Saturday, February 7, 2015


අලෙවිකරණය, ප‍්‍රචාරණය සහ නව මාධ්‍ය

සන්නිවේදනයේ උපත

ගල්ගුහාවල ජීවත්වෙමින් නොයෙකුත් පාරිසරික විපර්යාසයන්වලට මුහුණ දෙමින් පැවතගෙන ආ මනුෂ්‍ය වර්ගයා කාලයේ ක‍්‍රමික විකාශනයත් සමග අත්දැකීම් බහුල වන්නට වීමත්, මොළයේ වර්ධනයත් නිසා සන්නිවේදන ක‍්‍රමයන්ට හුරු වන්නට විය.  මුල් කාලයේ දී සංඥා හා සළකුණු වලින් ද , ඉන් පසු භාෂණයෙන් ද, ඊටත් පසුව ලේඛනයෙන් ද දියුණු කරගෙන ආ මානව සන්නිවේදනය මුද්‍රණ ශිල්පයේ ආරම්භයත් සමගම වෙනනමම මඟකට පිවිසුණි. ඒ ජනසන්නිවේදන යුගයේ මූලාරම්භයයි. මිනිසාට මූලික සන්නිවේදන ක‍්‍රමවලට පිවිසීමටත් පසුව ක‍්‍රමයෙන් ලේඛණය සහ භාෂණයට හුරු වීමටත් වසර දස දහස් ගණනත් ගතවුවත් මුද්‍රණයෙන් ඇරඹි පුවත්පත් ප‍්‍රමුඛ ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව ආදී  ජන සන්නිවේදන මාධ්‍ය ව්‍යාප්ත වීමටත් දියුණුවීමටත් එතරම් කාලයක් ගතනොවුණි. අද වන විට බිහිව ඇති ජංගම දුරකථන, අන්තර්ජාලය ඇතුළු නව මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත් සමග දිනෙන් දින ව්‍යාප්ත වෙමින් සංවර්ධනය වෙයි. විශේෂයෙන් මෙම නව මාධ්‍ය වඩා දියුණු හා කාර්යක්ෂම සන්නිවේදනයක් උදෙසා මග පාදන්නේය.
එතකොට වෙළදාම බිහිවුණේ?
මානව සන්නිවේදනය මෙයාකාරයෙන් දියුණුවද්දී ඒ හා සමගාමීව සංවර්ධනය වූ අනෙක් ක්ෂේත‍්‍රය වූයේ වාණිජ්‍ය කේෂේත‍්‍රයයි. වර්තමාන ලෝකය සන්නිවේදන තාක්ෂණය අතින් මෙන්ම වාණිජමය වශයෙන් ද ඉතාමත් දියුණු තලයක පසුවන්නේය. නමුත් මෙවැනි ශිෂ්ටාචාරවත් යුගයකට පිවිසෙන්නට මිනිසා බොහෝ කාලයක් ගත කර ඇති බව ඉතිහාසය පිරික්සීමේ දී හඳුනාගත හැක. මනුෂ්‍ය වර්ගයා ගල් ගුහාවල වාසය කරමින් ජීවත් වූ ප‍්‍රාථමික යුගයේ දී වාණිජ්‍යය හෝ සන්නිවේදනය යන දෙකම පැවතියේ ඔවුන්ගෙන් බොහෝ දුරස්ථවය.
නොදියුණු ප‍්‍රාථමික යුගයේ දී මානව අවශ්‍යතා අතිශය සීමා සහිත වූ අතර එම ප‍්‍රාථමික අවශ්‍යතා ඔවුන් විසින්ම සපුරා ගන්නා ලදී. මෙම ස්වයං පෝෂිත ආර්ථික ක‍්‍රමය හරහා තවදුරටත් මිනිසාට යැපෙන්නට නොහැකි වූයේ ඔවුනගේ අවශ්‍යතා ක‍්‍රමයෙන් වර්ධනය වීම නිසාය. මිනිසා ක‍්‍රමයෙන් ශිෂ්ටාචාරවත් වීමත්, ඒ හරහා ඔවුනගේ අවශ්‍යතා වර්ධනය වීමත් සමග තමා පරිභොජනය කර අතිරික්තයන් හුවමාරු කරගන්නට පෙළඹුණි. මානව ශිෂ්ටාචාරයේ වෙළඳාම ආරම්භ වන්නනේ මෙම හුවමාරු ක‍්‍රමයෙනි. පසු කලක භාණ්ඩයන්ට භාණ්ඩයක් හුවමාරු කරගැනීම වෙනුවට මුදල් ක‍්‍රම භාවිතයට ආ අතර වෙළඳාම තව තවත් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. 17, 18 සියවස් කේන්ද්‍ර කරගෙන සිදු වූ පුනරුද ව්‍යාපාර හරහා ද ලොව වෙළඳාම් ක‍්‍රම ව්‍යාප්ත වන්නට විය. මෙසේ ශතවර්ෂ ගණනාවක් පුරා දියුණුවෙමින් ආ වෙළඳාම් ක‍්‍රම අද අන්තර්ජාතික වශයෙන් පවා මහා පරිමාණව සිදුකෙරෙයි.




