Sunday, February 10, 2013


නූතන සිංහල ගීත රූපකරණයේ නව ප්‍රවණතා
මින්ස්සු ගායනා කිරීමට ආරම්භ කරන ලද්දේ බොහෝ අතීතයේ සිටය. ඒ ගායනා එක් එක් වෘත්තීන් සමග හෝ අත්දැකීම් සමග බැ‍ඳෙන ලද ගායනා විය. එම නිසා ඒවා ජන ගායනා ලෙසද හඳුන්වන ලදී.
            කෙසේ වුවද කාලය විකාශනය තුඝ නාඩගම්, නූර්තිය, තියටරය ආදියේ සිට චිත්‍රපටය ද්කවා දියුණුවූ ගීත නර්තන සුසංයෝගයක් ඇත. අපි කවුරුත් එදා ගීත ඇසූ අතර දැන් ගීත අසන ගමන් නැරඹීමට පුරුදුවී ඇත. ගීත රූප රචනය යනු  ගීතටය රූප රූපණය කිරීමයි . විධිමත්ව ප්‍රකාශ කරන්නේ නම් ශ්‍රව්‍ය ගීතයට දෘශ්‍ය රූප පෙළක් එකතු කිරීම වේ. ඉංග්‍රීසි භාෂාවේදී යන Music video වචනය භාවිත කරනු ලැබේ. මෙම ගීත රූප මේවනවිට ලංකාව තුළ ප්‍රවණතා පෙන්වමින් වර්ධනය වනු ඇත. එය ක්‍රමිකව අප විමසා බලමු.
ගීත රූපකරණයේදී භාවිත ක්‍රමවේදයන් කිහිපයක් ඇත. එනම්,
  • පද මාලාවට අනුව රූප රචනය සිදු කිරීම.
  • ගීතයේ තනුවට අනුව ගීත රචනය සිදු කිරීම.
  • ගීතයට අදාළ නොවුවද ආකර්ශණීය රූප එකතු කිරීමක් සිදු කිරීම.
යන ක්‍රමවේදයන් මේ යටතේ පෙන්වා දිය හැකිය. (විතානගේ නිමාලි තක්‍ෂිලා, 2004 පිටු 13) මෙම කරුණු උපයෝගී කරගෙන ගීත රූපකරණය කිරීම ලංකාව තුල නව ප්‍රවණතාවයක් ලෙස ආරම්භ වන ලද්දේ 1970/1980 ආදී කාල වකවානු තුළය. එනම්  එවකට රූපවාහිණිය හරහා විකාශනය වන ලද සංගීතමය වැඩසටහන් හා නිෂ්පාදකයින් එය ආරම්භ කරන ලදී. එහිදී,
වැඩසටහන                                          නිෂ්පාදක
ආනන්ද රාත්‍රී                                                     හේම නලින් කරුණා රත්න
යාත්‍රා                                                                සෙනේෂ් දිසානායක බණ්ඩාර
මනෝහාරී                                                        රවීන්ද්‍ර මුණසිංහ
            ආදී වැඩසටහන් හා නිෂ්පාදකයින් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. (කළුබෝවිල තුෂාරී, 2002, පිටු 17) මෙම වැඩසටහන් ප්‍රශස්ත අත්හදා බැලීම්වේ. එම අත්හදා බැලීම් සහ නූතන රූප රචන නිර්මාණ බැලූකල රූප රචනයේ වි‍ෙශ්ෂතා කීපයක් දැකිය හැකිය. එනම්,
Ø  පරිකල්පනයේ දෘශ්‍ය සංරචනය
Ø  සෞන්දර්යාත්මක මෙවලමක් ලෙස භ‍ාවිතය
Ø  ප්‍රතිරූප හා ප්‍රතිචාර
ලෙස මේවා දැක්විය හැකිය. කෙසේ වුවද ලංකාව තුල රූපවාහිණි නාලිකා තුල සිටින නිෂ්පාදකයින් ගීත රූප රචනා කිරීම නවතා නව මුහුණුවරකින් එය වෘත්තීමය භාවයක් සමග වර්ධනය වන්නට පටන් ගන්නා ලද්දේ 2000 වසරෙන් පසුවය. එනම් නිදහස් අධ්‍යක්‍ෂවරු මෙම කර්මාන්තය සිය අතට පත්කර ගැනීමෙන් අනතුරුවය. එහිදී මූලික වන ලද නිර්මාණ අධ්‍යක්‍ෂ වරුන් දෙදෙනෙකු ඇත. එනම් tkïSky Entertainment ආයතනයේ නිර්මාණ අධ්‍යක්‍ෂ නිලාන් කුරේ මහතා සහ  wide angle production ආයතනයේ නිර්මාණ අධ්‍යක්‍ෂ ප්‍රසංග ගුණසිංහ යන අයවේ. ඔවුන් ගීත රූපකරණයේ නව ප්‍රවණතා ලෙස වර්ධනය කරන ලද ලක්‍ෂණ රැසක් දැකිය හැකිවේ. නිලාන් කුරේ මහතා එහිදී ප්‍රකාශ කරන ලද්දේ අපූරු අදහසකි. අපි ගීත වලට වේගවත් රූපඡේදනය, රිද්මයට අනුව සංස්කරණය සේම ත්‍රිමාණකරණ නිර්මාණ ඇතුල් කිරීම ආදී අළුත් වැඩ අත්හදා බැලුවා. මම හිතනවා ඒක තරමක් අළුත් වැඩක් කියලා.... මෙහිදී ඔහු මතු කරන ලද ලක්ෂන මේවනවිට නව ප්‍රවණතාසේ වර්ධනය වී ඇත.
