Thursday, January 29, 2015

ජංගම දුරකතනය තෙක් සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර    

සන්නිවේදන ක‍්‍රමයන් ගේ විකාශනය ........



වර්තමාන ලෝකයේ පුද්ගලාන්තර සන්නිවේදනයේ ප‍්‍රබල කොටස් කරුවෙක් බවට දුරකතනය පත්ව ඇත. දුරකතනයද ක‍්‍රමයෙන් නවීනත්වයට පත්ව වී අද වන විට අතේ ගෙන යා හැකි  ජංගම දුරකතනය තෙක් එය පරිණාමය වී තිබෙි. ජංගම දුරකතනය හරහා අද මුළු විශ්වයම එකට එක්තැන් කළ හැකි තරමට පුද්ගලාන්තර සන්නිවේදනය වැඩිදියුණු වි තිබෙි.තමා සමිපයේ සිටින පුද්ගලයෙකු හා අදහස් හුවමාරු කර ගැනිමෙන් සෑහිමකට පත් නොවු මිනිසා ඈතක දුරක සිටින අය සමඟ පණිවිඩ හුවමාරු කර ගැනීමෙ අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය.අද ජංගම දුරකතනය හරහා සාර්ථක ලෙස ඉටුවන්නේ එම අව්‍යශතාවයයි.ජනප‍්‍රිය සංස්කෘතියක් ලොව ඇති කිරිමට පවා සමත් ව තිබෙි.නමුත් අද වන තෙක් පුද්ගලාන්තර සන්නිවේදයට යොදා ගත් ක‍්‍රමෝපායන්ගේ ගමන් මඟ සලකා බැලිමෙදි මානවයාගේ උපත තෙක්ම එය විහිදි යන බව පෙනි යයි.

තොරතුරු හුවමාරුව’තොරතුරු සම්පාදනය යනු අත්‍යවශ්‍යයම ජිවන අංගයකි .සමාජ පරිණාමය සමඟ සංස්කෘතිය වෙනස්විමත්’’එමගින් සන්නිවේදන  ක්ෂේත‍්‍රය වෙනස් වීමත් යන ගතික ලක්ෂණ මානවයින්ගෙන් සැදුම්ලත් සමාජයක දැකිය හැකි ලක්ෂනයකි.මිනිස් පරිනාමයේ මුල් අවධියේ දි කිසියම් තොරතුරක් ගෙන යන්නට ඇත්තේ කෙසේද?ඒ තොරතුරු ගෙන ගිය ආකාරය එමෙන්ම කෙමෙන් කෙමෙන් වෙනස් වු තාක්ෂණික වර්ධනයත් සමඟ එය හැඩ ගැසුණු ආකාරය කෙබදුද? යන්න සොයා බැලිය යුතුය.

කුඩා කණ්ඩායමක් ලෙස සැදි සිටි මිනිසා සන්නිවේදන කාර්යය අවශ්‍ය වන්නට ඇත්තේ මුලික හැසිරිම් ප‍්‍රකාශනය සදහා මෙන්ම මුලික අවශ්‍යතාවන්ට සරිලන පරදි පමණි. භාෂාවක් ක‍්‍රමවත්ව වැඩෙන්නට පෙර හුදු ශබිද උපයෝගි වු බව නිසැකය. මිනිසාද සතුන් මෙන් යම් යම් ශබිද නගන්නට ඇත. පරිසරය ජය ගැනිමත් සමඟ වාචික සන්නිවේදනයේද නැගීමක් ඇති විය.