මොකක්ද මේ අලෙවිකරණය?
ව්‍යාපාර ක්ෂේත‍්‍රය අද වන විට බොහෝ තරඟකාරීය. මෙම තරඟකාරීත්වයේ දී ව්‍යාපාරයකට අත්‍යවශ්‍යම සාධකයක් ලෙස අලෙවිකරණය හඳුන්වා දිය හැක.අලෙවිකරණය යනු භාණ්ඩ අලෙවිය පමණක්ම නොවෙයි. එය වෙළඳාම අරමුණු කරගත් ප‍්‍රචාරණය පමණක්මත් නොවෙයි. එසේම අලෙවිකරණය ව්‍යාපාර සඳහා පමණක්ම වෙන් වූවක් ද නොවෙයි. අලෙවිකරණය හරහා කිසියම් නිෂ්පාදනයක් හෝ සේවාවන් ලාභ සහිතව අලෙවි කරනවා මෙන්ම ඒ හරහා පුද්ගල ප‍්‍රතිරූප පවා ගොඩනැංවීම කළ හැක. එක්සත් ජාතීන්ගේ අලෙවිකරණ ආයතනය දක්වන පරිදි එය කළමණාකරණ කි‍්‍රයාවලියකි. එය ලාභදායී කටයුත්තක් වනවා සේම එහිදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගැනීම, පූර්ව නිගමනයන්ය එළඹීම සහ ව සිදුකළ යුතුය. මෙහිදී පාරිභෝගිකයා සමග දිගු කාලීන සබඳතාවක් ඇති කර ගැනීම ද වැදගත්ය. අද වන විට අලෙවිකරණය යන සුවිශේෂී ක‍්‍රමවේදය වාණිජ ක්ෂේත‍්‍රය සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

අලෙවිකරණයට මොකටද නව මාධ්‍ය?
 අලෙවිකරණය සහ නව මාධ්‍ය අතර පවතින වත්මන් සබදතාව වෙන්කළ නොහැක්කකි. මන්ද අලෙවිකරණයේ පරම අරමුණ වූ අවසානයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම මෙන්ම ඊට පෙර පාරිභෝගිකයා ඒ පිළිබද දැනුවත් කිරීම, පෙළඹවීමක් ඇති කිරවීම ආදී මේ සියල්ලටම සන්නිවේදනය වැදගත්ය. ඒ සදහා භාවිත කරන්නට නොයෙකුත් සන්නිෙවිදන ක‍්‍රම ඇත්තා වූවද ගෙවී යන තොරතුරු තාක්ෂණ යුගයේ දී ඒ සදහා සුදුසුම සහ පහසුම එමෙන්ම වඩා සෘජු බලපෑමක් ඇති කළ හැකි ආකාරය වන්නේ ද නව මාධ්‍ය සන්නිවේදනය යි. මේ නිසා අලෙවිකරණයේ විවිධ අවස්ථාවන්වලදී නව මාධ්‍ය යොදාගැනීම නූතනයේ වඩා වැදගත් කාර්යයක් ලෙස සැලකිය යුතුමය.

