සන්නිවේදනයේ පරිණාමය තුළින් සිදු වූ ජනමාධ්‍යයේ
වර්ධනය
ප‍්‍රාථමික යුගයේ ජීවත් වූ මානවයාගේ සිට නූතන විද්‍යාත්මක
යුගයේ මිනිසා දක්වා ඒ ඒ අවධි තුළ මිනිසා විසින් සිය අදහස් ප‍්‍රකාශ කිරීම පිණිස
උපයෝගී කර ගත් විධි හා ක‍්‍රම සියල්ලම සන්නිවේදනය යන අර්ථයට අයත් වේ.
සැබැවින්ම “සන්නිවේදනය” යනු, යමෙක් යම් අර්ථයක් යම් මාධ්‍යයකින් තවත් අයෙකුට කිසියම්
බලපෑමක් ඇති කිරීම සඳහා ප‍්‍රකාශන කිරීම බව සරලව කිව හැකිය.
(Lasswell,1948)[i]
නොදියුණු යුගයේ අදහස් ප‍්‍රකාශනය ඉතා ප‍්‍රාථමික මට්ටමක
පැවතියත් ඒ අදහස් හුවමාරුව මානව පැවැත්ම සනිටුහන් කිරීමේ මුල් පියවර බව කිව යුතුය.
වනචාරී යුගයේ වූ මානවයා සිය
අවශ්‍යතා අන් අයට දැනවීමට යොදාගත් ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම මානව පරිණාමයට
සාපේක්‍ෂව ක‍්‍රම ක‍්‍රමයෙන් පරිණාමයට පත්ව දියුණු සන්නිවේදන ක‍්‍රම බවට පත්විය.“Homo
Habilis‚HomoErectus‚HomoSapien” යන අවධිවෙත ක‍්‍රමයෙන් එළඹෙමින්
ඔවුන් සන්නිවේදන සංකල්පය සංවර්ධනය කරගත් අයුරු විමසා බැලීමෙන් මේ තත්ත්වය වටහා ගත හැකිය.සැබෑ ලෙසටම ශිලා යුගයේ සිට මෙදා ඉලෙක්ට්‍රෝන යුගය තෙක් ප‍්‍රකට
වී ඇති පොදු ප‍්‍රවණතාවය නම් ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ වර්ධනයයි.
සන්නිවේදනයේ මුල් පියවර ලෙස දැක්විය හැකි “නිර්වාචික සන්නිවේදනය”ඉන් අනතුරුව බිහි වූ “වාචික සන්නිවේදනයට”පසුබිම සැපයූ අතර එයMiller(1966,p.2)[ii]විසින් “Speech
Communication” is
important‚ because it is one of the primary tools that man employs to
manipulate to control and to understand his environment…….”ලෙසින් පැවසූ
පරිද්දෙන්ම සන්නිවේදන
ගමන්මගේ වැදගත් පියවරක්
විය.
මුල් කාලීනයෝ සිය අවශ්‍යතා ඉටුකර ගනිමින් මෙසේ ඉදිරියට
ගමන් කිරීමේදී අදහස් ප‍්‍රකාශනයට “රූප මාධ්‍ය”යොදා ගැනීම
සන්නිවේදන ගමන්මගේ වැදගත්
සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.(Thomsen,1972.)[iii]
මුල් කාලීන තථ්‍ය ලේඛනය “චිත‍්‍ර ලේඛනයයි.”ඔවුන් ගල්ගුහා
වල බයිසන් ගවයන්‚ මැමත්‚පිණි මුවා වැනි සත්ත්ව රූප ඇඳි අතර එසේ කළේ සියදරුවන්ට
එම සතුන් පිළිබඳව අවබෝධය ලබාදීමටත් එම රූප නිතර නිතර දැකීමෙන් උන් පිළිබඳ වනබිය
නැති කර ගැනීමටත්ය. ඇතැම් ගල් ගුහා චිත‍්‍ර මඟින් කණ්ඩායම් වශයෙන් දඩයම්
කිරීමේදී කෙසේ ක‍්‍රියා කළ යුතුදැයි පෙන්වා දෙන චිත‍්‍රද දැකගත හැකි වෙයි.(Murtrie,1943)[iv]
ක‍්‍රමයෙන් දියුණු වූ මානවයා “රූපකාර අක්‍ෂර මාලාවක්”මේ තුළින් බිහි කරගැනීම තවත් වැදගත් පියවරක් විය.