මානව සන්නිවේදන ඉතිහාසයේ  ප‍්‍රාග් ඓතිහාසික අ වධිය
^pre historical period) හමුවන සන්නිවේදන ක‍්‍රම ශබ්ද සංඥා
^sound signal) ලෙස හදුන්වනු ලැබේ වනාන්තර ගතව සිටි මිනිසා ගින්දර සොයා ගැනිම සමඟ ගින්න මඟින් ඇති කරගත්””දුම්” මගින්ද වනාන්තරයට මැදිව සිටි වර්ගයා අතර සීමිත අදහස් පළ කළේය. දෘෂ්‍ය සංඥා
^visual ) ලෙස හදුන්වන මෙම ප‍්‍රාථමික මාධ්‍ය අතරට ගස්වල අතු කඩා එල්ලීම’ගස්වලට ආයුධ වලින් පහරදි ඇති කරන සලකුණු මගින් ඇති කරනු ලබන සංඥා ආදියද ඇතුලත් වෙයි.සීමිත අදහස් ප‍්‍රමාණයක් ප‍්‍රකාශ වුණු මෙම ප‍්‍රථමික සංඥා සියල්ල වාගේ සොභාදහම ආශි‍්‍රතව බිහි විම නිසා ස්වාභාවික මාධ්‍ය
මුල් කාලයේ ආයතන හා සංවිධාන කොඩියක් යොදාගත් බව
සන්නිවේදන විද්‍යාඥයින් පෙන්වා දෙති
මුල් කාලයේදි රතු ඉන්දියානුවන් පණිවිඩ යැවිම සදහා දුම සහ ගින්දර උපයෝගි කරගත් බව කියවේ.මෙහිදි දුම යොදා ගන්නා පිලිවෙළ අනුව පනිවිඩ වර්ග කරන අතර ගිනිගොඬේ වටප‍්‍රමාණය හා උස අනුව පණිවිඩ අර්ථ කථනය කරනු ලැබේ.මේ ආකාරයට පුද්ගලාන්තර සන්නිවේදන සදහා ප‍්‍රාථමික යුගයේදි යම් යම් දෘශ්‍ය සංඥා උපයෝගි කර ගෙන ඇත.

”කොඩියද” පුද්ගලාන්තර සන්නිවේදනය සදහා යොදා ගත් තවත් දෘශ්‍ය රූපයකි. යන් සෙම්පෝ කොඩි
^semaphore code) නමින් හැදින්වෙන මෙම ක‍්‍රමය අතීතයේ බහුල යොදා ගෙන ඇත.කොඩිය ඔසවන ප‍්‍රමාණය හා කොඩියේ ප‍්‍රමාණය අනුව ඉදිරිපත් කරන අදහස් වල විවිධත්වයක් දක්නට ලැබුණි . දුම’ගින්දර ’කොඩි එසවිම වැනි මාධ්‍යය මගින් සංදේශ යැවිම තවදුරටත් දියුණු වුයේ සංඥා බස නිසි අයුරින් වර්ධනය විමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.නුතන යුගයේදි පාවා තම අනන්‍යයතාවය ප‍්‍රකාශ කිරිමට’ සන්නිවේදනයට’විවිධ රටවල් යොදා ගැනිම මගින් එය මනාව පැහැදිලි වේ.

මේවා ශබ්දයෙන් තොර සන්නිවේදන ක‍්‍රමයන්ය.මානවයාගේ පරිණාමයත් සමග සංඥා බස ඉක්මවා ශබ්දය ආකාරයෙන් පණිවිඩ යැවිමේ ක‍්‍රම පිළිබද සොයන්නට විය.භාෂාව උපත ලැබුවේද එහි ප‍්‍රතිඵල වශයෙනි.මහ වනය මැද ජිවත් වු ප‍්‍රාථමික යුගයේ මිනිසාට සතුන් දඩයම් කරන්නට යාමේදි සිය අදහස් අනෙක් අයට දන්වන්නට අවශ්‍ය වන්නට ඇත. එදිනෙදා මුලික අවශ්‍යතා පිරිමසා ගැනිම මිසක සංකිර්න අවශ්‍යා ඔවුන්ට නොවිය.එ නිසාම හුවමාරු කරගැනිමට අවශ්‍යව තිබු පණිවිඩ ඉතා සීමිත වන්නට ඇත.වනාන්තරයේ අතරමං වු මිනිසා ”හු” හඩ මඟින් සෙසු වර්ගයාට තමන් සිටින පෙදෙස ඇඟවුයේය.


 පරිසරය හා තදින් බැදුණු ඔවුන් තමහිතවතාගේ හඩ ලංව ඇසෙත් එහි ලගා වුයේ ඉවෙන් මෙනි.”හුව” ශබ්ද කරන්නන්ගේ ස්වර තන්තු කම්පනය කරන ආකාරය අනුව ඇති වන හඩෙහි වෙනසක් අන්‍යයන් තේරුම් ගනියි. ශි‍්‍ර ලංකාවේ ගම්බද ප‍්‍රදේශ වල මෙම ක‍්‍රමය බහුලව භාවිතා වු  අතර ඌව ප‍්‍රදේශයට එම නම ලැබි ඇත්තේ එම ප‍්‍රදේශයට ඉහත කි සන්නිවේදන රටාව බහුලව භාවිතා කළ නිසා යැයි ජනවහරේ පවති. ”ඝණ්ඨාරයද” සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයකි.මෙය දුර’ශබ්දය මගින් ජයගෙන  සන්නිවේදනයේ යෙදිම පිණිස යොදාගන්නා ලද්දකි. ආගමික ස්ථාන වල ඝණ්ටාරය බහුලව භාවිත වු අතර දුටු ගැමුණු සද්ධා තිස්ස සහ භාතිය රජු සමයේ ඝණ්ඨා හඩ නැංවිම මගින් පණිවිඩ යැවිම ප‍්‍රචලිතව තිබුණි . ඝණ්ඨාරය හඩ නැංවිම උපදාවයන් හිදි වෙනම ආකාරයකින් ද පොදු ආගමික හෝ වෙනත් අවස්ථාවක වෙනම ආකාරයට ද සිදුවේ