      නූතනයේදී ගීත රූප රචනය නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වීමේදී ලංකාව තුළ එයට දායක වන නිර්මාණ අධ්‍යක්ෂවරු කිහිපදෙනෙකු හමුවනු ඇත. ඔවුන් අතර,
v  නිලාන් කුරේ
v  ප්‍රසංග ගුණසිංහ
v  අයේෂ් විජේරත්න
v  ප්‍රසාද් රණසිංහ
v  විරාජ් කුරුප්පු ආරච්චි
v  චමිල් පතිරණ
වැනි අය ප්‍රමුඛ වී කටයුතු කරනු ඇත. ඔවුන් සිය රූපකරණ ආයතන හරහා මෙම නව ප්‍රවණතාවය වර්ධනය කරමින් සිටිනු ඇත. මෙම අධ්‍යක්ෂවරුන් සියළු දෙනාම ත්‍රිමාණ සජීවිකරණ ශිල්පීන් වේ. එම නිසා ලංකාව තුළ නව තරුණ පිරිසක් මෙම ක්‍ෂේත්‍රය තුළ වර්ධනය වී ඇති බව පෙනේ. මේ පිළිබඳව wide angle production ආයතනයේ අධ්‍යක්‍ෂ තුසිත විමලසිර අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කලේ ලංකා‍ව තුළ television දන්නා අධ්‍යක්ෂවරු අඩුයි. ගොඩක් දෙනෙක් දන්නේ යමෙක් කරපු දෙයක් බලාගෙන කරන්නයි. ඒ අතින් දැන් ඉන්න අය හොඳයි. අළුත් දේවල් හොයා ගන්නවා. ඒක වැදගත් ...... මෙහිදී තහවුරු වන්නේ නිර්මාණශීලී තරුණයින් රුසක් මෙම ක්‍ෂේත්‍රයේ නියුතු වන බවය. එය නව ප්‍රවණතාවක් වනු ඇත. මේ වනවිට ගීත රූප සංස්කරණය සඳහා ගුනු ලබන මෘදුකාංග භාවිතය ද නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වනු ඇත. එම මෘදුකාංග භාවිතයද නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වනු ඇත. එම මෘදුකාංග අතර වැදගත් කිහිබයක් මෙසේ දැක්විය හැකිය. එනම්,
§  Adobe premiere pro cs5
§  Corel videostudio x5
§  Studio max
§  3D max
§  Adobe after effects
§  Adobe sound booth
§  Maya
ආදී නව තාක්‍ෂණික ප්‍රවණතා සහිත මෘදුකාංග භාවිත කරයි. එසේම ලංකාව ආශ්‍රිතව ඉහත ගීත රූපරචනයට අදාළව නව ප්‍රවණතාවයක් ගෙන ඒමට මුල්වන ලද ගී පද රචකයින් පෙළක්ද නිර්මාණය වන ලදී. ඔවුන් අතර,
Ø  කැළුම් ශ්‍රීමාල්
Ø  වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල
Ø  නන්දන වීරසිංහ
Ø  ෂෙහාන් ගලහිටිය
Ø  මනුරංග විජේසේකර
ආදී අය මුල් වේ. එසේම ලංකාවේ නව ගීත රූප රචනයේ ප්‍රවණතාවය නව මුහුණුවරකින් පෙන්වන ලද ගීත රූප රචනා ලෙස ගයාන් පෙරේරාගේ SMS ලහිරු පෙරේරාගේ රම්බරී, ඉරාජ් වීරරත්නගේ ගේමක් දීලා, ඩැඩී, මස්සිනා සහ සෙන්ට්‍රිග්‍රේට් රන්මල්දම් ආදී ගීත රූප රචනා හැඩයකින් වර්ධනය වන ගීත රූප රචනා කලාවේ දැකීමට හමුවන ලාංකීය හැඩයේ ලක්‍ෂණ ලෙස,
v  කොළඹ නගරය ආශ්‍රිතව දර්ශන තලවල බොහෝවිට ගීත රූප රචනා සිදුවීම
v  ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් නිරූපිකාවන් රඟපෑම
v  නව ගායකයන් බොහොමයක් ගීත රූප රචනා ඔස්සේ ක්‍ෂේත්‍රයට පැමිණීම
v  ලංකාවේ ගීත රූපවලට දෙරණ නාලිකාව ඔස්සේ සම්මාන ප්‍රදානය
ආදිය මූලික වශයෙන් දැකිය හැකිය. එසේම, ඒ ආශ්‍රිතව ලංකාවේ මාධ්‍ය ආයතනවල සන්ධ්‍යා කාලය ගීතක දර්ශක ක්‍රමයකට අනුගත වී ඇත. ඒවා සැබවින්ම ගීත රූප රචනා පෙන්වමින් වාණිජ පරමාර්ථ ඉෂ්ට කිරීම සඳහා සැකසුණු අවකාශ විය. එසේම, මෙරට ගීත රූප රචනයේ නව ප්‍රවණතාවක් ලෙස තරු වැඩසටහන් හරහා ගායතයෝ රැසක් බිහි වූ අතර ඒ ආශ්‍රිතවය නාලිකා හරහා රූප රචනා සිදු විය.