එනම් රූපයක් ඇඳ එහි ප‍්‍රකාශිත
සංකේතය දැක්වීමයි. රූපකාර ඇසුරින් “කුඤඤ
අක්‍ෂර” බිහිවිය. අද භාවිත වන “නූතන අක්‍ෂර මාලාව” ඒ ඇසුරින් වර්ධිත අවස්ථාවකි.( හපු ආරච්චි,2008 )[v]
මුල්යුගයේ මානවයා අදහස් හුවමාරුව සඳහා ප‍්‍රාථමික
සන්නිවේදන ක‍්‍රමවේදයන් භාවිත කළ අතර ඒ ක‍්‍රම වෙතද පිවිසියේ තැත් වැරදි ක‍්‍රම හරහා බොහෝ පරිශ‍්‍රමයක්
දරමින් මෙන්ම කාලාන්තරයක්ද ගත කරමිනි.
මුල් අවධියේ රූපාක්‍ෂර මඟින් සංදේශ යැවීමෙන් පණිවිඩයක්
තේරුම්ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන් අතර එයද අසාර්ථක වූ බවට නිදසුනක් ලෙස
පෙන්වා දිය හැක්කේ ඬේරියස්
රජු ඇතුළු පිරිස ස්කයිතියන් ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමට යාමේදී ප‍්‍රතිමල්ලව
වැසියෙක් සංදේශයක් ගෙන පැමිණි පුවතයි.
එහි වූ රූපාක්‍ෂරවල වූයේ මීයෙක්‚
ගෙම්බෙක්‚
කුරුල්ලෙක් හා ඊතල කිහිපයකි.
රජු එය වටහාගත්තේ ප‍්‍රතිමල්ලවයින්
පරාජය පිළිගැනීමට කැමති බවයි. එහෙත් සිදු වූයේ අනිකකි. එහි අර්ථය වූයේ “ඔබ කුරුල්ලකු මෙන් ඉගිලී නොගිය හොත් හෝ බිම්වලක මීයෙකු
මෙන් සැඟවී නොසිටිය හොත් හෝ ජල තටාකයක මැඩියෙකු මෙන් සැඟවී නොසිටියහොත් අපේ ඊතල
පහරින් මිඳිය නොහැකිය” යන්නයි.(මහේන්ද්‍ර‚2005)[vi]
මේ අයුරින් එදා පැවති සංදේශ වටහා ගැනීමේ දුෂ්කරතා ක‍්‍රමයෙන්
විසඳාගනිමින් අදහස් හුවමාරුව කාර්යක්‍ෂමව ඉටුකර ගැනීමට ඔවුන් පසුව විවිධ ක‍්‍රමවේද
අනුගමනය කිරීම වෙත එළඹුණි.
ඒ අනුව කොහොඹ අතු එල්ලීම‚ කුල්ලක් ගෙයි ඉදිරිපිට නවා තිබීම‚
හස්තමුද්‍රා භාවිතය වැනි ක‍්‍රමවේද
හරහා මුල් කාලයේ ප‍්‍රාථමික මට්ටමේ අදහස් ප‍්‍රකාශ වූ අතර එම සංඥා බස දියුණුවත්ම
අණබෙර ගැසීම‚ කොඩි එසවීම‚සතුන් මඟින් සංදේශ ගෙන යාම වැනි ක‍්‍රමද භාවිතයට ගන්නට
විය.
(මහේන්ද්‍ර‚2005)[vii]
චිත‍්‍ර ලේඛන මඟින් ඇරඹී පරිණාමයට පත්ව ලේඛනයේ දියුණු
අවස්ථාව වූ “හෝඩිය” බිහිවිය. හෝඩිය බිහිකර ගැනීමෙන් අනතුරුව ශිලා ලිපිවල‚ පත් ඉරුවල‚ තල්පත්වල‚ තඹ පත්වලඅක්‍ෂර සටහන් කර එමඟින් පෙරට වඩා පහසුවෙන්
සන්නිවේදනයේ යෙදෙන්නට විය. මුල් යුගයේදී මෙවන් අක්‍ෂර සහිත සංදේශ ඊතල මඟින් විදිනු
ලැබූ අතර පරවියන් මඟින්ද ගෙනයනු ලැබීය.
ඊට අමතරව උඩරට ප‍්‍රදේශයේ සතුරු ආක‍්‍රමණ සිදුවන අවස්ථා
වලදී රටවැසියාට එම පණිවිඩ ලබාදී ඇත්තේ වර්ණවත් දුම් වළලූ නිකුත්කිරීම මඟිනි.
එසේම යුධ සමයේදී පණිවිඩ යැවීමේදී සැතපුම් 150ක් දිව ආ පිඩිපීඞ්ස් නම් තැනැත්තකු පිළිබඳවද‚ මැරතන් නැමැති තැන තෙක් දිව ආ තැනැත්තකු යුධ ජයග‍්‍රහණය
සඳහන් සංදේශය දුන් මොහොතේම මියගිය පුවතද‚ නැපෝලියන් රජු ලැබූ පරාජය පිළිබඳ ලන්ඩන්වැසියන් දැනගත්තේ
දින 4කට පසු වේගයෙන් පැමිණි අශ්වාරෝහකයකු මඟින්ය යන පුවතද‚
නැපෝලියන් රජුගේ මරණය
රටවැසියන් දැනගත්තේ මාස 2කට පසු බවද අපි දනිමු.
මේ අයුරින් මුල් කාලීන යුගයන්හි සංදේශ යැවීමට සතුන් හා
මිනිසුන් යොදාගත්තද ක්‍ෂණික පණිවිඩ හුවමාරුවක් ඉන් ඉටුකරගත නොහැකි වූ බව පෙන්වා
දිය හැකිය. අද එම ක‍්‍රමයන්ට සාපේක්‍ෂව වඩා දියුණු ක‍්‍රම බිහිවී ඇති අතර එම දියුණු
සන්නිවේදන වටපිටාව තුළ තත්පර ගණනකදී වුව ක්‍ෂණික පණිවිඩ හුවමාරුවට ඉඩ විවර වී තිබේ.
අද මා භුක්තිවිඳින සන්නිවේදන වටපිටාව අතීත සන්නිවේදන ක‍්‍රමයන්හි
දිගුවක් වන නමුත් එදා හා සැසඳීමේදී ආඩම්බරයට හේතුවන උපකරණ‚
මෙවලම් හා තාක්‍ෂණයෙන් යුතු
නූතනයේ සාකච්ඡාවටබඳුන් වන
වටිනාම තේමාව වෙයි. කෙසේ නමුත් ඔවුන් මතින් අප බිහිකරගත් නූතන සන්නිවේදන
වටපිටාව මෙතැන් සිට සාකච්ඡාවට
බඳුන් වනු ඇත.
ඔවුන් අපට අක්‍ෂර බිහි කරදීමෙන් අනතුරුව අපි එය ඉදිරියට
ගෙන ගියෙමු. “පුවත්පත”එහි එක්
වර්ධනීය පියවරකි. පුවත්පත මඟින් විශාල පිරිසකට දැනුම සන්නිවේදනය කරන අතර “ග‍්‍රන්ථ සම්පාදන” මඟින්ද විශාල ග‍්‍රාහක පිරිසක් දැනුවත් කළ හැකිය.
“මුද්‍රණ යන්ත‍්‍රය”බිහිකර ගැනීම පිළිබඳව Mcluhan("1972)[viii]විසින් “…......the advent of print is the key to our modern
consciousness” ලෙසින් දක්වා
ඇති පරිදී සන්නිවේදන මගේවැදගත්
පියවරක් විය. මේ වන විට නූතන තාක්‍ෂණය මඟින් එක් එක් පිටුව වෙන වෙනම පිටපත් කිරීමට ගත වන
කාලය අතික‍්‍රමණය කරමින් පොතම එකවර පිටපත් කිරීමේ ක‍්‍රමය භාවිත කරනු දැකගත
හැකිවීමද පෙන්වා දිය යුතුය.
එසේම “Teleprinter” මඟින් දුර ඇමතුම් ග‍්‍රාහකයාට ලිඛිතව යැවිය හැකිය.
“Fax” තාක්‍ෂණය මඟින් පණිවිඩයක ඡායාපිටපතක් තම අත් අකුරින්ම තවකෙකුට යැවිය හැකිය.
මේ සියල්ලෙන්ම පෙනී යන්නේ
නූතන සන්නිවේදන පරිසරයේ දියුණුවයි.
පසුව බිහිවූ “ගුවන් විදුලිය”සන්නිවේදන පරිසරයට ආගමනයත් සමඟ විශාල පිරිසක් කෙරේ එකවර
තොරතුරු හා පණිවිඩ ලබා දිය හැකිවිය. මෝස් සංඥා ක‍්‍රම ඔස්සේ මඟ කියූ ගුවන්විදුලි ආගමනය රැහැන් රහිත නූතනයේ ක‍්‍රියාත්මක
වන ගුණාත්මක බවින් වැඩි ගුවන්විදුලි තාක්‍ෂණය තෙක් දියුණුවට පත්ව තිබේ.
ඉන් කෙටි කාලයකට පසුව විදුලි කම්බි ඔස්සේ පින්තූර සම්පේ‍්‍රෂණය
යන සංකල්පය වැඩිදියුණු වී බිහිවූ “රූපවාහිනී”ආගමනයත් සමඟ ශ‍්‍රව්‍ය හා දෘෂ්‍ය යන ද්වීමාධ්‍යයන් සඳහාම
තොරතුරු විවරවිය.(රත්නසිංහ‚2006)[ix]
එහිදී කළු සුදු රූපවාහිනී අභිබවා වර්ණ රූපවාහිනී ආගමනය‚Remote Control මගින් නාළිකා මාරුකිරීමට ඇති හැකියාව‚
රූපවාහිනී චන්ද්‍රිකා
ගුවන්ගතවීමත් (1979) සමඟSatellite news gathering ක‍්‍රම හඳුන්වාදීම යනාදී බොහොමයක් වෙනස්කම් දැකගත
හැකිවිය.
අද වන විට චන්ද්‍රිකා මධ්‍යස්ථාන
උපයෝගී කරගනිමින් ඈත රටක සිටින ඥාතියකු රූපවාහිනී තිරයේ දකිමින් ඔහු හා සංවාදයක
යෙදිය හැකිය.
මේ වන විට රූපවාහිනී ක්‍ෂේත‍්‍රය තුළ Cable TV‚ Web TV‚ Perfect TV වැනි නව අංග රැසක් දැකගත හැකි වන අතර එමඟින් කැමති නාළිකාවක
කැමති වැඩසටහනක් කැමති වේලාවක ලබාගත හැකිවීමද වැදගත් කරුණකි.
HD TV වැනි නවතම සංකල්ප සමඟ Computer හා ඩිජිටල් ක‍්‍රමවේද බද්ධවී තිබීමෙන් රූපවාහිනියට නව පෙරළියක් එක් කර ඇත.මේ නව භාවිතය සඳහා “Teleputer”නම් අලූත් ව්‍යවහාරයක්ද මේ වන විට ඇති වෙමින් තිබේ.(දිසානායක‚2007)[x]
එසේම “සැටලයිට්”හරහා සංදේශ යැවීමෙන් වේගවත්ව තොරතුරු
හුවමාරුවට දොරටු විවරවීමද මෙහිදී පෙන්වාදිය යුතු වැදගත් කරුණකි.
මේ සියල්ලෙන්ම පෙනී යන්නේ
නූතන සන්නිවේදන පරිසරය ළඟා කරගත් දියුණුවේ මහිමයයි. මේ අතරතුර “දුරකථනය” මඟින් කළ පෙරළියද නූතන සන්නිවේදන වටපිටාව තුළ විමසීමට
බඳුන් කළ යුතුම වෙයි. දුරකථනය සොයාගැනීමත් සමඟම අදහස් හා තොරතුරු හුවමාරුවේ
වේගවත් බවක් ඇති විය.