”දුන්නක්” ආධාර කරගෙන පණිවිඩයක් සම්පේ‍්‍රෂණය කිරිමේ ක‍්‍රමයක්ද සාම්ප‍්‍රාදායිකව පැවතුණි. දුණු ශිල්පය පිළිබද හසල දැනුමක් ඇති දුනුවායන් මේ සදහා යොදා ගන්නා ලදි. ලංකාවේද ඉතාමත් ජනප‍්‍රිය පණිවිඩ යැවිමේ මෙවලමක් වු දුන්න පුද්ගලාන්තර සන්නිවේදනයට යොදා ගත්තකි.මේ සදහා නිරන්තරයෙන්ම පණිවිඩ ලබා ගැනිමට හා ඒවාට පිළිතුරු ලබාදිමට නිලධාරින් දෙදෙනෙකු සේවයේ යොදවා තිබුණි. ලංකාවේ ” දෙවනගල” සිට ”බලනගල” කන්දට ඊතල වලින් නිතර පණිවිඩ යවා ඇති බව ඉතිහාසයේ කියවේ
.

පීරු දේශයේ වැසියන් අතර
—^quipu) නුල් ක‍්‍රමය” නමින් පණිවිඩ යැවිමේ ක‍්‍රමයක් පැති තිබේ.මෙහිදි නුල් කීපයක් ගැටගැසිම මගින් එක් ගෝ‍්‍රත‍්‍ර නායකයෙකුවෙත තවත් ගෝ‍්‍රත‍්‍ර නායකයෙක් පණිවිඩයක් යවනු ලබයි.
ඇමරිකාවේ රතු ඉන්දියානු ජාතින් අතර පැවති ”බෙර වැයිමද” තවත් එක් සන්නිවේදන විධි ක‍්‍රමයක් විය.එම බෙර ස ත්ව සම් සහ දැව කදන් උපයෝගී කරගෙන සකස් කරගත් ඒවාය.”ටොම් ටොම්” නමින් හදුන්වනු ලැබු මෙම බෙර වාදන මධ්‍යම අප‍්‍රිකාවේ ද ආදි ගෝ‍්‍රති‍්‍රක සමාජ තුලද දැකිය හැකිය.කැලෑ විදුලි පුවත් නමින්
(jungle telegraph) හැදින්වු මෙය පසු කාලයේදි රාජ නියෝග ’රාජ ආඥා ආදිය නිකුත් කිරිමට යොදා ගන්නා ලදි. සාම්ප‍්‍රදායික ජන සමාජ වලද බෙර ආශි‍්‍රතව සන්නිවේදනය කල දෑ බොහෝය.බෙර’දවුල්’තම්මැටිටම්’උඩැක්කිය මෙන්ම ඝන සුසර ආදි වු නානාවිධ තුර්ය භාණ්ඩ මෙහෙයවා සමාජයේපණිවිඩ බෙදහරිනලදි.

කල බව කියවේ.මධ්‍යම අප‍්‍රිකාවේ ද ආදි ගෝ‍්‍රති‍්‍රක සමාජවල දඩයම් ඒඅනුවඅණබෙර.වදබෙර.මළබෙර’රණබෙර’පුජාබෙර’ලවා කළ සන්නිවේදනයන් දක්නට ලැබුණී.ප‍්‍රාග් බෙෘද්ධයුගයේ සිටම කුමන හෝ රාජ්‍යයික පණිවිඩ හුවමාරුවක් දැනුම් දිමක් කරන ලද්දේ අණබෙර මගිනි.
”මාහැර අනෙක් එළාර රජු නොමරා බෙර හසුරුවා.....”
”නුවර අණබෙර ලවා හාත්පස යොදුනක මිනිසුන් ඓතිහාසික වශයෙන් තත් මුලාශ‍්‍රවලින් ඒබව හෙලිදරව් වේ.19 වන සියවසේ පලමු දශක කීපය දක්වාම අණබෙර සන්නිවේදන ක‍්‍රමවේදය පවත්වාගෙන ආ බවට තොරතුරු ඇත.මෙය ක‍්‍රමයෙන් ලාංකීය ජන ප‍්‍රවාහයෙන් දුරස්ථ බවට පත්විමට පෙලඹ වුයේ1800 පමණ දේශිය මුදාණ ශිල්පය දියුණු විම හේතු කොට ගෙන සාම්ප‍්‍රදායික සන්නිවේදනය අභිබවා විද්‍යුත් සන්නිවේදනය හදුන්වා දිමය.

රූපවාහිනිය’ ගුවන්විදුලිය’දුරකතනය’සෙලියුලරය වැනි සන්නිවේදනය තාක්ෂණයේ රුසක ආරම්භයට පෙර සාම්ප‍්‍රදායික සන්නිවේදනය ලෙස පැවති තාත් කාර්යාවලිය මහත් මෙහෙයක් ඉටුකරන ලද බව සැලකුව මනාය.  සියලු සාම්ප‍්‍රදායික හෝ අධ්‍යයතන විද්‍යුත් සන්නිවේදනයට භාෂණය පදනම් වි ඇති බව විද්‍යුත් සන්නිවේදනයට පදනම් වි ඇති බව විද්වත් මතය වි ඇත.


රටවටා මුහුද හා ධිවර කටයුතු හා මුතු බෙල්ලන් ඇල්ලිම පැවති ලාංකික සමාජයේ බෙල්ලන් උපයෝගි කරගෙන ”සක් පිඹිිම” මගින්ද සන්නිවේදනය කරනු ලබන සතුන්ගේ අං උපයෝගි කරගෙන ”නලාපිඹිිම”මගින්ද පණිවිඩ නිකුත් කරනු ලැබිය.
සද්ධර්මරත්නාවලිය නැමති බෙෘද්ධ කථා සංග‍්‍රහය කියවන අයකුට ඝෝෂක වස්තුව නමැති අපුරු කථා පුවතක්  හමුවේ .ඉතා ගැඹුරු කටහඩක් ඇති එක්තරා මානවයෙකුට රජවාසලේ නිවේදන කටයුතු කිරිමට අවස්ථාවක් ලැබෙන ආකාරය ඉන් කියවේ.පැරණි පර්සියාවේ ජනයාට පණිවිඩ යැවිම සදහා බො හෝ ඇතට හඩ මෙහෙයවිය හැකි ඝෝෂකයන්ගේ සේවය අවශ්‍ය විය. වකුටු කරගන්නා ලද අත් මුවට තබාගත් මිනිසෙක් කතාකල හැකි තවත් මිනිසෙක් ඒ පණිවිඩය ගෙනයයි. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා [කි‍්‍ර.පු356-323]මෙලෙස නිවේදන නිකුත් කිරිමට එක්තරා දිග නලාවක් වැනි උපකරනයක් භාවිත කළ බව කියවේ.එය අද හැදින්වෙන්නේ ”මෙගාපා්න්” යන නමිනි.එහෙත් ඇලෙක්සැන්ඩර් රජ දවස මේ උපකරනයෙන් ලැබුන ප‍්‍රයෝජන අද අප ඊට වඩා ක‍්‍රම විකාශනයෙන් නුතන මෙවලම් ක‍්‍රමයකින් ලබා ගනිමු.නවින මෙගපෝනය විද්‍යුත් උපකරනයක් ලෙස සැලසුම් කිරිමට මුල් වුයේ යට කි නලාව විය යුතුය.මෙගපෝන් යනු ගි‍්‍රක යෙදුමකි.
[magas]යනු මහ 
[phone]යනු හඞ යන්නය.එබැවින් මහා හඩ යන්න එහි තේරුමයි.නවින සන්නිවේදන උපකරණ හදුන්වන බොහෝ වදන් ගි‍්‍රක බසට සම්බන්ධ වේ.
සාම්ප‍්‍රදායික වශයෙන් පැවත එන පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයන් රාශියක් අද පවා අපේ සමාජයේ දක්නට ලැබේ. කටකතා. ඹිපාදුප.කසුකුසු එම සන්නිවේදන ක‍්‍රමයන් අතර වේ


