Tuesday, February 10, 2015

                     You tube වෙබ් අඩවියේ ආරම්භය සහ විකාශය


You tube  යනු වත්මන් සමාජයේ අපි කා අතරත් ප‍්‍රචලිත වෙබ් අඩවියකි. නව මාධ්‍ය බිහිවීමේ ප‍්‍රතිඵලයක් ලෙස  You tube සමාජගත වීම ඇරඹිණි. නව මාධ්‍ය ඔස්සේ තාක්‍ෂණය ජාලගතවීම මෙම ක‍්‍රියාවලිය පහසු කරවීමට හේතු සාධයක් විය. සාමාන්‍යයෙන් අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් තාක්‍ෂණයේ විකාශනය සිදු වේ. ඒ අයුරු වු අවශ්‍යතාවයන් පාදක කරගනිමින් ඇරඹි වෙබ් අඩවියක් ලෙස  You tube වෙබ් අඩවිය හදුන්වා දිය හැකිය.
පේපෑල් ආයතනයේ සේවය කරනු ලැබූ වෑඞ් හර්ලි, ස්ටිව් චේන් සහ ජාවඞ් කරීම් යන  තිදෙනා විසින් You tube  හදුන්වා දෙන ලදී. රාත‍්‍ර‍්‍රී භෝජන සංග‍්‍රහයක් ආවරණය කොට එයට සහභාගී නොවූ කරීම්ට හුවමාරු කිරීමට යාමේදී ඇති වූ අපහසුතා හේතු කරගනිමින් You tube  පිළිබද අදහස මතුවිය. තවද 2004 වසරේ ආසියාවට බලපෑ සුනාමි ව්‍යවසනය සම්බන්ධව වීඩියෝපට අන්තර්ජාලය හරහා සොයා ගැනීමට තිබූ අපහසුතාවයද මෙම You tube  සම්බන්ධ සංකල්පය මතුවීමට බලපෑවේය.
මුල් අවධියේ ඩොලර් මිලියන 11.5 ක මුදල් ආයෝජනයකින් සික්වියා කැපිටල් නමින් 2005 නොවැම්බර් සහ 2006 අපේ‍්‍රල් අතර කාල සීමාව තුළදී සිදු කළ වාණිජමය සම්පර්යේෂණයක් ලෙසින් You tube ඇරඹිණි. කැලිෆෝනියාවේ සැන්ටියාගො නුවර පිහිටි ජපාන ආපන ශාලාවක් තුළ පිහිටුවාගත් මෙය මුලින්ම You tube මූලස්ථානය ලෙස හැදින්විණි.
 “Me at Zoo”  යන නමින් නිකුත් වූ වීඩියෝ දර්ශන පෙළ මුල්මYou tube වීඩියෝ දර්ශනය ලෙස සැළකේ. මෙය You tube නිර්මාණකරුවෙකු වූ ජේකබ් කරීම් සැන්ඩියාගෝ සත්තු වත්ත තුළදී ලබා ගත් ඡයාරූපවලින් අන්තර්ගතවිය. 2005 වසරේ නිළ දියත් කිරීමෙන් අනතුරුව 2006 ජූලි මස වන විට දිනකට වීඩියෝ දර්ශන 6500 ක් පමණ උඩුගත කෙරුණු අතර මිලියන 100 කට වැඩි පිරිසක් වීඩියෝ පට නරඹන බවට පර්යේෂණ ඔස්සේ සනාථ විය.
එක්සත් ජනපදයේ ප‍්‍රධාන පෙළේ වීඩියෝපට සපයන ආයතනයක් ලෙස  You tube  හැදින්විය හැක. 2010 වසර වන විට කොටස් වෙළද පොළේ 43% ක් ද වීඩියෝ පට බිලියන 14 ක් පමණ මෙය සතු විය. You tube  හි ස`දහන් වන පරිදි සෑම මිනිත්තුවකට වරක් වීඩියෝ පට 100 ක් පමණ උඩුගත වේ. ඉන් හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් එක්සත් ජනපදයට පිටස්තර රාජ්‍යයන්ට අයත්ය. එමෙන්ම සෑම මසකටම අලූතින් සාමජිකයන් මිලියන 800 ක් පමණ මෙහි සාමාජිකත්වය ලබා ගනිති.  