Saturday, February 7, 2015


අන්තර්ජාලය භාවිතය සමාජ විපර්යාසය කරා

ලෝකය හා මිනිසා යනු අරුම පුදුම නිමැවුම් දෙකකි.ලෝකය මිනිසා නියමාකාරයෙන් සකසන අතර මිනිසා ලෝකය අපූර්ව ආකාරයෙන් නිර්මාණය කරයි. එසේ වන්නේ සන්නිවේදනයේ ආරම්භයත් සමගයි. සන්නිවේදනය මිනිස් අවශ්‍යතා කෙරෙහි තදින්ම බලපෑ අතර එය නව සොයා ගැනීම්  ස‍දහා මංමාවත් විවර කර ගැනීමක් විය. සිනිසාගේ සන්නිවේදන ක්‍රියාවලිය සන්ධිස්ථාන කිහිපයක් ඔස්සේ ප්‍රගමනය වන්නට වූ අතර සන්නිවේදනය පුළුල් කරගනු වස් සන්නිවේදන මෙවලම් නිර්මානයට පෙළඹුණි. ජන මාධ්‍ය බිහි වන්නේ මිනිසාගේ පුළුල් සන්නිවේදන අවශ්‍යතාවයත් සමගයි. ඒ තුළින් මිනිසා ලෝකයට ආමන්ත්‍රණය කිරීමටත් ලෝකය සමග ගනුදෙනු කිරීමටත් මග පාදා ගන්නා ලදී. මෙසේ ආරම්භ වූ සන්නිවේදන ක්‍රයාවලිය දැවැන්ත වෙනසකට භාජනය වෙන්නේ නව මාධ්‍ය ආගමනයත් සමගය. මෙහිදී නව මාධ්‍ය හා සම්බන්ධ අන්තර්ජාල පහසුකම සන්නිවේදන ක්‍රියාවලිය පුළුල් මාවතකට හසු කරන ලදී. අන්තර්ජාල පහසුකම හේතුවෙන් ක්ෂණික සන්නිවේදන ක්‍රියාවලියකට බදුන්වීමේ හැකියාව, තොරලතුරු ලබා ගැනීමට , දැනුම ලබා ගැනීමට, බෙදා ගැනීමට විනෝස්වාදය ලබා ගැනීමට, ආදී බෝ කර්තව්‍යන් ඉටුකර දීමට සැදී පැහැදී සිටියි. අන්තර්ජාලය බිහිවීමේ සිට මේ දක්වා විපර්යාසයකට බදුන් වී ඇති සමාජය දෙස බැලීමේදී වැටහී යයි. එය සමාජයට යහපත් මෙන්ම සයහපත් ආකාරයෙන් බලපා ඇති බව වැටහේ. කෙසේ වුවද ඒ පිළිබදව සාකච්ඡා කිරීමට ඉතා යෝග්‍යය බව වැටහේ.

අන්තර්ජාලයේ ඉතිහාසය

                   ප්‍රථමයෙන් අන්තර්ජාල ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී එය කෙටියෙන් හෝ සටහන් කිරීම මැනවි. 1950 දී විද්‍යුත් පරිගණක සංවර්ධනයත් සමග මෙය ආරම්භ විය. අන්තර්ජාලය ආරම්භ වන්නේ එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය ආදී පරිගණක විද්‍යාගාර තුළ පැකට් මූලික සංකල්පයක් වශයෙනි. ක්‍රම ක්‍රමයෙන් 1970 දී අභ්‍යන්තර සබදතා ගොඩනගා සංවර්ධනය කළ හැකි බහු ජාලයක් බවට පත් විය. වර්ෂ 1990 ගණන් වන විට අන්තර්ජාල භාවිතයේ පැවති සීමා ඉවත් කොට වාණිජකරණයට හසුකරන ලදී. 1990 මැද භාගයේ සිට අන්තර්ජාලය හරහා
·        විද්‍යුත් තැපෑල
·        ක්ෂණික පණිවිඩ
·        අන්තර්ජාල ප්‍රොටොකෝලය කටහඩ
·        දුරකතන ඇමතුම්
·        දෙයාකාර අන්තර් ක්‍රියාකාරී වීඩියෝ ඇමතුම්
                   ආදී ක්ෂණික සන්නිවේදන නැගීම ඇතුළු සංස්කෘතික හා වාණිජ කටයුතු පිළිබද විප්ලවවාදී බලපෑමක් ඇතිකරන ලදී. එසේම අන්තර්ජාලය හා සම්බන්ධ ආධාරක අධිවේගී ජාලසේවය බොහෝ සෙයින් වැදගත් වේ. එනම් වෙබ්, බ්ලොග්, සමාජ ජාලා, අන්තර්ජාල සාප්පු සවාරි, වෙබ් අඩවි, පර්යේෂණ හා අධ්‍යාපන ප්‍රජාව සදහා වන සේවාවන් දැක්විය හැකිය. මේ ආකාරයෙන් ආරම්භ වී ඇති අන්තර්ජාල පහසුකම අද වන විට ලෝක ප්‍රජාවට නැතුවම බැරි අංගයක් බවට පත් වී ඇත. මේ වන විට ලෝක ජනගහනයෙන් 40%ක් පමණ අන්තර්ජාල භාවිත කරන්නන් සිටී. වැඩි වශයෙන් චීන ජනතාව අන්තර්ජාල පරිහරණයට යොමු වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව ආදී රටවල් ඒ ආසන්නව භාවිතයේ යෙදෙයි.