.යම් ආරංචියක් පිලිබද ව තොරතුරක් නිශ්චිතව නොදැන කටින් කට පැතිරවිම කටකතාවලින් සිදු වේ. මෙහි අගට ”ළු” ප‍්‍රත්‍ය බොහෝ විට එක් වේ.එයින් තොරතුරේ සත්‍යාසත්‍ය බව නිශ්චිිත නොවන බව අඟවයි.කටකතා යනු අදටත් වඩා ජනපි‍්‍රය සන්නිවේදන ක‍්‍රමයකි.විටෙක ජනමධ්‍යටත් වඩා ඉක්මනින් කටකතා තුළින් සමාජයේ පණිවිඩ හුවමාරුව සිදු වෙයි.සත්‍යාසත්‍ය බව නිශ්චිත නොවුනද කටකතා සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කල හැකි භාවිතාවක්ද නොවේ. ” ඕපාදුප ”යනු නොවටිනා කතාබහය.ඒවා අර්ථ පුර්ණ බවින් තොරය.අසල්වාසින්ගේ කථා,හැසිරිම් ආදිය  උපහාසයෙන් ගොනු කිරිමක්  ඕපාදුප වඩාත් ප‍්‍රචලිතය.බොහෝ විට මෙහිදි සන්නිවේදකයින් වන්නේ කාන්තාවන් බව නොරහසකි.
යම්පුද්ගලයකු පිළිබද නොයෙක් නොයෙක් ආරංචි ,පවුල් ප‍්‍රශ්න බොහෝ විට  ඕපාදුප වලට මාතෘකා වේ..වාචික පණිවිඩ හුවමාරු ක‍්‍රමයක් ලෙස ගැමියන් අතර ”නොයෙක් ආරංචි සිදුවිම්,පවුල් ප‍්‍රශ්න බොහෝ විට ” ඕපාදුප වඩාත් ප‍්‍රචලිත වුවද  ඕපාදුප කියන්නන් පහත් කොට සැලකීමට ,අවඥාවට ලක්කිරිමටද ගැමියෝ පසුබට නොවුහ
.
”කසුකුසු”යනු මුමුණා කිමයි.අන්අයට නොඇසෙන සේ රහසේ කනට මුමුණා කියන දේ පුද්ගලාන්තර සන්නිවේදනය  තුල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයකි.දුර්වල ආත්ම ශක්තියක් ඇත්තාවුන් භාවිත කරන තවත් එක් ක‍්‍රමයක් ලෙසට මෙය සැලකිය හැකිය.
පුද්ගලාන්තර සන්නිවේදනයේදි යමෙකු සන්නිවේදන කාර්යයේ නියැලිමට පෙර අනෙක් පුද්ගලයාගේ සමාජපසුබිමට ,සංස්කෘතියට අනුව හැසිරෙනු දක්නට ලැබේ.හිස් වැසුම්ගැලවිම,හිස නැවිම,හුන් තැනින් නැගිටිම,දෙඅත් එකතු කර වැදිම,ආදිය වැඩිහිටිටයන්ට,පුජ්‍ය පක්ෂය සමඟ කරන සන්නිවේදනයේදි දක්නට ලැබෙන හැසිරීම් රටාවන්ය.එම අටස්ථාවන්හිදි භාවිත කරන භාෂාවද ඇතැම් විට ගෞරව බහුමානයෙන් යුක්ත වේ

.ජනජිවිතයේ දක්නට ලැබෙන ”ජනකවියද”එක් සන්නිවේදන ක‍්‍රමයකි.ගැමියන්ගේ ජිවිතයේ වැඩි කාලයක් ගෙවි ගියේ වනාන්තරය ඇසුරේ ජිවිතයටය.දඩයම් කිරිමට අමතරව කැලේ කොටා හේන් වගා කල අතර එය ආරක්ෂා කිරිමට දැවදඩු වැට බැදිමට අමතරව වගාවන් ආරක්ෂා කිරිමටද ඔවුන් විසින් කල යුතු විය.එය ප‍්‍රදේශය විමර්ශනය කිරිමට හා තොරතුරු ප‍්‍රදේශය පුරා සන්නිවේදනය කිරිම සදහා පහසු මාධ්‍ය මධ්‍යස්ථානයක් විය.හේන්වගාව ආරම්භ වීම සමග ගම් පොකුරේ පිරිමින් වැඩිදෙනා හේන්වලය.ගැමියන් පරම්පරාවෙන් පරම්පරාවට තමන් ලද දැනුම පසු පරම්පරාවට හදුන්වා දුන්නේ එම කටයුතු වලට හවුල් කර ගනිමිනි.එදිනෙදා හේන් කෙටිම,කුඹුරු කෙටිම,බඹර කැඩිම වැනි ජිවන වෘත්තින් වල නියලීමේදි දෙවියන් පුදා වැඩ ඇරඹු ඔවුන් පාලුව මහන්සිය හා විඩාව තුනී කරගැනීම තුළින් ජිවිතය ගෙන යාමට ධෛර්ය,සාමුහිකත්වය ලැබිම සදහා ජනකවි ගායනා කලෝය.