Alexia  ශ්‍රේණිගත කිරීම් වලට අනුව අන්තර්ජලායේ  Google සහ  Face book  වලට පසුව වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවියක් ලෙස   You tube වෙබ් අඩවිය පෙන්වා දිය හැක. මුල් කාලයේදී You tube  යන වසම් නාමය සම්බන්ධව යම් යම් ගැටලූ හසගත තත්ත්වයන් උදා වූවද 2006 නොවැම්බර් 13 වන දින ඩොලර් බිලියන 1. 65 කට You tube  ආයතනය ගූගල් ආයතනය විසින් මිලට ගනු ලැබීය.
You tube  සදහා වැය වන මුදල සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොකරන ගූගල් ආයතනය එහි ආදායම ගැනද කිසිදු සදහනක් නොකරයි. ඒ කෙසේ වුවත් ෆොබ්ස් සගරාව සදහන් කරන ආකාරයට 2008 වසරේදී You tube එමඉැYou tube  හි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවීය. 2006 ජුනි මස NBS සමගYou tube  ආයතනය විකුණුම් සහ දැන්වීම් කොටස්කරුවන් ලෙස  සම්බන්ධ විය. එමෙන්ම 2008 නොවැම්බර් මස MGM , Lions Gate Entertainment   සහ CBS යන ආයතන අතර සම්මුතියකට එළඹ ඇති අතර මෙමගින් බලාපොරොත්තු වූයේ NBS Fox  සහ   Disnery  වැනි ආයතන වල වීඩියෝ ඇතුළත්  Hula වැනි වෙබ් අඩවි සමග තරගකාරීත්වයක් නිර්මාණය කිරීමයි.
මෙහි තාක්‍ෂණය දෙස අවධානය යොමු කරන්නේ නම්, සාමාන්‍යයෙන් පුද්ගලික පරිගණකයක් හරහා You tube වීඩියෝ දර්ශන නැරඹීමට එම පරිඝනකය තුළ අඩෝබි ප්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය තිබීම අවශ්‍ය විය. 2010 ජනවාරී මසYou tube  මගින් පරීක්‍ෂණාත්මක වෙබි අඩවියක් නිකුත් කළ අතර මෙම HTMC  තාක්‍ෂණය උපයෝගී කොටගත් වෙබ් අඩවි සදහා පිවිසීමේ හැකියාව සහ ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයරයක අවශ්‍යතාවයකින් තොරව You tube  වීඩියෝ දර්ශන නැරඹීමේ හැකියාව හිමි විය. එමෙන්ම You tube ඔස්සේ විනාඩි 15 කින් යුත් වීඩියෝ දර්ශන උඩුගත කිරීමේ හැකියාවක්ද ඇත. You tube  අඩවිය හදුන්වා දුන් මුල් අවධියේ දී නම් ඒ ඔස්සේ අසීමිත ප‍්‍රමාණයක උඩුගත කිරීම් සදහා අවස්ථාව ලබා දුන්නද ඉන්පසු එය විනාඩි 10 කට සීමා වූ අතර නැවතත් 2010 වසරේදී එය විනාඩි 15 ක් දක්වා දීර්ඝ කෙරිණි. මේ ස`දහාAVF, MKV, MOV, MP4, Divx iy FLV වැනි ආකෘති ඔස්සේ උඩුගත කිරීම් සිදු කළ හැක. එමෙන්ම ජංගම දුරකථන භාවිතයෙන් 3ටච ආකෘතිය ඔස්සේ වීඩියෝ උඩුගත කිරීම කළ හැක.
මුල් යුගයේ විභේදනය පික්සල් 320 240 ක් වූ එක් තත්ත්ව මට්ටමකට අයත් වීඩියෝ පමණක් භාවිතා කිරීමට අවකාශ සැළසුණු You tube ය හරහා අද වන විට ත‍්‍රිමාන දර්ශන නැරඹීමමේ හැකියාව සැළසී ඇත. එහි ගෞරව හිමිවිය යුත්තේ  එමYou tube  මෘදුකාංගය ඉංජිනේරුවෙකු වූ පීටර් බෑඞ් ෂෝ වෙතය.
