අන්තර්ජාලය සහ ඊ බිස්නස්
ලෝකය
ක්‍රමිකව තාක්ෂණික වශයෙන් දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය
(Satellite) නිසා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නව පිබිදීමක් ඇති වීම පෙන්වා දිය
හැකිය. මෙම තාක්ෂණය පරිගණක යන්ත්‍ර බිහිවීමත් සමග නව ප්‍රෙව්ශයන් යටතේ
සයිබර් අවකාශයක් දක්වා වර්ධනය විය. ඒ හේතුවෙන් Internet, Mobile phone, E -
mail, Skype වැනි තාක්ෂණික වශයෙන් දියුණු ක්‍රමයන් ලෝකයෙහි ඇති විය.
අන්තර්ජාලය (Internet) පිළිබඳ කතා කිරීමේදී ජාල තාක්ෂණය (Web Technology )
අතහැර කතා කළ නොහැක. අන්තර්ජාලය (Internet) සහ ජාල තාක්ෂණය (Web
Technology) අතර පවතින ඓන්ද්‍රීය සම්බන්ධය එයට හේතුවයි. WWW (world wide
web) යනු එහි ඇති මූලික පැතිකඩකි. එය ජාල තොරතුරු හෙවත් දත්ත ගොනු විමර්ෂණය
කිරීමටද වෙබ් පිටු (Web Pages) සඳහාද උදව් වේ. එසේම E- mail හා File
Transfer (FTP) යනුවෙන් තවත් අංශ දෙකක්ද ඇත. නමුත් ඒ අංශ දෙකට වඩා WWW
විශාල ලෙස පැවතෙන්නකි.
වර්තමානය වන විට අන්තර්ජාලය (Internet) තාක්ෂණික දියුණුව හමුවේ ජංගම
අන්තර්ජාලය (Mobile Internet) දක්වා දියුණු වී තිබේ. මෙහි ඇති විහේෂත්වය
වනුයේ රැහැන් රහිත ජංගම (Mobile) පහසුකම අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින්ට
ලබාගත හැකි වීමයි. එය රැහැන් රහිත වීම නිසා අන්තර්ජාලය (Internet) භවිත කරන
පුද්ගලයින්ට තම කාර්ය පහසු ලෙස ඉටු කරගැනීමට ඇති විශේෂ හැකියාව ජංගම
අන්තර්ජාල (Mobile Internet) හරහා ලබා ගත හැකිය. වයර් නොමැති තොරතුරැ
මාර්ග ලෙස සැලකෙන Lap top ජංගම දුරකතන (Mobile Phone) ආදිය මගින් ජංගම
අන්තර්ජාලයට (Mobile Internet) පිවිසිය හැකිය. මෙවැනි පහසුකම් සහිත ජංගම
අන්තර් ජාලය (Mobile Internet) හා සංයුක්ත අන්තර් ජාලය (Fixed Internet)
අතර වෙනස් කම් තුනක් දක්නට ලැබේ. එනම්,
1. පුළුල් පරාසයක ප්‍රෙක්ෂක සමූහය (A wider audience)
2. තත්වයෙන් අඩු වේදිකාව (Less standard platform)
3.සීමා සහිත වූ හැකියාව (Limited capability)
මුල් කාලයේ තාක්ෂණික දියුණුව පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක් වූ මහ
ජනතාව පසු කාලීනව තම කාර්යභාරයන් තාක්ෂණික දියුණුව නිසා නිර්මාණය වූ
යන්ත්‍ර මගින් ඉටුකර ගැනීමට පෙළඹුනහ. මෙම සංසිද්ධිය අන්තර්ජාලයට (Internet)
ද පෙදු වූවකි. එ් බව 1995 වර්ෂයේ සිට WWW (world wide web) සාමාන්‍යකරණයට
ලක්වීම හරහා පෙන්නුම් කරයි. මෙසේ සාමාන්‍ය කරණයට ලක්වූ අන්තර්ජාලය
(Internet) ව්‍යාපාර සන්නිවේදනය (Business Communication) සඳහා ඵලදායි විය.
මේ හේතුවෙන් ව්‍යාපාර (Business) තුළ සන්නිවේදනය (Communication) ශීඝ්‍ර
තාක්ෂණික දියුණුවක් අත්කර ගත්තේය. දවස් සීයයකට වරක් Web Traffic දෙගුණ වීම,
1999 වර්ෂයේ පමණක් මිලියන දෙසිය පණහක් වෙබ් පාවිච්චි කොට තිබීම යන සාධක
හරහා අන්තර්ජාලය පරිහරණය කරන පිරිසෙහි විශාල වර්දනයක් පෙන්නුම් කරයි. වෙබ්
(web) ඉඩහසර ප්‍රධාන අංශ දෙකක් සඳහා වෙන් කොට ඇත එනම්,
1. මිලදී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය (e - commerce)
2. ව්‍යාපාර පාලනය සහ තොරතුරැ හුවමාරැ කර ගැනීම (e - business)
යනුවෙනි.
වෙබ් (Web) සහ ඊ බිස්නස් (e - business) සඳහා හඳුන්වා දී ඇති වෙනස්කතම් කිහිපයක් ඇත. එනම්,
1. මුහුනට මුහුනලා කරන සන්නිවේදනය අඩුකිරීම.(පාරිභෝගිකයින්ට තව දුරටත් විකුණන අය සමග අන්තර්
ක්‍රියාවලියක් අවශ්‍ය නොවේ.)
2. පහසුවෙන් තොරතුරැවලට ඇතුළත් වය හැකි වීම.(මිළදී ගන්නන්ට පහසුවෙන් එකම නිෂ්පාදනයනහි මිළ,
අලුත් තොරතුරැ සන්නිවේදනය කළ හැකි වීම.)
3 නිර්නාමිකත්වය බහුල වීම. (වෙබ් තුළ ඇති නිර්නාමිකත්වය පෞද්ගලිකත්වයේ ඝට්ඨනය අඩු කිරීම. )
4. අලුත් ව්‍යාපාර අවස්ථා (ආයතන වැඩි වීම නිසා විද්‍යුත් සන්නිවේදනය (Electronic Communication)
මගින් නිෂ්පාදන හා සේවාවන් සපයයි. නිදසුන් ලෙස Web dissing, Editing, consulting, Electronic
-bill payment ආදිය පෙන්වා දිය හැකිය.)
5. නව කාර්ය ප්‍රවාහයන් (e - business අලුත් වැඩ සපයා ඇත . නිදසුන් ලෙස රැකියා කරන්නවුන්ට
තොරතුරු සෙවීමට පුස්තකාලවලට යාම වෙනුවට වෙබ් හරහා තොරතුරැ ලබා ගත හැකි වීම, ලේඛකයින්ට
තම මුල් පිටපත (Copy) වෙනුවට විද්‍යුත් පිටපතක් (Electronic Copy) මුද්‍රණාලය වෙත යැවිය හැකි වීම ආදිය පෙන්වා දිය හැක.)
මෙම තාක්ෂණික නව්‍යතාවය පෞද්ගලිකත්වයේ ඝට්ඨනය අඩුකිරීමට හේතුවන්නාසේම
ව්‍යාපාර සන්නිවේදනය (Business Communication) සඳහා ද වැදගත් වී ඇැත.
පැහැදිලි ලිවීම , නිවැරදි තොරතුරැ සහ ඵලදායි ඉදිරිපිත් කිරීම වර්තමාන
ලොක්යේ සාර්තකත්වයට හේතු වී ඇත.
AR/65113
New Media Usage
4th year
No comments:
Post a Comment