මෙම ගායනා පරම්පරාවෙන් පරම්පරාවට ආවකි.එය ජිවිතය නිරූපණය වන ජන සාහිත්‍යයක් ලෙසින්ද විමසිය හැකිය. පුවතක් හෝ සිද්ධියක් එමකවිවල ගැබ් වු අතර ඒවායේ ග‍්‍රාහකයෝ වුයේ බොහෝවිට තවත් එවැනිම හේනක පැල් රකිමින් සිටින ගැමියෙකි.කටහඩ සහ තාලය මාධ්‍ය වු අතර මාධ්‍ය ලද බවට ප‍්‍රතිපෝෂණය වුයේ ඈත පැලකින් හඩනගා කියු එවැනිම කවියකි.මෙම පද්‍යමාධ්‍ය කෙතරම් ප‍්‍රබලව පැවතියේද යත් ප‍්‍රතිපෝෂණයද නිර්මාණාත්මකව ඉදිරිපත් විය.

ඉහත දැක්වු ක‍්‍රමෝපායන් මගින් පණිවිඩ යැවිම සිදුවුවද ඒවා එතරම් සාර්ථක නොවීය.ස්වාභාවික උපද්‍රව මගින් ,දේශගුණික තත්ත්වයන් නිසා මෙන්ම අර්ථබාධක ඇතිවීම නිසාද මෙම ක‍්‍රම මගින් සන්නිවේදනය ඇතැම් විට ගැටලු සහගත විය.පුද්ගලිකත්වය සුරුකෙන ආකාරයට වඩා වේගවත් හා විශ්වසනීයත්වයකින්ද පණිවිඩ යැවිය හැකි තවත් ක‍්‍රමෝපායන් යොදා ගෙන තිබු බව මේ පිලිබදව අධ්‍යනය කිරිමේදි පෙනි යයි.
”සංදේශයක්”යනු මැනවින් දැක්විම ,මනා වු අරුත දනවන පද ලෙසට ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල දක්වා තිබේ.නමුත් සංස්කෘත සාහිත්‍යයේ ආඥාව ,ආරංචිය ලෙසට සන්දේශය හදුන්වා දී තිබේ.පණිවිඩ,සංදේශය
^massage)ගැන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පවසන්නේ වාචිකව හෝ ජනමාධ්‍යයක් ඔස්සේ හෝ ගා‍්‍රහක ක්ෂේත‍්‍රයක් කරා යොමු කරවනු ලැබු ප‍්‍රකාශනය හෝ  අන්තර්ගත විෂයය ලෙසිනි.
මෙයාකාර වු සංදේශ යැවිම සදහා යොදාගත් ක‍්‍රම3ක් ඉතිහාසයේ දක්නට ලැබේ.එනම්
x    ධාවකයන්
x    පක්ෂින්
x    දුතයන්
ධාවකයන් යොදා ගැනිම යනුවෙන් හදුන්වන්නේ පණිවිඩයක් රුගෙන නියමිත ස්ථානයට දිව යාමයි.කිසියම් සංදේශයක් අභිමත තැනකට යැවිමට බැරිවු නිසා ඇතැම්යුද්ධ පැරදුණු හැටි වාර්තා වි ඇත.කිසියම් තොරතුරක් නිසි ලෙස සංදේශ ගත කිරිමට හැකිවු නිසා යුද්ධ ක‍්‍රමෝපායන් මගින් ජයග‍්‍රහනය කරා යාමට පුලුවන් වු බවද එසේම වාර්තාගතය.වරෙක ඇතෑන්ස් වැසියන් හා පර්සියන් වැසියන් අතර යුද්ධයක් හට ගත්තේය.එහිදි”පිඩිිපඩිස්
(pheideppides)නැමති පුද්ුගලයා ඇතෑන්ස් වැසියන්ට උපකාර ඉල්ලන පණිවිඩයක්ද රුගෙන සැතපුම්150 දිව ගිය බව ගි‍්‍රක සන්නිවේදන ඉතිහාසයෙන් කියවේ.මෙම සිදුවිම සිදුවුයේ කි‍්‍ර.පු 490 දි පමණය.ධාවන ශුරයකු වු ”මැරතන්”නැමැත්තාද එවැනි ධාවකයෙකි.යුද ජයග‍්‍රාහණය සදහන් සංදේශය රුගෙන දිව ගොස් එය බාරදුන් මෙහෙතේ පඩිිපෙළකින් ඇද වැටි ඔහු මිය ගිය බව කියවේ.අද දක්නට ලැබෙන ඒ සිදුවිම ස්මරණය කරන්නකි.