            ඒ වගේම නූතන ගීත රූප රචනා සඳහා භාවිත කරනු ලබන නවතම කැමරා කිහිපයකුත් ලංකාව තුළ දැකිය හැකිය. ඒ අතර,
·        5D marks
·        Red Camera
·        Cine Camera
·        Hand Held Camera
 ආදිය මූලිකවේ.  මේ අයුරින් වර්ධනය වන ගීත රූප රචනා සැකසීම කර්මාන්තමය ස්වරූපයකට සිදු වන බවක් වත්මනයේ අපට දැකිය හැකිය. මීට අවුරුදු 10 කට පෙර සිංහල ගීත රූප රචනාවලට වඩා නව ආකාරයකින් සකසන ලද විකාශනය වූ ගීත රූප අප අද දකිය. තවච, ලංකාවේ ගීත රූප රචකයෝ නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් පෙර නොදුටු කැමරා, මෘදුකාංගථ නිරූපිකාවන්, තිර රචකයන් උපයෝගී කර ගනිමින් මෙම ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් ඇත.
            එසේම ගීත රූපකරණය නිසා තමන්ගේ ආදායම් මාර්ග සකසා ගන්නා තාක්‍ෂණික උපකරණ ආයතන, කාර්මික නිලධාරීන්, අධ්‍යක්‍ෂධවරුන් සහ අනෙකුත් රැකියා රැසක් නිර්මාණය වී ඇත. තවද, සංකල්පමය අතින්ද දියුණු වෙමින් පවතින මෙම ක්‍රමවේදය ප්‍රබල අවියක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියට ගෙන යන කලා අධ්‍යක්‍ෂවරු, ගායකයන්, සංගීත අධ්‍යක්‍ෂවරු සහ අධ්‍යක්‍ෂවරු නිර්මාණය වී ඇත.
            එසේම ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ඉදිරියේ ඇත්තේ රූපකරණ සංකල්පය බව නූතනයේ දී අපට වැටහී ඇති කරුණකි. එනම්, එම රූප අනාගතයට මුහුණදීමට සූදානම් වන අපි එය සැළසුම්සහගතව සිදු කළ යුතුය. රූපකරණය පිළිබඳව නිසි පිළිගත් ශාස්ත්‍රීය ක්‍රමවේදයක් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් ලංකාවේ අපට පවතීද?, මෙම විකාශනය වන ගීත රූප රචනා පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයක් අවශ්‍ය දැයි යමෙක් ඇසූ කළ එයට දිය හැකි සරළම පිළිතුර වනුයේ, තව අවුරුදු කිහිපයකින් ලංකාවේ ගීත වලට විප්ලවයක් ඇති වනු නොඅනුමාන බවක් ක්‍ෂේත්‍රයේ නියුක්තිකයන්ගේ අදහසයි.
            එය සියැසින් දැකීමට අප සැරසිය යුතුය. එදිනට මෙම වර්ධනය වන ප්‍රවණතා වැදගත් වනු නොඅනුමානය. එම නිසා, මෙම නූතන සිංහල ගීත රූපකරණයේ නව ප්‍රවණතාව ඉහත පරිදි පෙන්වා දිය හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ :-
  1. විතානගේ නිමාලි තක්‍ෂිලා, 2004, තිර රචනය පිළිබඳ සිද්ධාන්ත, කොළඹ 10, ඇස්.ගොඩගේ සහෝදරයෝ.
  2.      2.  කළුබෝවිල තුෂාරී, 2002,  රූපවාහිණි ගීත නර්තන සුසංයෝගය, කොළඹ 10, ඇස්.ගොඩගේ සහෝදරයෝ.
සම්මුඛ සාකච්ඡා :-
    1. නිලාන් කුරේ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡා, බොරැල්ල sky entertainment production house"2012'04'25'     
    2. තුසිත විමලසිරි මහතා සමග කළ සම්මුඛ සාකච්ඡා, wide angle production house"2012'10'22'
කේ.එම්.ජී.ජේ.බී. කොස්වත්ත,
AR/58839
AF/ 07/5297
සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment