Friday, March 13, 2015

සයිබර් අපරාධයකට පෙර ඔබ සුදානම් වන්න

AR /65100

AF/6798

SAUMYA RATHNAYAKE


සයිබර් අපරාධයකට පෙර ඔබ සුදානම් වන්න 



              තාක්ෂණයේ වේගවත් දියුණුවට  සාපේක්ෂව ලෝකයද දියුණු  විය යුතුයි.කුමක් නිසාද යත් තාක්ෂණයේ වේගය හා  යාවත්කාලින නොවීම ගෝලීයකරණය හමුවේ අභියෝගයක් ගොඩනැගිය හැකි බැවිනි.කෙසේහෝ වේවා තාක්ෂණයේ දියුණුව ජීවිත වලට  තර්ජනයක් තනනවා නම් එය යම් තරමක අවධානමකි.එබැවින් තාක්ෂණය භාවිතයේදී එකී අවධානමට ලක් නොවීම උදෙසා තම වගකීම හඳුනාගැනීම පහසුවක්   වනු ඇති.

අන්තර්ජාල පරිහරණයේදී ඔබ පරිස්සම් විය යුත්තේ ඇයි ?

          වර්තිමය අධ්‍යාපනය සඳහා හෝ වෙනත් කිසියම් අවශ්‍යතාවයක් සඳහා අන්තර්ජාලය පරිහරණය කරන පිරිස් බොහෝය.ඔවුන්ගේ කටයුතු ඉට කරගැනීම සඳහා මෙසේ භාවිතයම ඇතැම් විට යම් අවධානමක් ඒ පුද්ගලයන් වෙත ගෙන යා .හැකි.අනෙක් අතට සමාජ වෙබ් අඩවිවල නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වාගෙන යන පිරිස්ද අන්තර්ජාල අපරාධවල ගොදුරක් බවට පත්විය හැකිය.අන්තර්ජාල පරිහරණයේදී ඔබ කවුරුන් උවද පරිස්සම් විය යුත්තේ එබැවිනි.



ඊ මේල් භාවිතයේදී 


ඊ මේල් ගිණුමක් අරඹ කරන්නේ යම්කිසි ගනුදෙනුවක් සඳහාය.එසේත් නොමැති නම් කිසිවෙකු සමග අදහස් හුවමාරු කරන්නටය.ඊ මේල් ගිණුමකදී තමන්ගේ password  ආරක්ෂා කරගැනීම වැදගත්ය.ශක්තිමත් password එකක් භාවිත කිරීම අතිශය වැදගත් වන අතර ඊ මේල් ගිණුමට පිවිසීමේ මාර්ගය මෙම password එක වීම ඊට හේතුවයි.ඒ සඳහා කැපිටල් අකුරු ,සිම්පල් අකුරු ,ඉලක්කම් ,සංකේත ආදිය යොදා ගැනීම ඉතා අරක්ෂිතවේ.එම passaword  එක අවම අකුරු 8 කවත් එකක් වීමෙන් එහි සුරක්ෂිත බව ඉහල වේ.එය තම දුරකථන අංකය ,වාහන අංකය ,හිතවතුන්ගේ නම්,උපන්දින වලට සම්බන්ධ වචන සංකේත බවට පෙරලා භාවිත කිරීම ඉතා අනාරක්ෂිත ක්‍රමයකි.

                       gmail ,yahoo ,hotmail යන ඊ මේල් ලිපින තුනේම තම දුරකථන අංක යොදාගැනීමේ හැකියාව පවතී.එය දෙවෙනි වරටත් ගිණුමේ අනන්‍යතාවය තහවුරු කිරීමට යොදන ක්‍රමයක් වේ.සාමාන්‍ය user name එකක් සහ password එකක් මගින් ගිණුමට ඇතුල්වීමේ හැකියාව තිබුනද මෙහිදී ගිණුම තහවුරු කිරීම සිදුකල යුතුවේ.එය වෙන අයෙකු ගිණුමට ඇතුල්වීම අවහිර කරවයි. log වීමෙන් අනතුරුව කේතයක් ජංගම දුරකතනයට එවන අතර එය යොදා තහවුරු කිරීම සිදුකල යුතුවේ.password එකත් ජංගම දුරකථනයත් යන දෙකම අස්ථානගතවී ගැටළුවක් මතු වුවහොත් එය ඉවත් කොට නව ගිණුමක් සැකස ගත හැක්කේ ගිණුමට යොදා ඇති තොරතුරු අනුවයි.ඒ සඳහා වෙනත් recovery e mail ගිණුමක් ඇතුලත්කර තිබේ නම් එම ඊ මේල්  password එක යවනු ලැබේ.