සංදේශහාරකයන් වශයෙන් සතුන් යොදා ගැනිම බොහෝ රටවල චිරාගත සිරිතක්ව පැවති බව පෙනේ.කිසියම් සංදේශයක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට පරෙවියකු වැනි කුරුල්ලකු යොදා ගන්නා ලද්දේ ඒ කුරුල්ලාට ඉතා සියුම්ඉවක් මෙන්ම දිශාව පිළිබද අපුරු හැඟිමක්ද තිබෙන බැව් විද්‍යාඥයෝ කියති.කි‍්‍ර.පු43 පමණ කාලයේදි පවා පයක සටහනක් ගැටගැසු පරෙවියන් අභිමත  තැනකට යැවිමට සේනාධිපතියන් සමත් වු බව කියවේ.සිරියාව’මෙසපොතේමියාව වැනි දේශයන්හි රජමැදුරු වල මේ සංදේශහාරක ක‍්‍රමය භාවිතා කරන ලදි.

1840 දි හාවේස් පුවත් ඒජන්සිය
HAWES NEW AGNCY) ලන්ඩනයේ සිට පැරිසියට පුවත් යැවිම සදහා පරෙවියන් යොදා ගන්නා ලදි.පළමු ලෝකයුද්ධ සමයේ බි‍්‍රතාන්‍ය යුද්ධ හමුදාවට සම්බන්ධ පරෙවියන් 15 දෙනෙකු සංදේශහාරකයන් ලෙස සේවය කළ බව සදහන් වේ.යුද්ධය අවසාන වන විට මේ සංඛ්‍යාව 20’000 දක්වා නැග තිබුණි  පැරිස්  බර්ලින් නගර දෙක අතර පරෙවියෙකුට පියෑඹීමට ගත වන්නේ පැය2කි.ඒ නගරදෙක අතර ගමන් කළ අශ්වරථයකට පැයනවයක් පමණ ගත විය.මේ නිසා පක්ෂින් යොදා ගැනිම පණිවිඩ යැවිමපැය හතකින් වේගවත් විය
.
සිංහල කාව්‍ය යුගයේ සැළලිහිණියන් ’පරෙවියන්’ගිරවුන්’හංසයින්’වැනි පක්ෂින් සංදේශහාරකයන් ලෙස යොදා ගෙන තිබෙි.පණිවිඩය ගෙන ගිය පක්ෂියා ඉතාමත් වර්ණාවට පාත‍්‍ර කිරිම සිංහල සංදේශ සාහිත්‍යයේ දක්නට ලැබේ.මයුර සංදේශයේ පණිවිඩ ගෙන යන මොණරා එහි මුලින්ම වර්ණනාවට ලක් කර තිබේ.”සැරද මියුරි සද මියුරස නදින් නදනා සදැස් පිල් කැල කැල්මෙන් පිනවන සදැස් දුටුවන්”
මෙහි අර්ථය ”මිහිරි නාදයෙන් සිත සතුටු කරන දුටු අයගේ සිත නෙත සදැස් පිල් සමුහයෙහි කාන්තියෙන් තෘප්තිමත් කරවන්නා වු මයුරේන්ද්‍රෝමය’බොහෝ කාලයක් ජිවත් වව”  යන්නයි.කි‍්‍ර.පු 4 වන සියවසේදි පමණ ලියවුණු මහාභාරතයේ එක් උපාධ්‍යානයක් වන නල දමයන්ති කථා පුවතේ නල කුමරු හා දමයන්ති කුමාරිය අතර සන්නිවේදකයකු ලෙස කි‍්‍රයා කලේ හංසයෙක් බව කියවේ.පක්ෂින් යොදා ගැනිම නිසා යවන්නා වු පණිවිඩය වඩාත් වේගයෙන් ලබා දිම වැදගත් කරුණක් විය.


