Sunday, February 1, 2015



ඔබ දන්නා  wifi තාක්ෂණය ගැන නොදන්නා දෙයක්

වත්මන් සමාජය තුළ නිරන්තරයෙන් අසන්නට ලැබෙන තාක්ෂණික සන්නිවේදන ක්‍රමයක් ලෙස wifi තාක්ෂණය දැක්විය හැකිය.wifi තාක්ෂණය භාවිතාකර පහසුවෙන්ම අන්තර්ජාල පහසුකම් ලබා  ගැනිමට හැකි බව ඔබ සියලුදෙනා දන්නා සාමාන්‍ය කරුනක්.ඔබේ කාර්යාලයේ නේවාසිකාගාරයේ විශ්ව විද්‍යාලයේ ඔබ දැනටමත් wifi තාක්ෂණය භාවිතා කරනවා විය හැකිය.
Wifi තාක්ෂණය යනු කුමක්ද?wifi තාක්ෂණය යනු රැහැන් රහිතව පරිගණක ජාලා සමග හෝ අන්තර්ජාලය සමග සම්බන්ධ වන්නට තිබෙන වේගවත්ම තාකෂණයකි.wifi යන  කෙටි පදය සැදි ඇත්තේ wireless fidelity යන ඉංග්‍රිසි වචනය කෙටි කිරිමෙනි. මෙය trade name එකකි.මේ තාක්ෂණය wlan wireless local area network ලෙස හදුන්වනු ලබයි. පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමානයක් දත්ත හුවමාරු කිරිම සදහා භාවිතා කළ තාක්ෂණය lanලෙස හදුන්වනු ලබයි.[local are network] Walnයනු lan වල දෙවනි පරම්පරාවයි.මේ තාක්ෂණය තුළින් කේබල් හරහා හුවමාරු කරගන්නා ලද දත්ත කේබල් නොමැතිව හුවමාරු කිරිම කරනු ලබයි.
Wifi තාක්ෂණය සොයාගැනිමේ ඉතිහාසය 90 දශකය තෙක් ඈතට දිව යයි. නෙදර්ලන්තයේ ඒටි.ටි[ at & t] සහ එන්සි. ආර්. කෝපරේෂන් [ncr corporation]නම් ආයතන දෙක එකතුවි කල පර්යේෂණ හරහා 1991 වර්ෂයේදි මේ තාක්ෂණය සොයාගෙන තිබේ.wifi තාක්ෂණයේ පියා ලෙස සැලකෙන්නේ වික් හෙයාස්ය. Wifi තාක්ෂණය සොයා ගැනිම සදහා පුරෝගාමිව කටයුතු කළ ඔහු විසින්. Wifi යන නාමයද නිර්මානය කර තිබේ.වර්තමානයේ මේ තාක්ෂණයේ යෙදිම් බලය පිළිබද හිමිකම දරනු ලබන්නේ Wifi එලායන්ස් නම් ජාත්‍යන්තර සන්ධානයයි.

වයර්ලස් ක්‍රමයට අන්තර්ජාලය සමග ඉතාවේගයෙන් සම්බන්ධ වියහැකි තාක්ෂණයකි Wifi .ස්මාට් phone, ටැබ්ලට, ලැප්ටොප් පරිගනක, වැනි උපකරන තුළ wifi තාක්ෂණය භාවිතා කළ හැකිය.සෙලියුලර් දුරකතන, රේඩියෝ යන්ත්‍ර, වල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංග රැහැන් රහිත ජාලයක් හරහා තොරතුරු හුවමාරු කරගැනිම සදහා යොදාගනු ලැබේ.
 Wifi ක්‍රමයේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සදහා තිබිය යුතු ප්‍රදානතම උපාංගය වන්නේ වයර්ලස් රවුටරයකි.එය කේබල් ආධාරයෙන් අන්තර්ජාලයට සම්බන්ධ කර තිබේ. අන්තර්ජාල සබදතාවයෙන් ලබාගන්නා දත්ත හා තොරතුරු ඇන්ටනා මගින් රේඩියෝ තරංග බවට හරවා සම්ප්‍රේෂෙණය කරනු ලබයි. මේ රේඩියෝ තරංග අඩි 150ක් දුරට විසිරෙන අතර එවා ග්‍රහනය කරගැනිම සදහා පරිගණකය තුළ ඇඩප්ටරයක් හෝ පිසි කාඩ් එකක් තිබියයුතුය.වයර්ලස් ක්‍රමයට පරිගණක රාශියක් සම්බන්ධ කිරිමේ පහසුම ක්‍රමය ලෙස සැලකෙන්නේ මේ තාක්ෂණයයි.

පරිගණකය wifi ජාලයක් තුළින් අන්තර්ජාලයට සම්බන්ධ විමෙදි මුලික වශයෙන් ක්‍රියාවලින් දෙකක් සිදුවේ.
1.පරිගණකයේ ඇති වයර්ලස් ඇඩප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනා මගින් සම්ප්‍රේෂණය කරනු ලබයි.
2.රැහැන් රහිත රවුටරය ඒ දත්ත ලබාගෙන එවා පරිගනක දත්ත බවට  ආපසු හරවයි.ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ කෙරේ.

පරිගණක අන්තර්ජාලයට පිවිසුන විට ඒමගින් ගුවන් විදුලි තරංග ලෙස විකාෂණය වේ.නැවත එය ග්‍රහනය කරගන්නේ රවුටරය මගිනි.රවුටය මගින් එම දතත නැවත අන්තර්ජාලයට මුදාහරිනු ලැබේ.
අන්තර්ජාලය සමග රැහැන් වලින් සම්බන්දවු රවුටරයක් තිබෙන ඇන්ටනාවක් නිවස ඇතුළත හෝ එළිමහනේ පිහිටුවිය හැකිය.මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේෂෙණය කරනු ලබන හෝ ලබාගන්නා බල ප්‍රදේෂයක් තිබේ.එම බල ප්‍රදේෂයේ wifi සබදතාව ලබාගතහැකි ස්ථාන හොට්ස් පොට්ස් ලෙස හදුන්වයි.




එලිමහන්කුලුනක  wifi රවුටරයක් තබා එකවර විශාල පිරිසකට අන්තර්ජාලයට පිවිසිය හැකි පරිදි ජාලයක් තැනිය හැකිය. එය අඩි 150ක් කවාකාර වෘතයකට සිමාවේ.එම වෘතය අවසන් වන සිමාව තුළ තවත් රවුටරයක් තැබිමෙන්ඉන් එහාට අඩි 150ක් අන්තර්ජාල සබදතාව ගෙනයා හැකිය.මේ ආකාරයට රවුටර් ගනනාවක් සෙල් එකක් ලෙස පිහිටුවිමෙන් විශාල ප්‍රදේශයකට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දියහැකිය.දියුනු රටවල මේ ක්‍රමවේදය භාවිතා කරනු ලබයි.
ලැප්ටොප් පරිගණකයක් මගින්wifi තාක්ෂණය ලබා ගැනිමට නම් wifi හොට්ස්පොට් එකකට ඇතුළත් විය යුතුය.හොට්ස්පොට් එකක් ආශ්‍රිතව විසිරි තිබෙන රේඩියෝ තරංග වල සංඛ්‍යාතය  ඉහලය.
ලෝක මට්ටමින් තාකෂණික ප්‍රමිතින් සකස් කරනු ලබන ඇමරිකාවේ ඉලෙට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරුවන් ගේ ආයතනයේ ප්‍රමිතින්ට අනුව wifi ජාලයක් දත්ත හුවමාරු කරගනු ලබයි.එම ආයතන විසින් 802.11 යන ජාල ප්‍රමිතිය 802.11[net working standarad] මේ සදහා යොදාගැනේ.මෙම ක්‍රමයෙන්දත්ත සම්ප්‍රේෂණය කෙරෙන ගෙගා හර්ට්ස් 2.4 හා 5 යන රේඩියෝ තරංග පරාසය සදහා බලපත්‍ර ලබා ගතයුතු වන්නේ නැත.

Wifi තාක්ෂණයේ වාසි
1.එක් රවුටරයක් මගින් පරිගණක කිපයකට අන්තරජාල පහසුකම් ලබාදිය හැකිවිම.
2.කේබල් නැති නිසා පරිහරනය පහසුවිම.
3.නව පරිගණකවල wifi ඇඩප්ටර් සවිකර ඇතිනිසා වියදම අඩුය.
4.මන් සක්ෂතාවයෙන් ක්‍රියා කිරිමෙන් විශාල ප්‍රදේෂයකට ඉන්ටනෙට් නොමිලේ ලබාදිය හැකිවිම.
5.කේබල් අවශ්‍යතාවක් නොවන නිසා ජාලය ස්ථාපිත කිරිමට පහසුවිම.
6.wifi ජාලයක් සිථාපිත කොට පවත්වාගෙන යාම අනෙක් සන්නිවේදන ජාල පවත්වාගෙන යනවාට වඩා පහසුය.


Wifi තාක්ෂණයේ අවාසි
1.රවුටරය භාවිතා කළ හැක්කේ සිමිත දුරකටය.
2.පිටස්තරයකුට රවුටරයේ තරංග ජාලයට රහසිගතව පැමින දත්ත සොරකම් කළහැකිවේ.
3.මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහළ නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවිම එහි රස්නය ඉහලයාම සිදුවේ.
4. wifi ජාලයක් බලපවත්නේ සිමිත දුරකටය.



