Sunday, February 15, 2015

ත‍්‍රිමාණ සජීවිකරණය(3 D Animation)

ත‍්‍රිමාණ සජීවිකරණය (3 D Animation) අප හදුනාගන්නේ 90 දශකය අවසානයේදීය. 2000 දශකය පමණ වනවිට ටෙලිවිෂන් මාධ්‍යය මේ නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් හුරුවක් ලබමින් තිබුණි. කෙසේ වෙතත් ඊට පෙර සිටම එනම් ත‍්‍රිමාණ සජීවීකරණය භාවිතාවක් ලෙස පැමිණෙන්නට පෙරත් සජීවිකරණය විෂයයික වූ භාවිතාවක් ටෙලිවිෂන් මාධ්‍යය තුළ තිබිණි. එය හැදින්වූයේ ‘ඔප්ටිකල් ෆෙක්ට්ස්’’යනුවෙනි. එය සිදු කළේ කැමරා කාච ම`ගින් වන අතර විශේෂයෙන්ම මාධ්‍ය රූප නිර්මාණය කිරීමද එම`ගින් සිදුවිය.ප‍්‍රථමයෙන් විවිධ වැඩසටහන් වෙනුවෙන්ද යොදාගත් එය පසුව ටෙලිනාට්‍ය සදහා නිර්මාණාත්මක උපක‍්‍රමයක් ලෙසින් යොදා ගැනීමද සිදුවිය. එසේ වුවත් ලොව තාක්ෂණික ප‍්‍රබෝධයේ වේගවත් ගමන ඉදිරියේ මෙම තාක්ෂණික සිනමා සහ ටෙලි මාධ්‍යට ත‍්‍රිමාණ සජීවිකරණ හැසිරීමක් අවශ්‍ය විය.

මේ සම්බන්ධයෙන් මූලික තලයේ අත්හදා බැලීම් කළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වේ නම් ඒ පෝර්ජ් ලූකස්ය. ඔහු විසින් නිර්මාණය කරන ලද Star wars චිත‍්‍රපට මාලාව ඒ සදහා දිය හැකි හොදම උදාහරණයයි. නමුත් ඔහු ඒ කාර්යභාරය පහසුවෙන් අත්කරගත්තක් නොවේ. ඊට අදාළ පරිගණක මෘදුකාංග නිෂ්පාදනය නොවූ පමණක් නොව ඒ පිලිබද අදහසක්වත් නොතිබූ යුගයක ලූකස්ගේ මේ ප‍්‍රයත්නය පුදුම සහගත කටයුත්තක්ම විය. ඇතැම් අවස්ථාවලදී සිය කටයුත්තට ඔහු සහය ලබාගත්තේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ භාවිතා වූ ඇතැම්  අත්දැකීම් සහ උපකරණ මගින් බවත් තම අවශ්‍යතාව වෙනුවෙන් පරිඝණක මෘදුකාංග නිෂ්පාදනය කරගැනීමට පවා ඔහුට සිදුවූ බවත් හදුනාගත හැකිය. නමුත් ඒ වත්මන් ත‍්‍රිමාණ සජීවිකරණය නොවීය.විෂුවල් ඉෆෙක්ටිස් නම් භාවිතාවට වඩා තාක්ෂණික අවබෝධයක් සත්‍ය වශයෙන්ම ඒ යුගයේදී ඔහුට නොතිබුණි.


විෂුවල් ඉෆෙක්ටිස් තාක්ෂණය හැරුණු කල වෝල්ට් ඩිස්නිද්විමාන සජීවිකරණය එකල තිබුණු අතර ඉන් ඔබ්බට ගිය ත‍්‍රිමාණ සජීවිකරණය පිළිබද හාන්කවිසියක්වත් ලෝකය එදා දැන සිටියේම නැත.
කෙසේ වෙතත් ඩිස්නිලන්තයෙන් ඉවතට එන එඞ් කැටිමුල් විශේෂයෙන්ම ජෝන් ලැස්ටර් නම් පුරෝගාමී චරිත ජෝර්ජ් ලූකස් යැයි කියමින් එය පැහැදිලි කළ විට ලූකස් එය ප‍්‍රකික්ෂේප නොකළේය. නමුත් ඒ වෙනුවෙන් යොදවන්නට තරම් ප‍්‍රාණවත් ධනයක් ඔහු සතුව තිබුණේ නැත. කෙසේ වෙතත් ලූකස් මේ පුරෝගාමී මිනිසුන්ට ඒ වනවිට බිලියනපතියකුව සිටි තවත් පුරෝගාමී චරිතයක් වන ස්ටීවි ජොබ්ස්ට් හදුන්වා දෙන්නට කටයුතු කළේය.


ස්ටීවී ජොබ්ස්ට මේ නව්‍ය අත්හදාබැලීම අවබෝධ නොවුණු බව ඔහුම පවසා ඇත. එහෙත් එහි යම් වටිනාකමක් ඔහුට දැනුණා විය යුතුය. ඒ නිසාම ඔහු ඒ වෙනුවෙන් මුදල් ආයෝජන කළද ඊට සරිලන ආකාරයෙන් ලාභයක් කෙසේ වෙතත් යෙද වූ මුදලවත් ලබා දෙන්නට කටයුත්තේ නිරත වූ පුරෝගාමී ශිල්පීන්ට හැකි වූයේ නැත. චිත‍්‍රපටකරණයට අදාළව නව්‍ය  සජීවිකරණයක් වෙනුවෙන් එසේ  අත්හදා බැලීම් කරමින් සිටි ඔවුන් අවසානයේදී සිය පැවැත්ම උදෙසා පෙරකී මූලික අදහස මොහොතකට අත්හැර වෙළද දැන්වීම් නිර්මාණයට එම තාක්ෂණය ලබා දී තිබේ.

කෙසේ වෙතත් ස්ටීවි ජොබ්ස්ටද දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට නො හැකි වුණු අතර ජෝන් ලැස්ටර් එහිදී කරන්නේ තමන් මුලින් සිටි ආයතනයටම එනම් ඩිස්නි සමාගමට මේ තාක්ෂණ භාවිතාවෙන් යුත් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට යෝජනා කිරීමයි. 1992 වසරේදී Toy story නම් මුල්ම ත‍්‍රිමාණ සජීවිකරණ චිත‍්‍රපටය නිර්මාණය වන්නේ ඒ උත්සහයේ ප‍්‍රතිඵලයක් හැටියටය. ඒත් සමාගම ලෝක සිනමාව මෙතෙක් නොසිතූ විරූ තාක්ෂණික අත්දැකීමක් සමග පෙරළිකාර යුගයකට අවතීර්ණ වෙන අයුරු දකින්නට ලැබුණි. කෙසේ වෙතත් එහි කීර්තිය අත්කරගන්නේ ඒසා වෙහෙසකින් එය සාක්ෂාත් කරගත් ශිල්පීන් නොවේ. ඊට මුදල් ආයෝජනය කළ වෝල්ට් ඩිස්නි සමාගමයි.


පසුව ET හි පිටසක්වළ ජීවියාත්, ටයිටැනික් ඛේදවාචකයත්. ජුරාසික් පාක්හි ඩයිනෝසරයනුත් කිසිදු වෙනසකින් තොරව සජීවි ලෙසින් රූපගත කරගෙන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය එසේ ලොවට පැමිණීම නිසාය.
කර්මාන්තයක් වශයෙන් ගත් කල අපේ සිනමාව මුල් යුගයේදී අඩුම තරමින් ආසියානු සිනමාවත් සමග කරට කර සිටින තත්වයක් පවත්වාගෙන ආ බවට වූ පිළිගැනීම ඊට හිමි ගෞරවය ලබාදීමක් වේ. එහෙත් පසුව ඒ තත්වය ක‍්‍රමානුකූලව අපෙන් ගිලිහෙන්නේ ලෝක සිනමාවේ තාක්ෂණය, එම ආම්පන්න සහ ක‍්‍රමවේද අපටද ලැබෙන පසුබිමකය. සිනමාව පසුපසට ගමන් කිරීමකි. මේ ආකාරයෙන් ශ‍්‍රී ලාංකීය සිනමාව පසු බසින්න බාහිර සමාජ දේශපාලන හේතුද තිබුණි. අනෙක් පසින් ප‍්‍රවීණ සිනමාකරුවෝ සිනමා කර්තව්‍යය අත්හැර නිහඩවීමද ඊට හේතු වු බරපතළ සාධකයක් විය. ඒ අනුව එය නරක කාලයක් බව පිළිනොගෙන සිටීමට අපට හැකියාවක් නැත.


අපට උදා වුණු එම නරක කාලය තුළ ලෝක සිනමාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කරමින් පිමි ගණනාවකින් ඉදිරියට ගමන් කර අතර ත‍්‍රිමාණ සජීවිකරණය පිටුවහල් කරගනිමින් දැවැන්ත පසුතල සහිත අවතාර්, ගොඞ් ඔෆ්  ද රින්ග්, වැනි කල්පිත දේශයන් මනඃකල්පිත චරිත ජීවමානව සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඞ් සිනමා තිර මත ප‍්‍රති නිර්මාණ ලෙසින් ඉදිරිපත් කෙරෙමින් තිබුණි. බොලිවුඩි සිනමාව තුළ පවා අතිමහත් පසුතල නිර්මාණය වුණේ ද ඒ අනුහසිනි. එහෙත් අපේ සිනමාව ඒ ලෝක ජයග‍්‍රහණ නුදුටු ඇසින්, නොපැතූ ලෙසින් අවිචාරවත් පැවැත්මකට සිරගතව තිබුණි. සියලූ කටයුතු වෙනුවෙන් ඉන්දියානු චිත‍්‍රාගාරවලට සහය පතන පසුගාමී තැනක එය පැවතුණි. එය වෙනස් කළ නොහැකි තත්ත්වයක් සේද දකින්නට ලැබුණි.

2000 දශකය ආරම්භයේදී ත‍්‍රිමාණ සජීවිකරණය අපේ චිත‍්‍රපට අතරටද පැමිණෙන්න පටන්ගත් අතර ”අග්නි දාහය” සුළු වශයෙන් එකී තාක්ෂණය යොදාගත් පළමු චිත‍්‍රපටය බවට පත් වුණි. ඒ අනුව එය සුළු අත්හදා බැලීමක් වශයෙන් හදුන්වාදීමට හැකියාව ඇත. කෙසේ වුවත් අවසන් මුද්‍රණ කටයුතු සදහා ඉන්දියාවට යැවීම තවදුරටත් අත්නොහැරී තිබුණි.

‘අබා’ දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් වන්නේ ත‍්‍රිමාණ සජීවිකරණය කෙරෙහි විශ්වාසය තබාය. ‘අබා’ චිත‍්‍රපටයේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධයෙන් ශිල්පී චමත් පරණවිතාන මැදිහත් වන අතර තවදුරටත් ඉන්දියාවේ සහයක් නොමැතිව සමස්තයක් වශයෙන් එහි කටයුතු මෙරට තුළදී අවසන් කිරීමේ අභියෝගය ඔහු බාර ගන්නේද සෙසු පිරිස ඒ කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබන පසුබිමකය. ඒ අනුව දල සේයාපට ඉන්දියාවට යවා ස්කෑන් කොට හාඞ් ඩිස්ක් මගින් මෙරටට ගෙන්වා සජීවීකරණ කටයුතු මෙරටදී සිදු කොට අවසන් කිරීම කාලයට සාපේක්ෂව අභියෝගයක් වුවත් අවසානයේදී එය නිසියාකාරවම සිදු වුණි. ඒ නිසාම ‘අබා’ යම් වෙනස් තත්ත්වයක් තාක්ෂණය අතින් මෙරට සිනමාවට ලබාදුනි.

කෙසේ වුවත් ඒ සමාගම දැවැන්ත පසුතල සහිත ඓතිහාසික කතා පුවත් සහිත චිත‍්‍රපට රැල්ලක්ම බිහිවුණත් බලාපොරොත්තු වූ ආකාරයේ ප‍්‍රගතියක් හෝ ජයග‍්‍රහණයක් ඉන් අත්වීද යන ප‍්‍රශ්නය මේ වනවිට පැනනැගී ඇත.

සජීවිකරණ ශිල්පියකුට සිය කටයුත්තේදී ආලෝකකරණය, වේෂ නිරූපණය, වර්ණ සංයෝජනය යන විෂය අවබෝධය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නකි. විදේශ රටවල් තුළ එම එක් කටයුතු වෙනුවෙන් විශේෂඥ දැනුමකින් පොහොසත් සජීවිකරණ ශිල්පීන් සිටිති. නමුදු  අප රට තුළ මේ සියල්ල Desktp  වැඩක් ලෙස එකම ශිල්පියකුගෙන් බලාපොරොත්තු වෙයි.


ඒහේතුව නිසා අප රටේ ත‍්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප‍්‍රයෝග සම්බන්ධව ඒ ඒ විෂයන්ට අදාළව විශේෂඥයන් බිහිවන්නට හැකියාව නැත. මේ විෂය විශ්වවිද්‍යාල විෂයක් වශයෙන් ලෝකය  අද පිළිගෙන ඇත.අවශ්‍ය ශිල්ප ප‍්‍රාගුණ්‍යය කෙසේ වෙතත් ඒ සම්බන්ධ පූර්ණ අවබෝධයක්වත් තවම අප රටේ නොමැත. කෙටියෙන් පැවසුවහොත් යම් චිත‍්‍රපටයක් සදහා සජීවිකරණ ශිල්පීය ක‍්‍රමෝපායන් ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එහි අධ්‍යක්‍ෂවරයා වේෂ නිරූපණයේ සිට අලෝකකරණය, කලා අධ්‍යක්‍ෂණය මුල් කොටගත් චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය සහ ඊට අදාළ සෑම කටයුත්තක් වෙනුවෙන්ම ත‍්‍රිමාණ සජීවිකරණ සහ විශේෂ ප‍්‍රයෝග ශිල්පියාව කැදවා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව හිතුමතයේ රූපගත කළ රූප සමූහයක් ගෙනැවිත් ඊට අවශ්‍ය පසුතල සකස් කර දෙන්න යැයි පවසා පිටව යන චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් ප‍්‍රකාශ කරන්නේ උක්ත තාක්ෂණවේදය ගැන තමන්ගේ නොදැනුවත්කමට වඩා වැඩි දෙයකි. ඒ අනුව මෙම තාක්ෂණය පිළිබද පූර්ණ අවබෝධය ලැබිම තුළින් විශිෂ්ට සිනමාවකට අපටද උරුමකම් කිව හැකිය.



W.M.Hashala Niroshani
AR/65226
AF/09/6924

No comments:

Post a Comment