එදා භාවිත කළඊතලයකින් හෝ පරවියෙකු මඟින් පණිවිඩ යැවීම වැනි ප‍්‍රාථමික
සන්නිවේදන ක‍්‍රමයක් හා නූතනයේ ආයතනයක් තුළපණිවිඩ හුවමාරුවට භාවිත කරන “ඉන්ටකොම්”
වැනි තාක්‍ෂණික ක‍්‍රමවේදයක් සසඳා බැලීමෙන් මෙම කරුණ මැනවින් සනාථවෙයි.
අද වන විට
“Audiovision” ක‍්‍රමය මඟින් දුරකථනයෙන් කතා කරන විට ඊට සවිකර ඇති
රූපවාහිනී තිරයේ ඇමතුම් ලබා ගන්නා අයද දිස්වේ.
එදා වැලිපිල්ලේ අකුරු ලිවීම වෙනුවට අද භාවිත කරන්නේ පරිගණකයයි.
අනාගතයේ බිහිවන කුඩා
දරුවෙක් පැන්සලක් භාවිත නොකරන්නෙක් වීමට බැරිකමක් නැත.
ඔහු අකුරක් ලිවීමට වෙහෙසීම
වෙනුවට පරිගණක අක්‍ෂර පුවරුව හඳුනා ගැනීමට වෙහෙසීම ඵලදායී බව තේරුම්ගනු ඇතැයි
සිතිය හැකිය.
තොරතුරු ගබඩාකිරීමට එදා යොදාගත් ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රමයවූයේ
“වනපොත් කිරීම”බව අපි දනිමු.
වළගම්බා රජු දවස ඇති වූ යුද්ධවලින් පසුව අළුවිහාරයේ ත‍්‍රිපිටකය
ග‍්‍රන්ථාරූඪ කරනු ලැබුවේද වනපොත් කිරීම මඟිනි. එහිදී එක් පරිච්ඡේදයක් ස්වාමීන් වහන්සේලා 10 නමක් ලවා කටපාඩමින් පවත්වාගෙන පැමිණි අතර එය ග‍්‍රන්ථාරූඪ
කරද්දී එහි එක් පරිච්ඡේදයක්
සම්පූර්ණ කිරීම ඉතා අසීරු විය. මන්ද එම පරිච්ඡේදය
වනපොත් කරමින් පැමිණි ස්වාමීන් වහන්සේලා 9 දෙනෙක්ම ඒ වන විට පිරිනිවන් පා තිබූ බැවිනි.
මෙවන් තොරතුරු මඟින්
හෙළිවන්නේ විවිධ අසීරුතා මාධ්‍යයේ ඉතිහාසයේ තොරතුරු ගබඩාකිරීම ඉතා දුෂ්කර කරුණක්ව
පැවති බවයි.
එහෙත් අද ඊට පටිගතකිරීමේ යන්ත‍්‍ර‚Floppy Disk‚ CD‚
VCD‚ DVD‚ Pen drive වැනි
බොහොමයක් විකල්ප මාධ්‍ය බිහිවීමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් තොරතුරු ගබඩාකිරීම
දුෂ්කර කරුණක් නොවන බව නොවේද?
මෙවන් දියුණුවක් එක්වරම පුද්ගලයා සතුකර ගත්තා නොවේ.
ක‍්‍රම ක‍්‍රමයෙන් හිමිකරගත්තකි.
නිදසුනක් ලෙස වීදාගම
හිමියන් පැරකුම්බා රජුගේ ආරක්‍ෂාව සපයන සමයේ අලගක්කෝනාදීන්ගේ කුමන්ත‍්‍රණ හා වෙනත්
තමාට අවශ්‍ය තොරතුරු දැනගැනීමට තම ආශ‍්‍රමය අසල තල් ගසක එක්තරා යන්ත‍්‍රයක් රඳවා
එහි සිට අදින ලද හුයක් සිය යහනේ සවිකර ඉන් තොරතුරු දැනගත් බව ඉතිහාස හෙළිදරවුවෙන්
පැහැදිලි වෙයි.(පෙරේරා‚2003)[xi]
මෙවන් ක‍්‍රම සහ විධි නූතන සන්නිවේදන සංකල්පයන්ට පසුබිම
සැපයූ බව පෙන්වාදිය යුතු වැදගත්ම කරුණකි.