මෙම කරුණු වලට අමතරව ඊ මේල් භාවිතයේදී සිදුවිය හැකි ගැටළු කිහිපයක්ද දැක්වීම වඩාත් උචිත වේ.

                  තමාට අවශ්‍ය හෝ අනවශ්‍ය ඊ මේල් ලිපි පැමිණීමේ ඉඩකඩ ඇති අතර ,එය එවීමේ අරමුණ ඇතැම් විට ගිණුමේ username හෝ password එක සොරකම් කිරීම විය හැකිය.එහිදී කුමන හෝ ප්‍රශ්නයක් මත මේ දෙකම තහවුරු කරන්න යැයි පණිවුඩ පැමිණිය හැකි අතර ඒවා ලබාගැනීමෙන් එම පුද්ගලයාටද ගිණුමට ඇතුල් වීමේ හැකියාව පවතී.මෙවැනි තත්වයකදී හොඳම විසඳුම වන්නේ password  වෙනස් කිරීමක් හෝ තහවුරු කිරීමක්  දැනුම් දීමේ ක්‍රමයක් භාවිත කළහොත් මෙම ගැටලුව මගහරවා ගත හැකිය .මේ සඳහා ඊ මේල් ගිණුමේ settings වල දක්වා ඇති change වෙත ගොස් එම දැනුම් දීමේ ක්‍රමය සක්‍රීය කරගත හැකිය.

                  ඊ මේල් හරහා මුදල් වංචා සිදුවීමේ ඉඩකඩ ඇති අතර , රැකියා ඉල්ලුම්තකට ,ලොතරැයි දිනුමකට ,සමාජ සේවා කටයුතු සඳහා මුදල් මාරු කිරීමක් විය හැකිය.තවද ඊ මේල් ලිපින ලබා ගැනීම සඳහා පුද්ගලයන් විසින් සිදුකරන දේවල්ද විවිද වේ.එසේ සිදුකරන පුද්ගලයන්ගේ පරමර්තයන්ද විවිධ වේ.  

facebook භාවිතයේදී 


සෑම විටම ඊ මේල් ලිපිනයටත් facebook ගිනුමටත් වෙන වෙනම password භාවිත කිරීම වැදගත් වේ.හේතුව එක් password එකක් සොරකම් කරගැනීමෙන් අනෙක් facebook  ගිණුමට හෝ ඊ මේල් ලිපිනයට පහසුවෙන්ම ඇතුලත් වීමට හැකි .වීමයි .ලෝකයේ සිටින බොහෝ දෙන මෙමගින් සම්බන්ධ කරගතහැකිවූවත් තමාගේ හිතවත් පිරිස් පමණක් එයට එක් කරගැනීම වඩාත් ආරක්ෂිත වෙයි. එමගින් නන්නාදුනන පුද්ගලයින්ගෙන් විය හැකි ප්‍රශ්න මගහරවා ගැනීමට හැකිවනු ඇති. මුහුණුපොතේ දකින නමක් ඡායාරූපයක් නිවැරදිද යන්න හෝ එම තැනැත්තන් ඇතුළත් කර ඇති තොරතුරු සත්‍යය ද යන්න දැනගැනීමේ මාර්ගයක් නොමැත. තමාගේ ෆේස්බුක් ගිනුමට පින්තූර ඇතුළත් කරන විට අවශ්‍ය ඒවා පමණක් යොදා ගැනීමෙන් වඩාත් ආරක්ෂිත වේ.  එමෙන්ම පින්තූර යෙදීමේදී එය බැලියහැකි පිරිස පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. එය තමාට අවශ්‍ය පරිදි සකස් ිරීමට අවශ්‍ය පහසුකම ෆේස්බුක් ලබාදී තිබේ. ජංගම දුරකතනයෙන් ෆේස්බුක් භාවිත කරන්නේ නම් එය ද තරමක අනතුරුදායක විය හැක්කේ බොහෝවිට මුරපදය දුරකතනයේ සුරැකිව  තැබිය හැකි නිසාය. එබැවින් සැමවිටම  මුහුණුපොතට පිවිසිය හැකි වුවද දුරකතනය අස්ථානගත වුවහොත් එය ලබාගන්නා පුද්ගලයාට ඊට ඉතා පහසුවෙන් පිවිසිය හැකි වේ.