අන්තර්ජාලයේ සමාජ බලබෑම

අන්තර්ජාලය අද වන විට නියත වශයෙන්ම අපගේ එදිනෙදා කටයුතු වලට නැතුවම බැරි මෙවලමක් බවට පත් වී ඇත. සමාජ හැසිරීම මෙහෙය වීමට අන්තරජාලය ප්‍රභල ලෙස දායක වී ඇත. එය හොද හා නරක ලෙස දෙයාකාරයටමය. මේ දෙයාකාරයෙන්ම විශාල සමාජ විපර්යාසයක් සිදු වී ඇති බව වැටහේ. එය සිදුවන්නේ කෙසේද යන්න සොයා බැලීමේදී අන්තර්ජාල භාවිතයේ හොද හා නරක පැතිකඩ විමසා බැලිය යුතුයි.
                   ප්‍රථමයෙන් හොද පැතිකඩ දෙස බැලීමේදී සැබවින්ම අන්තර්ජාල භාවිතය බොහෝ ජීවිත ධනාත්මක ආකාරයෙන් වෙනසකට බදුන් කරයි. පුද්ගලයා වෘත්තීය මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් අන්තර්ජාලය භාවිත කරයි. මේ සෑම අවස්ථාවකදීම බොහෝ දේ මේ හරහා ඉගෙනගනියි. ඕනෑම ආකාරයක කරුණක් ගැන ඉතා ක්ෂණිකවම තොරතුරු ලබා ගැනීමට හැකියාව මෙමගින් උදා වේ. පොත්පත් කියවමින්, සගරා කියවමින්, තම සගයන්ගෙන් උදවු පැතීමෙන් ආදී සාම්ප්‍රදායික ක්‍රම මගින් කාලය, මුදල්, ශ්‍රමය නාස්ති නොකොට ඉක්මනින් තොරතුරු ලබා දීමට අන්තර්ජාල පහසුකම මහෝපකාරී වී ඇත.
                   එමෙන්ම තොරතුරු ලබා ගැනීමට පමණක් නොව තොරතුරු අන්තර්ජාලයට එක්කිරීමටත් ලෝක ප්‍රජාවට දැන ගැනීමටත් අවස්ථාව මෙමගින් ලැබේ. මේ නිසා විශ්ව ගම්මාන සංකල්පය විශ්ව ආලින්දය දක්වා ගමන්කර ඇත. තොරතුරු සෙවීම, තොරතුරු ලබා ගැනීම හා තොරතුරු බෙදා ගැනීම හරහා විශාල වශයෙන් සන්නිවේදන ක්‍රියාදාමය පුළුල්වී ඇත. ඒ තුළින් සබදතා ගොඩනගා ගැනීමට හැකියාව ලැබී ඇත. හොදම උදාහරණය ලෙස සමාජ ජාල වෙබ් අඩවි වන ෆේස්බුක්, ට්විටර් වැනි දෑ දැක්විය හැකිය.
                   අන්තරජාලය නව දැනුම ලබාදීමට බොහෝ සෙයින් උපකාරී වේ. එය ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවාගේ සිට උසස් අධ්‍යාපනය ලබන දරුවාට පමණක් නොව මිහිපිට ජීවත්වන සියලු මනුෂ්‍යන්ට එක හා සමානය. අපගේ අධ්‍යාපනයට අවශ්‍යය යම් කරුණක් වේ නම් ඒවා සොයා බැලීමට අවශ්‍යය නම් එය ලබාදෙන එකම තැනැත්තා අන්තර්ජාලයයි. තොරතුරු පමණක්ම නොවේ සමහර වෙබ් සයිට් මගින් පන්ති කාමරයක උගන්වන ආකාරයෙන් ඉගැන්වීම් කරනු ලබයි. උසස් අධ්‍යාපනයන්හි නියතු වන්නන්ට, පර්යේෂකයන්ට තොරතුරු ලබා දීම සිදු කරයි.
                   එමෙන්ම ලෝක ප්‍රජාව හා සම්බන්ධ වීමේ හැකියාව මෙම පහසුකම හරහා ලැබේ. ලොව සෑම රටකම යාමේ ඒමේ හැකියාව සෑම කෙනෙකුටම ලැබෙන්නේ නැත. අවශ්‍යය පුද්ගලයාව හමුවී කතාබහ කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත. නමුත් අන්තර්ජාලය මගින් ලබා දී ඇති සේවය හේතු කොටගෙන ලොව කොහේ හිටියත් ඕනෑම කෙනෙක් හා සම්භන්ධ වීමේ හැකියාව ඇත.
                   එමෙන්ම මෙමගින් විනෝදාස්වාදයට ලබා දී ඇති ඉඩකඩ ඉතා ඉහළය. ඉහත ආකාරයට අන්තර්ජාල භාවිතය යහපත් සමාජ බලපෑමක් සිදුකරනවා මෙන්ම එතුළින් අයහපත් සමාජ බලපෑමක්ද සිදු වේ.