You tube ඔස්සේ පරිශීලකයන් ග‍්‍රාහකයන් වෙත විවිධ ආකාරයේ පහසුකම පසයා දී ඇත. විශේෂයෙන්ම පරිශීලකයන්හට තම වෙබ් අඩවියට පරිභාහිරව  වීඩියෝ පට නැරඹීමේ හැකියාව මේ හරහා ලබා දී ඇත. සෑම වෙබ් පිටුවකම වීඩියෝ දර්ශනය අදාල HTML  කොටස ගබඩා කොට තබා ගැනීමේ හැකියාවද මෙය සතුවේ. මෙම ක‍්‍රමවේදය You tube  වීඩියෝ පට සමාජ වෙබ් අඩවිවල ප‍්‍රදර්ශනය කිරීමේදී බහුලව යොද ගැනේ. තවද 2013 වසරේ වෙනත් පරිශීලනකයන් විසින් ඉදිරිපත් කරනු ලබන විවේචනයන් , විග‍්‍රහයන් ආදි ප‍්‍රතිචාර සළකා බලා එම ප‍්‍රතිචාර වලට අනුව වීඩියෝ පට ඉවත් කිරීමට හෝ නොකිරීමට ඉඩ සැළසිණි.
මේ ආකාර වු You tube  වෙබ් අඩවිය 2007 ජුනි 07 වන දින සිට ගූගල් ප‍්‍රධාන විධායක එරික් ස්මිත් යටතේ දේශියකරණයට ලක් විය. ඒ අනුව මෙම  වෙබ් අඩවියේ අතුරු මුහුණත රටවල් 71 කටත් හොංකොං රාජ්‍යයටත් ලෝක ව්‍යාප්ත සංස්කරණ මගින්  ලබා ගත හැකිය. ඒ යටතේ ඇතැම් වීඩියෝ පට ඇතැම් රටවල සමාජීය සංස්කෘතින්ට බලපෑම් ඇති කළ හැකි බැවින් එවැනි වීඩියෝ පට එම රටවල ප‍්‍රදර්ශනය සීමා කෙරිණි.
මේ ආකාරයෙන් විකාශනය වු You tube වෙබ් අඩවිය
    අධ්‍යනය කවයක්    -   -  ඛාන් ඇකඩමිය
    මහජනතාවයට කෙලින්ම රජය හා සම්බන්ධ විය හැකි මාධ්‍යයක් ලෙසත්,
 2007 ඇමරිකානු ජනාධිපතිවරණයේදී මහජනතාවට තම ගැටලූ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට මෙන්ම ප‍්‍රතිචාර ලබා ගැනීමට හැකියාව සැළසීම. (CNN  විවාද වැඩ සටහන / You tube ) අවස්ථාව සළසා දී ඇත.
මේ ආකාර වූ You tube  නාලිකාව අද වන විට යම් යම් වාරණයන්ට මෙන්ම ඇතැම් රටවල තහංචි වලටද ලක්ව ඇත. You tube වරණයන්ට ලක්වීමට බලපෑ හේතු සාධක කිහිපයකි.
    සමාජමය සහ දේශපාලනික කැළඹීම් ඇති විය හැකි කොටස් මහජනතාව වෙත ඉදිරිපත් කිරීම සීමා කිරීම.
   රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක්, රජයක් , රාජ්‍ය නිළධාරියෙක්, ආගමක් විවේචනය වැළැක්වීම.
    ජාතික නීතින් උල්ලංඝනය වන ආකාරයේ වීඩියෝ දර්ශන සීමා කිරීම.
    අවලාද, අපාහස, සදාචාර ප‍්‍රතිපත්තීන්  වලට බලපෑම් කළ හැකි ආකාර වීඩියෝ දර්ශන වාරණය කිරීම,
මේ ආකාර වූ වාරණයන් රැසකට යටත්ව You tube  වෙබ් අඩවිය විකාශනය කෙරුණද අද වන තුරුත් එහි ආදායමට බලපෑමක් ඇති කිරීමට මේ කිසිවකටත් නොහැකි වූ අතර වර්තමානයේදී You tube වෙත ප‍්‍රවේශ වන සාමාජිකයන් සංඛ්‍යාව තව තවත් වර්ධනය වෙමින් පවතින අයුරු අපට දැක ගත හැක වේ.



AR/64858
AF/6556
K.S.A. Jayawardana

Saturday, February 7, 2015

ට්සු(TSU) සමාජ ජාලයේ ඇත්ත නැත්ත



ට්සු(TSU) සමාජ ජාලයේ ඇත්ත නැත්ත

 


මොකක්ද? මේ මුදල් උපයන ට්සූ(TSU) සමාජ ජාලය

 

ෆේස්බුක් එකේ පරිශීලකයන් විසින් එක කරන වීඩියෝ,ෆොටෝ හා වෙනත් නිරමාණ හරහා ජනප්‍රියත්වයට පත්වූ ෆේස්බුක් විශාල ලෙස මුදල් ඉපයියුවද එයින් පරිශීලකයන්ට කිසිම මුල්‍යමය ප්‍රතිලාභයක් ලබාදීමට ඔවුන් ක්‍රියා කලේ නැත.
එම අඩු පාඩුව පෙන්වා දෙමින් ඔබගේ නිරමාණ වලට වීඩියෝ,ෆොටෝ හා වෙනත් නිරමාණ (Content) වලට වටිනා කමක් ලබාදෙන නවතම සමාජ ජලා වෙබ් අඩවියක් මේ වනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වී ඇත. මෙම සමාජ ජාල වෙබ් අඩවිය හදුන්වා ඇත්තේ TSU නමිනි.තවද මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔවුන් උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමයි.මෙහි පෙනුම ෆේස්බුක් වලට සමාන වෙයි. මෙම සමාජ ජලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status  දැමීම,පින්තූර එක් කිරීමේ හැකියාවද පවතී.ඒ වගේම ඒවාට Like" Comment" Share කළ විට ඔබට ගෙවීමක්ද සිදුවේ.මෙහි ඔබ බෙදා හැරිය යුත්තේ ඔබේම නිරමාණ පමණි.වෙනත් අයගේ නිර්මාණ එක් කළ විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ඇත. ‍මෙම සමාජ ජාල අඩවිය 2013 ආරාම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger,සහ Jonathan Lewin යන පුද්ගලයින් විසිනි. TSU සමාජ ජාල වෙබ් අඩවිය අන්තර් ජාලයට එක් කර ඇත්තේපසුගිය වසරේදීය.සාමාජිකයන්ට මුදල් ගෙවීම සදහා මෙහි ඩොලර් මිලියන හතරක අරමුදලක් තිබේ. මෙම වෙබ් අඩවියට පිවිසීම මගින් මෙහි සාමාජිකයකු වීමට නොහැකි අතර වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා TSU ගිණුමක් ආරම්භ කිරීමේ පහසුකමද පවතී.
කෙසේ වෙතත් ට්සු සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය පිළිබදව කිසිදු සොයා බැලීමකින් තොරව ලංකාවේ ඇතැම් වෙබ් අඩවි විසින් සිදු කරේ මුදල් ගෙවන සමාජ ජාල වෙබ අඩවියක් පැමිණි ඇතැයි කියමින් ශ්‍රීලාංකික ජනතාව නොමග යැවීම සදහා ක්‍රියා කිරීමයි. විශාල වශයෙන් මුදල් ගෙවන බව හගවමින් සිදු කරනු ලබන මෙම වංචාවේ සුලමුල හෙළි කරගැනීම සදහා කාලය එළඹ තිබේ. එහෙයින් මම පවතින තත්වය පිලිබදව ඔබව දැනුවත් කිරීමට තීරණය කළෙමි


1. ට්සු වෙබ් අඩවියෙන් ඉපයූ මුදල් ඔබට ලැඛෙන්නේ කෙසේද ? 

 


ට්සු වෙබ් අඩවිය පවසා සිටින පරිදි ඔබ උපයන මුදල් ඔබට ලැඛෙන්නේ ඔබේ ට්සු බැංකු ගිනුමටයි. හොදින් මතක තබා ගන්න මුදල් ලැඛෙන්නේ ට්සු බැංකු ගිණුමට මිසක් ඔබට නොවෙයි.
මෙම වෙබ් අඩවියෙන් අඩුම තරමේ ඩොලර් 5ක මුදලක් වත් උපයා ගැනීමට හැකි වුනොත් ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි. ඔවුන් සදහන් කර සිටින්නේ මුදල් බැහැර කරගැනීමට නම් ඔබ ඩොලර් 100ක මුදලක් උපයාගත යුතු බවයි. අන්න එම හේතුව නිසාවෙන් තමයි ට්සු පරිශීලකයින්ට කිසිදු මුදලක් උපයා ගැනීමට නොහැකි වන්නේ. මොකද දවසකට උපයා ගැනීමට හැකියාව ඇත්තේ ඩොලර් සතයක් වැනි මුදලකි. එසේ බලන කල ඩොලර් 100ක මුදලක් උපයා ගැනීමට නම් අවුරුදු 28ක පමණ කාලයක් ගත වෙනවා. මුදල් බැහැර කිරීමට හැකි අවම අගය ඩොලර් 100 සම්පූර්ණ වෙනකන් මුදල් බැහැර කරගැනීමට නොහැකි වීම නම් බොහෝ කාලයක් ඔවුන්ගේ සමාජ ජාල වෙබ් අඩවියේ ඔබව රදවා තබා ගැනීම සදහා ඔවුන් යෙදු උපක්‍රමයකි. දවසකට උපයන එම සත ගණන වුවද ඉපයීමටද අන්තර්ජාලය පුරා ස්පෑම් කරමින් දැඩි වෙහෙසක් දැරීමට ඔබට සිදු වෙන බව හොදින් මතක තබා ගන්න.


2. ආදායමෙන් සියයට 10ක මුදලකින් සමාජ ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යෑමට හැකිද ?

 


සර්වර්ස්, බෑන්විත්, ආරක්ෂාව, කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, සපෝට් ටීම්ස් යන සියල්ල නඩත්තු කිරීමට ආදායමෙන් සියයට 10ක් මුදලක් සෑහේවිද? එයින් පැහැදිලි වෙන දෙයක් නම් සමාජ ජාලය නඩත්තු කිරීම සදහා ලැඛෙන මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සර්වර් මන්දගාමී වීම, පරිශීලකයින්ගේ ගැටළු විසදීම ප්‍රමාද වීම හෝ එවැනි සේවාවක් නොසැපයීම, ආරක්ෂාවේ හිග තාවය හේතුවෙන් හැකර් වරුන්ගේ පාරාදීසයක් බවට පත්වීමයි. ඔබ දන්නවද ? මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තම පරිශීලකයින්ගේ ආරක්ෂාව සදහා සෑම වෙබ් අඩවියක්ම පාහේ භාවිතා කරන ආරක්ෂාව සම්බන්ධ වූ කිසිදු පහසුකම් මේ වන විටත් ට්සු සතුව නැහැ. එවැනි වෙබ් අඩවියක් පිලිබදව කෙසේ නම් විශ්වාසය තබන්නද ?
මෙම තත්වය ඔබට අවබෝද කරගන්නට හැකියාව තිඛෙනවා ඔබේම කියා වෙබ් අඩවියක් පටන් ගතහොත්. එවිට ඔබට වැටහේවි උපයන ආදායමෙන් සියයට 10ක කොටසක් වෙබ් අඩවිය නඩත්තු කිරීම සදහාවත් නොසෑහෙන බව.


3. නීතිමය ගැටළු

 


ඔබ වෙන කෙනෙකුට අයත් දෑ භාවිතා කරනවාද යන්න සොයා බැලීම සදහා යුටියුබ් සහ ගූගල් වැනි වෙබ් අඩවි විශාල වශයෙන් මුදල් වියපැහැදම් කරනවා. එහෙයින් වෙන කෙනෙකුට අයත් වීඩියෝවක් භාවිතා කරමින් යුටියුබ් හරහා මුදල් ඉපයීමට ඔබට හැකියාවක් ලැඛෙන්නේ නැහැ. මෙම කාර්යය සදහා අවශ්‍ය කරන මුදල් ඔවුන් වෙන් කරගනු ලබන්නේ වෙබ් අඩවියෙන් ඔවුන් උපයා ගන්නා ආදායමෙනි. මදක් සිතා බලන්න ට්සු ආයතනය ඒ සදහා මුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ලැඛෙන සියයට 10ක ආදයමෙනි. නමුත් මේ වන විට එවැනි තාක්ෂණයක් ට්සු වෙබ් අඩවියේ ඇත්තේ නැහැ.
ට්සු වෙබ් අඩවිය පවසා සිටින්නේ ට්සු වෙබ් අඩවිය තුල ඔබ පලකරන දේවල් වල නියම හිමි කරුවා A පැමිණිල්ලක් සිදු කරනු ලැබුවොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් එවැනි පැමිණිල්ලක් පැමිණීමට කාලයක් ගත වෙන හෙයින් ට්සු වෙබ් අඩවිය ඒ වන විට ඒවා ප්‍රචාරණය කර සහ එයින් මුදල් සොයා ගෙන හමාරයි. හොදින් සිතා බලන්න මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන වගකිවයුතු සමාජ ජාල වෙබ් අඩවියක් මෙසේ කටයුතු කිරීම කෙතරම් ප්‍රාථමිකද? සහ අසාර්ථකද? කියා. පවතින තත්වය මත ට්සු වෙබ් අඩවියට ඇතිවෙන නීතිමය ගැටළු කිහිපයක් තමයි මේ ඔබ පහතින් දකින්නේ.
ඔවුන් ඒ වන විටත් ගෙවූ මුදල් ඔවුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරානවාද ?
ට්සු වෙබ් අඩවිය භාවිතා කරන ප්‍රාථමික ආරක්‍ෂිත ක්‍රම හේතුවෙන් තමන්ට අයිති දේවල් වෙන කෙනෙක් ට්සු වෙබ් අඩවිය තුල භාවිතා කරනවාද යන්න පවා නියම හිමිකරුවාට දැනගන්නට ලැඛෙන්නේ නැහැ. එහෙයින් කිසිදු පැමිණිල්ලක්ද නොපැමිනෙන අතර ට්සු වෙබ් අඩවිය එම දේවල් වලින් දිගටම මුදල් ඉපයීම සිදු කරනවා. මෙය කිසිසේත් ආචාර සම්පන්න නොවෙන නීති විරෝධී තත්වයකි.


4. ට්සු වෙබ් අඩවිය අනුගමනය කර කුට උපක්‍රම

 

ට්සු වෙබ් අඩවිය පරිශීලනය කරන පරිශීලකයින් පවසා සිටින කරුණක් නම් දවසකට පල කර හැකි උපරිම පොස්ට් ප්‍රමාණය දවසකට 5 දක්වා අවම කිරීමයි. එසේ සිදු කිරීම සදහා හේතුව වශයෙන් ට්සු වෙබ් අඩවිය පවසා සිටින්නේ ඇතිවී තිඛෙන ස්පෑම් තත්වය සීමා කිරීමට බවයි. අචාර ශීලීව කටයුතු කරන හොද පරිශීලකයින්ට මෙයින් අසාධාරනයක් සිදු වෙනවා නොවේද? මෙම ක්‍රියාවලිය මගින් ස්පෑම් තත්වය අවම කරගැනීමට හැකි වුනත් මුදල් බැහැරකරගැනීමේ අවම අගය වන ඩොලර් 100 මුදල උපයා ගැනීම නම් පරිශීලකයින්ට සිහිනයක් පමණක් වෙනවා. තවද ට්සු පරිශීලකයින් පවසා සිටින්නේ ට්සු වෙබ් අඩවියේ තමන් සාදාගත් ගිණුම අවලංගු කිරීම සදහා කිසිදු පහසුකම් මේ වන විටත් සලසා දී නොමැති බවයි. ඒවගේම ට්සු ආයතනය වෙත යාවන ඊමේල් පණිවුඩ සදහාද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද පරිශීලකයින්ම පවසා සිටිනවා.


ට්සු වෙබ් අඩවියේ ඇති තත්වය පිලිබදව අපගේ සහෝදර සහෝදරියන් දැනුවත් කලයුතු යැයි විශ්වාස කල හෙයින් මා මෙම ලිපිය ඔබ වෙත ගෙන ඒමට තීරණය කළෙමි. බුද්ධිමත් ඔබට මෙම තත්වය අවබෝධ කරගැනීමට හැකි වෙනු ඇතැයි කියා මම විශ්වාස කරමි. මෙය බලකිරීමක් නොවෙයි ඔබට අවශ්‍ය නම් ට්සු සමාජ ජාල වෙබ් අඩවිය භාවිතා කිරීම සිදුකළ හැකිය.


ආශ්‍රිත:

W.G.R. Jayalath
AR/64837
AF/09/6535