Saturday, February 7, 2015

අන්තර්ජාලයේ වාසි 


                       ලෝකය පුරා පැතිරුණු  ඕනෑම අයෙකුට පිවිසිය හැකි එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලයයි. මෙයට කෝටි ගණනක් වූ කුඩා ගෘහාශ‍්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුළත් වන අතර විද්‍යුත් තැපෑල, online සංවාද ලිපිගොනු සංසරණය හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන් ද අයත් වේ. පළමුව අන්තර්ජාලය යනු කුමක් ද යන්න නිර්වචන කිහිපයකින් විමසා බැලිය යුතුයි. 

 ‘‘අන්තර්ජාලය යනු පරිගණකජාලයකි. දහස් ගණනක් වූ ජාලයන් සමග එක් වී රටවල් 100 කට අධික මිලියන 20 කට වැඩි ජනතාව මෙම ජාලයේ සැරිසරති. අන්තර්ජාලය සතුව හිිමිකරුකවෙකු නොවෙන අතර ලෝකයේ කිසිවෙකුට පාලනය කළ නොහැකි අතිමහත්වූ තොරතුරු ප‍්‍රවාහයක් ඒ තුළ අන්තර්ගත වේ. ලිපි හුවමාරුව අන්තර්ක‍්‍රියාකාරී සමුළු, ෆයිල් හුවමාරුව හා ජාලගත තොරතුරු ලබාගැනීම ආදී වූ විවිධ කාර්යයන් ස`දහා අන්තර්ජාලය භාවිතා කරයි. මේ අනුව ලෝක ව්‍යාප්ත ජාලය තුළ සැරිසරන ලෝකය පුරා ව්‍යාප්ත වී සිිටින දස දහස් ගණනක් වූ ජනතාව තම නිවසේ පාසැලේ හෝ සේවා ස්ථානයේ සිට විවිධාකාර තොරතුරු ලබාගනිමින් තම තොරතුරු ද අන්තර්ජාලයට එක් කෙරේ.’’ (මධුභාෂිණි, 2008, පි. 28*. 

‘‘අන්තර්ජාලය යනු නව සහශ‍්‍රකයේ සෑම පුද්ගලයෙකුටම පරිහරණය කළ හැකි තොරතුරු ගබඩාවකි. කෙසේදයත් සෑම මාධ්‍යයක් හා සම්බන්ධ සියල්ල අන්තර්ගත මාධ්‍යයකි.’’ (මධුභාෂිණී, 2008, පි. 29*.

අන්තර්ජාලය ජනමාධ්‍යයන් මෙන් ම ජනමාධ්‍ය වාහකයක් ලෙස ද සමහරු තර්කකරති. උදෑසන පිබිදී තම පරිගණකය අසල හිදගෙන හිදගෙන බොත්තම තද කළ සැණින් ලොව  ඕනෑම පුවත්පතක් කියවීමේ අවස්ථාව ද ලොව  ඕනෑම ගුවන්විදුලියකට සවන්දීමේ හැකියාව ද අන්තර්ජාලය නිසා අද මිනිසාට ලැබී තිබේ. මේ නිසා අන්තර්ජාලය ජනමාධ්‍ය වාහනයක් ලෙසද හැ`දින්විය හැක.’’  (මලලසේකර, 2001, පි. 14-15*.

                    උක්ත නිර්වචනවලින් අනතර්ජාලය කුමක් ද? යන්න හ`දුන්වනවාට වඩා එහි තුළ වූ සේවාවක් විස්තර කොට තිබේ. ඒවා අන්තර්ජාලයේ වාසි ලෙසද හ`දුන්වා දිය හැකිය. අන්තර්ජාලය තුළ වෙබ් අඩවි, ව්‍යාපාරික, සංචාරක හා විනෝදාත්මක තොරතුරු සහිත වෙබ් අඩවි තිබේ. ජනතාව ස්වකීය කාර්යයන් ස`දහා අන්තර්ජාලය භාවිතා කරයි. ඒ අතර විද්‍යුත් ලිපි හුවමාරුව සංවාදයේ යෙදීම, සංගීතය ශ‍්‍රවණය කිරීම ජාත්‍යන්තර සමූහ සාකච්ඡුාවලට සහභාගීවීමට මෙන් ම ස`ගරා කියවීමට රූපවාහිනිය හා සම්බන්ධ වීමටත් අන්තර්ජාලය භාවිතා කෙරේ. මේ අනුව අන්තර්ජාලය තුළ ඇති සුවිශේෂීම කාරණය වන්නේ මෙය ලෝක ප‍්‍රජාව අතර සහසම්බන්ධතාව වර්ධනය කරමින් ගෝලීය වශයෙන් ඇති කාලය, දුර හා සංස්කෘතියක දුරස්ථ බව අවම කරයි. එය වාසි සහගත තත්ත්වයකි. අන්තර්ජාලයේ ඇති ප‍්‍රධාන වාසි සහගත තත්ත්වයන් කිහිපයක් මෙසේ දැක්විය හැක. 
1 අධයාපනයට 
2 සන්නිවේදනමාධ්‍යයක් ලෙස තොරතුරු දැනගැනීමට
3 විනෝදයට 
4 සබදතා ගොඩනගා ගැනීමට 
5 භාණ්ඩ විකිණීමට 
6 භාවිතයේ පහසුව වේ

                    අන්තර්ජාලයේ ඇති වාසිසහගත තත්ත්වය පිළිබ`දව සාකච්ඡුා කිරීමේ දී අධ්‍යාපනය ප‍්‍රධාන වේ. සියලූම ශබ්දකෝෂ, විශ්වකෝෂ මෙහි ඇතුළත් වේ.  ඕනෑම දෙයක් පිළිබ`දව එහි අතීතය, වර්තමානය හා අනාගත තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. විශාල පොත් සංඛ්‍යාවක් අන්තර්ජාලයට එකතු වී තිබේ. ඒවා නොමිලේ කියවීමට හැකි වේ. දැනට ලොව පවතින සෑම විෂයපතයක් සම්බන්ධවම තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. මෙය පොතක් මිලදී ගැනීමට වඩා වාසි සහගතය. ලොව දවසින් දවස එකතුවන දැනුම එසැණින් ලබා ගැනීමේ හැකියාව තිබේ.  ඕනෑම තොරතුරක් තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ කියවීමට, බැලීමට හැකියාව තිබේ. ඒවා ලබා ගැනීමට ද හැකියාව තිබේ. මෙය ඉතා වාසි සහගත තත්ත්වයකි. 

                  සන්නිවේදක මාධ්‍යයක් ලෙස ගත්කළ අන්තර්ජාලයෙන් වාසි රැුසක් හිමි වේ. විශ්වගම්මාන සංකල්පයෙනුත් ඔබ්බට ගොස් ගෝලීය පරිසරයක ජීවත්වන මිනිසාට ගෝලීය මාධය අවශ්‍ය වී තිබේ. අන්තර්ජාලයේ ප‍්‍රධාන වාසි සහගත තත්ත්වයක් ලෙස තොරතුරු දැනගැනීම දැක්විය හැක. අන්තර්ජාලය මගින් ලොව කවර තැනක සිදුවූ දෙයක් වුවද එසැණින් ඡුායාරූප සමග නැරඹීමේ අවස්ථාව හිමි වේ. වර්තමානයේ බොහෝ පුවත් ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීමට ප‍්‍රථම අන්තර්ජාලයෙන් දැකගත හැකිය. එහි දී පුද්ගලයා සිටින ස්ථානය වැදගත් නොවේ. මන්ද ජංගම දුරකථනවලත් අන්තර්ජාලයට පිවිසීමට හැකිවන නිසා කුමන ස්ථානයක වුවද සිට තොරතුරු දැකගත හැක. ලොව කෝටි ගණනක් වෙසෙන ජනතාව අතර මේ වන විට අන්තර්ජාලය සීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. අන්තර්ජාතිකව ද, දේශීය ද, ග‍්‍රාමීයව ද වැදගත් වන  ඕනෑම තොරතුරක් අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. තවද ගුවන්විදුලිය, පුවත්පත හා රූපවාහිනිය යන මාධ්‍යයන් තුනම එක්තැන් කළ අවස්ථාවක් ලෙස අන්තර්ජාලය හදුන්වාදිය හැක. මෙම මාධ්‍යයන් තුනෙන් ම ලබාගන්නා සේවය ඊටත් වඩා පහසුවෙන් අන්තර්ජාලය මගින් ලබාගත හැක. පුවත්පතක් නම් මිල දී ගත යුතුයි. ඔඪ හා ගුවන්විදුලිය අදාළ වෙලාවට නැරඹීම ශ‍්‍රවණය කිරීම කල යුතුයි. අන්තර්ජාලයට කැමති වෙලාවක පිවිසිය හැක. අන්තර්ජාලය පුද්ගල ස්වාධීනත්වයට ඉඩදෙන ඉතා වාසි සහගත මාධ්‍යයක් ලෙස නම්කළ හැක. 