මේ අන්දමින් විකාශයට ලක්වූ සන්නිවේදන පසුතලය තුළ “කැමරාව” නිපදවීමද එමඟින් “සිනමාව” බිහි කර ගැනීමද වැදගත් කරුණකි.
“Vedio Films” බිහිවීමට පසුබිම එමඟින් උදාවිය.
(මහින්ද පාල‚2009)[xii]
“පරිගණකය” මෙකී සන්නිවේදන පසුතලය තුළ සාකච්ඡාවට බඳුන් විය යුතු වැදගත්ම තේමාව ලෙස දැක්විය
හැකිය.
පරිගණකය සොයාගැනීමත් සමඟම
සන්නිවේදන ගමන්මඟ වඩා වේගයෙන් වෙනස්කම්වලට බඳුන්විය.(ධර්මපාල‚2003)[xiii]
එදා පෑනේ මිතුරන් සමඟ වූ ලිපි හුවමාරුව අද වන විට “Face
book”මඟින් වඩා
සාර්ථකව සිදුකළ හැකිය. නූතනය වන විට Face book භාවිත කරන පිරිස රටක් වශයෙන් විමසා බැලූව හොත් එය ජනගහණය වැඩිම තෙවන රට ලෙස
පෙන්වා දිය හැකිය. එවන් ප‍්‍රමාණයක් මෙම නූතන සන්නිවේදන දියුණුවේ ප‍්‍රයෝජන
භුක්ති විඳින්නන් වෙයි.ඔවුන් අතර හුවමාරු වන තොරතුරු ප‍්‍රමාණයන් අසීමිත බවත් ඒ හරහා අනාගත
සන්නිවේදන පරිසරයට ක‍්‍රමයෙන් පදනම වැටෙන බවත් පෙන්වාදිය යුතුය.
එසේම My space‚Twitter‚Bebo‚Linkedinවැනි සමාජ ජාල හරහා සමාජ කණ්ඩායම් එකට එක් කොට පුද්ගලයාට
වඩා වේගවත්ව තොරතුරු හුවමාරුවට පහසුකම් සපයා දී ඇති බවද පෙන්වා දිය යුතුය.
“E-mail” හරහා තත්පර ගණනකින් ලිපි හුවමාරුවට ඉඩ සැලසී ඇති අතර පුද්ගලයින් කාලය හා
අවකාශය අතික‍්‍රමණය කරමින් වඩා සමීපව තොරතුරු හා අදහස් හුවමාරුවේ යෙදෙනු දැකගත
හැකිය.
“Skype”යන සංකල්පය හරහා මේ වන විට මුහුණට මුහුණලා අදහස් ප‍්‍රකාශනයට ඉඩ සැලසී ඇති
අතර එයද නූතන සන්නිවේදන පසුබිම තුළ අප හිමිකරගත් වැදගත් දියුණුවකි.
“Internet” හරහා සන්නිවේදන මාර්ග අද වන විට බොහෝ සෙයින් දියුණු වී ඇති අතර තමාට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබාගැනීමට හැකි පරිදී තොරතුරු
සියල්ල එකට කැටිවී තිබෙනු දැකගත හැකිය. (මලලසේකර‚2007)[xiv]
එසේම Wikipedia මඟින් තොරතුරු අන්තර්ගතය වෙනස්කිරීමට පවා ග‍්‍රාහකයාට හැකියාව ලැබී තිබීමද‚
Blog හරහා “පුරවැසි මාධ්‍යවේදයට” ඉඩ සලසාදීමද මෙම නූතන සන්නිවේදන පසුබිම තුළ පෙන්වාදිය
යුතු තවත් වැදගත් කරුණු වෙයි(perera‚2007)[xv]
මීට අමතරව Forums‚ Pod casts‚ Social networking‚content-communitiesහරහා පුද්ගලයින්ට තවදුරටත් තොරතුරු යන්න දැඩි වෙහෙසක්
දරමින් සොයා යා යුත්තක් නොවන බවත් තොරතුරුම අප සොයා පැමිණෙන තත්ත්වය දක්වා නූතන
සන්නිවේදන පරිසරය දියුණුවට පත්ව ඇති බවත් පෙන්වා දිය යුතුය.
