Thursday, February 5, 2015

ස්කයිප් සේවාවේ තොරතුරු




ස්කයිප්  සේවාවේ තොරතුරු


 ස්කයිප් යනු පරිශිලයන් හට අන්තර්ජාලය හරහා කටහඬ හා විදෘශ්‍ය දෑ හුවමාරූ කර ගැනිමට සම්භාශයක් පැවැත්විමට නිමවන ලද වැඩසටහනකි.ස්කයිප් සේවාවට ඇතුලත් වී සිටින අනෙකුත් පරිශිලකයන් හට ඇමතුම් ලබා ගැනිම නොමිලේ වෙයි.

 :ස්කයිප් සේවාව භාවිතයේදී වයස් සීමාවක් නොමැති බව දන්නෙහිද?



නුදුරු දිනකදි ගමනාත්තය දක්වා ගමන් ගන්නා බස්රථයක් තුළදී සිදු වු අපූරු සංවාදයක්  ආශ‍්‍රය කර ගනිමින් මාගේ මාතෘකාවට ආදාළ තොරතුරු ගෙන හැර දැක්විම අතිශය යෝග්‍යය යැයි සිතමි. වයස අවුරුදු 65ක් වයසැති මවක් හා එවැනිම වයසකු ගැහැනියක් මෙම දෙබසේ කතානායිකාවන් වෙයි. ඔවුන්ගේ එක් අයෙකු පැවසුයේ...
.
1කාන්තාව:  දැන් පුතා ළඟදි කොරියන් ගියා නේද? එහෙනම් දැන් ලියුම් එහෙමත් එවනව ඇතිනේ......

2කාන්තාව:  පිස්සුද? දැන් මොකටද ලියුම් අපේ පුතා කතා කරන්නේ ස්කයිප් එකෙන්නේ. එයා දැන් ගෙදර ඉන්නවා වගේ. කොරියාවට ගිය දවසෙම අපිත් එක්ක කතා කරා.යනකොට අපිට ස්කයිප් හදලනේ ගියේ.

මෙම සංවාදය මාගේ මාතෘකාවේ තොරතුරු වලට යෙදිම සඳහන් කරන්නට සිදු වුුයේ ස්කයිප් භාවිතය හා  සමාජ සබඳතා පවත්වා ගැනිම පිළිබඳව මා සාකච්ජා කිරිමට බලාපොරොත්තු වන නිසා වෙනි.ඒ අනුව කිසිදු   වයස් භේදයකින් තොරව මෙම සන්නිවේදන උපකරණය හා සම්බන්ධ වීමට මිනිසුන් උනන්දු වී තිබෙන බවක් කිව හැකිය.වර්තමානයේ පවතින සන්නිවේදන තාක්ක්‍ෂණයේ දියුණුව හේතු කොට ගෙන සමස්ථ ලෝකයම විශාල පරිවර්තනයකට පත් වී තිබෙන ආකාරය දැක ගන්නට ලැබෙයි.

:නුතන සන්නිවේදනයේ ස්කයිප් භාවිතය


නුතන සන්නිවේදන තාක්‍ෂණයේ මෙලෙස වන්නා වු දියුණුව සමඟම හුගෝලිය පරිසරය තිරණාත්මක සාධකයක් නොවන ආකාරයක් හදුනා  ගත හැකිය. එලෙසම කාලය හා අවකාශය යන සාධකයන්ට මෙම යුගය තුළදි කිසිදු වටිනාකමක් හිමි නොවීමයි. වෙනදා භෞතිකව පෙනි සිටිිය යුතු බොහෝ දෑ දැන් අතත්‍ය යතාර්ථය (vertical) මෙන් පෙනිමෙන් ඉටු කර ගැනිමට හැකියාව ලැබී තිබේ. එම තත්වය ස්කයිප් වීඩියෝකරණය හරහා සිදු කර  ගැනිමට හැකිියාව ලැබී ඇත.ස්කයිප් භාවිතය පිළිබඳව විමසිමට පෙර 2011 දි ස්කයිප් සේවාව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර්  මිලියන 8.5 කට මිලට ගන්නා ලදි.එමෙන් ස්කයිප් භාවිතය දිනකට  මිනිසුන් බිලියන දෙකක පමණ ප‍්‍රමාණයක් බව වාර්තා වෙයි. එහෙයින් වර්තමානය වන විට නුතන සන්නිවේදන ජාලය තුල පෙරටම පැමිණිමට ස්කයිප් සේවාවට හැකියාව  ලැබී ඇති බව පැහැදිලිව පෙනෙයි.