ස්කයිප් භාවිතයේදී


ස්කයිප් භාවිතය සුලභව දක්නට ලැබෙන්නේ විදෙස්ගතව හෝ දුරබැහැරව සිටින පවුලේ සමීපතයන් සම්බන්ධ කරගැනීමේ අවශ්‍ය තාව මත වුවත් එය මේ වනවිට විවිධ දේ සඳහා යොදා ගැනේ.
ස්කයිප් භාවිතයේදී ඇති වූ ගැටළු බොහෝමයක් දැකගත හැකිවන්නේ එමඟින් ඡායාරූප හා වීඩියෝ පටිගත කරගැනීමේ හැකියාව ඇති බැවිනි.
යම් ආකාරයක රවටා ගැනීමකින් පසු අනෙක් පාර්ශවයෙන් කෙරෙන ඉල්ලීමක් මත සිදුවිය හැකි  මෙම  තත්ත්වය අනුව ප සුව නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ එසේත් නොමැතිනම් හඬපට නම් ගම් සහිතව අන්තර්ජාලයට මුදාහාර  මුදල් ඉල්ලීම්, නොඑසේනම් වෙනත් බලහත්කාරකම් සිදුවීමේ ඉඩකඩද පවතී. 


පොදුවේ පරිගණක භාවිතයේදී 



      සමස්තයක් ලෙස පරිගණක භාවිතයේදී අවධානය යොමුවියයුතු කරුණු කිහිපයක් දැක්වීම වැදගත් වේ.ඔබගේ හෝ ඔබගේ සමීපතමයන්ගේ චායාරූප ජංගම දුරකතනයේ ගබඩා කර තැබීමෙන් වැලකීම සුරක්ෂිතය.යම් ආකාරයකින් ජංගම දුරකථනය අක්‍රීය වීමකදී එය නැවත සකස් කර ගැනීමට ඔබට වෙළද ආයතනයකට යායුතු වෙයි. එහිදී ඔබේ ජංගම දුරකථනය සකස් කරන පුද්ගලයා කුමන ආකාරයේ අයෙක්ද යන්න ඔබට විශ්වාසය තැබිය නොහැක.ඇතැම් පුද්ගලයන් තමන් වෙත සකස් කිරීම සඳහා ගෙන එන දුරකථන හා පරිගණක තුල ඇති data විවිධ අයුරින් භාවිත කරමින් සයිබර්  අපරාධ  පෙලබිය හැකිය.යම්  ආකාරයකින් සයිබර් අපරාධයක ගොදුරක් බවට පත්වීමට පෙර ඒ සඳහා ඇති ඉඩකඩ අවුරලීම පහසුම කටයුඋත්ත වෙයි.

            මෙවැනි දෙයක් නීතිමය විසඳ ගැනීම් සඳහා ඔබ පොලිසිය වෙත යායුතු අතර ,තාක්ෂණික සහය හෝ උපදෙස්  ලබා ගැනීමේදී අවස්යතාවයක්  වේ නම් පරිගණක හදිසි මෙහෙයුම් කණ්ඩායමේ සහය ලබා ගැනීමේ හැකියාවද ඇත.4/112, BMICH ,බෞද්ධාලෝක මාවත ,කොළඹ 07 යන ලිපිනයටත්, 0112691064 හා 2695749,  2679888 යන අංක වලට ඇමතීමෙන් ඔබගේ ගැටළු වලට විසඳුම් ලබාගත හැකිය.එමෙන්ම cert.gov.lk  යන ඊ මේල් ලිපිනයට යොමු කිරීමේ හැකියාවද පවතී.