුත් අමතර පන්ති වලට සහභාගි වන උසස් පෙළ සිසුන්ගෙන් වැඩි පිරිසකට ජංගම දුරකථනයක් ඇත.පාසැල් සිසුන් අතුරින් උසස් පෙළ හදාරන සිසුන්ගෙන් වැඩි පිරිසක් විසින් ජංගම දුරකථන භාවිතා කරයි.පාසල තුලට ජංගම දුරකථන රැගෙන යාම තහනම් වන නමුත් අමතර පන්ති වලට සහභාගි වන උසස් පෙළ සිසුන්ගෙන් වැඩි පිරිසකට ජංගම දුරකථනයක් ඇත.
                                                                           
                  පාඩම් කළ යුතු කාලය තුලදී දුරකථනය භාවිතා කරමින් අන්තර් ජාලයේ සැරිසැරීමටත්, කෙටි පණිවුඩි යැවීමට, දුරකථන භාවිතා කරමින් විවිධ ක්‍රීඩාවන් කිරිමටත්,වීඩියෝ දර්ශන පටිගත කිරිම යනාදී කාර්යයන් කරමින් නිකරුණේ කාලය විනාශ කර දමයි.

            ජංගම දුරකථන නැමති උපකරණය පාසල් සිසුන්ට අතයවසය නොවන අතර මෙවැනි උපකරණ භාවිතා කරමින් කාලය විනාශ කර දැමීම තුලින් තමන්ගේ අධයාපන කටයුතු අඩාල  වී තමන්ගේ අනාගතය අඳුරු වීමේ අවධානම්  සහගත බව සිසුන් අවබෝධ කර ගත යුතුය.   

              තම දරුවන් ජංගම දුරකථන භාවිතා කිරිමේ දී ඒ පිළිබඳව දෙමව්පියන් සැළකිලිමත් විය යුතු යි.ජංගම දුරකථනයක් දරුවාට අත්‍යවශ්‍යමද යන්නත්, දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතා ලබා දෙන දුරකථනය කිනම් පහසුකම් සහිත ජංගම දුරකථනයක්ද යන්න වැඩිහිටියන් තීරණය කල යුතුය.යම් අවශ්‍යතාවයක් මත ලබා දෙන දුරකථනය  අවම  තාක්ෂණික පහසුකම් සහිත දුරකථන‍යක් වන්නේ නම් තරමක් දුරට ගැටලු අවම කර ගත හැකිය.


B.G.G.P.M.PUBUDUNI
AR/65074
AF/6772

30 comments:

  1. Wow
    Nicely 👍👍

    ReplyDelete
  2. 👍👍👍👍👍👍

    ReplyDelete
  3. 👍👍👍👍 very good

    ReplyDelete
  4. හොද උපදෙස් ටිකක් තිබුණා 🙏හරිම හොදයි

    ReplyDelete
  5. Wow ane Maru hide mage duvage kathika tharageta hari vedagath una

    ReplyDelete
  6. යකෝ දුරකථනයත් පිහිය වගේ හොදට හොදයි නරකට නරකයි 😈😈

    ReplyDelete
  7. හොද වදන් ටිකක්

    ReplyDelete
  8. දුරකථන පාවිච්චි කරන අපි වගේ කොල්ලොන්ට කතා හදන්න එපා utto🤬🤬

    ReplyDelete
  9. Important points

    ReplyDelete
  10. නියමයි

    ReplyDelete
  11. සුපිරි 👍👍👍

    ReplyDelete
  12. මරු වදන්.හැබැයි අවශ්‍ය කරන දේ නෑ

    ReplyDelete
    Replies
    1. kathika tharangkaye mama meka thamai kivve mama thamai 1st. Thank you so much

      Delete