                   අපගේ දෛනික ජීවිතයේ සමාජ හැසිරීම් පුරුදු හා ජනතාවගේ හැකියාවන් විකෘති කිරීමටද අන්තර්ජාලය ප්‍රභල ලෙස බලපෑම් එල්ල කරයි. බොහෝ විට  වර්ථමානය වන විට තරුණ පරම්පරාව අන්තර්ජාලය වෙත ඇබ්බැහි වීම දක්වා වර්ධනය වි ඇත. එතුළින් ඇතැම්විට කායික හා මානසික රෝග පීඩාදියට බලපා ඇති බව සමීක්ෂණ වලින්ද හෙළි වී ඇත. සමාජයට අවශ්‍යය වන්නේ සෞඛ්‍යාරක්ෂිත පීඩාකාරී නොවන මනසකින් යුතු ප්‍රජාවකි. එබැවින් ඒ සදහා ඇබ්බැහිවීම නොවිය යුතු දෙයකි.

                   එමෙන්ම අන්තර්ජාල භාවිතය වැරදි ආකාරයෙන් යොදා ගැනීම තුළින් සමාජ පරිහානියට ලක්ව ඇත. බොහෝවිට තරුණ කොටස් හා පාසල් ළමුන් අයුතු ලෙස අන්තර්ජාලය පරිහරණය කරයි. අධ්‍යාපනය යා විනෝදාස්වාදය මුවාවෙන් අසභ්‍යය වීඩියෝපට  නැරඹීම හා ඒවා අනුකරණය කිරීමට පෙළඹීම සමාජ ගැටළු උද්ගත වීමට හේතු වි ඇත. ඒ තුළින් සමාජය පිරිහීම නිතැතින් සිදුවේ. සියදිවි නසාගැනීම්, ඝාතනයන් නිරන්තරයෙන් සමාජයෙන් ඇසේ. සමාජ සම්මතය සදාජාරය පිරිහීයයි. සංස්කෘතික හා ආගමික විකෘතිතාවයන් ඇතිවේ. නොගැලපෙන චර්යාරටා, විලාසිතා සමාජය විකෘති කරයි.

                   සැබවින්ම අන්තර්ජාලය යහපත් සමාජයක් මෙන්ම අයහපත් සමාජයක් ගොඩනැගීමට බලපායි. මිනිසා තාක්ෂණික මෙවළමක් නොවන නිසා සිතීමේ නිදහසින් යහපත් තීරණය ගැනීම යහපත් සමාජයක් ගොඩනැගීමට හේතුවේ.
  

AF/6454
MACO-4201   

No comments:

Post a Comment