මීට සමගාමීව “වැඩිදියුණු වූ ජංගම දුරකථනය” සන්නිවේදන
පරිසරයට එක්වීමත් සමඟම එය කුඩා පරිගණකයක කාර්යභාරය උසුලන්නට තරම් ප‍්‍රබල
තත්ත්වයකට පත්ව ඇති බව අරුමයක් නොවේ.
නූතන ජංගම දුරකථනයක් (Mobile computer)තුළSMS‚
MMS‚ Chat‚ Voice mail‚ Camera‚ Vedio recorder‚ fm radio‚ Games‚ Bluetooth‚ 3G තාක්‍ෂණයට අමතරව Internetවැනි ක‍්‍රමවේදයන් භාවිතයටද හැකියාව තිබේ.
e-mail‚ Skype වැනි පරිගණකයට සීමා වූ සංකල්ප ජංගම දුරකථනය තුළට
පිවිසීමත් සමඟ තොරතුරු හා අදහස් හුවමාරුව පෙරට වඩා දියුණු වී ඇති බව පෙන්වා දිය
හැකිය.
penbased computer මඟින් අත්අකුරු වලට සංවේදී පෑනක් භාවිත කරන අතර පරිගණක
යතුරු පුවරුවට වඩා වේගයෙන් එහිදී දත්ත ඇතුළු කළ හැකිය.
එයට වඩා වේගයෙන් තොරතුරු
ඇතුළු කිරීමට මේ වන විට වාචිකව දත්ත ඇතුළු කළ හැකි විශේෂිත පරිගණකද බිහි කර ගැනීමට
උත්සාහ දරන බවද පෙන්වා දිය යුතුය.
එසේමපුද්ගලයාගේ දෛනික දිවිපෙවෙත වඩා සුවපහසු කිරීමට බොහෝ
මෙවලම් මේ වන විට බිහිවී ඇති බව පෙන්වා දීම වැදගත් කරුණකි.
Intelligent computer
controle මඟින් දුරස්ථ
උපකරණවල ක‍්‍රියාකාරිත්වය පාලනය කිරීමටත් තවත් අයෙක්ට අන්තර්ජාලයට ඇතුළුවීමට ඇති
ඉඩ අසුරා දමමින් සිය පෞද්ගලිකත්වය ආරක්‍ෂා කර ගැනීමටත් හැකියාව ලබා දී තිබේ.
එසේම Telemedicine සේවය මඟින් භූගෝලීය සීමාවන් ඉක්මවමින් පුද්ගලයාට වෛද්‍ය
සේවාවන් අති සාර්ථකව ලබා ගැනීමටත් මෙයට Video phone තාක්‍ෂණය සම්බන්ධ කොට වෙනත් රටවල වෛද්‍යවරුන්ගේ
සහභාගිත්වය ඇතිව ශල්‍යකර්ම පවා සාර්ථකව කළ හැකිවීමද විශේෂ ලක්‍ෂණයක් ලෙස පෙන්වා
දිය හැකිය.
Electronic commerce යන සංකල්පය මඟින් සජීවීව ව්‍යාපාර කිරීමටත් අන්තර්ජාලය
ඔස්සේ භාණ්ඩ මිල ගණන් දැනගැනීමටත් ඇනවුම් කිරීමට හැකිවීමත් තවදුරටත් මෙහිලා
පෙන්වාදිය හැකිය.
Agent යන පරිගණක වැඩසටහන් විශේෂය මඟින් අපට අවශ්‍ය වෙබ් අඩවි
වෙත පමණක් අප යොමු කිරීමෙන් කාලය ඉතිරි කර ගත හැකි වීමද මෙම නූතන සන්නිවේදන
පරිසරයේ දියුණුව කියාපාන්නකි.