Wifi ජාලයක වැඩකරන්නේ මෙහෙමයි.
1.     Wifi හොට්ස්පොට් එකක් නිර්මානය වනසේ ගොඩනැගිලිවල පහන් කනුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවිකරයි.
2.     Wifi ජාලයකට යොමු කෙරෙන මුලික ඉන්ටනෙට් සම්බන්ධය[source internet connection ] ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ ස්ථාවර පරිගණකය  ඇන්ටනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.
3.     දැන් සමහර මොබයිල් phone වලටත් ලැප්ටොප් පරිගණකවලටත්  තාක්ෂණය හදුනාගැනිමේ මෙවලම් තිබෙන නිසා දැන් ඒවා හරහාද මේ wifi ජාලයට සම්බන්ධවිය හැකිය.
4.     ලැප්ටොප් පරිගනකද wifi ලබා ගත හැකි උපාංග සමග එන නිසා එවාටද මේwifi ජාලයට සම්බන්ධ විය හැකිය.
Wifi  ජාලයක් ඇති නගරයක ඔනැම තැනකට යන්නෙකුට තම ලැප්ටොප් පරිගණකය හරහා අන්තර්ජාලය සමග සම්බන්ධ වියහැකියි.
ඇමරිකාවේ නිවියෝක්, පෙන්සිල්වේනියා ඇතුලු නගර කිපයක wifi ජාල පිහිටුවා තිබේ.මෙසේ wifi ජාලයකින් වැසිගිය නගරයක ධාවනය වන මෝටර් රථ එකිනෙක හදුනාගැනිමට හැකිවන සේ wifi තාක්ෂණය යොදා ගැතිමේ වැඩසටහනක් යුරෝපයේ ක්‍රියාත්මක වේ.වාහන වල wifi පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇතිකිරිමෙන් නොපෙනෙන වංගුවකදි එක් මෝටර් රථයකට අනෙක් මෝටර් රථය හදුනාගැනිමට හැකිවේ.
පින්ලන්තයේ ඉකාහෝ සමාගම wifi තාක්ෂණයෙන් ජනයා හදුනා ගැනිමේ ක්‍රමයක් සොයාගෙන තිබේ.වාහන වල වේගය ගමන් කරන දිශාව යනාදිය දැනගැනිම සදහා ද wifi පද්ධතියක් වාහනයේ පිහිටුවිය හැකිය.

මේ wifi direct තාක්ෂණය ගැනයි

වයර්ලස් රවුටරයක් නොතිබුනද රැහැබන් රහිත peer to peer  ගොඩනගා ගැනිමට උපකරන බොහොමයක් මේ තාක්ෂණය භාවිතා කරනු ලබනවා.wifi direct තාක්ෂණය ad-hoc wifi mode යන සංකල්පයට සමාන කලහැකියි.android මෙහෙයුම් පද්ධතියද මේ තාක්ෂණය සදහා සහයෝගය දක්වයි.රැහැන් රහිතව Bluetooth මෙන් සන්නිවේදනය කළහැකි ක්‍රමයකි.

 සැම්සුන් සමාගමෙන් නවතම wifi තාක්ෂණයක් හදුන්වාදෙයි.

දැනට පවතින wifi තාක්ෂණයට වඩා පස්ගුනයක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි 60ghzwifi තාක්ෂණයක් සැමම්සුන් සමාගම සොයාගෙන තිබේ.මේ තුළින් මේගාබයිටිස් 575 ක් තත්පරයකදි හුවමාරු කරගැනිමට ලැබේ.2.4GHz හෝ GHz wifi තාක්ෂණය අභිබවා  Samsung s 802’llad 60 GHz wifi තාක්ෂනය ක්‍රියාත්මක වන බව සැම්සුන් සමාගම පවසයි.මෙය උපාංග වලට ලබාදිමට තවත් කාලයක් ගතවන බව සැම්සුන්සමාගම නිවේදනය කර තිබේ.

Wifi වෙනුවට  Lifi

wifi තාක්ෂණය තුළ ඇතිවි තිබෙන ගැටලු සහගත තත්වයන්ට පිළියමක් ලෙස Lifi තාක්ෂණය සොයාගෙන තිබේ.විද්‍යාඥයින් optical wireless  සන්නිවේදන තාක්ෂණය පිළිබදව කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ආලෝකය හරහාද දත්ත හුවමාරු කළ හැකිබව සොයා ගන්නා ලදි.ඒ තුළින් රැහැන් රහිත Lifi ක්‍රමය හදුවාදි තිබේ.මේ තාක්ෂණය බල්බයක් හරහා ලැබෙන ආලෝක තරංග මත පදනම් වි තිබේ.බල්බය මත සවි කරන ලද microchip එකක් තත්පරයට මෙගාබයිට් 150ක වේගයෙන් උපාංග 4ක් දක්වා හුවමාරුකළ හැකිබව සොයාගෙන තිබේ.මේ තාක්ෂණය භාවිතා කළහැකි උපකරණයක්ද සොයාගෙන නැත.

සන්නිවේදන කේෂත්‍රයේ නවතම විප්ලවය වු wifi තාක්ෂණය මගින් රැහැන් රහිතව ඉතාවේගයෙන් අන්තර්ජාලයට පිවිසිමට හැකියාව ලැබේ.මේ තාක්ෂණය මිනිසාගේ ශරිරයට අහිතකරබව විද්‍යාඥයින් සොයාගෙන තිබේ.






ආශ්‍රිත ග්‍රන්ත
1.www.hetadina blogspot.com
2.www.pariganakalokaya.com
3.www.pariganakalipiblogspot.com
4'wikipedia free encyclopedia

එම්.කේ.එස්.ගුණසේකර
AR/64804
AF/09/6502



No comments:

Post a Comment