:ස්කයිප් භාවිතය කරන්නේ කෙසේද ?



ස්කයිප් සේවාව භාවිත කරන්නෙකු හට තමන්ටම අනන්‍ය වු ස්කයිප් ගිණුමක් තිබිය යුතුුයි. පෞද්ගලිකතාවය සම්බන්ධයෙන් තහවුරු වීමක් මේ හරහා ලැබෙන අතර එය භාවිත කරන්නන් සතුව රහස්‍ය අංකයක් තිබෙන බැවින් ඉන් එම තැනත්තාගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු නොවන අතර වෙන අයෙකුට ද එය භාවිත කළ නොහැක. ඒ අනුව  ඕනෑම අයෙකුට ස්කයිප් ගිණුමක් ආරමිභ කොට ස්කයිප් තාක්‍ෂණය හා සම්බන්ධ විමට අවකාශය ලැබේ.එසේම ස්කයිප් තාක්‍ෂණය තුළදි එය භාවිතා කරන්නා හට අවශ්‍යනම් පුද්ගලයාගේ ජායාරුපයක් profile  එක  සඳහා  ඇතුළත්   කිරිමට පුළුවන්ය.      




වර්තමානය වන විට  Mobile phone හරහාද ස්කයිප් තාක්‍ෂණය දියුණු වී ඇති ආකාරයක් පෙනි  යයි.
ස්කයිප් භාවිිත කිරිමේදි අනෙකුත් සමාජ ජාල මෙන්ම  මේ හරහාද නව මිතුරු මිතුරියන් හා සම්බන්ධතා පැවැත්වීමට හැකියාව ලැබෙයි.
මේ ආකාරයට ස්කයිප් භාවිතය සිදු කිරිමට හැකි වන අතර ඉන් සබඳතා පවත්වා ගැනිමට ද හැකියාව ලැබෙයි.විශේෂයෙන්ම පවසන්නේ නම් මේ තාක්‍ෂණය හරහාද තව දුරටත් භූගෝලිය තීරණාත්මක සාධකයක් නොවෙයි. දුරස්ත සබඳතා සමීප සබඳතා බවට පත් කරමින් ඒ සඳහා යම් ජිවයක් ලබා දිමට හැකිය.මෙහිදි මා එලෙස පැවසුවේ මීට ශතක කිහිපයකට පෙරදි මිනිසුන් රටින් එතෙර තම සමීපතයන් සමග සබඳතා පැවැත්වුයේ ලිපි මගිනි.එකී ලිපි එහා-මෙහා හුවමාරු වීමේදි මාසයක් පමණ කාලයක් එම හුවමාරුව සිදු විය.විදේශගත තම සමීපතමයා ගෙන් තොරතුරක් ලබා ගැනිමට බොහෝ කාලයක් බලා සිටීමට සිදු විය.නමුදු වර්තමානය වන විට සමාජ ජාලයන් සන්නිවෙිදන දියුණුයත් සමග කාලය යන පරතරය මිනිසාගෙන් බොහෝ දුරට ඈත් වෙමින් පවතින ආකාරයක් දැකිය හැකිය.ඒ අනුව පුද්ගලයන්ට සමාජිය වශයෙන් තම සබඳතා පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන අතර  ඕනෑම කාලයක් සන්නිවේදනය පවත්වාගෙන යාමට ද හැකිය.එලෙසින්ම ස්කයිප් තාක්‍ෂණය හේතු කොට ගෙන ලිපි ලේඛන මගින් සන්නිවේදන කාර්යයයේ යෙදෙනවාට වඩා වෙනස් බවක් ද පුද්ගලයන්ට ලැබෙයි.එනම් තම සමීපතමයා සමග සන්නිවෙිදනය කිරිමෙිදි දෙදෙනාගේම හැඟම් ඉරියවි ආදි සෑම අංශයක්ම දැක බලා ගැනිමට ද අවස්ථා ලැබෙන නිසා සජිවීබවක් ඉන් හැගවෙයි.
     




විනෝදාස්වාදය හුදකලා බව මග හැර ගැනීමට ස්කයිප් තාක්‍ෂණය හරහා සබඳතා පවත්වා ගත හැකිය.ස්කයිප් ගිණුමේ තම මිතුරෙක්  ONLINE  ලෙස පෙන්නුම් කෙරෙයි නම් එම මිතුරාට ස්කයිප් ඇමතුම සම්බන්ධ කරවීමෙන් අල්ලාප-සල්ලාපයේ යෙදිමට හැක.
එමෙන්ම සමාජ සබඳතා වලදි ව්‍යාපරික කටයුතු සඳහාද දේශපාලන කටයුතු ආදි කටයුතු සඳහාද ස්කයිප් සේවාව ප‍්‍රයොජනයට ගනු ලබන අවස්ථා දැක ගැනිමට හැකිය.බොහෝ අවස්ථා වලදි ව්‍යාපාරික කටයුතු සඳහා ව්‍යාපාරිකයන් මෙම සේවාව හරහා සමාජිය සබඳතා ගොඩ නගා ගනු ලබයි.



:ස්කයිප් ගිණුමේ නවතම සොයා ගැනිම


වර්තමානය වන විට ස්කයිප් සේවාව හරහා සමාජ සබඳතා ගොඩ නංවා ගැනිමේදි ස්කයිප් තාක්‍ෂණයට  ”ෆේස්රිග් මෘදුකාංගය” යොදා ගෙන නවතම කි‍්‍රයාවලියක් කිරිමට ස්වීඩනයේ විසාජ් ටෙක්නොලජි සමාගම සමත් වී තිබේ .එහිදි නව පරිගනක වැඩසටහනක් හරහා රතු පැන්ඩාවකුගේ පටන් අං යක්ෂයෙකු  දක්වා  ඕනෑම ජනපි‍්‍රය චරිතයක් බවට පෙරළී මිතුරා විස්මයට පත් කරමින් කතා කිරිමට හැකිය.එහිදී තෝරාගත් රූපයට සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයාගේ ඉරියව් පවා අනුකරණය කළ හැකිය.මෙය ගෘහස්ත සන්නිවේදනයට පමණක් නොව ව්‍යාපාරික කටයුතු වලටද සිදු කිරිමට හැකි බව පෙන්වා දිය හැක.

:ස්කයිප් භාවිතයේ අහිතකර ප‍්‍රතිඵල පිළිබඳව ඔබ දන්නෙහිද?


මේ ආකාරයට සමාජ ජාලයන්ගේ ජනපි‍්‍රය සමාජ ජාලයක් වන ස්කයිප් තාක්‍ෂණයේ සමාජ සබඳතාවන් පවත්වා ගැනිමට එහි ඇති වැදගත්කම පිළිබඳ සඳහන් කළ අතර ඉන් සිදු වන අහිතකර තත්වයන් කෙරේද අවධානය යොමු කිරිමට මා බලාපොරොත්තු වෙමි.පෙෘද්ගලිකව පරිහරණය කිරිමට නොමැති පරිගනකයක් /ලැප්ටොප් එකක් නොමැති අයකු ස්කයිප් සේවාව ලබා ගැනිම සඳහා ඉන්ටර්නෙට් කැෆේ වෙත යයි.එහිදි ස්කයිප් වෙත ලොග් වෙන පුද්ගලයන් බොහෝ දෙනෙකුට මෙම ගැටලුවට මුහුණ දීමට සිදු වෙන බවක් කිව යුතුය.මෙම ඉන්ටර්නෙට් කැෆේ තුළදි එක් පුද්ගලයකු තමන්ගේ ස්කයිප් එකෙන් ලොග් වු විටදි එම User Name එක නමින්   Folder එකක් සැදෙයි.මෙම  Folder එක ඇතුලත Data Base  එකක් තිබෙන අතර මෙකී  File එකෙන්  ඕනෑම අයකුට එම තැනැත්තාගේ ස්කයිප් ගිණුමට ඇතුලත් වීමට හැකි වෙයි.මේ සඳහා User Name එක හෝ රහස්‍ය අංකයද අවශ්‍ය නොවෙයි.මෙහි පවතින ඉතාමත් අයහපත් තත්වය වන්නේ එකී තැනත්තා කතා කළ සෑම දෙයක්ම බලා ගැනිමට හැකි වීමයි. මේ නිසා පුද්ගලයකුගේ පෞද්ගලිකත්වයට තදින්ම හානියක් සිදුවන ආකාරයක් කිව හැක.එහෙත් එලෙස සිදු වන්නේ ඉන්ටර්නෙට් කැෆේ තුළින් ස්කයිප් භාවිත කරන අයට බව සඳහන් කළ යුතුය. එමෙන්ම ලංකාවේදි එක් කාන්තාවක් තම විදස් ගත සැමියා සමග ස්කයිප් මාර්ගයෙන් කතා කරන අවස්ථාවේදි තමන්ගේ සිය දිවි නසා ගැනිම ස්කයිප් මගින් තම සැමියාට බැලිමට සැලැස්වීමට කටයුතු කරන ලදි.තාක්‍ෂණයේ දියුණුවත් සමගම මිනිසුන් තාක්‍ෂණය අයුතු ලෙස භාවිතා කිරිමට පටන් ගෙන ඇති ආකාරයක් සඳහන් කළ හැකිය.සන්ණිවේදන තාක්‍ෂණය අයුතු පරිදි භාවිතයට ගැනිම තුළින් සමාජයට මෙන්ම පුද්ගලයාටද ඉන් අහිතකර ප‍්‍රතිඵල විඳදරා ගැනීමට සිදු වෙයි.එලෙසම තම සැමියා සමග ස්කයිප් මාර්ගයෙන් කළ කතාව අල්ලපු ගෙදර සිටින පුද්ගලයකු අසාගෙන සිට එම කාන්තාවට තර්ජනය කරන ලද සිද්ධියක්ද වාර්තා වුයේය.එම නිසා  මෙම තාක්‍ෂණය මගින් වඩාත් පහසුවක් ලැබෙන අතරම වඩාත් භයානක තත්වයක්ද පවතින බව පෙනෙයි.
එසේම මෙම සමාජ ජාලාව හරහා වැරදි කි‍්‍රයාවන්ද බොහෝ ප‍්‍රමාණයක් සිදු වන අතර එය අයුතු පරිදි ප‍්‍රයෝජනයට ගන්නා අවස්ථාද පවතී.මේ අනුව ස්කයිප් භාවිතය හා සමාජ සබඳතා පවත්වා ගැනම කෙසේ සිදු විය යුතුද යන්න තේරුම් ගත හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ

http://managementinsinhala.wordpress.com
http://nanapahanaealokaya.blogespost.com
www.balanka.com
http://it.seethawakapura.com       
http://blogs.geegain.com

player.mashpedia.com



කේ.එස්.එම්.පෙරේරා
A /R 65038
A / F 6736
සිංහල හා ජනසන්නිවෙිදන අධ්‍යනංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගංගොඩවිල
නුගේගොඩ

No comments:

Post a Comment