මේ වන විට වෙනත් භාෂාවක්
කතා කරන අයෙක් පවසන දේ අපට වැටහෙන බසින් ඇසීමට සලසන බුද්ධිමය තාක්‍ෂණයද බිහිකර
ගැනීමට උත්සාහ දරන බව තවදුරටත් පෙන්වා දිය යුතුය.
එදා අවාචික සන්නිවේදනයෙන් අදහස් හුවමාරු කරගත් මානවයෙක්
මේ සන්නිවේදන වටපිටාවට එළඹියේ යැයි සිතමු. ඔහුට මේ සියල්ල මායාලෝකයක් වෙත පිවිසීමක් මෙන් දැනෙනු ඇත.
අනාගත දිනයක අප පත්වන්නේද
මේ තත්ත්වයට හෙයින් නූතන සන්නිවේදන වටපිටාව විස්තර කිරීමේදී අද දිනයේ භුක්තිවිඳින
සන්නිවේදන තාක්‍ෂණය අතීතයේ අදහස් හුවමාරුවට ක‍්‍රම සහ විධි සෙවූවන්ගේ සහායෙන් අප
හිමිකරගත්තක් බව නිහතමානීව පිළිගත යුතුය.
මුල් කාලීනයන් විසින් සන්නිවේදන ගමන් මඟට අවතීර්ණ වීමේ
පටන් ක‍්‍රමයෙන් ගොඩනඟාගත් ප‍්‍රාථමික
සන්නිවේදන මාර්ග හරහා ඇති වූ පරිණාමය මතින් අද වන විට නූතන ජනමාධ්‍ය ලබා ඇති ප‍්‍රගතිය
හෙට වන විට තවදුරටත් ඩිජිටල් තාක්‍ෂණික උපකරණ හරහා වර්ධනය වනු වැළැක්විය නොහැක.
මෙවන් වූ විවිධ සන්නිවේදන
රටා නිසා අද සමස්ත ලෝකයම විශ්ව ගම්මානයක තත්ත්වයට පත්ව ඇතැයි “මාර්ෂල් මැක්ලූහන්” පවසන ප‍්‍රකාශය මේ වන විට සැබෑ සත්‍යයක් වී හමාර බව
පැවසිය හැකිය.
නූතන සන්නිවේදන පසුබිම මෙතරම් දියුණු තත්ත්වයක පවතින
හෙයින් හෙට වන විට අනාගත සන්නිවේදන මංමාවත විජ්ඡාවන්ගෙන්‚ මායා සංකල්පයන්ගෙන් හා සිහින පුරවරයන්ගෙන් පිරුණු අරුම
පුදුම ලොවක් වන බවට පූර්වේක්‍ෂණය කළ හැකිය.
ඒ සිහින පුරවරයට ඇතුළු වීමට අනාගත පරපුර මඟ බලාසිටින
බවත් ඒ ලොව තුළ බිහිවන සංකල්ප‚ උපකරණ හා මෙවලම් අද අප සාඩම්බරයෙන් සාකච්ඡා කරන නූතන සන්නිවේදන
සංකල්ප හා සසඳා බැලීමේදී මානවයා මුල් යුගයේ බිහිකරගත් ප‍්‍රාථමිකසන්නිවේදන ක‍්‍රමයන්ටත් වඩා ප‍්‍රාථමික
මට්ටමක පැවතිය හැකි බවටත් අනාවැකි පළ කළහැකිය.
[i]Lasswell
H.D,(1948),The structure and function of communication in society in lyman
Bryson(ed),The communication of ideas,New York.
[ii]MillerGerald R,(1966), Speech
Communication,A.Behavioural Approach, page 2.
[iii]ThomsenW.F,(1972),Media and communication,NewYork.
[iv]Murtrie Douglas MC,(1943),The Book The
History Of Printing and Book Making, Oxford University press, NewYork.
[viii]Mcluhan Marshall" (1972) The
Gutenberg Galaxy.
[xv]Perera Sunil Sarath,(2007),Electronic
Media Guidelines and analysis,Sarasawi printers,p.62-69.
No comments:
Post a Comment