                      විනෝදාත්මක මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය වැදගත් වේ. මෙහි දී හුදු විනෝදාස්වාදයට පමණක් නොව එමගින් රසවින්දනයක් සමග දැනුම පුළුල් කරගැනීමට හැකි වේ. විනෝදාස්වාදය උදෙසා චිත‍්‍රපට, ටෙලිනාට්‍ය, ගීත යනාදී සියලූ කලාවන් මෙමගින් නැරඹීමට ශ‍්‍රවණය කිරීමට හැකි වේ. තමන් කැමති දේ කැමති වෙලාවක ලබා ගැනීමට හැකි වීම මෙහි වාසියකි. විශේෂයෙන් ම අන්තර්ජාලයට සුවිශේෂී ක‍්‍රීඩා නිර්මාණය කොට තිබේ. මේවා online games ලෙස හදුන්වා දිය හැක. තවද facebook වැනි සමාජ මාධ්‍යයන් හරහා හුදු විනෝදයට වඩා වැදගත් දෑ ලබාගත හැක. youtube හරහා ද පුද්ගලයාට විනෝදාස්වාදය ලබා ගත හැකිය. 

                       වර්තමානයේ දී අන්තර්ජාල භාවිතයෙන් වන ප‍්‍රධාන වාසි සහගත තත්ත්වයක් වන්නේ සමාජ මාධ්‍ය හරහා නව සබදතා ගොඩ නගා ගැනීමට හැකිවීමයි. එමෙන් ම තිබුණු සබදතා පවත්වා ගැනීමටත් මෙය උපකාරී වේ. විශේෂයෙන් එතෙර රටක සිටින හිතවතෙකු හමුවීමට කාලයක් ගත වේ. එහෙත් facebook skype වැනි මාධ්‍ය හරහා මිත‍්‍රත්වය වර්ධනය කරගත හැක. එම සමාජ ජාල හරහා පුද්ගලයාට තමන්ගේම ගිණුමක් ලබාගැනීමට හෝ ගිණුම් රාශියක් තබා ගැනීමට අවස්ථාව ලැබේ. එමෙන්ම ඒවාට කැමති දෙයක් ඇතුළත් කිරීමට ඉවත් කිරීමට හා සංස්කරණය කිරීමටත් හැකියාව තිබේ. එමෙන් ම පුද්ගලිකත්වය ආරක්ෂා වීම මෙහි දී වැදගත් වේ. 

                     වර්තමානයේ දී භාණ්ඩ විකිණීම පවා අන්තර්ජාලයෙන් සිදු වේ. තමන්ට අවශ්‍යදේ ඉල්ලූම් කිරීමට ග‍්‍රාහකයාට හැකියාව ලැබේ. ඒවා නිවසටම ගෙන්වා ගැනීමට ද හැකි වේ. ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළ ද අන්තර්ජාලයේ වාසි ලබාගත හැකිය. ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා සියලූ ගනුදෙනු කරනුයේ අන්තර්ජාලය හරහා ය. Email හරහා අභ්‍යන්තර ගනුදෙනු රාශියක් සිදු වේ. අන්තර්ජාලය හරහා නව රැුකියා අවස්ථා ද උදා වී තිබේ. මුදල් ඉපයීම සදහා ද අන්තර්ජාලය යොදාගත හැකිය. නිවසේ සිට මුදල් උපයා ගැනීමේ මාර්ග අන්තර්ජාලයෙන් උදා වී තිබේ. 

                    මෙහි ඇති තවත් වාසියක් වන්නේ භාවිතයේ ඇති පහසුවයි. එනම් ග‍්‍රාහකයාට තමන් කැමති වෙලාවක කැමති ස්ථානයක සිට කැමති දෙයක් නැරඹීමේ ශ‍්‍රවණය කිරීමේ හා කියවීමේ හැකියාව සතුයි. මෙය නිදහස් මාධ්‍යයකි. මෙහි ඇති වාසියක් වන්නේ එකම දේ නැවත නැවත වුවද ලබාගත හැකිය. ඉංග‍්‍රීසි භාෂාව දැන සිටීම මෙහිදී වැදගත් වේ. එහෙත් එය අනිවාර්ය නොවේ. නිදහසේ කාලය ගත කළ හැකි නිදහස් මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය දැක්විය හැකිය. එනිසා ම කෝටි ගණනක ජනතාව මේ සමග සම්බන්ධ වී සිටියි. ඒ අන්තර්ජාලය මගින් ලබාගත හැකි වාසි සහගත තත්ත්වයන් බොහෝමයක් තිබෙන බැවිනි. උක්ත කරුණු මගින් ඒ බව සනාථ වේ. 

AR/65008
AF/6706
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය 
සිව්වන වසර 

8 comments:

  1. 🙏 😀😀😀😀🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👍👍👍

    ReplyDelete
  2. antharjalayen vana samaja balapama gana visthara athulath karanna

    ReplyDelete

  3. මට ඕන අන්තර්ජාලය ගැන රචනාවක් විතරයි.පුළුවන්ද අන්තර්ජාලය ගැන රරචනා වක් දෙන්න

    ReplyDelete
  4. Thanks sir ප්‍රසන්ටේෂන් එකක් කවර් කරගත්තා ...

    ReplyDelete
  5. ස්තූතියි සර් 🌹🌹

    ReplyDelete
  6. Thank you .
    Well done

    ReplyDelete