”අලෙවිකරණ මිශ‍්‍රය”
අලෙවිකරණ ක‍්‍රියාවලිය තුළ සිදුවන කාර්යයන් අඩංගු වන්නේ අලෙවිකරණ මිශ‍්‍රය යන සංකල්පයෙහිය. මෙම අලෙවිකරණ මිශ‍්‍රයට අයත් ප‍්‍රධාන අංග අලෙවිකරණ විෂය තුළ P ලෙස ද හඳුන්වයි. ඒවා නමින්  නිෂ්පාදනය මිල ස්ථානය සහ ප‍්‍රවර්ධනය වේ. මේ අතරින් ප‍්‍රවර්ධනය ඉතා වැදගත්ය. මෙය අලෙවිකරණ සන්නිවේදනය ලෙස ද හඳුන්වයි. අලෙවිකරණය අරමුණු කරගත් මෙම අලෙවිකරණ සන්නිවේදනය හෙවත් ප‍්‍රවර්ධනය අලෙවිකරණ ක‍්‍රියාවලියෙහි අනිවාර්්‍යය අංගයකි. මන්ද කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳ පාරිභෝගිකයා දැන ගන්නේ සහ මිලට ගැනීමට පෙළඹෙන්නේ එහි නිසි ප‍්‍රවර්ධනය මගිනි.

ප‍්‍රවර්ධනයටත් තියෙනවා ”ප‍්‍රවර්ධන මිශ‍්‍රයක්”
ප‍්‍රවර්ධනය යටතට ගැනෙන සියලූම කාර්යයන් මෙම ප‍්‍රවර්ධන මිශ‍්‍රයට අඩංගු වෙයි. එය සෘජු අලෙවිකරණය , පුද්ගල අලෙවිය , මහජන සම්බන්ධතා , අලෙවි ප‍්‍රවර්ධනය, POINT OF SALES සහ ප‍්‍රචාරණය යන අංග වලින් සමන්විත වෙයි. ප‍්‍රවර්ධන මිශ‍්‍රයට අයත් මෙම අංග අතරින් වඩි ප‍්‍රබලම සහ වඩා ඵලදායී ක‍්‍රමවේදය වන්නේ ප‍්‍රචාරණයයි. නමුත් ප‍්‍රචාරණයේ දී පමණක් නොවෙයි ඉහත සදහන් සෑම ප‍්‍රවර්ධන අංගයක් සදහාම නව මාධ්‍ය යොදාගත හැක.

ඒ කොහොමද?

ඒ ගැන අපි මෙහෙම බලමු. එකින් එක.

x    සෘජු අලෙවිකරණය -email එකක් මගින් හෝ ජංගම දුරකථනයේ sms පණිවුඩයක් හරහා සෘජු අලෙවිකරණයේ නියැලීම අපහසු කාර්යයක් නොවෙයි.
x     පුද්ගල අලෙවිය - පුද්ගල අලෙවියේ යෙදෙන අලෙවි නියෝජිතයෙකුට වුණත් තමන්ගේ ජංගම දුරකථනය හරහා මෙන්ම තමන්ගේ ලැප්ටොප් යන්ත‍්‍රය හරහා අලෙවිකරණ කටයුත්තට පහසුවක් සලසාගන්න හැකියි.
x     මහජන සම්බන්ධතා -  මහජන සම්බන්ධතා සම්බන්ධව නම් නවමාධ්‍ය හරහා කළ හැකි දේ බොහොමයි. තමන්ගේ ව්‍යාපාරය සදහා ආයතනික නිල වෙබ් අඩවියක් පවත්වාගෙන යාම, නව්‍යතා සමග එය නිතර අළුත් කිරීම, ONLINE පුවත්පත් නිවේදන නිකුත් කිරීම, මෙන්ම තමන්ගේ නිෂ්පාදන සහ ඒ සම්බන්ධ ONLINE අධ්‍යාපනික පර්යේෂණ වාර්තා නිකුත් කිරීම කළ හැකියි.

x    POINT OF SALES  – ONLINE සාප්පු සවාරි අත්දැකීමකට වෙබ් අඩවි හරහා අවස්ථා සලසා දිය හැකියි.


x     අලෙවි ප‍්‍රවර්ධනය –SMS හරහා තරග සංවිධානය කළ හැකි මෙන්ම ONLINE වවුචර දීම,FACE BOOK වැනි සමාජ මාධ්‍ය හරහා තරග සංවිධානය කිරීම, දීමනා හා වට්ටම් ලබා දීම කළ හැකියි.



 ප‍්‍රචාරණය ගැන වැඩිපුර කථා කරමු

ප‍්‍රචාරණයේ ඇති සුවිශේෂතම ලක්ෂණයන් වන්නේ විශාල වෙළඳපොළක් ආවරණය කරගත හැකි වීම සහ එහි ඇති ආකර්ෂණීය බවයි. ප‍්‍රචාරණය හරහා වැඩි පාරිභෝගික පිරිසක් නිෂ්පාදිතයක් පිළිබඳ දැනුවත් කළ හැකි අතර එය මිලට ගැනීමට ද පොළඹවා ගත හැක. මේ නිසා වඩා හොඳින් නිෂ්පාදිතයක් පාරිභෝගිකයා වෙත ගෙන යා හැක්කේ ප‍්‍රචාරණයෙනි. ප‍්‍රචාරණය විවිධාකාරය. එසේම ප‍්‍රචාරණ ක‍්‍රියාවලියේ දී මෙම විවිධ ප‍්‍රචාරණ ක‍්‍රම අතරින් වඩා සුදුසුම ක‍්‍රමය තෝරා ගැනීම  ඊට සරිලන ලෙස සැලසුම්සහගත ලෙස ප‍්‍රචාරණ සිදුකිරීම වැදගත්ය. එහිදී නිෂ්පාදිතය සඳහා ඉලක්කගත ග‍්‍රාහක ප‍්‍රජාව, එම ප‍්‍රජාවට වඩා හොඳින් ළඟා විය හැකි ප‍්‍රචාරණ ක‍්‍රමය තෝරා ගැනීම, ඒ අනුව අදාළ පණිවිඩය සකස් කිරීම ආදී  බොහෝ කාර්යයන් මීට අයත්ය. මෙහි දී නිවැරැදි ප‍්‍රචාරණ මාධ්‍යය තෝරා ගැනීම වැදගත්ය. ප‍්‍රචාරණය ගත් කළ සියලූම සන්නිවේදන මාධ්‍යයන් අද වන විට ප‍්‍රචාරණය සඳහා තෝරා ගැනෙයි. එම නිසා පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ සිනමාව මෙන්ම අන්තර්ජාලය, ජංගම දුරකථන, සමාජ ජාල වෙබ් අඩවි ආදී නූතන නව මාධ්‍ය හරහාද වඩා ප‍්‍රබලව ප‍්‍රචාරණය සිදුකෙරෙයි. මේ අතරින් වඩා ආකර්ෂණීය ප‍්‍රචාරණ ක‍්‍රමවේදය වන්නේ රූපවාහිනී දැන්වීම්කරණයි. නමුත් අද වන විට නව මාධ්‍ය හරහා ප‍්‍රචාරණයට එළඹීමට බෙහෝ ආයතන උත්සුක වනවා.

දැන්වීම්කරණ ආයතනයකට කිසියම් ප‍්‍රචාරණ කාර්යයක් ලබා දුන් විට ඔවුන් විසින් මූලිකවම තමා ඇමතිය යුතු ග‍්‍රහකයා කවුද යන්න පිළිබද සොයාබලන බව මුලදී සදහන් කළා මතක ඇති. මෙම අවධියේ දී වඩා සුදුසුම මාධ්‍ය කුමක් ද යන වග තීරණය කර ඊට අදාළව පණිවුඩය සකස් කරයි. ඉතින් වෙළද දැන්වීම් ආයතනයකට හැකියාව තියෙනවා තමන්ගේ සේවා දායකයාට නව මාධ්‍ය ප‍්‍රචාරණයේත් නියැලීම සම්බන්ධව යෝජනා කරන්න. මෙය Digital Media Advertising ලෙසත් හඳුන්වනවා. නමුත් වැදගත්ම කාරණය තමා අපේක්ෂිත ග‍්‍රාහකයා නව මාධ්‍ය බහුලව භාවිත කරන්නෙක් යන වග. උදාහරණයකට තරුණ අය ඉතා බහුලව නව මාධ්‍ය සන්නිවේදනයේ යෙදෙන නිසා ඔවුන්ට අදාළ දෙයක් digital media හරහා ප‍්‍රචාරණය කිරීම උචිත වුණත් නව මාධ්‍ය වැඩිපුර භාවිත නොකරන පිරිස සම්බන්ධ දේ නව මාධ්‍ය හරහා ප‍්‍රචාරණය ඵලදායී නහැ.

නව මාධ්‍ය හරහා ප‍්‍රචාරණයේ නියැලිය හැකි ආකාර මොනවාද?

WEB BANNER
DISPLAY ADVERTISING
SOCIAL MEDIA ADVERTISING
MOBILE ADVERTISING
EMAIL ADVERTISING
POP UP ADS
TEXT ADS
 
 
90 දශකයේ් අන්තර්ජාලය බිහි වූවත් 1993WORLD WIDE WEB පැමිණෙන තුරු එය එතරම් ප‍්‍රචලිත වුණේ නැහැ. අන්තර්ජාලයට ප‍්‍රචාරණය පිවිසියේ පසුවයි. ඒ 1994 දීය. අද වන විට එය ඉතා වැදගත් ප‍්‍රචාරණ මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා. දිනෙන් දින අන්තර්ජාල ප‍්‍රචාරණයට පිවිසෙන පිරිසත් ඉහළයි. අන්තර්ජාලය හරහා ඇති වූ ඊමේල් සහ ඉහත සදහන් අනෙකුත් ප‍්‍රචාරණ ක‍්‍රම ද මෙහිදී ඉතා වැදගත්. අනෙකුත් විශේෂම කාරණය සමාජ මාධ්‍ය හරහා සිදුවන ප‍්‍රචාරණය. අද වන විට සමාජමාධ්‍ය භාවිතයෙන් ප‍්‍රචාරණයේ නිරත වීම බොහොමයක් ආයතන හා පුද්ගලයන් ඉතා වැදගත් කොට සලකනවා. එමෙන්ම එය ඉතා සාර්ථක ක‍්‍රමවේදයක්. ජංගම දුරකථන ද ප‍්‍රචාරණයට ලබාදෙන දායකත්වය අති මහත්ය.
SMS සහ ප‍්‍රවර්ධන ඇමතුම් මෙහිදී අමතක කළ යුතු නෑ.

නව මාධ්‍ය මෙතරම්ම අලෙවිකරණය සදහා හොද ඇයි?


ඒ බව වටහාගැනීමට මින් පසු ඉදිරිපත් වන කරුණු කිහිපයම ප‍්‍රමාණවත්.

ව්‍යාපාර ආයතන වලට තම නිෂ්පාදන පිළිබද දැනුම් දීමට, මාධ්‍ය තොරතුරු සැපයීමටම නව මාධ්‍ය හරහා සිදුකරගත හැක.
නව මාධ්‍ය හරහා පාරිභෝගිකයන්ට තමාට අවශ්‍ය දේ පිළිබද තීරණය කිරීමට ඉවහල් වන්නා වූ තොරතුරු රාශියක් සපයා දෙනු ලැබෙයි. ඒ සදහා යොමුවිය යුතු ව්‍යාපාරික ආයතනය හෝ ව්‍යාපාරික සන්නාමය තීරණය කිරීමට ද එම තොරතුරු ප‍්‍රමාණවත් වනු ඇත.
ව්‍යාපරිකයන්  වශයෙන් පාරිභෝගිකයාගේ අවශ්‍යතා හදුනාගැනීමටත් ඒ සදහා ඉක්මන ප‍්‍රතිචාර දැක්වීමටත් එය උපකාර වෙයි.
අලෙවිකරණය නව මාධ්‍ය හරහා වඩා කාර්යක්ෂමයි.
නව මාධ්‍ය හරහා වේගවත් සන්නවේදනයක් සිදුකළ හැකි වනවා මෙන්ම වේගවත් අලෙවිකරණයකට එය මග පාදයි. තවදුරටත් මුදල් භාවිතය හෝ කඩපිලවල්වල රස්තියාදු වෙමින් නිෂ්පාදන තොරාගත යුතු නැහැ. අන්තර්ජාලය හරහා අවශ්‍ය දේ තෝරා ගෙන ඒ සදහා ONLINE ගෙවීම් කළ හැක. බැංකු ක‍්‍රම දියුණු වීම ද මීට බලපෑවා. ඒ සදහා පවා බලපෑවේ ද අන්තර්ජාලය වැනි නව මාධ්‍යවල සංවර්ධනය බව අමුතුවෙන් කිවයුතු නොවේ.
කාලය හෝ භුගෝලීය වශයෙන් වූ සීමා තවත් අලෙවිකරණයට බාධාවක් වන්නෙ නැත.  පිටරටක අලෙවිකරණ නිෂ්පාදනයක් වූවත් අන්තර්ජාලය හරහා මිලට ගැනීම කළ හැක. නිරන්තරයෙන්ම අන්තර්ජාලයේ සැරිසරන්නෙකුට AMAZON.LKහරහා EBAYහරහා පිටරට දෙයක් ගෙන්වා ගැනීම, එහෙමක් නැත්නම් LASSNA FLORAහෝ KAPRUKA හරහා මිතුරෙකුට තෑග්ගක් යැවීම අරුමයක් නොවෙයි. මේ නිසා එදනෙදා කටයුතු වලට පවා ඉන් හිමිවන්නේ් පහසුවක්.
ව්‍යාපාර වශයෙන් පමණක් නොව පුද්ගලයෙකු වශයෙන් තනිව පවා අලෙවිකරණයේ යෙදීමට නව මාධ්‍ය තෝතැක්නක්. ” ඕන දෙයක් ගන්න විකුණන්න ikman.lk වෙතට පිවිසෙන්න” මෙම වැකිය ඔබ අසා ඇතිවාට සැකයක් නෑ.
විශාල ග‍්‍රහක පිරිසක් නව මාධ්‍ය හා බැදී සිටින බැවින් එකවර බොහෝ පිරිසකට බලපෑමක් එල්ල කළ හැකිය.
නව මාධ්‍ය හරහා සිදුකරන ප‍්‍රචාරණයන් කටින් කට පැතිර යාම සහ එම ප‍්‍රචාරණ පණිවුඩ එකිනෙකා අතර බෙදාගැනීම ද වෙයි. එයට ප‍්‍රධානතම හේතුව නව මාධ්‍යයේදී එකම ආකාරයේ අවශ්‍යතා රුචියන් ඇති අය එකට එකතුවී ඉදීම.



ලංකාවේ මෑතක දී සිදුකළ ප‍්‍රචාරණ හා අලෙවිකරණ කටයුතු කිහිපයක් මෙසේ දැක්විය හැක.


x    ශේෂාදි ප‍්‍රියසාද්ගේ වැස්ලින් බෝතල් 1000 කථාව නමින් ප‍්‍රචාරණ කටයුත්තක් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා ගෙනයාම.
x    ජනාධිපතිවරණ සමයේ ඉතා ප‍්‍රබල ලෙස සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි මෙන්ම ජංගම දුරකථන සහ ඊමේල් හරහා සිදුකළ ප‍්‍රචාරණය.
x    මේ දිනවල බජාජ් අමතර කොටස් නිෂ්පාදන ප‍්‍රවර්ධනය සදහා ගෙන යනsms ප‍්‍රවර්ධන වැඩසටහන.
x   VIM සබන් කැට සදහා වූ දිනුම් ඇදීමකට SMS හරහා පාරිභෝගිකයා සම්බන්ධ කර ගැනීම.


ඉතින් අලෙවිකරණය සහ ප‍්‍රචාරණය නූතන වාණිජ ලෝකයේ නැතුවම බැරි අංගයක් වනවා සේම නව මාධ්‍ය ද එම ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ලබනවා. සෙසු ජනමාධ්‍ය හා සමගාමීව කරට කර ප‍්‍රචාරණයේ යෙදෙන්නට නව මාධ්‍යට හැකියාව ඇත. අනාගතයේ දී එය ලොව අංක එකේ ප‍්‍රචාරණ මාධ්‍ය බවට පත්වනු නොදනුමානයි. නමුත් තවමත් පරිපූර්ණ නොවී තිබෙන තාක්ෂණික පහසුකම් එම ගමන ප‍්‍රමාද කරනු ලබනවා. ලෝකය පුරා මෙන්ම රටක් වශයෙන් ද දැකිය හැකි සංඛ්‍යාංඛ විෂමතාව මීට හේතුවයි. එනම් විවිධ හේතුන් පදනම් කරගෙන නව සන්නිවේදන තාක්ෂණයට පිවිසීමට ඇති දුෂ්කරතාවයයි. සංවර්ධිත රටවල නම් නව මාධ්‍ය ප‍්‍රචාරණය සාර්ථකව කරගෙන ය හැකි වූව ද ශ‍්‍රී ලංකාව වැනි රටක එය ඉතා අපහසුයි. මන්ද අගනගරය හා තවත් නගර කිහිපයක හැරෙන්නට නව මාධ්‍ය ව්‍යාපතිය විශේෂයෙන් අන්තර්ජාල ව්‍යාප්තිය අවම වීමයි. කෙසේ වෙතත් සන්නිවේදනයේ නූතන ප‍්‍රවණතාව නව මාධ්‍ය වනවා සේම ප‍්‍රචාරණය ඇතුළු අලෙවිකරණ ක‍්‍රියාවලියේ අනාගතය ද නව මාධ්‍ය හරහා සිදුවන දිනය වැඩි ඈතක නොවේ යැයි ප‍්‍රාර්ථනා කරමු.
ආශි‍්‍රත ග‍්‍රන්ථ
කුසුම්සිරි විජයවර්ධන; ප‍්‍රචාරණයේ වෙනස්වීම් රටා; ගොඩගේ ප‍්‍රකාශන;1998


Domonic R' Joseph¦ The Dynamics of Mass Communications ^Media in Digital AgeTHE MCGRAW.HILL companies¦2005&
Srilanka Institute of Marleting Study Text


D.H.Charitha Pabasarani Marcus
AR/64986
AF/09/6684
 

18 comments:

  1. wow niyama wedagath lipi tikka mass comm walata wedagath congratzzzzzzzz

    ReplyDelete
  2. wadagath lipiyak oya laga digital marketing gana thorathuru thiye nam article ekak dannako

    ReplyDelete
    Replies
    1. ඔව්...ඩිජිටල් මාර්කටින් ලිපියක් දාන්නකෝ

      Delete
  3. hoda lipiyak godak watinawa...

    ReplyDelete
  4. Good News for Small and Medium Scale Industrialists

    ReplyDelete
    Replies
    1. A seminar and a workshop on digital marketing in future for SMEs
      For more information from Industrial Development Board

      Delete
  5. නියම ලිපියක් ගොඩාක් වටිනවා ස්තුති

    ReplyDelete
  6. ගොඩක් වටිනවා..thanqu..MACO වලට ගොඩක් හොද ලිපියක් ..

    ReplyDelete
  7. ගොඩක් වටිනවා..thanqu..MACO වලට ගොඩක් හොද ලිපියක් ..

    ReplyDelete
  8. ගොඩක් වටිනවා..thanqu..MACO වලට ගොඩක් හොද ලිපියක් ..

    ReplyDelete