”දුතයන්”යනු ආගමික නායකයින්ට’රජුට’උසස් නිළධාරින්ට සේවය කළ පණිවිඩ ගෙන යාම සම්බන්ධයෙන් පතකළ නිලධාරින් කොටසකි.රාජ්‍යය තුළදි මෙන්ම පිටතදි ද විශේෂ වරප‍්‍රසාද දුතයෙකු වෙත ලබා දිය යුතු යැයි සම්මතයක් එවකට පැවතින.දුතයා හුදෙක් පණිවිඩකරුවෙකුම නොව නියෝජිතයෙකු ලෙසද කි‍්‍රයා කරයි මුල්ම යුගයේ කටවචනයෙන් පණිවිඩ ගෙන අතර පසුව  ලිඛිත සංදේශ භාවිතාව ඇරඹිණි.කි‍්‍ර.පු 512 දි පමණ පර්සියානු මහාධිරාජ්‍යයා වන සේරියස් රජ සිය හමුදාවත් සමග කඵ මුහුදට උතුරෙන් පිහිටා ඇති ස්කයිතියන් ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරිමට ගිය අවස්ථාවේ ප‍්‍රතිවිරුද්ද කණ්ඩායමේ අණදෙන බලධාරියාගේ හසුනක් ගත් එක් දුතයෙක් පැමිණි බව කියවේ.කිසියම්පත‍්‍රයක ’තල් පතක’හෝ   නොලියනු ඒ සංදේශය දැක්වුනේ අචේතනික හා සචේතනික වස්තු රුසකි.සචේනික වස්තු වුයේ මියෙක් මැඩියෙක් හා කුරුල්ලෙකි.අවේනික වස්තු නම්ඊතල කීපයකි.මේ ආකාරයට සංකේතාත්මකව සංදේශ එවු අතර අද වන විටද රාජ්‍ය රාජ්‍යයන් අතර කටයුතු වලදි දුතයන් කි‍්‍රයා කරන ආකාරය දක්නට ලැබේ
.
සංදේශ යැවිම හා සන්නිවේදන ක‍්‍රම භාවිතය පිළිබද ප‍්‍රබල වුත් පර්යේෂණ කිහිපයක් කරන ලද්දේ යුද්ධය කාලීන යුද්ධෝපක‍්‍රම ලෙසින් බව ඉතිහාසය සදහන් කරයි. ඒ අනුව සන්නිවේදනයේ නැගිම හා ජනමාධ්‍යයේ නැගිමට සමාජ විප්ලව බලපා ඇති බව පැහැදිලි වේ.

මෙලෙස පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රම ක‍්‍රමිකව විකාශනය වු නිසා මුහුණට මුහුණලා සිටින්නෙකු සමග පමණක් නොව දුරස් පුද්ගලයන්ටද හැකි විවිධ ක‍්‍රමෝපායන් බිහිවන්නට විය.මේ සදහා තාක්ෂණික දියුණුව මෙන්ම සමාජීය සංවර්ධනයද අත්‍යවශ්‍ය වන්නකි. ඒ අනුව වඩාත් ප‍්‍රචලිත පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයක් ලෙස මේවා වඩාත් ප‍්‍රචලිත වි තිබේ.
1.ලියුම්
^letters&

2.විදුලි පුවත්
^TeLeGraMeS&
3.දුරකථන
 ^TeLePHOneS&

මේ  සියලූ කරුණු අනුව පෙනි යන්නේ ජංගම දුරකථනය තෙක් සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමවේදයන් ගේ විකාශනය වේ.   
  

 

ආශි‍්‍රත ග‍්‍රන්ථ
01 මහේන්ද්‍ර’සුනන්ද”ජනමාධ්‍යයේ නැඟිම;
02කරුණානායක’නන්දන”සන්නිවේදන’ප‍්‍රභවයහා ව්‍යාප්තිය”මාධ්‍යප‍්‍රකාශකයො ’නුගේගොඩ’1994
03දිසානායක ’විමල්”මානව සන්නිවේදනය”කොළඹ’1997
04ඇුතුගල’ආරියරත්න”සංජානනය සහ     සන්නිවේදනය”ගුණසේන සහ සමාගම’කොළඹ’1998
05රාජපක්ෂ’චන්ද්‍රසිරි”සන්නිවේදන
uq,O¾u˜




06http,//www,telecommwriting.com/pcs/history.gtm

07http,//www.gsm worldcom 


A.M.L.S.ANDARAWEWA
AR/64682

AF/09/6379



5 comments: